ඩොප්ලර් ආචරණය

3:16:00 PM max 0 Comments

නලාව නාද කරමින් ඔබ වෙතට පැමිණෙන රථයක නලා හඩෙහි සංඛ්‍යාතය වැඩිවන බවත්, ඔබෙන් රථය ඉවතට යන විට නලා හඩෙහි සංඛ්‍යාතය අඩුවන බවත්, ඔබට හැගී ඇතිබව නොඅනුමානය.
මෙසේ ප්‍රභවය (නලා ශබ්දය) හා නිරීක්ෂකයා (නලා ශබ්දය ශ්‍රවනය කරන්නා) අතර සාපේක්ෂව ඇතිවන චලිතය හේතුකොට ගෙන දෘෂ්‍ය සංඛ්‍යාතය (අපට ශ්‍රවනය වන ශබ්දය) ප්‍රභවයේ නියම සංඛ්‍යාතයට වඩා වෙනස් වීම ඩොප්ලර් ආචරණය ලෙස හැදින්වේ.
මෙය මුලින්ම අධ්‍යයනය කරන ලද්දේ 1842 දී ක්‍රිස්ටියන් ඩොප්ලර් නැමති භෞතික විද්‍යාඥයා විසිනි.
ප්‍රභවය නිරීක්ෂකයා වෙතට ලඟාවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවය වෙතට ලඟාවන විට හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම එකිනෙක වෙතට ලඟාවන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා වැඩි වේ.
ප්‍රභවය නිරීක්ෂකයාගෙන් ඉවතට චලිතවන විට හෝ නිරීක්ෂකයා ප්‍රභවයෙන් ඉවතට චලිත වන විට හෝ හෝ ප්‍රභවය හා නිරීක්ෂකයා යන දෙදෙනාම ඉවතට චලිත වන විට හෝ ඇසෙන ස්වරයේ සංඛ්‍යාතය ප්‍රභවයේ නිපදවන නියම සංඛ්‍යාතය වඩා අඩු වේ.
සියලුම තරංග වල ඩොප්ලර් ආචරණය සිදුවේ. එනම් ධ්වනි තරංග වල පමණක් නොව ආලෝක තරංග වලද මෙම ඩොප්ලර් ආචරණය සිදුවේ.
 ඩොප්ලර් ආචරණයේ යෙදීම්
1. පොලිස් රේඩාර් මගින් චලනය වන වාහනයක වේගය නිර්ණය කිරීම
පොලිස් නිලධාරීන් සතුව ඇති රේඩාර් (RADAR- Radio Detection and Ranging ). තරංග උපකරණයකින් වේගය නිර්ණය කළ යුතු රථය වෙත, රේඩාර් තරංග නිකුත් කරයි. රථයෙන් පරාවර්තනය වනු ලබන මෙම තරංගයේ සංඛ්‍යාතය උපකරණය මගින් නිර්ණය කරයි. එමගින් රථයේ වේගය ගණනය කිරීමට වේග නිර්ණයකට (Speed detector) හැකිවේ.
2. වවුලන් අතිධ්වනි තරංග යොදා ගනිමින් ඩොප්ලර් ආචරණයට අනුව ඔවුන්ට ගොදුරුවන කෘමින් ආදී සතුන් හෝ පියාඹන වේගය පිළිබද අවබෝධයක් ලබා ගැනීම සිදුකරයි.
3. අතිධ්වනි තරංග යවා මව්කුස තුල සිටින දරුවකුගේ හෘද ස්පන්ධන වේගය නිර්ණය කිරීමට ඩොප්ලර් ආචරණය වැදගත් වේ.
4. රුධිර සෛලවල වේගය නිර්ණය කිරීම සඳහා
අතිධ්වනි තරංග දේහය තුලට යවා රතු රුධිර සෛල මගින් පරාවර්තන වී පැමිණෙන විට ඇතිවන සංඛ්‍යාත වෙනස මගින් රුධිර ප්‍රවාහයේ වේගය නිර්ණය කල හැකිය.
5. විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කිරීමටද ඩොප්ලර් ආචරණය යොදාගනී.
6. තාරකා වල භ්‍රමණ සහ උත්තාරණ වේගය නිර්ණයට ද යොදා ගනී

0 comments:

පර්සීඩ් උල්කාපාත වර්ෂාව

11:47:00 PM max 2 Comments

මගේ බිලොග් අඩවියේ මුල්ම ලිපිය විදියට මෙි දවස් වල දැකිය හැකි පර්සීඩ් උල්කාපාත වර්ෂාව පිළිබදව කරුනු ඔයාලට ඉදිරිපත් කරනවා.ප්‍රකට උල්කාපාත වර්ෂාවක්‌ වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව (10 වැනිදා) සිට 13 වැනිදා දක්‌වා උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරලා තියනවා.
පසුගිය ජුලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්‌තු 10 වැනිදා වන විට පැයකට උල්කාපාත 15 ක්‌ පමණ ද අගෝස්‌තු 11, 12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක්‌ පමණ වශයෙන්ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි. වළාකුළුවලින් තොර පැහැදිලි අහසක්‌ පැවතිය හොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක්‌ ඊසාන දිග අහස නිරීක්‌ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.
Swift-Tuttle නම් වල්ගාතරුවේ ගමන් මාර්ගය තුලින් සෑම වසරකම පෘථිවිය ගමන්කිරීම නිසා පර්සීඩ් උල්කා වර්ශාව හටගන්නා බව නාසා ආයතනය පවසයි. ස්විෆ්ට්-ටට්ල් වල්ගාතාරකාව සූර්යයා වටා ගමන්කරන අතර එහි ගමන්මාර්ගය හා පෘථිවියේ කක්ශය සෑම වසරකම අගෝස්තු මාසයේදි එකිනෙක කැපී යයි. විශාල න්‍යශ්ඨියකින් හෙබි ස්විෆ්ට්-ටටල් වර්ගාතරුවේ න්‍යශ්ඨියෙන් ගැලවී යන පාශාණ කොටස් එම ගමන් මාර්ගයේ තිබෙන අතර පෘථිවිය එම මාර්ගය හරහා යාමේදී මෙම සුන්බුන් වායුගෝලයට ඇතුලුවී දැවී යාමේදී උල්කාපාත ලෙස දර්ශණය වේ. ස්විෆ්ට්-ටට්ල් න්‍යශ්ඨියෙන් සුන්බුන් විශාල ප්‍රමාණයක් නිකුත්වන නිසා ඉහල තීව්‍රතාවයකින් යුතු උල්කා වර්ශාවක් ඇතිවන බව නාසා ආයතනය පවසයි.
මෙයට Perseids ලෙස නම ලැබී ඇත්තේ මෙම උල්කා වර්ෂාවේ කේන්ද්‍රය හෙවත් අපට පෙනෙන පරිදි ආරම්භය ලෙස දිස්වන ස්ථානය Perseus (පර්ශියස්) තාරකා රාශියට අයත් වීම නිසයි. සැබවින්ම මෙම නම Perseides යන්නෙන් බිදී ආ කොටසක්.Perseides යනු ග්‍රීක මිත්‍යා කතා වලට අනුව Perseus ගේ පුතණුවන්.
කතෝලිකයන් විසින් ශාන්ත ලෝරන්ස්ගේ කඳුළු ලෙස මෙම උල්කා වර්ෂාව හඳුන්වා ඇත ඒ අගෝස්තු 10 වන දින ශාන්තුවරයන්ගේ ජිවිත පරිත්‍යාගය සිදුවී ඇති බැවිනි. තවද මෙය නිරීක්ෂණය කිරීමේ ඉතිහාසය වර්ෂ 2000ක් දක්වා අතීතයට දිවයයි.

2 comments: