ජීවයේ සම්භවය පිළිබඳ මත
(විශේෂ ස්තූතිය මෙම ලිපිය අප ගෘපය වෙත ඵවු මිතුරිය වෙත)
01. මැවීම් පිළිබඳ වාදය ( Theory of creation )
සියලු ජීවින් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු විසින් මවන ලද බවට විශ්වසයයි. දෙවියන් වහන්සේ ජීවින් මවන ලද්දේ ඔවුන් දැනට ජිවත් වන විශේෂවල ආකාරයෙන්මය. මෙම විශ්වාසය අනුව ජීවින් කිසි කලෙක වෙනස් නොවේ. පරිණාම වාදය මෙම විශ්වාසයට පටහැනිය. මෙම මතය අැතැම් ආගම් මගින් පැතිරී අැත.
02. කොස්මොසොයික වාදය ( Cosmozoic Theory )
අභයවකාශයෙන් පෘථිවියට ජිවය පැමිණි බවට ඇති මතයයි. අදටත් ඇතැම් විද්‍යාඥයෝ වෙනත් ග්‍රහලෝකවල හෝ සුර්ය ග්‍රහා මණ්ඩලයට ජීවින් සිටින බවට මත පල කරයි. පෘථිවියට ජීවින් පැමිණියේ එය මත පතිත වූ ජීවින් සහිත උල්කාවක් හෝ අන්‍ය ග්රහලෝකයකින් පැමිණි අභ්‍යවකාශ යනා මගින් බව යන්න ඔවුන් විශ්වාස කරයි. පෘථිවිය මත පතිත වූ ඇතැම් උල්කාපාතවල ඇමයිනෝ අම්ල රාශියක් සහ තවත් කාබනික ද්‍රව්‍ය තිබුණු බවට පරික්ෂණාත්මක සාක්ෂිද සොයාගෙන ඇත. එහෙත් පෘථිවියේ ජිවය සම්භවය වුයේ එය මගින් යැයි එයින් තහවුරු නොවේ.
03. ජෛව රසායනික පරිණාමය පිළිබඳ වාදය. ( Theory of biochemical evolution)
විද්‍යුත් විසර්ජන හ සුර්ය විකිරණ නිසා අකාබනික වායු අණුවලින් ආදී වායුගෝලයේ කාබනික අණු ඇතිවිය. මෙම ද්‍රව්‍යය සාගර ජලයේ දිය වි ප්‍රථම ජීවී ආකාරය ඇතිවිය යන්න මින් කියැවේ. බොහෝ විද්‍යාඥයින් පිළිගන්නා මතයයි. එනම් පෘථිවියේ මුල් අවස්ථාවකදී එය මතුපිට තිබුණ පරිසර තත්ත්වයන්ට අනුව ස්වභාවික අකාබනික ද්‍රවය වලින් ඇති වි ජිවය පරිණාමය වූ බවයි. මෙය අජෛව ජනන වාදය ලෙසද හැදින්වේ. ඇමෝනියා,පොස්පේට්,ලවණ සහිත උණුසුම් ජලය සහිත පොකුණක ප්‍රථමයෙන් ජීවින් බිහිවන්නට ඇතෙයි චාල්ස් ඩාවින් ද විශ්වාස කළේය. ඇලෙක්සැන්ඩර් ඔපාරින් (1923) හා ජේ.බී.එස්. හැල්ඩේන් මෙම මතය ප්‍රථමයෙන් ඉදිරිපත් කරන ලදී. 1953 දී ස්ටැන්ලි මිලර් සහ යුරි යන දෙදෙනා මෙම වාදය පරික්ෂණාත්මකව තහවුරු කරන ලදී.

0 comments: