ජීවයේ සම්භවය
(විශේෂ ස්තූතිය මෙම ලිපිය අප වෙත ඵවු මිතුරිය වෙත)පෘථිවියද වායු ගෝලයද ඉතා උණුසුම්ව තිබී ටිකෙන් ටික සිසිල් වන්නට පටන් ගත් බව හා වායු ගෝලයෙහි වෙනස්කම් සිදු වී ඇත. වායු ගෝලය තුල ඇති වූ විවිධ රසායනික සංයෝජන නිසා හටගත් සරල අණු ලෙස ඇමයිනෝ අම්ල, ඇල්කොහොල, සරල සිනි අාදිය හමු වූ අතර පසුව තව දුරටත් සංකීර්ණ අණු සම්බවය විය.
මුල් කාලයේදී පෘථිවිය වටා පවතී වලාකුළු නිසා වර්ෂාව ඇති වූ නමුත්, වායු ගෝලයේ හා පොළොවේ පැවති අධික උණුසුම නිසා, වේසි දිය පොලවට ළගාවූ සැනෙකින් ආපසු වාෂ්පීකරණය විය. නමුත් පෘථිවිය සිසිල් වීම තවදුරටත් සිදුවන විට මහ වැසි ඇද හැලෙන්නට විය. අවුරුදු දහස් ගණනක් තිස්සේ නොකඩවා අැදහැළුන මහා වැසි නිසා පෘථිවි තලය නැහැවි සිසිල් වී ගියේය. පෘථිවිය සේදී ගෙන පහත් බිම් කරා ගලා ගිය ජලය එකතු වීමෙන් ආදී කල්පිත සාගර නිර්මාණය විය. වායු ගෝලයේ හටගෙන තිබුණ විවිධ අණු වර්ගද, පොළවේ පැවතී ලවණ වර්ගද දියවී තිබුන ජලාශ සරුසාර මාධ්යි ලෙස පැවතිණ. මෙම සාන්ද්‍රර ජල මිශ්රවණය හදුන්වන ලද්දේ ආදී සුපය ( Primordial Soup ) වශයෙනි. ජීවයේ සම්භවයට පදනම වුයේ මෙම ආදී සුපයයි. මෙසේ ජිවියා සම්භවය වීම සිදු වූ විපර්යාස ජීවයේ රසායනික පරිණාම වාදය ලෙස හැදින්වේ.
සරල හා සංකීර්ණ කාබනික අණු ඇති වීම ජීවයේ සම්භවයට හේතු වූ අතර, මෙම අණු ඇතිවීම පිළිබඳ මත තුනක් පැවති.
1. මැවීම් පිළිබඳ වාදය.
2.කොස්මොසොයික වාදය.
3.ජෛව රසායනික පරිණාම වාදය.
මෙම තුන්වන මතය ඔපැරින් හා හැල්ඩේන් යන දෙදෙනා විසින් ( Oparin & Haldane ) ඉදිරිපත් කල අතර පසුව යුරේ සහ මිලර් ( Urey & Miller-1958 ) විසින් එය පරික්ෂණාගාර තත්ව යටතේ සිදු කල පරීක්ෂණ මගින් සනාථ කරන ලදී. මේ අනුව එය දැනට පිළිගන්නා මතය බවට පත් වී තිබේ.
මෙය සිදු වී ඇත්තේ වසර බිලියන 3.5 කට පමණ පෙරය.
0 comments: