පුරාණයේ සිට පෘථීවිය පාලනය කිරීමට සටන් වදින පිටසක්වල ජීවින් කොට්ටාස 6 මෙන්න

8:34:00 AM max 0 Comments

 
Sirians
සිරීයස් B තාරකා පද්ධතියේ සිට පැමිනි මොවුන් පෞරාණික දියුණු ජීවීන් පෙලපතක් බවයි පැවසෙන්නේ. ඉතිහාසයේ බොහෝ තැන්වල ඔවුන් සිය දැනුම මිනිස් ශිෂ්ඨාචාරය වෙනුවෙන් ප්‍රදානය කළ අකාරය දැකගන්නට තිබෙනවා. එය ඔවුන්ගේ තෝරා ගැන්ම මත තීරණය වන්නක්. ඔවුන් ඊජිප්තු වාසින් සමග ත්‍යාගශීලි අන්දමින් කටයුතු කර තිබෙනවා.
වෛද්‍ය හා තාරකා විද්‍යාත්මක දැනුම ලබා දිමේ පුරෝගාමින් ලෙස මොවුන් ක්‍රියා කර තිබෙනවා. මහ පිරමිඩ සහ සිද්ධස්ථාන මොවුන්ගේ උපකාරයෙන් ඉදිවී තිබීම විශේෂත්වයක්. මායාවරුන් සමග මොවුන් හා දැඩි සම්බන්ධතාවයක් පවත්වා තිබෙනවා. එය ඥාති සබඳතාවයක් හා සමාන වන්නක්. ගුප්ත දැනුම දකුණු ඇමැරිකානු ශිෂ්ඨාචාරය වෙත ව්‍යාප්ත කළේ මොවුන් විසිනි. සිරීයස් B තාරකා පද්ධතියෙ ජීවින් කාලයත් සමග මානව ශිෂ්ඨාචාරයෙන් සැගවී ගොස් තිබෙනවා. මායා ශිෂ්ඨාචාරය තුලින් සොයා ගත් පලිගු හිස් කබල් ඔවුන් විසින් දායාද කරන ලද්දක් බවටද මත වාද තිබෙනවා.
එසේම Atlantes ශිෂ්ඨාචාරය මොවුන් හා සම්බන්ධ තවත් ශිෂ්ඨාචාරයක්. එය සිරීයස් වාසින්ගේ බලපෑමට ලක් වී පැවැති තිබෙනවා. Atlantes ශිෂ්ඨාචාරයේ දියුණුවට හා විනාශයටද මොවුන් සහාය වී තිබෙනවා. අප ජිවත් වන පෘතුවියේ අතිතයේ පටන් පැටලිලි සහගත චරිතයක් මොවුන් නිරූපනය කර තිබෙනවා.
 
Short Grays
අළු පැහැති සක්වල ජීවින් එසේත් නැත්නම් Zeta Reticulums ලෙස හදුන්වන මෙම වර්ගයේ ජිවීන් හැමෝම හොදින් අසා ඇති පෙළපතක්. නවීන පොප් සංස්කෘතියත් සමග මොවුන්ට ඇත්තේ විශාල ජනප්‍රියත්වයක්. එසේම දහසකුත් පිටසක්වල ක්‍රියාකාරකම් අතුරින් මිනිසුන් පැහැරගැනීම් වෙනුවෙන් වඩා ප්‍රචලිත වී සිටින්නේ මොවුන්ය. විස්තර කිරීම් වලට අනුව අඩි 3ක් 4ක් පමණ උසින් යුතු වන අතර බුබුලාකාර විශාල හිසක් සහිතයි. කලූ පැහැති විශාල ඇස් පිහිටා තිබෙනවා. ඔවුන්ට ඉතා කුඩා මුඛයක් තිබෙනවා.මොවුන් වාචික සන්නිවේදනයේ නිරත වන්නේ ඉතාම කලතුරකිනී. ඔවුන්ගේ සංනිවේදන මාධ්‍ය වන්නේ ටෙලිපති ක්‍රමයයි, මොවුන් උත්පාදනය පිළිබද ජාන ඉංජිනේරුවන් වශයෙන් මනා දැනුමකින් යුතුව ක්‍රියා කරනු ලබනවා. මොවුන් හැඟීම්වලින් තොර දරුණු ජීවී කොට්ඨාශයක් සේ හැදින්වීමට පුලූවන්. එසේම දෙමුහුම් පෙළපත් නිපදවීමෙ භාරදූර වගකීමද ඔවුන් මනා ලෙස ඉටු කරනවා.
 
Tall Grays
අළු පැහැති සක්වල ජිවී විශේෂයක් වන මොවුන් සාමාන්‍යය අලූ පැහැති සක්වල ජිවීන්ට වඩා උසින් වැඩි දේහයකට හිමිකම් කියයි. උස අඩි 7 ත් 8 ක් පමණ වේ. මෙම වර්ගයේ නායකයින් ප්‍රභලයින් ලෙස මොවුන් ක්‍රියාකරයි, සියල්ල මෙහෙයවයි. මොවුන් බලවත් රජයන් සමග කටයුතු කරන පිරිසකි. මොවුන් හටගත් බවට සැලකෙන්නේ ඔරායන් තාරකා පද්ධතිය ආශ්‍රිත ග්‍රහලොවකිනි. නමුත් දැන් එය විනාශයට පත් වී ඇති හෙයින් අතිතයේ පටන් පෘතුවියේ රහසිගත ජනාවාස තනා ඇත. මොවුන් සියලූම මිනිස් පැහැරගැනීමේ ක්‍රියා අධික්ෂණය කරන පිරිසක් වේ.
 
Alpha -Draconians
ඉතා කුරිරු දුෂ්ඨ ගති පැවතුම් සහිත Draconians වරුන් මිනිස් සමාජයට වසර දහස් ගණනකට පෙර සිටම කාන්දු වී අවසන්. Alpha – Draconianබි ලෙස හදුන්වන මොවුන් පැමින ඇත්තේ Alpha Dracons නම් තාරකා පද්ධතියෙනි. එය යුද්ධයන්ට ලක් වී අර්ධ ලෙස විනාශයට පත් වූවකි. පෘථිවියට එවන ලද්දේ ඔවුන්ගේ ක්ලෝනිකරනයට වඩා ප්‍රභල තක්ෂණයෙන් ඔවුන් විසින් නිමැවූ පිරිසක් බවට මත වාද ඇත. කෙසේ වෙතත් මොවුන්ගෙ සම්භවය ගැටලූ සහගතයි. නිසැක වශයෙන්ම මොවුන් අති විශාල උරගරූපීන් කොට්ඨාශයක් ලෙස හැදින්විය හැකිය. කිඹුලන්ට සමාන යක්ශයන් වැනි රූපකායක් සහිත මොවුන්ට ඇතැම් අතීත ශිෂ්ඨාචාර තුල හමු වන සාධක අනුව වවුලන්ගේ මෙන් පියාපත් පිහිටි බව ද සදහන් වේ. අඩි 14 ත් 22 ත් අතර උසකින් යුක්තයි. ඔවුන්ගේ ශක්තිමත් මාංශපේෂීන් පිරුනු සිරුර කොල හෝ දුඹුරු පැහැති ස්වභාවයක් ගන්නවා.
අතිශයින්ම බුද්ධිමත් ජිවී විශේෂයක් වන මොවුන් තාක්ෂණය අතින්ද කිව නොහැකි තරම් දියුණු මට්ටමක සිටී. මේ පිළිබද තොරතුරු හුවමාරු කරගත් Alex Collier පවසන්නේ ඩ්‍රැකෝවරුන් මිනිස් ජනගහනය, මිනිස් පෙළපත පාලනය කිරීමෙ හා බිද හෙළීමේ බලය ලෙසයි. එය මේ විශ්වයේ ඔනෑම මිනිස් ග්‍රහලොවකට පොදු වූවක් විය හැකිය. ආගම් වැනි දේවල් පාලන පද්ධතීන් ලෙස මානව සමජයට ඇතුල් කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා. බිය මිනිස් සිත තුලට ඇතුල් කිරීමට මොවුන් පෙලඹී සිටිනවා. මොවුන්ට අනාගතය දැකිමේ හැකියාවක් ඇති බැවින් පුරාණ ශිෂ්ඨාචාරවල දිවැස් ඇත්තන් ලෙසින්ද මොවුන් හා සම්බන්ධ තොරතුරු දක්වා තිබේ.
විරූපි පෙනුමක් සහිත වුවත් අතිශයින්ම දක්ශ පෙළපතක් වේ. මොවුන්ට මිනිසුන් සේ මිනිස් සමජය තුල ජීවත් වෙමින් කටයුතු කිරීමෙ හැකියාව තිබෙනවා. මොවුන් තමා පිළිබද හදුන්වන්නේ අප ජිවත් වන ක්ෂීරපථයේ හටගත් මුල්ම බුද්ධිමතුන් පිරිස ලෙසයි.
 
Native Reptilians
ජන්මයෙන්ම පෘථිවියට නෑකම් කියන තවත් උරගරූපි සක්වල ජීවින් පිරිසක් වෙයි. මොවුන් පෙර සදහන් කරන ලද ඩැර්කෝවරුන් හා නෑකම් දක්වති. ඔවුන් විසින් නිපදවූ ක්ලෝනිකරනයන් හේතුවෙන් මොවුන් පෘථිවිය මට ප්‍රතිශ්ඨාපනය කළ බවට සැක සහිත කරුණු ඇත. මිනිස් වර්ගයා හා මොවුන් අතර ඇතුවූ අන්තර් ක්‍රියාව වසර දහස් ගණන් ඈතට දිවයන්නක්. අප ජිවත් වන ලෝකයේ ඉතා උසස් යැයි සම්මත සියල්ලක්ම හා බලවත් ව්‍යාපාර, දේශාපලන පසුබිම් ආදිය මෙහෙය වන්නේ මොවුන්‍ ය. ආගම් පිළිබද මූල පද්ධතීන් බිහිකරන ලද්දේ මොවුන් විසිනි. මිනිසුට එරෙහි විවිධ අපරාධ ක්‍රියා හා මිනිස් පෙලපතට හානිකර ක්‍රියා පිටුපස සිටින්නේ මොවුන් ය. මොවුන් භූගත ජනාවාස සාදා සිය ජනගහනයත් සහ අරමුණු ව්‍යාප්ත කරගන්නා බවට අනුමාන කිරීමට යම් සාධක හා කරුණු ඇති බවයි පැවසෙන්නේ.
 
Anunnaki
ඉතා උසස් කොට සලකන අනුනාකිවරුන් Illyuwn නම් මන්දාකිණියක සිට පැමිණි ඇති පිරිසකි. ඔවුන්ගේ ග්‍රහලොව හැදින්වෙන්නේ Rizq යන නමිනී. ඇතැම් ලිපි ලේඛන වල planet X  හෙවත් නිබ්රු ලෙස දක්වා තිබෙන්නේද Rizq නම් ග්‍රහලොව විය හැකිය. ඇතැම් මූලාශවල Rizq විනාශවීමෙන් පසු ඔවුන් විසින් තැනූ පාවෙන පොට්ටුවක් ලෙසට නිබ්රු ග්‍රහයා හදුන්වා තිබේ. සිය ග්‍රහලොව විනාශ වීම හෙතුවෙන් පෘථිවියට පැමිණිමට පෙර අනුනාකිවරු ඔරායන් තාරකා පද්ධතියේ ග්‍රහලොවක් සමග ජනපදයන් පිහිටුවා ගෙන ඇති බව පැවසේ.
ඔවුන් වසර මිලියන ගණනකට පෙර පටන් පෘතුවියට පැමිණෙන ලද බව සඳහන්. ඔවුන්ට අවශ්‍ය රත්‍රන් වැනි ලෝහ පෘථිවියේ බහුලව තිබු බැවින් එහි කටයුතු සාර්ථකව නිමකිරීමට අනුනාකිවරුන් විසින් මිනිසා නිමවන ලද බව සුමේරියානු ශිෂ්ඨාචාරයේ සඳහන් වේ.
මිනිසුන් විසින් දෙවියන් යනුවෙන් වන්දනාමාන කරන්නේ මෙම අනුනාකිවරුන්ට බවටද මතයක් ඇත. අනුනාකිවරු හා ඩැර්කෝවරු අතර මිනිස් පෙළපත පාලනය කිරීම සම්බන්ධව විරසක පවතී. දෙවියන් අප වෙනුවෙන් සටන් වදින බව පැරැන්නන් තුල විශ්වාසයක් පැවතුනේ ඒ නිසා විය නොහැකිද ?

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya