අගහරු මතින් පුරාණ අක්ෂර සොයාගැනේ

8:16:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් මස
නිරීක්ෂිත ස්ථානය - අගහරු ග්‍රහයා තුලින්
මෙම මස නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය මගින් එවු ඡායාරූප තුලින් පුරාණ අක්ෂර සහිත කැටයමක් හෝ යාන්ත්‍රික කොටසක් යැයි සැක කරන මෙම වස්තුව කියුරියෝසිටි රෝවර් ඡායාරූප තුලින් සොයා ගන්නා ලදි.තවද මෙම මූලාශ්‍ර ඡායාරූපය තුලින් එම ස්ථානයේ විසිරී ගිය විවිධ හැඩයන් ඇති කොටස් දැකගත හැකිය.

මූලාශ්‍ර ඡායාරූපය
මෙතන ක්ලික් කරන්න
මෙම සොයා ගැනීම පිළිබදව සැකසූ වීඩියෝව.

0 comments:

හිරු අසල තවත් හදුනා නොගත් පියාසර වස්තුවක්

7:22:00 PM max 1 Comments

නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 11
නිරීක්ෂිත ස්ථානය - හිරු අසල
සූර්ය ගෝලීය නිරීක්ෂන යානාව විසින් මෙම මස 11 වෙනි දින ලබා දී ඇති සූර්යාගේ ඡායාරූප තුල මෙම හදුනා නොගත් පියාසර වස්තුව සටහන් වී තිබේ.පැහැදිලි ලෙස ම මෙම ඡායාරූපය තුල සටහන්ව ඇති වස්තුව වෙත සම්බන්ධ වූ බාහු කොටස් හතරක් දැකගත හැකිය.මෙය බොහෝ සෙයින් යම්කිසි අභ්‍යවකාශ යානාවක හැඩරුවක් ගන්නා අතර මෙය අභ්‍යවකාශ සුන්බුන් කොටසක් ලෙස පැවසීමට අපහසු වේ.මේ ආකාරයේ විවිධ හැඩයන් ගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබද නාසා ආයතනය තවමත් පැහැදිලි සේ ප්‍රකාශ කර නොමැත.මෙවැනි ආකාරයේ අභ්‍යවකාශ වස්තූන් බොහෝ සෙයින් සූර්ය ගෝලීය නිරීක්ෂන යානාව මේ වන විට එවා ඇති ඡායාරූප තුලින් වාර්තා වන අතර යම් දිනක නාසා ආයතනයට මේ පිළිබදව කරුණු හෙළි කිරීමට සිදුවනු ඇත.
මෙම හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව වාර්තා කල Streetcap1 යූට්යුබ් නාලිකාවේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

1 comments:

Bayonne තුලින් දිස්වූ පීරිසියක හැඩයක් ගත් පියාසර වස්තුව

1:38:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 12
නිරීක්ෂිත ස්ථානය - Bayonne, New Jersey
මෙම හදුනා නොගත් පියාසර වස්තුව අගෝස්තු 12 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ Bayonne නගරය තුලින් වාර්තා විය. මෙම හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව වාර්තා කල පුද්ගලයා පවසනුයේ එම අවස්ථාවේ ඔහු සැදෑ අහසේ ඡායාරූප ගත් අතර එහි දි ඔහු කිසිදු හදුනා නොගත් පියාසර වස්තුවක් නොදුටු බවයි.පසුව එම ඡායාරූප නිරීක්ෂණය කිරීමේ දි ඔහු ඡායාරූප තුල යම්කිසි පියාසර වස්තුවක හැඩයක් ගත් යමක් ඇති බවට සොයාගෙන ඇත.පසුව මෙම පුද්ගලයා විසින් ලොව විශාලතම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව තොරතුරු රැස් කරන MUFON අඩවිය වෙත ඉදිරිපත් කර ඇත.


 

පීරිසියක හැඩයක් ගත් මේ ආකාරයේ පියාසර වස්තූන් අපට එතරම් නුපුරුදු සිදුවීම් නොවේ.එනම් 1947 කෙනත් ආර්නල්ඩ් මුහුණ දුන් සිදුවීම හා එම වසරේම සිදුවූ රොස්වෙල් සිදුවීම හදුන්වා දිය හැකිය.එදා සිට අද දක්වා මේ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් දහස් ගනනින් ලොව විවිධ ප්‍රදේශ තුලින් වාර්තා විය.උදාහරණයක් ලෙස google street view මගින් කේප් තුඩුව තුලින් සොයාගත් පීරිසියක හැඩයක් ගත් හදුනා නොගත් පියාසර වස්තුව දැක්විය හැකිය.නමුත් පසුව ගූගල් විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව ඉවත් කර තිබුනා.පහත වීඩියෝව මගින් එම හදුනා නොගත් පියාසර වස්තුව නැරඹිය හැකිය.

0 comments: