Bayonne තුලින් දිස්වූ පීරිසියක හැඩයක් ගත් පියාසර වස්තුව
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 12නිරීක්ෂිත ස්ථානය - Bayonne, New Jersey
මෙම හදුනා නොගත් පියාසර වස්තුව අගෝස්තු 12 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ Bayonne නගරය තුලින් වාර්තා විය. මෙම හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව වාර්තා කල පුද්ගලයා පවසනුයේ එම අවස්ථාවේ ඔහු සැදෑ අහසේ ඡායාරූප ගත් අතර එහි දි ඔහු කිසිදු හදුනා නොගත් පියාසර වස්තුවක් නොදුටු බවයි.පසුව එම ඡායාරූප නිරීක්ෂණය කිරීමේ දි ඔහු ඡායාරූප තුල යම්කිසි පියාසර වස්තුවක හැඩයක් ගත් යමක් ඇති බවට සොයාගෙන ඇත.පසුව මෙම පුද්ගලයා විසින් ලොව විශාලතම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව තොරතුරු රැස් කරන MUFON අඩවිය වෙත ඉදිරිපත් කර ඇත.
පීරිසියක හැඩයක් ගත් මේ ආකාරයේ පියාසර වස්තූන් අපට එතරම් නුපුරුදු සිදුවීම් නොවේ.එනම් 1947 කෙනත් ආර්නල්ඩ් මුහුණ දුන් සිදුවීම හා එම වසරේම සිදුවූ රොස්වෙල් සිදුවීම හදුන්වා දිය හැකිය.එදා සිට අද දක්වා මේ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් දහස් ගනනින් ලොව විවිධ ප්රදේශ තුලින් වාර්තා විය.උදාහරණයක් ලෙස google street view මගින් කේප් තුඩුව තුලින් සොයාගත් පීරිසියක හැඩයක් ගත් හදුනා නොගත් පියාසර වස්තුව දැක්විය හැකිය.නමුත් පසුව ගූගල් විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව ඉවත් කර තිබුනා.පහත වීඩියෝව මගින් එම හදුනා නොගත් පියාසර වස්තුව නැරඹිය හැකිය.
0 comments: