අඟහරු තරණයට රොබෝවෙක්

නමුත් අජටාකාශ ගවේෂණ උදෙසා රොබෝවක් යොදාගත යුතුය යන්න කාලයක් මුළුල්‍ලේ විද්‍යාඥයන් තුළ තිබූ අදහසකි. එය දැන් දැන් මල්ඵල ගැන්වීමට විද්‍යාඥයින් පිරිසක් ලක ලෑස්ති වෙමින් සිටී.
හිසට උදරයට, අත්වලට සහ කකුල්වලට සවිකරන ලද කැමරා සහිත මෙම රොබෝව බොහෝ දුරට හෙල්මටයක් දමාගත් මුහුණක් සහිත මිනිස් හැඩරුව සහිත නිර්මාණය කර තිබේ. මෙම රොබෝවා නම් කර ඇත්තේ 'වෑල්කරි' ලෙසටය. ඔහුගේ සම්පූර්ණ උස අඩි 6යි අඟල් 2ක් හෙවත් මීටර් දෙකක් පමණ වනු ඇත. බර රාත්තල් 275ක් පමණ වෙයි. ඔහුගේ එක් කකුලක් අඩි 4යි අඟල් 8ක් පමණ දිගින් යුක්තය. අඟහරු ග්‍රහයා මත කෙරුණු පර්යේෂණ සඳහා මතෛක් උපයෝගී කරගත් අනෙකුත් රොබෝ යන්ත්‍රවලට යා නොහැකි අඟහරු ග්‍රහයාගේ ගැඹුරු ස්ථාන කරා ළඟා වීමට මෙම රොබෝවාට හැකිවී තිබිම ඔහුගේ විශේෂත්වයයි. වැල්කරි රොබෝවා ඇමෙරිකාවේ නාසා ආයතනයේ නිපැයුමකි.


0 comments: