ඉපැරණි අඟහරු සාගරවල මාරක සුනාමි

කෙසේ වෙතත් අඟහරු ග්‍රහයාගේ උතුරුදිග තැනිතලා ප්‍රදේශවලින් ලබාගත් අධෝරක්ත ඡායාරූප වල මීට වසර බිලියන 3.4කට පෙර අඟහරු සාගරයේ හටගත් මාරක සුනාමි දෙකක් මගින් ඉතිරිකර ගිය සළකුණු සොයාගැනීමට නිව් යෝර්ක් නුවර කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් සමත්වෙලා තියෙනවා.

අඩි 400ක් පමණ උස රළපහරවල් ඇතිකරන්නට සමත්වුනා යයි සැක කෙරෙන මේ මාරක සුනාමි අඟහරු මුහුදට කඩා වැටුනු අතිවිශාල ග්‍රහක දෙකක් නිසා ඇතිවෙලා තියෙන බවට අනුමාන කරනවා. මෙයින් විශාලම සුනාමිය නිසා අඟහරු සාගරය අවට වර්ග කිලෝමීටර් මිලියනයක් පමණ ජලයෙන් යටවුනු බවට සාධක හමුවෙලා තිබෙනවා.
උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ
0 comments: