සූර්යා අසල දිස්වෙන හදුනා නොගත් වස්තුවේ අතීත වාර්තාවන්

9:48:00 PM max 1 Comments


නිරීක්ෂිත දිනය - 2016 මැයි 2
නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
 

2016 මැයි දෙවන දින සූර්ය ගෝලීය නිරීක්ෂණ යානාව මගින් ඵවූ ජායාරූප තුල හදුනා ගත නොහැකි ආකාරයේ සමචතුරස්‍රාකාර වස්තුවක් වාර්තා වේ.මෙය සූර්යා සමීපයේ තිබූ වස්තුවක් විය හැකිය.මෙම ආකාරයේ වස්තුවක් නිරීක්ෂණය සිදුකල මුල්ම අවස්ථාව මෙය නොවේ.පසුගිය අවුරුදු කිහිපය තුල මා විසින් මෙකී වස්තූන් පිළිබදව ඵකතු කරන ලද දත්ත අනුව පිලිවලින් ගෙන බැලුවොත් 2011/06/13 වැනි දින මෙකී ආකාරයේ වස්තුවක් සොයා ගත්තා.

පහත දැක්වෙන්නේ ඵම වස්තුවේ ජායාරූපයන්
 


ඉන්පසුව 2011/06/20 වැනි දින නැවතත් නිරීක්ෂණයවී ඇත.
 
 

පසුව නැවතත් 2011/06/28 වැනි දින නිරීක්ෂණය විය
 
 

ඉන්පසුව 2011/07/23 වැනි දිනද නිරීක්ෂණය වුනා
 

ඵ් වගේම පහත දැක්වෙන්නේ 2012/09/27 දින සහ 2012/09/30 වැනි දිනයන්හිද නිරීක්ෂණය වූ ආකාරයයි
 
 නැවත 2012/12/21 වැනි දිනද නිරීක්ෂණය වේ.

 නැවත ඵම මස තුලම නිරීක්ෂණය වේ.2012/12/23
 
හොදයි සැබවින්ම පැහැදිලිවම කියන්න පුලුවන් මේ ඵකම ආකාරයේ වස්තූන් තමා සූර්යා වටේ ගමන් කරන්නේ කියලා.ඵය පැහැදිලිවම සමචතුරස්‍රාකාර වස්තූන් කියලත් දැකගන්න පුලුවන්.ඵහෙනම් අප සූර්යගේ අධික උශ්ණත්වයට ඔරොත්තු දෙන ආකාරයට සෑදූ මෙම වස්තූන් කුමක්ද?මෙය අභ්‍යාවකාශ සුන්බුන් කොටසක් විය නොහැකිය.පෘථිවි වාසින් විසින්ද මෙම ආකාරයේ යානාවක් නිමවා සූර්යා අසලට යැවුවේ නැත්නම් මෙය කාගේ නිර්මාණයක් විය හැකිද?මා අවසානවට ඵක් කල ජායාරූපය ඔබ හොදින් නැරබුවහොත් දැකගන්න පුලුවන් මේ වස්තූව සම්පුර්ණ සමචතුරස්‍රාකාර වස්තුවක් කියලා.ඵනම් මෙම වස්තූවේ ඵක් මුලු කොටසක් දැකිය හැකි වීමෙනි.මේ පිළිබදව අදහස් දක්වන පුත්ගලයන් පවසන්නේ මෙය පිටසක්වල ජීවින් විසින් තැනූවක් විය හැකි බවයි.

මෙම වස්තුව 2013 වසරේ අප්‍රේල් 29 සහ 30 වැනි දිනද නිරීක්ෂණයට හසුවුන ආකාරය
 

මේ පිළිබදව සකසා ඇති විඩියෝව
 
2014 වසර තුලද මේ ආකාරයේ වස්තුවක් නැවතත් නිරීක්ෂණයට හසුවුනා

මේ පිළිබදව සාදා ඇති විඩියෝව


දැන් නැවත බලමු 2015 වසරේ මෙය දිස්වුනාද කියලා.2015 වසරේ මේ වස්තුවක පැහැදිලි ලෙසම අපුරු සිදුවීමක් සිදුවෙනවා.හරියටම ඵය සිදුවෙලා තියෙන්නේ 2015 වසරේ අගෝස්තු 7 වැනි දින.මෙදින ඵම වස්තුව නිරීක්ෂණය වුයේ සූර්යගේ දකුණු අර්ධ ගෝලය තුලදීය.පුදුමයට කරුණ නම් මෙම වස්තුව ඵදා සූර්යගේ ඉහල වායුගෝලය තුල දිස්වීමයි.පහත ජායාරූප මගින් ඔබට ඵය නැරබිය හැකිය.
 

මේ පිළිබදව ufosightingsdaily අඩවිය විසින් නිකුත් කල විඩියෝව පහතින් නැරබිය හැකිය 

නැවත 2015/11/25 වැනි දින මෙය නිරීක්ෂණය විය
 

2016 වසර තුලත් මෙය දැන් නිරීක්ෂණයට හසුවෙලා තියනවා.ඵනම් 2016 වසරේ මැයි 2 දිනයි.
මේ පිළිබදව නම් නාසා ආයතනය මුකුත් කියලා නෑ.මේ වස්තූන් නැවතත් මෙම වසර තුල දිස්විය හැකිය.කෙසේ නමුත් මෙය බුද්ධිමත් ජීවින් විසින් තැනූවක් යැයි අපට සිතිය හැකිය.

1 comment:

  1. mewa boru photo.... edit karala thiyenne "Apple ImageIO.framework" kiyana software eken....

    ReplyDelete