මෙම හදුනා නොගත් පියාසර වස්තුව පසුගිය වසරේ නොවැම්බර් මස යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් Comet 67P නම් ධූමකේතුව වෙත ගිය Rosetta යානාවේ ඡායාරූප තුල සටහන් විය.Rosetta මෙහෙයුම තුලින් මෙම ධූමකේතුව අධ්‍යනය කිරීම සදහා 2004 මාර්තු 2 වන දින මෙම යානාව දියත් කෙරුණු අතර දීර්ඝ අභ්‍යවකාශ චාරිකාවක යෙදුනු මෙම යානාව 2014 අගෝස්තු 6 වන දින ධූමකේතුව වෙත සමීප විය.පසුව නොවැම්බර් මස මෙම යානාව විසින් රැගෙන යන ලද කූඩා ලෑන්ඩර් යානාව ධූමකේතුව තුලට ගොඩ බස්සවන ලදි.මෙම ගවේෂණයේ අවසානය වශයෙන් 2016 සැප්තැම්බර් මස Rosetta යානාව සිය මෙහෙයුම අවසන් කරමින් ධූමකේතුව තුලට කඩා වැටුනි.මෙම ඡායාරූපය මෙහෙයුම කාලය තුර ලැබුනු ඡායාරූපයක් වන අතර මෙම හදුනා නොගත් පියාසර වස්තුව මීටර් 100 පමන වන බවට නිගමනය කර තිබේ.
https://www.jpl.nasa.gov/images/rosetta/20160929/rosetta20160929.jpg
නිරීක්ෂිත ස්ථානය - පෘථිවි චන්ද්‍රයා තුලින්
ගූගල් ඛණ්ඩාංක - 28° 3'10.95"N 6°27'25.55"W
චන්ද්‍රයාගේ ආවාටයක් වන Bancroft ආවාටය තුලින් සොයාගත් මෙම හදුනා නොගත් පිවිසුම් දොරටුවක ආකාරයක් ගත් ස්ථානය 28° 3'10.95"N 6°27'25.55"W මෙම ගූගල් ඛණ්ඩාංක මගින් ඔබට දැකගත හැකිය.ගූගල් මිනුම් එකකයන්ට අනුව එහි ප්‍රමාණය මීටර් 100 පමන වේ.රතු ග්‍රහයා තුලින් ද මේ ආකාරයේ භූගත පිවිසුම් දොරටු වැනි ස්ථානයන් වාර්තා වී තිබේ.
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 28
නිරීක්ෂිත ස්ථානය - පැරිස් අගනුවර
මෙම සිදුවීම පසුගිය වසරේ ප්‍රංශයේ පැරිස් අගනුවර තුලින් වාර්තා විය.මෙම සිදුවීම වාර්තා කල පුද්ගලයා විසින් එම අවස්ථවේ ඔහුගේ නිවසට ඉහලින් ගමන් කර තිබූ හදුනා නොගත් පියාසර වස්තුව නිරීක්ෂනයට ලක් කර තිබේ.එම වස්තුව තුල අසාම්‍යය ගමන් රටාවන් පැවතී තිබූ අතර එම සැක සහිත පියාසර වස්තුව මිනිසා විසින් නිපදවූ යානාවක් නොවන බවට නිරීක්ෂනය ආරම්බ වී විනාඩි කිහිපයක් ගතවන විට ඔහුට වැටහී තිබේ.මෙම වස්තුව ගුවන් යානා දුම් පහරක් ආසන්නය තුල එයින් ඉතාමත් දීප්තිමත් ආලෝකයක් නිකුත් කරමින් සිටි අතර පසුව එම ආලෝකය සහ ගුවන් යානා දුම් පහරේ කොටසක් ද නොපෙනී යන ආකාරය මෙම පුද්ගලයා විසින් වීඩියෝ ගත කර තිබේ.
එම විඩීයෝව.
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් 30
නිරීක්ෂිත ස්ථානය - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය
පසුගිය සැප්තැම්බර් මස 30 වෙනි දින Streetcap1 යූටියුබ් නාලිකාව විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවි කැමරා තුලින් සොයාගෙන තිබේ.මෙම නිල් පැහැති හදුනා නොගත් පියාසර වස්තුව දර්ශනය වීමත් සමග නාසා ආයතනය සජීවි විකාශය මදකට නවත්වා ඇත.
එම වීඩියෝව.
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර්
නිරීක්ෂිත ස්ථානය - Wrekin, Shropshire, එක්සත් රාජධානිය
TR3B (Dudly Dorito) යන විවිධ නම් වලින් හදුන්වන මෙම අභිරහස් යානාව වරින් වර විවිධ ප්‍රදේශ තුලින් දිස්වී ඇති බවට බොහෝ වාර්තා ඇත. TR3B යානාව බොහෝ විට රහසිගත ගුවන් යානා ව්‍යාපෘතියක නිර්මාණයක් ලෙස බොහෝ දෙන හදුන්වති.මෙම අභිරහස් යානාව දිස්වූ නවතම වාර්තාව ලෙස සැප්තැම්බර් මස Wrekin ප්‍රදේශය තුලින් වාර්තා වේ.මෙම ප්‍රදේශය තුල ඇවිදීමට ගිය Darren Edward නම් ගුරුවරයා විසින් ඔහුට ඉහලින් ගමන් කල මෙම අභිරහස් පියාසර වස්තුවේ ඡායාරූපයන් ඔහුගේ දුරකථන කැමරාව මගින් ලබා ගෙන ඇත.එම සිදුවීම වන විට වේලාව උදෑසන 7.30 වී තිබූ අතර ඇවිදිමින් සිට මොහු විවේකයක් ලබා ගැනීම සදහා මදක් නතර වී සිටි මොහොත තුල මෙම සිදුවීම සිදුවී ඇත.මෙම TR3B නම් අභිරහස් යානාව පිළිබදව ඇති වාර්තා තුල මෙය කිසිදු ශබ්දයක් පිට නොකරන සෙමින් අඩු උසකින් ගමන් කරන යානාවක් වේ.මෙම සිදුවීමට මුහුණ දුන් මෙම ගුරුවරයා විසින් ද ප්‍රකාශ කර ඇත්තේ එය තුලින් කිසිදු ශබ්දයක් පිට නොවු බවයි.බොහෝ දෙනා විශ්වාස කරන ආකාරයට මෙම යානාව USAF Aurora aircraft developmental program තුලින් නිපදවූ යානාවක් බවට විශ්වාස කරයි.මෙම සිදුවීම බොහෝ දුරට නැවතත් එක්සත් රාජධානිය තුල මෙම අභිරහස් යානාව අත්හදා බැලීමක් සිදුකර ඇති බවට සාක්ෂි දරයි.
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 13
නිරීක්ෂිත ස්ථානය - අයිල් ඔෆ් මෑන් දිවයින අසල (එංගලන්තය හා අයර්ලන්තය අතර)
මෙම හදුනා නොගත් පියාසර වස්තුව එංගලන්තය හා අයර්ලන්තය අතර පිහිටි අයිල් ඔෆ් මෑන් දිවයින අසලින් ගුවන් මගියෙකු විසින් නිරීක්ෂණය කර ඇත.පෙනුමින් එය ලෝහමය යානාවක් වන අතර තැටියක පෙනුමක් ගනී.එමෙන් ම එම අවස්ථාවේ මෙම හදුනා නොගත් යානාව ඒකාකාරී ව දකුණු පෙදෙසට ගමන් කර ඇත.
නිරීක්ෂිත දිනය - 2016 සැප්තැම්බර් මස
නිරීක්ෂිත ස්ථානය - අගහරු ග්‍රහයා තුලින්
මෙම මස නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය මගින් එවු ඡායාරූප තුලින් පුරාණ අක්ෂර සහිත කැටයමක් හෝ යාන්ත්‍රික කොටසක් යැයි සැක කරන මෙම වස්තුව කියුරියෝසිටි රෝවර් ඡායාරූප තුලින් සොයා ගන්නා ලදි.තවද මෙම මූලාශ්‍ර ඡායාරූපය තුලින් එම ස්ථානයේ විසිරී ගිය විවිධ හැඩයන් ඇති කොටස් දැකගත හැකිය.
මූලාශ්‍ර ඡායාරූපය
මෙතන ක්ලික් කරන්න
මෙම සොයා ගැනීම පිළිබදව සැකසූ වීඩියෝව.