අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන කැමරා තුලින් නැවතත් හදුනා නොගත් පියාසර වස්තුවක්

7:02:00 PM max 1 Comments

නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු මස
නිරීක්ෂිත  ස්ථානය - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය
නැවත වරක් මෙම මස තුල අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටා ඇති සජීවි කැමරා තුලින් හදුනා නොගත් පියාසර වස්තුවක් දර්ශණය වී ඇති බවට Streetcap1 නම් වූ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය සිදුකරන යූට්යුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ. (HDEV) High Definition Earth Viewing තුලින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විවිධ ස්ථාන තුල සවිකර ඇති කැමරා මගින් පෘථිවියේ සජීවි දසුන් නැරබිමට නාසා ආයතනය මහජනයාට හැකියාව ලබා දී ඇති අතර මෙම සේවාව 2014 වසරේ අප්‍රේල් මස 18 වෙනි දින  SpaceX CRS-3 මෙහෙයුමේ  Dragon spacecraft මගින්  High Definition Earth Viewing උපකරණ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදි.එදා සිට අද දක්වා විවිධාකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් මෙම කැමරා කාච වලට හසුවූ අතර අන්තාර්ජාලය මගින් එම අවස්ථාවේ පෘථිවියේ සජීවි දසුන් නරබමින් සිටි පුද්ගලයන් එකි හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව වැඩි වශයෙන් වාර්තා කර තිබේ.මෙම මස තුල Streetcap1 යූට්යුබ් නාලිකාව අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කැමරා තුලින් හදුනා නොගත් පියාසර වස්තූන් දෙකක් පමණ වාර්තා වී ඇත.එම වස්තූන් පිළිබද වීඩියෝ දසුන් පහතින් නැරබිය හැකිය.
මෙවර දිස්වූ මෙම හදුනා නොගත් පියාසර වස්තුව ඉතාමත් දීප්තිමත් වූ අතර එය සෙමින් හිරු උදාවන දෙසට ගමන් කරන ආකාරයක් දිස්වේ.
එම වීඩියෝව.

1 comments:

Abilene ප්‍රදේශය තුලින් දිස්වූ හදුනා නොගත් පියාසර වස්තුව

8:04:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 4
නිරීක්ෂිත ස්ථානය - Abilene, Kansas, USA
ඇමරිකා එක්සත් ජනපදයේ  Abilene ප්‍රදේශය තුලින් අගෝස්තු 4 වෙනි දින මෙම හදුනා නොගත් පියාසර වස්තුව වාර්තා විය. Abilene යනු කුඩා නගරයක් වන අතර එහි ජනගහනය 6,844 පමණ වේ.බොහෝ දුරට මේ ආකාරයේ හුදකලා වූ අඩු ජනගහනයක් පවතින Abilene තුල පිටසක්වල ජීවින්ගේ ක්‍රියාකාරකම් වැඩි වශයෙන් පැවතිය හැකි බවට උපකල්පනය කල හැකිය.මෙම නිරීක්ෂණය සිදුකල පුද්ගලයා එදින Abilene නගරය තුල පිහිටා ඇති උද්‍යානයක් තුල ඇවිදමින් සිටින විට මෙම හදුනා නොගත් පියාසර වස්තුව නිරීක්ෂණය කර ඇත.පසුව මොහු  විනාඩියක පමණ කාලයක් එම හදුනා නොගත් පියාසර වස්තුව පටිගත කර තිබේ.මේ පිළිබදව වැඩිදුරටත් කරණු පවසන ඔහු විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වස්තුව නොපෙනී ගිය පසු තවත් හදුනා නොගත් පියාසර වස්තූන් දෙකක් ප්‍රථම වස්තුව පැමිණි දෙසින්ම දිස්වූ බවයි.නමුත් එම වස්තූන් දිස්වූ දුර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් ඔහුට එය වීඩියෝ ගත කර ගැනීමට නොහැකි වූ බවට ප්‍රකාශ කරයි.

එම වීඩියෝව
මෙම සිදුවීමේ මුල් වීඩියෝ පිටපත පහතින් නැරබිය හැකිය.
නැරබීම සදහා මෙතන ක්ලික් කරන්න

0 comments:

රුසියාව තුලින් වාර්තා වූ හදුනා නොගත් පියාසර වස්තුව

3:12:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 ජූලි මස (වාර්තා වූයේ 2016 අගෝස්තු මස)
නිරීක්ෂිත ස්ථානය - රුසියාව
ජූලි මස රුසියාවේ Novosibirsk ප්‍රදේශය තුලින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව යම් පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබේ.පසුව අගෝස්තු මස තුල මෙම වීඩියෝව පිට වීමත් සමග බොහෝ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සොයා බලන වෙබ් අඩවි තුලින් මෙය වාර්තා විය.අධික දීප්තියක් සහිත මෙම හදුනා නොගත් පියාසර වස්තුව Novosibirsk ප්‍රදේශයේ භූමියක් තුල භූමියට ඉතා ආසන්නයෙන් ගමන් කරන ආකාරයක් මෙම වීඩියෝ පටය තුලින් දැක ගත හැකිය.මෙම ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් ලොව පුරා වාර්තා වී තිබේ.
එම වීඩියෝව.


මෙම සිදුවීම පිළිබදව හා තවත් මේ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව Disclose.tv විසින් ඉදිරිපත් කල වීඩියෝව.

0 comments:

ලාස් වේගාස් තුලින් දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන්

8:06:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය  - 2016 අගෝස්තු 8
නිරීක්ෂිත ස්ථානය - ලාස් වේගාස්, නෙවාඩා
අගෝස්තු 8 වෙනි දින මෙම හදුනා නොගත් පියාසර වස්තූන් ලාස් වේගාස් නෙවාඩා තුලින් වාර්තා විය.මෙම සිදුවීම පිළිබදව MUFON අඩවියට වාර්තා කල පුද්ගලයා තම නිවසින් බැහැරව මහා මාර්ගයේ තම රථය ධාවනය කරමින් සිටින අවස්ථාවක මෙම වස්තූන් නිරීක්ෂණය කර තිබේ.ඔහු විසින් එම අවස්ථාවේ හදුනා නොගත් පියාසර වස්තූන් දෙකක් නිරීක්ෂණය කර තිබේ.මේ සිදුවීම පිළිබදව වැඩි දුරටත් කරුණු පවසන ඔහු ප්‍රකාශ කරන්නේ මින් පෙර කිසිදු අවස්ථාවක ඔහු විසින් මේ ආකාරයේ වස්තුවක් දැක නොමැති බවයි.එමෙන්ම තවදුරටත් ඔහු පවසන්නේ ඔහු හට අවුරුදු 20 වඩා වැඩි අත්දැකිම් ඔහු ජීවත් වන ප්‍රදේශයේ හමුදා කදවුරු තුලින් ඔහු අත් විද ඇති බවයි.විවිධ ආකාරයේ ගුවන් යානා ඔහු විසින් දැක ඇති බවට ප්‍රකාශ කරන මෙම පුද්ගලයා 08/07/16 දින නිරීක්ෂණය සිදුකල හදුනා නොගත් පියාසර වස්තූන් හමුදාමය දෙයක් නොවන බවට වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

එම වීඩියෝව
මෙම සිදුවීමේ මුල් වීඩියෝ පටය.
මෙතන ක්ලික් කරන්න

0 comments:

මෙක්සිකෝව තුලින් දිස්වූ හදුනා නොගත් පියාසර වස්තුව

11:45:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 17
නිරීක්ෂිත ස්ථානය - මෙක්සිකෝ
මෙම හදුනා නොගත් පියාසර වස්තුව පසුගිය 17 වෙනි දින මෙක්සිකෝ ප්‍රදේශය තුලින් වාර්තා වේ.මෙම සිදුවීම සිදුවූ ස්ථානයේ පැවති මාර්ග තදබදය හේතුවෙන් එම අවස්ථාවේ දිස්වූ මෙම හදුනා නොගත් පියාසර වස්තුව බොහෝ දෙනෙකු දැක තිබේ.පෙනුමින් මෙම වස්තුව කළු පැහැයක් ගන්නා අතර එය ගෝලාකාර බවක් දක්නට ඇත.මෙම සිදුවීම පුද්ගලයන් දෙදෙනෙකු විසින් වීඩියෝ ගත කර ඇති අතර පහත එම වීඩියෝ දැක්වේ.

0 comments:

ලෝකයේ මෙතෙක් ඉදිවුනු විශාලතම රේඩියෝ දුරේක්ෂය චීනයෙන්...!!!

9:48:00 PM Sachitha Viraj 0 Comments

ලෝකයේ මෙතෙක් ඉදිවුනු විශාලතම රේඩියෝ දුරේක්ෂය චීනයෙන්...!!!




අද ඔයාලට කියන්න යන්නේ ලොව  මෙතෙක් ඉදිවුනු විශාලතම   රේඩියො දුරේක්ෂය  ගැන  තොරතුරක්...  

චීනයේ නිර්මාණය කෙරුන ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ වැඩ කටයුතු නිමවී තිබෙනවා..ඉතින් මීටර් 500ක විවරයක් සහිත ඒ කියන්නෙ පාපන්දු පිටි 30ක ප්‍රමාණයේ වන මෙම ගෝලීය දුරේක්ෂය මගින් අනෙක් දුරේක්ෂ වලට වඩා ඉතා දුර්වල සංඥා හදුනා ගැනීමට හැකිවනු ඇත.





 ඉතින් මේ අති දැවැන්ත රේඩියෝ දුරේක්ෂය භාවිතා කරමින් සැප්තැම්බර් මස ET මෙහෙයුමද ආරම්භ කිරීමට කටයුතු යොදා තියනව කියලත් ආරංචි වෙනවා.
ඉතින්  පිටසක්වළ ජීවය සොයා ගැනීමේ තරගයේදී ඉදිරි පියවරක් තබමින් තමයි චීනය මෙම දැවැන්ත නිර්මාණයත් සමග ලෝකයෙ ඉදිරියෙන්ම මේ පිළිබද වැඩි කතාබහකට ලක්වන රටක් බවට පත්වෙලා තියෙනවා. 2011 මාර්තු මස ආරම්භ කළ FAST දුරේක්ෂය , 2016 සැප්තැම්බර් මස වන විට වැඩ නිම  කිරීමට සැලසුම් කරලා තිබුනා. FAST නිමකිරීමට ඇස්තමේන්තු කළ මුදල ආසන්න වශයෙන් යුවාන් බිලියන 1. 2කි.




0.5 KM FAST ගෝලීය දුරේක්ෂය Guizhou පළාතේ කදු අතර නිර්මාණය කර ඇත.මෙහි පැනල් 4,450කින් සමන්විත වේ.චීනයේ ජාතික විද්‍යා ඇකඩමියේ තාරකා විද්‍යා නිරීක්ෂණ අංශයේ උප ප්‍රධානී Zheng Xiaonian මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී...




මෙම ව්‍යාපෘතිය මගින් විශ්වයේ සම්භවය වඩ වඩාත් හොදින් අවබෝධ කරගැනීමටත් පිට්සක්වළ ජීවය සිවීම තවත් පුළුල් වීමත්,නව ආකෂ වස්තු සෙවීමටත් ගැඹුරු විශ්වය අධ්‍යනයටත් හැකිවනු ඇත....

https://www.youtube.com/watch?v=6V1HM_a8XWc

අපගේ බ්ලොග් අඩවියෙහි නවතම අැන්ඩ්‍රොයිඩ් අැප් ඵක මෙම ලින්ක් එක මගින් ඔබගේ 

දුරකථනයෙහි අැතුලත් කරගත හැකිය.


0 comments:

හැකරුන් පරදන ක්වොන්ටම් පණිවුඩ චන්ද්‍රිකාවක්

5:13:00 PM max 0 Comments

කිසිසේත්ම හැකරුන්ට ඇතුළු වීමට නොහැකි වන අයුරින් පණිවුඩ හුවමාරු කළ හැකි ක්වොන්ටම් බලැති චන්ද්‍රිකාවක් (quantum-enabled satellite) අභ්‍යවකාශ ගත කළ බව චීන විද්‍යාඥයෝ පවසති.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ මෙම චන්ද්‍රිකාව හරහා හුවමාරු වන ආරක්ෂාකාරී පණිවුඩ අනු පරමාණුක කොටස් පිපිරීම් වලින් නිර්මාණය වන බැවින් හැකරුන්ට ඇතුළු වීමේ ඉඩකඩක් නොමැති බවයි.
යම් ලෙසකින් හැකරුන් මෙම පණිවුඩ තුළ ඇති අන්තර්ගතය සොරා ගැනීමට උත්සාහ කළොත් එම පණිවුඩ ස්වයංක්‍රීයව විනාශ වන අයුරින් නිර්මාණය කර තිබේ. 
 
රහසිගත පණිවුඩ තාක්ෂණය ඔස්ට්‍රියානු විද්‍යාඥ කණ්ඩායමක් සමග එකතු වී චීන විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විශේෂ චන්ද්‍රිකාව නිපදවීමට කොතරම් මුදලක් වැය වී ඇත්දැයි රජය ප්‍රකාශ කර නොමැති නමුත් චීන පුවත්පතක් වාර්තා කළේ තාක්ෂණය නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියට පමණක් ඇමරිකානු ඩොලර් බිලියන සීයකට අධික මුදලක් වෙන් කර තිබුණු බවයි.
පුරාතන චීන ජාතික චින්තකයෙකු සහ විද්‍යාඥයෙකු වන මෙන්සියස් නමින් හඳුන්වා ඇති මෙම චන්ද්‍රිකාව හරහා බේජිං නුවර සිට බටහිර චීනයේ උරුන්කි වෙත රහස් පණිවුඩ හුවමාරු කිරීමටයි සැලසුම් කොට තිබෙන්නේ.
මෙම තාක්ෂනය යොදාගෙන අනාගතයේදී හැකරුන්ට කිසිසේත් ඇතුළුවිය නොහැකි පරිඝනක පද්ධති නිර්මාණය කිරීමට හැකි වෙනු ඇති බවටයි විශ්වාස කරන්නේ.

උපුටා ගැනීම
BBC Sinhala

0 comments:

බ්‍රවුන්ස්විල් තුල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තුව

7:13:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු 2
නිරීක්ෂිත ස්ථානය - බ්‍රවුන්ස්විල්, ටෙක්සාස්, ඇමරිකා එක්සත් ජනපදය
බොහෝ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් වැඩි වශයෙන්ම දිස්වනුයේ හිරු බැස යාමත් සමග වේ.මෙය බොහෝ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය සිදුකරන පුද්ගලයන්ගේ මතය වේ.උදාහරණයක් ලෙස ගෙන බැලුවොත් ufo sightings daily අඩවියේ කර්තෘ වන Scott Waring මහතා ද එම අදහස තුල සිටී.මෙම සිදුවීම ද එම අදහස සේම හිරු බැස යාමත් සමග නිරීක්ෂණය කර තිබේ.බ්‍රවුන්ස්විල් තුල මෙම සිදුවීම සිදුවී ඇති අතර අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබේ.
එම වීඩියෝව.

0 comments:

වර්ජිනියාවේ Charlottesville තුල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන්

6:52:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 - 07 - 24
නිරීක්ෂිත ස්ථානය - Charlottesville - Virginia
මෙම සිදුවීම පසුගිය ජූලි මස 24 වෙනි දින වර්ජිනියාවේ Charlottesville ප්‍රදේශය තුල සිදුවිය.හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබද වාර්තාමය වීඩියෝ දර්ශන අතුරින් මෙම වීඩියෝ දර්ශනයත් තවත් එක් අභිරහස් සිදුවීමක දර්ශනයකි.මෙම වීඩියෝ දර්ශනය තුල ඉහළ අහසින් කඩා වැ‍ටෙන ආකාරයකින් පැමිණෙන වස්තුවක් යම් කිසි උස සීමාවකට පැමිණ පසුව කුඩා කොටස් වලට වෙන් වී යන ආකාරයක් දැකිය හැකිය.පසුව එම කොටස් සෙමින් පහතට ගමන් කරන ආකාරයක් අවසන් වශයෙන් දැකිය හැකිය.මෙම වස්තුව කිසිසේත් උල්කාපාත කොටසක් විය නොහැකිය.යමක් ඉහළ අහසේ සිට පැමිණ පසුව පොළව මතට සෙමින් පතිත වන ආකාරයක් මෙන් මෙම සිදුවීම් පෙල අවසාන වශයෙන් හැදින්විය හැකිය.
එම වීඩියෝව.

0 comments: