ලෝකයේ මෙතෙක් ඉදිවුනු විශාලතම රේඩියෝ දුරේක්ෂය චීනයෙන්...!!!
ලෝකයේ මෙතෙක් ඉදිවුනු විශාලතම රේඩියෝ දුරේක්ෂය චීනයෙන්...!!!
අද ඔයාලට
කියන්න යන්නේ ලොව මෙතෙක් ඉදිවුනු විශාලතම රේඩියො දුරේක්ෂය ගැන තොරතුරක්...
චීනයේ
නිර්මාණය කෙරුන ලොව විශාලතම රේඩියෝ දුරේක්ෂයේ වැඩ කටයුතු නිමවී තිබෙනවා..ඉතින්
මීටර් 500ක විවරයක්
සහිත ඒ කියන්නෙ පාපන්දු පිටි 30ක ප්‍රමාණයේ
වන මෙම ගෝලීය දුරේක්ෂය මගින් අනෙක් දුරේක්ෂ වලට වඩා ඉතා දුර්වල සංඥා හදුනා ගැනීමට
හැකිවනු ඇත.
ඉතින් මේ අති දැවැන්ත රේඩියෝ දුරේක්ෂය භාවිතා
කරමින් සැප්තැම්බර් මස ET මෙහෙයුමද
ආරම්භ කිරීමට කටයුතු යොදා තියනව කියලත් ආරංචි වෙනවා.
ඉතින් පිටසක්වළ ජීවය සොයා ගැනීමේ තරගයේදී ඉදිරි
පියවරක් තබමින් තමයි චීනය මෙම දැවැන්ත නිර්මාණයත් සමග ලෝකයෙ ඉදිරියෙන්ම මේ පිළිබද
වැඩි කතාබහකට ලක්වන රටක් බවට පත්වෙලා තියෙනවා. 2011 මාර්තු මස ආරම්භ කළ FAST දුරේක්ෂය ,
2016 සැප්තැම්බර් මස වන
විට වැඩ නිම කිරීමට සැලසුම් කරලා තිබුනා. FAST නිමකිරීමට ඇස්තමේන්තු
කළ මුදල ආසන්න වශයෙන් යුවාන් බිලියන 1. 2කි.
0.5 KM FAST ගෝලීය දුරේක්ෂය Guizhou පළාතේ කදු අතර නිර්මාණය කර ඇත.මෙහි පැනල් 4,450කින් සමන්විත වේ.චීනයේ
ජාතික විද්‍යා ඇකඩමියේ තාරකා විද්‍යා නිරීක්ෂණ අංශයේ උප ප්‍රධානී Zheng
Xiaonian මෙහි
මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී...
මෙම ව්‍යාපෘතිය මගින් විශ්වයේ සම්භවය වඩ වඩාත්
හොදින් අවබෝධ කරගැනීමටත් පිට්සක්වළ ජීවය සිවීම තවත් පුළුල් වීමත්,නව ආකෂ වස්තු සෙවීමටත්
ගැඹුරු විශ්වය අධ්‍යනයටත් හැකිවනු ඇත....
https://www.youtube.com/watch?v=6V1HM_a8XWc
අපගේ බ්ලොග් අඩවියෙහි නවතම අැන්ඩ්‍රොයිඩ් අැප් ඵක මෙම ලින්ක් එක මගින්
ඔබගේ
දුරකථනයෙහි අැතුලත් කරගත හැකිය.
0 comments: