අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන කැමරා තුලින් නැවතත් හදුනා නොගත් පියාසර වස්තුවක්
නිරීක්ෂිත දිනය - 2016 අගෝස්තු මසනිරීක්ෂිත ස්ථානය - අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය
නැවත වරක් මෙම මස තුල අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටා ඇති සජීවි කැමරා තුලින් හදුනා නොගත් පියාසර වස්තුවක් දර්ශණය වී ඇති බවට Streetcap1 නම් වූ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය සිදුකරන යූට්යුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ. (HDEV) High Definition Earth Viewing තුලින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විවිධ ස්ථාන තුල සවිකර ඇති කැමරා මගින් පෘථිවියේ සජීවි දසුන් නැරබිමට නාසා ආයතනය මහජනයාට හැකියාව ලබා දී ඇති අතර මෙම සේවාව 2014 වසරේ අප්‍රේල් මස 18 වෙනි දින SpaceX CRS-3 මෙහෙයුමේ Dragon spacecraft මගින් High Definition Earth Viewing උපකරණ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදි.එදා සිට අද දක්වා විවිධාකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් මෙම කැමරා කාච වලට හසුවූ අතර අන්තාර්ජාලය මගින් එම අවස්ථාවේ පෘථිවියේ සජීවි දසුන් නරබමින් සිටි පුද්ගලයන් එකි හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව වැඩි වශයෙන් වාර්තා කර තිබේ.මෙම මස තුල Streetcap1 යූට්යුබ් නාලිකාව අනුව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කැමරා තුලින් හදුනා නොගත් පියාසර වස්තූන් දෙකක් පමණ වාර්තා වී ඇත.එම වස්තූන් පිළිබද වීඩියෝ දසුන් පහතින් නැරබිය හැකිය. මෙවර දිස්වූ මෙම හදුනා නොගත් පියාසර වස්තුව ඉතාමත් දීප්තිමත් වූ අතර එය සෙමින් හිරු උදාවන දෙසට ගමන් කරන ආකාරයක් දිස්වේ.
එම වීඩියෝව.
The Best Casino Games in 2021
ReplyDeleteWhat is a casino game to win in the casino? — youbet When it comes to online gambling, 바카라양방배팅 the casino is a safe 가입시 꽁머니 환전 and secure casino to play. 강원 랜드 여자 앵벌이 That 데일리 벳 being said,