පෘථිවියට නව චන්ද්‍රයෙක්

7:54:00 AM max 0 Comments

පෘථිවියට නව චන්ද්‍රයෙක් අපේ චන්ද්‍රයා තවදුරටත් හුදකලාවෙන් නොවෙයි.මෙහෙම කියන්නේ Pan STARRS ආයතනය.මෙම සොයාගැනීම ඔවුන් සිදුකරල තියෙන්නේ පසුගිය අප්‍රේල් මස හවායි දූපත් වල පිහිටා තිබෙන ග්‍රහක වල මිනුම් ලබාගන්න දුරේක්ශ මගින්.මෙය සොයාගත් ග්‍රහකය ඔවුන් නම් කරල තියෙන්නේ 2016 HO3 ලෙසටය.විද්‍යාඥයන් පවසන ආකාරය අවම වශයෙන් මෙම වස්තුව පෘථියේ සිට සැතපුම් මිලියන 9 දුරින් ඇති අතර මානව පැවැත්ම සදහා මින් කිසිම බලපෑමක් නොවන බවට වාර්ථා කරයි.දැන් මෙම වස්තුව අප පෘථිවිය වට ගමන් කරමින් පවතී.NASA Jet Propulsion Laboratory වාර්ථාවන්ට අනුව මෙම වස්තුවේ විෂ්කම්භය අඩි 120 වඩා ලොකු බවත් අඩි 300 කට වඩා කුඩා විය හැකි බවට පවසයි.මෙම ප්‍රමාණය තවමත් හරියාකාරව ඔවුන් ප්‍රකාශ කර නොමැත.
 
ජුනි 10 වන දින 2016 HO3 ග්‍රහකයේ මෙම ජායාරූපය ගනු ලැබුවේ University of Hawaii හි Denise Hung සහ Dave Tholen යන පුත්ගලයන් විසිනි.මේ සදහා ඔවුන් UH's 2.24 මීටර් දුරේක්ශයක් භාවිතා කර ඇත.
 
ඇනිමේෂන් කරන ලද 2016 HO3 හි මෙම ජායාරූපය ලබාගෙන ඇත්තේ 2016 අප්‍රේල් 27 වැනි දින Pan-STARRS NEO search program විසිනි.
2016 HO3 ග්‍රහකයේ ගමන් මග පහත වීඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya