55 Cancri e ග්‍රහලොව

55 Cancri e පෘථිවි ස්කන්ධය මෙන් 8.63 පමන වන අතර ඵය පෘථිවිය මෙන් දෙගුණයක් විශාල වේ.මෙම ග්‍රහලොවට අයත් හිරු වටා යාම ඉතා වේගයෙන් සිදු වේ.එය වරක් ඊට අයත් සූර්යයා වටා යාමට ගත් වන්නේ පැය 18ක් පමණයි. අපේ පෘථිවි ග‍්‍රහයාට ඒ වගේ වටයක් අපේ සූර්යයා වටා යාමට දින 365ක් ගත වෙනවා ආකාරයෙනි.
55 Cancri e සොයාගන්නේ 2004 අගෝස්තු 30 වන දින වේ.පසුව 2010 දක්වා නිරීක්ෂණය කිරිමි හා ගණනය කිරිමි සිදුකර ඇත.පසුව 2012 වසරේ මෙම ග්‍රහලොව කාබන් ග්‍රහලොවක් ලෙස හදුනා ගෙන ඇත.2016 වසරේ හබල් දුරේක්ෂ මගින් මෙම ග්‍රහලොවෙහි හයිඩ‍්‍රජන් හා හීලියමි වායුන් හා ජල වාෂ්ප නොමැති බවට සොයාගත්තා.මුල්ම වතාවට ඉහල වායුගෝලයක් සහිත සූපිරි ග්‍රහලොවක් විශ්ලේෂණය කළ අවස්ථාවක් වේ.
ග්‍රහයාගේ පෙනෙන ප්‍රදේශයෙහි උෂ්ණත්වය 2,500°C වන අතර පිටුපස ඇති වන අදුරු ප්‍රදේශයේ 1,100°C. පමන වේ.නාසා Spritzer space telescope මගින් මෙම වසර තුල මෙම ග්‍රහයා නිරික්ෂණය කර ඇත.55 Cancri e ලාවා මගින් වැසි ගිය ග්‍රහකයෙකි.පෘථිවිය හා මෙම ග්‍රහලොව අතර දුර ආලෝක වර්ෂ 40 වේ.කලින් මෙම ග්‍රහලොව තුල යමිකිසි ජීවයක් තිබිය හැකි බවට සැක කල නමුත් පසුව මෙහි ජීවයක් තිබය නොහැකි බවට සොයාගෙන ඇත.තාරකා විද්‍යාඥයන් සූර්යයා වැනි තරුවක් වටා භ‍්‍රමණය වන ග‍්‍රහ ලොවක වැඩිපුර දියමන්තිවලින් සමන්විත යැයි නිර්ණය කළ පළමු වැනි වතාව මෙය වේ.
0 comments: