Sentinel 1B චන්ද්‍රිකාව
ඵලබෙන අප්‍රේල් මස 22 දින යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් තවත් ඵක්
චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරිමට සුදානමි කර ඇත.චන්ද්‍රිකාව හදුන්වන්නේ
Sentinel-1B ලෙසය.Sentinel-1B අප්‍රේල් මස 22 දින Guiana Space Centre
තුලින් කක්ෂ ගත කිරිමට සුදානමි කර ඇත.2014 වසරේ අප්‍රේල් මස 3 වැනි දින
Sentinel-1A නමි චන්ද්‍රිකාව ඔවුන් විසින් දියත් කළ අතර ඵලබෙන අප්‍රේල් මස
Sentinel-1B ඔහුගේ සොහොයුරු Sentinel-1A හා සමිබන්ධ වේ. Sentinel-1A
චන්ද්‍රිකාව කක්ෂ ගත කලේ යුරෝපයේ පාරිසරික කොපර්නිකස් මෙහෙයුම මගිනි.මෙම චන්ද්‍රිකා
දෙකම වෙන වෙනම අංශක 180 කොණයකින් පෘථිවි කක්ෂය තුල ගමන් කරයි.මෙම
චන්ද්‍රිකා මගින් අති නවීන රේඩර් උපකරණ රැගෙන යන අතර ඵමගින් පෘථිවි පෘෂ්ඨ
ජායාරූප හා පාරිසරික තත්වයන් පිළිබදව තොරතුරු සපයයි.තවද මෙම මෙහෙයුම මගින්
බොහෝ ප්‍රයෝජන ලබාගත හැකි බවට ඔවුන් පවසයි.ඵනමි ආක්ටික් මුහුදු අයිස්
ප්‍රමාණය අධීක්ෂණ සම්බන්ධ කරන සේවාවන්.සමාන්‍ය මුහුදු අයිස් සිතියම්ගත
කිරිමි.සාගර පරිසරය තත්ව බැලීම.සාගර ආරක්ෂාව සඳහා තෙල් කාන්දුව අධීක්ෂණය හා
නැව් ආරක්ෂාවට.අවදානම් ගොඩබිම් අධීක්ෂණය.වනාන්තර සිතියම් ගත කිරිම් මේ අතර
වේ.

0 comments: