North America's Aerospace Defense Command හි අතිශය රහසිගත හදුනා නොගත් පියාසර වස්තූන්හි වාර්ථාවන්

8:11:00 PM max 0 Comments

හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව මින් පෙර මා විසින් කැනඩාවෙහි සිදුකල Alien Cosmic Expo හි VICTOR VIGGIANI මහතා හෙළිකල අතිශය වැදගත් ප්‍රකාශයන් පිළිබදව ලිපිය ඔබට මතක ඇත.ඔහුගේ හෙළිකිරීම ඇතුලත්වූ වීඩියෝ දර්ශණය තුල ඔහු විසින් ඵම අවස්ථාවේ පැමිණි සිටි පුද්ගලයන් වෙත ලබාදී ඇති අතිශය රහසිගත හදුනා නොගත් පියාසර වස්තූන් හි වාර්තා ඇතුලත්වූ පිටු 15 කින් සමන්විත මෙම ලේඛන ගොණුව පිළිබදව අද දින මා Alien Cosmic Expo සංවිධානය වෙත කල විමසීමක් තුලින් ඔවුන් ඵම ලේඛන ලබාගැනිමට අවස්ථාව මට ලබාදුන්න.North America's Aerospace Defense Command විසින් වාර්ෂිකව හදුනා නොගත් පියාසර වස්තූන් 1800 පමණ සොයාගන්න අතර ඵක් ඵක් අවුරුදු වල ඔවුන් මෙය 75 වතාවක් පමණ සිදුකල ඇති බවට තවදුරටත් හෙළිවේ.

ඵම ලේඛනයන් පහත දැක්වේ.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
VICTOR VIGGIANI මහතාගේ වීඩියෝව.

0 comments:

හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව VICTOR VIGGIANI ගේ අනාවරණය

7:19:00 PM max 0 Comments

හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව මෙම හෙළි කිරීම තවත් ආකාරකින් ප්‍රභල සාක්ෂියක් ඵක් කරනු ඇත.මෙම හෙළි කිරීම පසුගිය 25 වැනි දින කැනඩාවෙහි Brantford නගරයේ Alien Cosmic Expo සංවිධානය විසින් පවත්වන ලද ප්‍රථම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව රැස්වීම තුලින් ඉදිරිපත් කරඇත.මෙම රැස්වීම තුල මෙම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව කරුණු හෙළිකල VICTOR VIGGIANI මහතා ඉතා වටිනා වැදගත් ප්‍රකාශයන් සිදුකල ඇත.VICTOR VIGGIANI යනු කැනඩාවෙහි Toronto, Ontario හි පාසලක මෑතකදී විශ්‍රාම ලත් විදුහල්පතිවරයෙකි.තවද ඔහු Toronto Ontario හි York University තුලින් සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව සදහා උපාධියක් හිමි පුද්ගලයෙකි.විශේෂයෙන් ම මෙම පුද්ගලයා හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණයේ යෙදී සිටින අයෙකි.සැබවින්ම මෙම පුද්ගලයා මෙම අවස්ථාවේ නිර්භීත ලෙස රහසිගත තොරතුරු හෙළිකර ඇත.මෙම හෙළිකිරිම නම් ඇමරිකාවේ North American Aerospace Defense විසින් සෑම වසරකම රේඩර් මගින් හදුනා නොගත් පියාසර වස්තූන් වාර්තා කර ඇති බවයි.මෙම අවස්ථාවේ ඔහු විසින්ම ප්‍රකාශ කරනවා මෙම රහසිගත ලිපි ගොනු හෙළිකිරීම හේතුවෙන් ඔහුගේ ජීවිතයට පවා මරණ තර්ජන ඵල්ල වී ඇති බවයි.නමුත් ඵ් තර්ජන සියල්ල නොතකා ඔහු විසින් ලිපි ගොනු පැමිණ සිටි පුද්ගලයන් වෙත ලබාදී ඇත.
ඵම වීඩියෝව.

0 comments:

පෘථිවියට නව චන්ද්‍රයෙක්

7:54:00 AM max 0 Comments

පෘථිවියට නව චන්ද්‍රයෙක් අපේ චන්ද්‍රයා තවදුරටත් හුදකලාවෙන් නොවෙයි.මෙහෙම කියන්නේ Pan STARRS ආයතනය.මෙම සොයාගැනීම ඔවුන් සිදුකරල තියෙන්නේ පසුගිය අප්‍රේල් මස හවායි දූපත් වල පිහිටා තිබෙන ග්‍රහක වල මිනුම් ලබාගන්න දුරේක්ශ මගින්.මෙය සොයාගත් ග්‍රහකය ඔවුන් නම් කරල තියෙන්නේ 2016 HO3 ලෙසටය.විද්‍යාඥයන් පවසන ආකාරය අවම වශයෙන් මෙම වස්තුව පෘථියේ සිට සැතපුම් මිලියන 9 දුරින් ඇති අතර මානව පැවැත්ම සදහා මින් කිසිම බලපෑමක් නොවන බවට වාර්ථා කරයි.දැන් මෙම වස්තුව අප පෘථිවිය වට ගමන් කරමින් පවතී.NASA Jet Propulsion Laboratory වාර්ථාවන්ට අනුව මෙම වස්තුවේ විෂ්කම්භය අඩි 120 වඩා ලොකු බවත් අඩි 300 කට වඩා කුඩා විය හැකි බවට පවසයි.මෙම ප්‍රමාණය තවමත් හරියාකාරව ඔවුන් ප්‍රකාශ කර නොමැත.
 
ජුනි 10 වන දින 2016 HO3 ග්‍රහකයේ මෙම ජායාරූපය ගනු ලැබුවේ University of Hawaii හි Denise Hung සහ Dave Tholen යන පුත්ගලයන් විසිනි.මේ සදහා ඔවුන් UH's 2.24 මීටර් දුරේක්ශයක් භාවිතා කර ඇත.
 
ඇනිමේෂන් කරන ලද 2016 HO3 හි මෙම ජායාරූපය ලබාගෙන ඇත්තේ 2016 අප්‍රේල් 27 වැනි දින Pan-STARRS NEO search program විසිනි.
2016 HO3 ග්‍රහකයේ ගමන් මග පහත වීඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments:

නාසා රොකට් බූස්ටර් ඵන්ජිම සාර්ථක ලෙස අත්හදා බලයි.

6:19:00 AM max 0 Comments

අභ්‍යාවකාශ රොකට් අතර ලොව ප්‍රභලතම බූස්ටර් ගණයට අයත් රොකට් ඵන්ජිම පසුගිය 28 වැනිදා නාසා ආයතනයේ Space Launch System (SLS) අංශය මගින් සාර්ථක ලෙස අත්හදා බලන ලදි.භූමිය තුල මෙවන් අත්හදා බැලීමක් සිදුකල දෙවන අවස්ථාව මෙය වේ.නාසා ආයතනයේ අඟහරු ග්‍රහයා වෙත යෑමේ සිහිනය සැබෑ කරගැනීම සදහ මෙම බූස්ටර් ගණයට අයත් රෙකට් ඵන්ජින් මගින් 75% පීඩනයක් පෘථිවි ගුරුත්වයට විරුද්ධව ඵල්ල කල යුතුවේ.
ඵම වීඩියෝව.

0 comments:

බදුල්ල අහසේ සැරිසැරූ අභිරහස් ජීවියා

8:17:00 PM max 0 Comments

Alien Planet  නම් වූ මෙම යූටියුබ් චනලය විසින් ශ්‍රී ලංකාවේ බදුල්ල ප්‍රදේශයේ සිදුවුණු බවට සදහන් කරන සිදුවීමක වීඩියෝවක් මෙම මස 3 වැනි දින ප්‍රචාරය සිදුකර ඇත.පෙනුමින් විශාල පක්ෂියෙකු සේ දිස්වන අතර ඵම ජීවිය ඉහල අහසට ගමන් කරන ආකාරයක් වීඩියෝව තුලින් දිස්වේ.පසුව වලාකුළු අතර සැගවී යයි.මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍ය භාවයක් සොයාගැනීමට නොහැකිවු අතර මෙම සිදුවීම සිදුවී ඇත්තේ 2012 වසර තුලදී බවට සදහන් වේ.
ඵම විඩියෝව
 

0 comments:

Juno අභ්‍යාවකාශ යානාව බ්‍රහස්පතී ආසන්නයට

6:16:00 PM max 0 Comments

නාසා ආයතනයේ Juno අභ්‍යාවකාශ යානාව පසුගිය 21 වැනි දින බ්‍රහස්පතී ග්‍රහයාගේ මෙම වර්ණ ජායාරූපය ලබාගෙන ඇත.ඵම අවස්ථාවේ යානාව හා බ්‍රහස්පතී ග්‍රහයා අතර සැතපුම් මිලියන 6.8 දුරක් පැවතී තිබු අතර ජූලි මස 4 වැනි දින යානාව බ්‍රහස්පතී ග්‍රහයා ආසන්නයට පැමිනීමට නියමිත ඇත.Juno අභ්‍යාවකාශ යානාව අප ග්‍රහ පද්දතියේ විශාලතම ග්‍රහලොව වන බ්‍රහස්පතී ග්‍රහයා වෙත පැමිනිමේ මූලික ප්‍රවේශයක් ලෙස මෙම ජායාරූපය දැක්විය හැකිය.මෙම ජායාරූපය මගින් බ්‍රහස්පතී හි උප ග්‍රහයන් වන Io.Europa.Ganymede.Callisto යන උප ග්‍රහයන් දිස්වේ.ඵමෙන්ම ග්‍රහලොවෙහි අදුරු පටි සහ වලාකුළුද මෙම ජායාරූපය මගින් දිස්වේ.

0 comments:

වේල්ස් ප්‍රදේශයෙන් හදුනා නොගත් සත්ව විශේෂයක්

7:31:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 ජුනි 17
නිරීක්ෂිත ස්ථානය - නිව්පෝට්, වේල්ස්
මෙම සිදුවීම පසුගිය 17 වැනි දින express.co.uk පුවත් අඩවිය තුලින් වාර්තා වූ තවත් ඵක් අභිරහස් සිදුවීමකි.මෙම සිදුවීම පිළිබදව ප්‍රකාශ කර ඇත්තේ Welsh comedy rap group නම් සංගීත කන්ඩායමේ සාමාජිකයෙකු වන ජෝන් නම් පුත්ගලයෙකු විසිනි.ගිම්හාන උදෑසනක මෙම පුත්ගලයා වේල්ස් ප්‍රදේශයෙහි newbridge නම් නගරයට ආසන්න භූමියක පා ගමනින් යන අවස්ථාවක ලබාගත් ජායාරූපක් පසුව නැරබීමෙදී මෙම හදුනා නොගත් පියාසර සත්ව විශේෂයක් ජායාරූප තුලින් නිරික්ශණ කරඇත.පෙනුමින් මිනිසෙකුගේ අවයව කොටස් දිස්වන ආකාරයක් මෙම ජායාරූපය තුලින් දිස්වේ.හරියට ළමා කතාවල ඵන faries (සුරංගනාවියන්) සේ දිස්වේ.කෙසේ නමුත් මේ සිදුවීමේ තොරතුරු මෙපමණයි හොයාගන්න පුලුවන් වුනේ.ඔයාලටත් මේ ගැන තියන අදහස් සහ තොරතුරු කමෙන්ට් කරන්න.
පහත විඩියෝව මගින් ජායාරූපයේ සමීප දසුන් දැකගත හැකිය.

0 comments:

හෙළිකොප්ටරයක් හැදූ තරුණයෙක්

8:12:00 PM max 0 Comments


ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ජපානය, චීනය හෝ ඉන්දියාව වැනි රටක උපන්නේ නම් අද වන විටත් මේ විශ්වකර්ම වැඩ කරන අපේ ශ්‍රී ලාංකික තරුණයා අති දක්‍ෂ ගුවන් යානා සහ අති නවීන ස්වයංක‍්‍රීය අවි තනන්නෙකු වනු නොඅනුමානය.


ඓතිහාසික කන්ද උඩරට ගමක උපන් ඔහුගේ එකම ආශාව වූයේ කෙදිනක හෝ හෙළිකොප්ටර් යානාවක් නිර්මාණය කිරීමය. වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මහනුවර තල්වත්තේ පදිංචි මහේෂ් බණ්ඩාරය. වයස අවුරුදු 33ක් වූ ඔහු විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පාඨමාලාවක් හෝ තාක්ෂණික විදුහලක තාක්ෂණික පාඨමාලාවක් හෝ අඩුම වශයෙන් කාර්මික විදුහලක පාඨමාලාවක් හෝ හදාරා නොමැති අයෙකි.

කුඩාකල සිටම විවිධ නිර්මාණ සකස් කිරීමේ සහජ දක්‍ෂතාවලින් හෙබි මහේෂ් බණ්ඩාර පාසල් අධ්‍යාපනය හමාර කළේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුවය.


විවිධ අංශ තුළින් පාපැදි, යතුරුපැදි, ත‍්‍රිරෝද රථ සහ වෙනත් යන්ත‍්‍ර අලූත්වැඩියා කිරීමට උපන් හපනෙකු වූ ඔහු කුඩා කල සිට තම සිතේ හිරවී තිබූ ආශාව ඉටුකර ගන්නට දැඩි ප‍්‍රයත්නයක් දැරීය.


ඉතා දුක්මහන්සියෙන් විවිධ දෛනික ස්වයංරැුකියාවන්හි නිරත වෙමින් උපයා ගත් මුදල් වැය කළේ ඔහුගේ කුඩා කල සිට සිතේ පැලපදියම්ව තිබූ හෙළිකොප්ටර් යානාවක් හැදීමේ කාර්යය සඳහා ය. අවස්ථා කීපයක දී ඔහු විවිධ අන්දමට කුඩා හෙළිකොප්ටර් යානා සකස් කළේය. එහෙත් ඒවා කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහෙත් ධෛර්යවන්ත තරුණයා තම සිතෙහි රැුඳුණු අපේක්ෂාවන් කෙසේ හෝ ඉෂට කරගන්නට අදිටන් කරගත්තේය.
විවාහකයෙකු වූ දරු දෙදෙනෙකුගේ පියෙකු වූ මහේෂ් බණ්ඩාර තමන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් යළිත් හෙළිකොප්ටර් යානාව නිපදවීමට වැය කරන්නට සිතා ගත්තේය. දෙමව්පියෝ මෙන්ම ඔහුගේ දයාබර බිරිඳ ද ඔහු කරන්නට වෙර දරන අසීරු කාර්යය පිළිබඳව මැනවින් වටහා ගෙන සිටිය ද ඔහුට බාධා නොකර ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට කරගන්නට සිතින් ආශිර්වාද කළහ.

 
තරුණ අවධියේ සිටම විවිධ අංශයන්හි දක්‍ෂතා දැක්වූ මහේෂ් බණ්ඩාර තමන් එකතු කරගත් මුදල් වැයකරමින් හෙළිකොප්ටරය තැනීමට අවශ්‍ය අමතර කොටස් යකඩ, යතුරුපැදි එන්ජින් ඇතුළු අවශ්‍ය මෙවලම් රැුසක් මිලදී ගත්තේය. ඔහුට රුපියල් ලක්‍ෂ පහකට ආසන්න මුදලක් මෙම අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවිය.

දැඩි ආත්ම විශ්වාසයත්, අධිශ්ඨාන ශක්තියත් තමන් විසින් සිදු කිරීමට නියමිත කාර්යය පිළිබඳව තබාගත් විශ්වාසයත් මල්ඵල ගන්වමින් ඔහු තමන් විසින් නිෂ්පාදනය කිරීමට සූදානම් හෙළිකොප්ටරය කොටස් වශයෙන් සකස් කළේය.


ඉතා අසීරුවෙන් දිවා රාත‍්‍රී නොබලා නිපදවූ හෙළිකොප්ටරය ගුවනට නැංවීම සඳහා අත්‍යවශ්‍ය උපකරණයක් වන එහි උඩ කොටසේ හුළං පෙති (වායු තටු) ඉතා උනන්දුවෙන් සකස් කර ගත්ත ද එය ක‍්‍රියාත්මක කිරීමට යාමේදී එහි යම් යම් දෝෂ ඇති වීම හේතුවෙන් ඔහු නිපදවූ අලූත්ම ශ්‍රී ලංකා නිෂ්පාදනයක් වූ හෙළිකොප්ටර් යානාව ගුවන්ගත කිරීමට නොහැකි විය. තම බලාපොරොත්තුව බිඳ වැටුණා යැයි සිතමින් මේ අධිශ්ඨානශීලී ධෛර්යවන්ත තරුණයා තම අපේක්‍ෂාව අත්හරින්නට තරම් දුර්වලයෙකු නොවීය.


ඔහු ගුවන් යානා නිපදවීම පිළිබඳ විවිධ පොත්පත් පරිශීලනය කළේය. රූපවාහිනී දසුන්වල දකින විවිධ හෙළිකොප්ටර් සහ ගුවන් යානා ගැන විස්තර එක්රැුස් කළේය. අන්තර්ජාලය ඔස්සේ විවිධ හෙළිකොප්ටර් පිළිබඳව තොරතුරු හා දත්ත සොයා බලා නිරීක්‍ෂණය කළේය. දක්ෂයාට කළ නොහැක්කක් නැතැයි කියමනක් තිබේ. උත්සාහ වන්තයා කෙදිනක හෝ ජයගන්නවා යැයි ඔහු සිතුවේය. යළිත් වරක් තමා එකලස් කරගත් හෙළිකොප්ටර් යානාවේ කොටස් කාටත් නොකියා කුඩා ලොරියක පටවා ගත් ඔහු ඒවා සියල්ල හන්තාන පෙදෙසේ පිට්ටනියක් වෙත රැුගෙන ගියේය. හන්තානේ කන්ද පෙදෙසේ පිට්ටනියකට රැුගෙන ගිය කොටස් ඉතා සූක්‍ෂම අයුරින් යළිත් සකස් කරගත් මහේෂ් හෙළිකොප්ටර් යානාව සම්පූර්ණ තත්ත්වයට පත් කළේය.


ඉන්ධන ටැංකියක් සකසා හෙළිකොප්ටර් යානයේ එන්ජිම පණ ගන්වන්නට ඔහු උත්සාහ කළේය. ඔහුගේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට විය. එන්ජිම පණ ගැන්වී හෙළිකොප්ටර් යානයේ සියලූ අංග ක‍්‍රියාත්මක විය. 

තමා කුඩා කල සිට ප‍්‍රාර්ථනාවක් ඇතිකර ගනිමින් හෙළිකොප්ටරයක් නිපදවීමේ සිහිනය සැබෑකරගත් මහේෂ් බණ්ඩාර ලැබුවේ පුදුමාකාර සතුටකි. එය සැබෑ හෙළිකොප්ටරයක්ම බව එහි ක‍්‍රියාකාරිත්වය දුටු අපි ද මවිතයට පත්වූවෙමු.

කාර්මිකයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කළ මේ ගැමි තරුණයා ඔහුගේ අවාසනාව නිසාම ශ්‍රී ලංකාවේ ඉපදී ඇත්දැයි මට සිතුණි. වෙනත් රටක නම් ඔහුගේ නිර්මාණය ඇගයීමකට ලක්කෙරනු ඇත. ඔහුව ගුවන් යානා ඉංජිනේරු පාසලකට යවා ඔහුට ගුවන්යානා ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදී උපාධියක් ද ලබා දෙනු ඇත.


එහෙත් ජනතාවගේ බදු මුදල්වලින් සුපිරි හෝටල්වල සුර සැප විඳින ජනතාවගේ කතිරයෙන් දේශපාලන තනතුරු ලබන දේශපාලනඥයන්ට මේ තරුණයා පිස්සෙකි, මෝඩයෙකි. කරන්නට බැරි වැඩ කරන්නට දඟලන නිකමෙකි.


මහේෂ් බණ්ඩාර මෙරට දේශපාලනඥයින් හා ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ ක‍්‍රියා කලාපයන් මැනවින් වටහා ගෙන සිටි තරුණයෙකු නිසා තමන්ගේ නිර්මාණය පිළිබඳව ඔවුන්ට දන්වන්නට නොසිතුවේය.


ඔහු පැමිණියේ තමන්ට පිහිටක් ලබාගත හැකි තමාගේ නිර්මාණය අගය කරන්නට තරම් මානුෂීය හැඟීම්ක් ඇති මාධ්‍යවේදීන් සොයාගෙනය.


සැබැවින්ම ඔහු නිර්මාණය කළ හෙළිකොප්ටරය සැකිල්ල නිසි පරිදි ආවරණය කළා නම් එය විදේශීය රටක නිපදනවන ලද යානාවක් වනු නොඅනුමානය.
ඉදිරියේ දී තමන් නිපදවූ මෙම හෙළිකොප්ටරය මහජනතාව වෙනුවෙන් ප‍්‍රදර්ශනය කිරීමට අපේක්ෂාවෙන් සිටින මහේෂ් බණ්ඩාර මහතා තමන්ට දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් අනුග‍්‍රාහක ආයතනයක උපකාරය අවශ්‍ය වී තිබෙන බව අප හා පැවසීය.


වැඩිදුරටත් තම නිර්මාණය පිළිබඳව අප වෙත කරුණු දැක්වූ මහේෂ් බණ්ඩාර මහතා මෙසේ කීය.


මගේ මේ උත්සාහය සඳහා මගේ දයාබර බිරිඳ සුධර්මා ප‍්‍රියදර්ශනී මට විශාල ලෙස සහයක් දැක්වූවා. මම නිපදවූ මේ හෙළිකොප්ටරය අඩි දසදහසක් වුවද උඩුගුවනට නැංවිය හැකි අන්දමට සියලූ උපාංග යථා තත්ත්වයේ පවතිනවා. මේක හදන්න අවශ්‍ය සියලූ උපාංග හැදුවේ මා විසින්මයි. අවශ්‍ය යකඩ, යාන්ත‍්‍රික කොටස් සහ එන්ජිම සකස් කරගත්තේ යතුරුපැදියක කොටස් හා මෝටර්රථ අමතර කොටස් යොදාගෙනයි.


මගේ මේ නිෂ්පාදනය සඳහා නව නිපැයුම් පේටන්ට් බලපත‍්‍රය ලබා ගැනීමට මම අපේක්ෂා කරනවා. කොළඹ පේටන්ට් බලපත‍්‍ර නිකුත් කරන කාර්යාලයට මා ගිහින් එහි නිලධාරීන් හමුවී මා නිපදවූ හෙළිකොප්ටර් යානය ගැන ඔවුන් දැනුවත් කළා. එවිට එම නිලධාරීන් මගෙන් ඇහුවේ ඔබ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා ද, ඉංජිනේරු විභාගය සමත් ද? කියලයි.


මම දුක්මහන්සියෙන් දෛනිකව උපයාගත් මුදල් මේ සඳහා වැය කළා. මගේ මේ නිර්මාණය අගය කරන විදේශීය රටක හෝ ආයතනවලින් මම ඉල්ලා සිටිනවා මට උදව් කරන්න කියලා. මට හැකියාව තිබෙනවා  ඕනෑම වර්ගයේ ස්වයංක‍්‍රීය ගිනි අවියක් වුවත් නිෂ්පාදනය කරන්න. ඒත් මම නීතියට පිටින් කිසිම දෙයක් කරන්නේ නැහැ. මගේ නිෂ්පාදන සමාජයේ යහපැවැත්මට නීත්‍යානුකූල අන්දමට සකස් කිරීමයි මට අවශ්‍ය වන්නේ.


මට උදව් කිරීමට කැමති දේශීය හෝ විදේශීය ආයතනයකට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශය හෝ මට සහාය දෙනවා නම් මට සාර්ථක නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.


මට අතදෙන්න හැකිවන්නේ මාධ්‍යයට පමණයි. මං ගැන රටට ලෝකයට කියන්න ඉන්නේ මාධ්‍ය විතරයි. ඒනිසා මං වගේ දක්‍ෂතා තියෙන ශ්‍රී ලාංකිකයන්ගේ දක්‍ෂතාවය ගැන මුළු රටටත් ලෝකයටත් හෙළිකරන්න කියලා මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා.


මහනුවර තල්වත්තේ අංක 7/151 දරන ලිපිනයේ පදිංචි මහේෂ් බණ්ඩාරගේ දුරකථන අංකය 072-8413677වන අතර ඔහුගේ ඊමේල් ලිපිනය වන්නේ mahesh.prabath@gmail.com තමාගේ උත්සාහය අත් නොහරින බව ඉතා අධිෂ්ඨානශීලීව පවසන මහේෂ් මහතා තමන් නිපදවූ හෙළිකොප්ටරය ගුවන්ගත කරවීම තමන්ගේ එකම ආශාව බව කියයි. එහෙත් ඔහුගේ මෙම කාර්යයට ‘නීතිය’ හරස්විය හැකි බව අප පැවසිය යුතුය.


මෙම ධෛර්යවන්ත අධිෂ්ඨානශීලි තරුණයාට අත හිත දීමට රජයේ අවධානය යොමුවිය යුතුය.


රුපියල් කෝටි ගණනින් කර්මාන්ත ප‍්‍රදර්ශනවල ප‍්‍රචාරක කටයුතුවලට මහජන මුදල් වැය කරන ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙවැනි දක්‍ෂ නිමැවුම් කරුවෙකුට අත දීමට ඉදිරිපත්වීම ශ්‍රී ලාංකීය අභිමානය ඉහළ ඔසවා තබන මගකි.


වෙඩි නොවදින හෙළිකොප්ටරයක් නිපදවීම තමාගේ ඊළඟ අධිෂ්ඨානය බව පවසන මහේෂ් බණ්ඩාර මහතා තමන්ට අවශ්‍ය ඉංජිනේරුමය උපදෙස් සහ අත්‍යවශ්‍ය අමතර උපාංග සකසා ගැනීමට සහාය දෙන රජයේ හෝ ආරක්ෂක අංශයේ හෝ විදේශීය හෝ දේශීය හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් තමන් තමන්ගේ නව නිෂ්පාදන එළි දක්වන බව සඳහන් කළේය.


මහේෂ් බණ්ඩාර මහතා තැනූ හෙළිකොප්ටරය ක‍්‍රියාත්මක කර අප වෙත ප‍්‍රදර්ශනය කළ අවස්ථාවේ හෙළිකොප්ටර් යානයක තිබිය යුතු සෑම අත්‍යාවශ්‍ය අංගයක්ම එහි තිබෙන බව අපි සියැසින්ම දැකගත්තෙමු.


ඉරිදා ලංකාදීප පාඨකයන් වෙනුවෙන් මේ අත්විතීය දක්‍ෂතා ඇති මිනිසා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි ද සතුටට පත්වූයෙමු. ශ්‍රී ලාංකීය අභිමානය ඉහළට ඔසවා තබා ජාත්‍යන්තරය තුළින් ශ්‍රී ලාංකිකයන්ට කරන්න බැරි දෙයක් නැතැයි හෙළිදරව් කිරීම තමන්ගේ එකම අභිප‍්‍රාය වූ නිසාම තමන් මෙම හෙළිකොප්ටරය තැනූ බව මහේෂ් බණ්ඩාර මහතා පැවසුවේ නිහතමානී ලෙසය. 

උපුටා ගැනීම
ලංකාදීප
ජේ.ඵ්.ඵල් ජයසිංහ 

0 comments:

මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන්

2:13:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 ජුනි 19
නිරීක්ෂිත ස්ථානය - මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල
මෙම සිදුවීම පසුගිය 19 වැනි දින මෙක්සිකෝවේ පොපොකැටෙපේල් ගිනිකන්ද අසල  සිදුවිය.ගිනිකන්ද දෙසට යෙමුකර තිබූ සජීවී කැමර තුල මෙම හදුනා නොගත් පියාසර වස්තූන් සටහන් වුනු අතර මෙම වස්තූන් තුල ඇති අසාමාන්‍ය චලිත රටාවන් පහත විඩියෝව මගින් දැකගත හැකිය.මෙක්සිකෝවේ ඇති මෙම පොපොකැටෙපේල් නම් ගිනිකන්ද ඵරට ඇති දෙවන උසම කන්ද වේ.උස මීටර් 5426ක් වන අතර පොපොකැටෙපේල් යන නාමයෙහි අර්ථය යනු දුම් නඟින කන්ද යන්නයි.මෙය මෙක්සිකෝව තුල සක්‍රීය ගිනි කන්දක් වේ.
ඵම විඩියෝව

0 comments:

ජර්මනිය තුලින් වගාකවයන්

7:53:00 AM max 0 Comments

සොයාගත් දිනය - 2016 ජුනි 12
සොයාගත් ස්ථානය - බර්ලින්, ජර්මනිය
පසුගියදා මෙම මස 6 වැනි දින වාර්තාවු වගාකව සොයාගැනීමක් පිළිබදව තොරතුරු හෙළිකලා ඔබට මතක ඇති.මේ තවත් ඵවන් සිදුවීමකි.මෙය සිදුවී ඇත්තේ මෙම මස 12 වැනි දිනයි.තවත් අපූරු රටවක් පෙන්වුම් කරන මේ වගාකවය පුෂ්පයක හෝ ප්‍රශ්නාර්ථ ලකුණක හැඩයක් පෙන්වුම් කරයි.ඵරට ගොවින් විසින් මෙම වගාකවය ඔවුන්ගේ වගා භූමියෙන් මතුවූ බවට වාර්තා කර ඇති අතර මෙම වගාකව පිළිබදව ආදිතම සදහන් වසර 1500 දක්වා දිවයයි.17 වන සියවයේ ඉංග්‍රීසින් විසින් සැකසු ලී කැටයම් තුල මෙම අභිරහස් වගාකවයන්  යක්ශයා විසින් නිර්මාණය කරන ආකාරයක් නිරූපණය වේ. මෙම වගාකවයන් ඔවුන් mowing devil ලෙසද හදුන්වලා තියනවා.

mowing devil  පිළිබදව වැඩිදුර දැනගැනීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
මෙතන ක්ලික් කරන්න 
 
 
මෙම වගාකවය පිළිබදව සකසා ඇති විඩියෝව 

0 comments:

සූර්යා අසල හදුනා නොගත් පියාසර වස්තූන් රැසක්

10:42:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මැයි 29
නිරීක්ෂිත ස්ථානය - සූර්යා අසල
මෙවර සූර්යගෝලීය නිරික්ශණ SOHO යානාව විසින් මැයි 29 වැනි දින ඵවූ ජායාරූප තුල මින් පෙර නොදැකපු ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් විශාල ප්‍රමාණයක් සටහන්ව තිබෙන ආකාරයක් පිළිබදව වාර්තා වෙනවා.විශේෂයෙන්ම මෙම වස්තුන් සමූහ ලෙස ඵක්ව ගමන් කරන ආකාරයක් SOHO යානාව විසින් ඵවූ මෙම ජායාරූපය තුලින් දැකගත හැකිය.ගමන් කරන වස්තූන් පෘථිවියෙන් පිටවී යන ආකාරයක් දිස්වන අතර SOHO යානාවේ කැමර ඇසට හසුවූ මෙම ප්‍රදේශයෙන් පිටතද විශාල ප්‍රමාණයක් මෙකී වස්තූන් ගෙන් පිරී පවතින්න ඇතැයි උපකල්පණය කල හැකිය.

Streetcap1 යූටියුබ් චනලය විසින් සැකසූ විඩියෝව

0 comments:

විල්ට්ෂයර් තුලින් මතුවූ වගාකවය

9:41:00 PM max 0 Comments

සොයාගත් දිනය - 2016 ජුනි 6
සොයාගත් ස්ථානය - කාසල් හිල්, විල්ට්ෂයර්, එක්සත් රාජධානිය
බොහෝ කාලෙකට පස්සේ  වගාකව පිළිබදව තොරතුරු ටිකක් හොයාගන්න ලැබුණ.මෙතෙක් කල් මේ අභිරහස් විදියට හැදෙන වගාකව සහ ඵ්වායේ හැඩයේ තේරුම තවමත් අභිරහසක්ව ලොව තුල පවතිනව.මෑතකදි මතුවූ මෙම වගාකවය විල්ට්ෂයර් ප්‍රදේශය තුලින් මෙම මස 6 වැනි දින සොයාගත් බවට වාර්තා වෙනවා.

 
 
 
 
 
 

 
මෙම වගාකවය පිළිබදව සකසා ඇති විඩියෝව.  

0 comments:

ඵක්සෝ මාර්ස් අඟහරුහි මුල්ම ජායාරූපය ලබාගනී

9:46:00 AM max 0 Comments

තවමත් අඟහරු ග්‍රහයා වෙත ගමන් කරමින් සිටින යුරෝපීය අභ්‍යාවකාශ ඵ්ජන්සියේ ඵක්සෝ මාර්ස් මෙහෙයුම තුලින් යැවූ Trace Gas Orbiter යානව මගින් අඟහරු ග්‍රහයාහි මුල්ම ජායාරූපය ලබාගත් බවට යුරෝපීය අභ්‍යාවකාශ ඵ්ජන්සි වාර්තා තුල සදහන් වේ.මෙම මෙහෙයුම යුරෝපීය අභ්‍යාවකාශ ඵ්ජන්සියේ ඵක්සෝ මාර්ස් හා Roscosmos ආයතනය සමග සම්බන්ධ වී ඔවුන් සිදුකරන අතර මාර්තු 14 වැනි දින Trace Gas Orbiter දියත් කිරීමත් සමග මේ වන විට අඟහරු වෙත යන ගමනේ බාගයක් පමණ දුරක් ඵක්සෝ මාර්ස් Trace Gas Orbiter යානාව ගොස් ඇත.ඔක්තෝම්බර් 19 වැනි දින Trace Gas Orbiter යානාව අඟහරුහි කක්ශය තුලට ඇතුලු වන අතර ඉන් පසුව Trace Gas Orbiter යානාව විසින් ගෙන ගිය ලෑන්ඩරය අඟහරු පොළොව මත පතිත කිරීම සිදුකරයි.

0 comments:

Planet X පිළිබදව නව හෙළිකිරිමක්

8:35:00 AM max 0 Comments

පටිගත කල දිනය - 2016 මැයි 11
ලබාගත් මූලාශ්‍රය - Jacob Israel යූටියුබ් චැලනය තුලින්
පසුගිය කාල වකවාණුව තුල වැඩි වශයෙන් කතාබහට ලක්වූ Planet X නැත්තනම් නිබිරු නමින් හදුන්වන ග්‍රහයා අප ග්‍රහපද්දතිය තුල සැගවී සිටිය හැකි බවට බොහෝ කරුණු කාරණා හෙළිවුණා.මෙම ග්‍රහයා පිළිබදව මේ වන විට හෙළිවන තොරතුරු අණුව Slooh සංවිධානයේ තාරකා විද්‍යාඥ Paul Cox විසින් Planet X පිළිබදව කරුණු හෙළිකිරිමක් සිදුකර ඇත.Slooh යනු නාසා ආයතනය හා  සමීප සම්බන්ධතා ඇති සංවිධානයකි.කෙසේ නමුත් මෙම හෙළි කිරිම නම් Paul Cox විසින් නිබිරු යනු දෙවන හිරු ලෙස ප්‍රකාශ කරලා තියනවා.නමුත් මේ දෙවන හිරු පිළිබදව නාසා ආයතනය තවමත් පැහැදිලි ප්‍රකාශයන් සිදුකරලා නැතත් පසුගිය 13 වැනි දින දොරමඩලාවේ මාත්‍රකාව වුයේ විශ්වයේ රහස් පිළිබදවයි.මාද ඵය නැරබූ අතර අප රටට කීර්තියක් ගෙනදුන් ආචාර්ය සරත් ගුණපාල මහතාද ඵම සංවාදයට සහබාගීවුනා.ඵහිදි ඵතුමාද මෙම Planet X  පිළිබදව කරුණු පැහැදිලි කළ අතර අප අවසන් ග්‍රහයාගෙන් පසුව විශ්වයේ දැඩි ස්කන්ධයක් සහිත ග්‍රහයෙකු සිටින බවට තොරතුරු අනාවරණය කලා.බොහෝ විට ඵම කරුණු හා බලන විට  තාරකා විද්‍යාඥ Paul Cox ගේ ප්‍රකාශය පිළිගත හැකි
මට්ටමක පවතින බවට සිතිය හැකිය.
දෙරමඩලාවේ විකාශය වු විශ්වයේ රහස් සංවාදය නැරබීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
මෙතන ක්ලික් කරන්න 

0 comments:

කාලා භාන්ඩ මධ්‍යස්ථානයක් තුල සිටි අත්භූත ජීවියා

7:08:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මැයි මස
නිරීක්ෂිත ස්ථානය - නොටින්හැම්, එංගලන්තය
මෙම සිදුවීම පසුගිය මැයි මස නොටින්හැම් ප්‍රදේශයේ පිහිටා ඇති The Hopkinson Vintage නම් පෞරාණික වස්තු හා කාලා භාන්ඩ මධ්‍යස්ථානය තුල සිදුවිය.මෙම සිදුවීම පිළිබදව WCMH නැමති නාලිකාව විසින් වාර්තා කර තිබේ.මෙම මධ්‍යස්ථානයේ ඇදුම් ගබඩාවක් තුල ඵක් රාත්‍රියක ආරක්ශක කැමර තුල සටහන්වු මිනිස් හැඩයක් ගන්න චලනය ඵම සිදුවීමයි.The Hopkinson Vintage මධ්‍යස්ථානයේ අතීතය ගෙන බැලුවොත් ඵය ඉදිකරල තියෙන්නේ 1880 වසර තුලය.


The Hopkinson Vintage මධ්‍යස්ථානය පිළිබදව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත ලින්ක් ඵක ක්ලික් කරන්න
මෙතන ක්ලික් කරන්න

ඵම විඩියෝව පහත ලින්ක් ඵක මගින් නැරබිය හැකිය.

0 comments:

මෙක්සිකෝවේ දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන් සමූහය

9:34:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අප්‍රේල් 18
නිරීක්ෂිත ස්ථානය - Tijuana, මෙක්සිකෝ
මෙම හදුනා නොගත් පියාසර වස්තූන් දර්ශණය වීම අප්‍රේල් මස 18 වැනි දින මෙක්සිකෝහි Tijuana මුහුදු තීරයෙන් වාර්තාවේ.මෙම දර්ශණයවු හදුනා නොගත් පියාසර වස්තූන් සමූහලෙස පැවති අතර විවිධාකරයේ හැඩතල දිස්වන ආකාරයක් දැකිය හැකිය.බලාසිටිනෙකුට යම්කිසි පනිවුඩයක් ලබාදෙන ආකාරයෙන් මෙම වස්තූන් විසින් ඵහි හැඩය වෙනස් කරමින් පෙනී සිටින ආකාරයක් දැකගත හැක.මෙම විඩියෝගත කිරීම corrido සංගීත ශිල්පියෙකු වන Charly STPX නම් පුත්ගලයා විසින් සිදුකර ඇත.
ඵම විඩියෝව

0 comments:

Chaparrastique ගිණි කන්දට පැමිනි හදුනා නොගත් පියාසර වස්තූන්

8:27:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2013
නිරීක්ෂිත ස්ථානය - Chaparrastique ගිණි කන්ද, එල් සැල්වදෝරය
මෙම විඩියෝ පටයට වසර තුනක් ගතවූ පසුව මෙම වසරේ හෙළිකර ඇත.මෙම විඩියෝගත කිරිම එල් සැල්වදෝරයහි (MARN) - Ministerio de Medio Ambiente y Recursos Naturales "පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය" විසින් සිදුකර ඇති බවට වාර්ථා වේ.එල් සැල්වදෝරය හි රජය මෙම සිදුවීම පිළිබදව දැනසිටි බවත්ද වාර්තාවේ.නමුත් නොදන්නා හේතුවක් තුලින් මෙම සිදුවීම පිළිබදව මැයි මස 27 වැනි දින මහජනයා හට දැනගැනීමට ප්‍රසිද්ධියට පත්කරලා තියනවා.මෙම විඩියෝව තුලින් දැකගන්න පුලුවන් Chaparrastique ගිණි කන්ද පුපුරා ගිය පසු ගිණි කන්ද අසල තිබුණු හදුනා නොගත් පියාසර වස්තුවක්.

ඵම විඩියෝව නැරබීම සදහා පහත ලින්ක් ඵක වෙත පිවිසෙන්න
මෙතන ක්ලික් කරන්න

0 comments:

හිරු අසල රැදි අත්භූත වස්තුව නැවතත් දිස්වේ

5:50:00 PM max 0 Comments

 
මෙතෙක් වාර්තාවූ දත්ත අනුව 2011/06/13 දින සිට සූර්ය ගෝලීය නිරීක්ශණ යානාව විසින් ලබාගත් ජායාරූපයන් තුල හදුනා නොගත් සමචතුරස්‍රාකාර හැඩයක් ගත් වස්තුවක් නිරීක්ෂණය කිරීමට හැකිවූ අතර.ඵය නැවතත් 2016/05/28 වැනි දින සූර්ය ගෝලීය නිරීක්ශණ යානාව විසින් ඵවු ජායාරූපයන් තුල සටහන්ව ඇත.මින් පෙර දිස්වූ මෙම වස්තුවේ ජායාරූපයන් නිරීක්ශණය සිදුකිරිමේදි මෙය පැතලි සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නා වස්තුවක් නොවන බවට වටහාගත හැකිය.තවමත් නාසා ආයතනය මෙය කුමක් දැයි හෙළිකර නොමැත.
 
මින් පෙර දිස්වූ අවස්ථා පිළිබදව දැකගැනීමට පහත ලින්ක් ඵක ක්ලික් කරන්න.
මෙතන ක්ලික් කරන්න 

0 comments:

පිටසක්වලයින් හැඩරුව කෙසේ වේද

3:49:00 PM max 0 Comments

පිටසක්වලයින් යන වචනය ඇසෙන විටම අපට මතක්වෙන්නේ ඉහත රූපවල දකින්නට ලැබෙන විශාල හිසක්, විශාල ඇස්, අළු පාට ගොරහැඩි සමක් හා කෙට්ටු සිරුරක්, කුඩා මුඛයක් ඇති ජීවියෙක්. එහෙත් පිටසක්වලයින්, විශේෂයෙන් බුද්ධිමත් පිටසක්වලයින් සැබැවින්ම කිනම් ස්වරූපයක් ගනීද?
සමහර විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට, පෘථිවිය හා සමාන ලක්ශණ ඇති, ජලය අත්‍යාවශ්‍ය, සංකීර්ණ කාබණික අනුදාම මගින් ජීවය ඇතිවූ ග්‍රහලෝකයක හටගන්නා දියුණු බුද්ධිමත් ජීවීන් බොහෝවිට මානව-රූපී (humanoid form) එනම් දෑතක්, දෙපයක්, එක් හිසක්, හිසෙහි ඉදිරිපස ඇස් යුගලක් ඇති, දෙපයින් ඇවිදින (bi-pedal) , තාක්ශණය නිර්මාණය සඳහා සුනම්‍ය ලෙස හැසිරවිය හැකි අත්හා  දෑතේ ඇඟිලි වැනි අනුබද්ධ උපාංග සහිතඇති මොළය වැනි ඉතා දියුණු අවයවයක් භාවිතාකරන මානව-රූපී ස්වරූපයේ ජීවීන් වනු ඇති බවයි.

එම විද්‍යාඥයින් මේ අනාවැකිය කරන්නේ පෘථිවියේ අතිශයන්ම සාර්ථකවී ඇති මානවරූපී ස්වරූපය, වෙනත් ග්‍රහලොවක වුවද ජිවීන් පරිණාමය වීමේදී, එම ස්වභාවයේ ඇති වාසි නිසා බිහිවිය හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ වෙනත් ග්‍රහලොවක ඇතිවිය හැකි දියුණු, බුද්ධිමත් ජීවීන් මානවයින් බව නොවේ, ඔවුන් සමහර විට උරගයින්ගෙන් පරිණාමයවූ හෝ කෘමීන්ගෙන් පරිණාමය වූ දියුණු ජීවින් වන්නට පුලුවන. එහෙත් ඔවුන්ගේ ස්වරූපය මානවරූපී වීමට විශාල සම්භාවිතාවයක් ඇතිබව මේ විද්‍යාඥයින් පවසනවා.

 
මෑතකදී පිටසක්වල ජීවීන්ගේ පරිණාමය සිදුවිය හැකි ආකාරය පිලිබඳව "The Runes of Evolution" නම්වූ පොතක් පලකල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සයිමන් කොන්වේ-මොරිස් පවසන ආකාරයට, "convergent evolution" හෙවත් අභිසාරී පරිණාමය පෘථිවිය හා සමාන ඕනෑම ග්‍රහලෝකයක ඇතිවන ජීවය පෘථිවිය මත ජීවියට සමානවීමේ ඉඩකඩ ඇතිකරනවා. පෘථිවියේ වුවද, එකම ආකාරයේ පරිසරවල, සමාන ජීවන අරගල, තර්ජන හා රටාවලට මුහුණදීම සඳහා එකිනෙකට සම්පූරණයෙන්ම වෙනස් ජීවීන් ඉතා සමාන උපක්‍රම යොදා ගන්නවා.
ඒ අනුව, ආලෝක වර්ෂ ගණනාවක් ඈත තාරකාවක් වටා භමණයවන පෘථිවිය හා සමානව ද්‍රව ජලය, ඔක්සිජන්, නයිට්‍රජන් ඇති වායුගෝලයක් ග්‍රහලෝකයක් මත, දියුණු ජීවීන් ඇතිවන්නේ නම්, ඔවුන් මානවරූපී වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

Defiance රූපවාහිණී කතාමාලාව
2013 වසරේදී අමෙරිකාවේ SyFy Channel විද්‍යා ප්‍රබන්ධ චැනලය මගින් නිර්මාණය කොට විකාශණය කරන ලද ඩිෆයන්ස් රූපවාහිණී කතාමාලාව පෘථිවියට පැමිණෙන වොල්ටාන් නම් පිටසක්වල ජිවීන් සමූහයක් වටා ගෙතුනු විද්‍යා ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකික රූපවාහිණී ප්‍රේක්ශකයින්ට අත්විඳීමට අවස්ථාවක් නොලැබුණු මෙම අද්විතීය විද්‍යා ප්‍රබන්ධ කතාමාලාව 2015 අගෝස්තු වනතෙක් Season තුනක් දිවගිය, කථාංග 34ක් අඩංගු වෘතාන්තයකි.

 
ඩිෆයන්ස් විද්‍යා ප්‍රබන්ධ වෘතාන්තයේ කතාවස්තුව
කතාව ආරම්භවන්නේ වර්තමාන කාලයේය. ශීතනය මගින් කෘත්‍රිම නින්දකට පත්කරන ලද පිටසක්වලයින් ලක්ශ ගණනක් රැගත් ආර්ක් ලෙස හැඳින්වෙන අති විශාල පිටසක්වල යානා ගණනාවක් පෘථිවි කක්ශයට ඇතුලුවේ. වෝටන්ස් ලෙස පොදුවේ තමන්ව හඳුන්වාගන්නා මේ පිටසක්වලයින් සැබැවින්ම එකිනෙකට වෙනස් ගෝත්‍ර කිහිපයකින් සැදුම් ලද්දේය. වෝටන් ලෙස ඔවුන් හඳුන්වන ද්විත්ව සූර්ය (binary star-system) ග්‍රහතාරකා මණ්ඩළයක් වටා භ්‍රමණය වූ සෞරග්‍රහමණ්ඩලයක ග්‍රහලෝක කිහිපයක වෙන වෙනම බිහිව පරිනාමය වූ මෙම බුද්ධිමත් මානවරූපී ජීවීන් සියලුදෙනාම පාහේ ආලෝක වර්ශ ගණනාවක් දුර අභ්‍යවකාශ තරණය කළහැකි තරමට තාක්ශණය දියුණු කරගෙන සිටී.

 
මීට වසර 5000කට පෙර මෙම ග්‍රහමණ්ඩලවල සිටි විද්‍යාඥයින් නුදුරු අනාගතයේදීම තවත් තාරකාවක් හා ගැටීම නිසා සිය සෞරග්‍රහමණ්ඩලය විනාශවන බව සොයාගත් අතර ග්‍රහලෝක සියල්ලේම දියුණු ජීවීන් එක්ව ආර්ක් ලෙස හැඳින්වෙන දැවැන්ත අභ්‍යවකාශ යානා නිර්මාණය කොට සිය ග්‍රහලෝකවල ජනයා එම යානාවල ශීතනය කළ නින්දකට (cryogenic sleep) පත්කර ගබඩා කරයි. තමන්ගේ ජනයාට ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක් සොයා බැලූ ඔවුන්ගේ අති-සංවේදී දුරේක්ෂ වලට ආලෝක වර්ෂ 60 ඈතින් ඇති පෘථිවිය දිස්වේ.
සිය අධිතාක්ශණික උපකරණ මගින් පෘථිවිය නිරීක්ශණය කල ඔවුන්ට පෘථිවියෙන් කිසිදු ආකාරයක රේඩියෝ තරංගයක් හෝ වෙනත් තාක්ශණික දියුණුවක සේයාවක් හසු නොවන නිසා පෘථිවිය දියුණු ජීවීන් නොමැති ග්‍රහලෝකයක් ලෙස තීරණය කොට සිය වර්ගයා රැගත් යානා පෘථිවිය වෙත එවීමට තීරණය කරයි. වසර 5000ක දිර්ඝ ගමණකින් පසු 2013දී පෘථිවියට පැමිණි වෝටන් ජීවීන්ගේ නායකයින් පෘථිවියේ දියුණු මානවරූපී ශිෂ්ඨාචාරයක් ඇතිවී ඇති බව වටහා ගෙන පෘථිවියේ නායකයින් සමග සිය වැසියන්ට පෘථිවියේ ජීවත්වීමට අවස්ථාව සළසාදෙන ලෙස ඉල්ලීමක් කරයි.

2023 වනතෙක් සාමකාමීව පෘථිවියේ විවිධ ස්ථානවල පිටසක්වල වෝටන් ජීවී ගෝත්‍රවලට කොළණි ඇති කෙරෙන අතර තවත් දස දහස් ගණනක් පෘථිවි කක්ශයේ ඇති යානාවල ශීතන නින්දේ සිටී.

2023දී සාකච්ඡා සඳහා පැමිණි වෝටන් නියෝජිතයෙකු, පිටසක්වලයින්ට පෘථිවියේ නවාතැන් දෙනවාට විරුද්ධ කණ්ඩායම් වල අන්තවාදියෙකු විසින් ඝාතනය කරන ලද අතර වෝටන් ගෝත්‍ර හා මිනිසුන් අතර අවිගැටුම් ඇරඹේ. මෙම අවිගැටුම් "Pale Wars" ලෙස හැඳින්වෙන අතර 2030දී සිදුවන දරුණු ගුවන් ප්‍රහාරයකින් පෘථිවි කක්ශයේ ඇති වෝටන් වරුන්ගේ දැවැන්ත ආර්ක් යානා සියල්ලම විනාශවී පෘථිවියට කඩාවැටේ. මෙම දැවැන්ත යානා කඩාවැටීම නිසා පෘථිවියේ බොහෝ නගර විනාශවන අතර සමහර නගර න්‍යශ්ඨික විකිරණවලින් නැහැවීම නිසා අතහැර දැමේ.

එමන්ම වෝටන් වරුන්ගේ සමහර යානාවල, ග්‍රහලෝකයක ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්කල හැකි දැවැන්ත "terra-forming" යන්ත්‍ර තිබී ඇති අතර පෘථිවිය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගැනීම සඳහා ඔවුන් මේවා රැගෙන විත් ඇත. යානා කඩා වැටීමේදී මෙම දැවැන්ත ටෙරාෆෝමින් යන්ත්‍රද පෘථිවියට වැටෙන අතර ඒවායින් සමහරක් ක්‍රියාත්මක වීමෙන් පෘථිවිය සහමුලින්ම වෙනස්වෙයි. ගස්වැල්, කාළගුණය පමණක් සතාසීපාවා පවා අභාවයට යන අතර සමහර සතුන් නොසිතූ විරූලෙස මෙම ටෙරාෆෝමින් යන්ත්‍රවල ක්‍රියාවලියෙන් වේගයෙන් පරිණාමයවී විකෘතිවේ.

2043 වනතෙක්ම වෝටන් හා මිනිස් යුද්ධය සිදුවන අතර දෙපාර්ශවයෙන්ම මිලියන ගණනින් මිය යන අතර ටෙරාෆෝමින් අණතුර නිසා පෘථිවියද සහමුලින්ම වෙනස්ව ගොස් ඇත. ඒ අනුව අවි ගැටුම් නවතා සාමකාමීව පෘථිවියේ ජීවත්වීමට වෝටන් ගෝත්‍ර හා මිනිසුන් එකඟවේ.

ඩිෆයන්ස් ලෙසින් හැඳින්වෙන්නේ, වෝල්ටන් සම්ප්‍රාප්තියට පෙර අමෙරිකාවේ සෙන්ට් ලුවී නගරයයි. මෙම නගරය දැන් ඩිෆයන්ස් ලෙස හැඳින්වෙන අතර මෙම නගරයේ මිනිසුන් හා බොහෝ වෝල්ටන් ගෝත්‍ර සාමකාමීව ජීවත්වීමට මෙන්ම පිටින් නගරයට එන තර්ජන වලදී එකතුව සටන් කිරීමටත් පටන් ගනී.

ඩිෆයන්ස් විද්‍යා ප්‍රබන්ධයේ මානවරූපී පිටසක්වලයින් හඳුනාගනිමු
 
මෙම කතාවේ කතානායකයා වන්නේ ජොෂුවා නෝලන් නම් හිටපු විශේෂ බළකා සෙබලෙකි. ඔහු පිටසක්වලයින්ට විරුද්ධව සටන් වැදුනෙකු වන අතර ඉරැතියන්ට් නම් සටන්කාමී පිටසක්වල ගෝත්‍රය හා සිදුවූ සටනකදී ඔවුන් සමූළඝාතනය කිරීමට නෝලන් ඇතුලු පිරිස සමත්වේ. පසුව ඉරැතියන්ට් ජීවීන්ගේ කඳවුර පිරික්සන නෝලන්ට කුඩා ඉරැතියන්ට් බිළිඳියක් හමුවේ. තමන් ඇයගේ දෙමව්පියන් මරාදැමීමට දායකවූ නිසා දැඩි සංවේගයට පත්වන නෝලන්, සෙබළ ජීවිතයෙන් ඉවත්ව ඉරැතියන්ට් බිළිඳිය සිය දියණිය මෙන් හදාගනී. කථාව ආරම්භවනවිට ඉරිසා නම්වූ මානවරූපී ඇය රතට හුරු දුඹුරුපාටපැහැ හිසකෙස් වලින් යුතු සටන්කාමී යුවතියක් බවට පත්වී ඇත. ඇය නෝලන්ට සිය පියාට මෙන් සලකයි.

Irathients - ඉරැතියන්ට්වරුන්  

 
වෝටන් සෞරග්‍රහමණ්ඩළයේ ඉරැත් නම් ග්‍රහලෝකයේ බිහිවූ ඉරැතියන්ට්වරුන් ශක්තිමත් සටන්කාමී ගෝත්‍රයකි. වෝටන් ගෝත්‍රවලින් වඩාත්ම මානවරූපී වන ඉරැතියන්වරුන් ඉතා බුද්ධිමත් වන අතර ඕනෑම තාක්ශණයක් ඉගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ස්වභාවධර්මයට ඇළුම්කරන ඉරැතියන්ට්වරුන් නොදියුණු ජීවීන් ලෙස අනෙකුත් වෝටන් ගෝත්‍ර අතර ගැරහීමට පාත්‍රවේ.

Castithans - කැස්ටිතන්වරුන්

 
වෝටන් සෞරග්‍රහමණ්ඩළයේ ඩාරිබෝ නම් ග්‍රහලෝකයේ බිහිවූ කැස්ටිතන්වරුන් දැඩි ලෙස කුළවාදය අනුගමනය කරන ධනවතුන් රදළයින් ලෙසත්, දුගීන් ජීවිතාන්තය තෙක් රදළයින්ට බැලැමෙහෙවර කරන වහලුන්වන සමාජ ආකෘතියක් ඇති ගෝත්‍රයකි. කැස්ටිතන්වරයෙකු උපත සිදුවන පවුල ඔහුගේ/ඇයගේ අනාගතය තීරණය කරන අතර ඉන් මිදීමට කිසිවෙකුට නොහැකිය. තීක්ෂ්ණ ඥාණයකින් සපිරි කැස්ටිතන්වරුන් ශූර ව්‍යාපාරිකයින් වන අතර සිය අරමුණු ඉටුකර ගැනීමට ඕනෑම උපක්‍රමයක් යොදාගැනීමට පසුබට නොවෙති. අතිශයින්ම සාම්ප්‍රදායික සමාජක්‍රමයක් අනුගමනය කරති. ඉතා සුදුපැහැති සමකින් හා සුදුපැහැ හිසකෙස් වලින් යුතු කැස්ටිතියන්වරු මානවයින් නොවුවද උතුරු යුරෝපීය නෝර්ඩික් මිනිසුන්ගේ ස්වභාවයක් පෙන්වයි.

Indogenes - ඉන්ඩොජීන්වරුන්

 
කෘත්‍රිම පෙනුමක් ඇති ඉන්ඩොජීන්වරුන්, වෝටන් ගෝත්‍ර අතරින් අතිශයින්ම විද්‍යා හා තාක්ශණයෙන් දියුනු ගෝත්‍රයයි. විද්‍යාව හා තාක්ශණය ආගමක් ලෙස අදහන ඔවුන් වසර දසදහස් ගණනක ඇවෑමෙන් සිය සිරුරු විවිධ තාක්ශණික උපාංග මගින් වැඩිදියුණු කරගෙන සිටී. සෑම ඉන්ඩොජීන්වරයෙකුම යම් වෘත්තියක් වෙනුවෙන් කැපවන අතර, එම වෘත්තියේ නියැලීමට අවශ්‍ය ලෙස සිය සිරුරට තාක්ශණික උපාංග ඇතුලු කරගනී. ඉන්ඩොජීන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන්නේ කැස්ටිතන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන ඩාරිබෝ ග්‍රහලෝකයයි. වෝටන් ගෝත්‍ර භාවිතා කරන බොහෝ තාක්ශණයන් නිර්මාණය කරන ලද්දේ ඉන්ඩොජීන්වරුන් විසිනි.

Omec - ඔමෙක්වරුන්

 
දම්පැහැ සමකින් හා සුදුපැහැ හිසකෙස්වලින් යුතු ඔමෙක්වරු, වෝටන් සෞරග්‍රමණ්ඩළයේ ඔමෙක් ග්‍රහලෝකයේ බිහිවූ මානවරූපී බුද්ධිමත් ජීවී ගෝත්‍රයකි. වෝටන් සෞරග්‍රහමණ්ඩලයේ අන් සියලුම ගෝත්‍රවලට පෙර තාක්ශණය දියුණුකරගත් ඔමෙක්වරුන් සිරිතක් ලෙස අනෙක් ග්‍රහලෝක ආක්‍රමණය කොට ඒවායේ වැසියන් වහලුන් ලෙස තම ග්‍රහලොවට ගෙනයන නිසා සියලු වෝටන් ගෝත්‍ර එකලෙස ඔමෙක්වරුන්ව පිලිකෙව් කරයි. ඔමෙක්වරුන් පිසාචයින් හා යක්ශයින් ලෙස අනෙකුත් වෝටන් ගෝත්‍ර සළකන අතර ඔමෙක්වරුන්ගේ යානාවලින් එකක් හැරෙන්නට අන් සියල්ලම විනාශවූ නිසා පෘථිවියේ ඔමෙක්වරුන් සිටින්නේ ඉතා ස්වල්පයකි.     
උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ 

0 comments: