මෑතකදී සොයාගත් ත්‍රිත්ව තාරකා මණ්ඩලය

9:11:00 AM max 0 Comments

විශ්වය කියන්නේ හරි අපූරු අභිරහස් වලින් පිරුණු තැනක්. දිනෙන් දින මේ අනන්ත විශ්වයේ ඇති මෙතෙක් හෙළි නොවුන තොරතුරු හෙළි වෙනවා.අද මම කියන්න හිතුවා මෑතකදි හොයාගත්ත තවත් අපූරු තරු පද්ධතියක් පිළිබදව.මේ තරු පද්ධතිය නම් කරල තියෙන්නේ  " HD 131399 " ලෙසට.ඉතින් මේ තරු පද්ධතිය පිහිටලා තියෙන්නේ අපේ පෘථිවියේ ඉදලා ආලෝක වර්ෂ 320 ඈතින්.ඉතින් අපිට ආලෝකේ වේගයන් ගමන් කරන යානා තිබුණත් මේ  තරු පද්ධතියට යන්න අවුරුදු 320 ගත වෙනවා.අපි මුලින්ම මේ තරු පද්ධතියේ තියෙන HD 131399Ab කියන ග්‍රහලෝකය පිළිබදව බලමු.

HD 131399Ab කියන ග්‍රහලෝකය කක්ෂ ගත වෙලා තියෙන්නෙ HD 131399A කියන දීප්තිමත් තාරකාවක් සමග.ඒ වගේම මේ ග්‍රහලෝකයට හා තාරකාව සමග තවත් තාරකා දෙකක් ද පිහිටලා තියනවා.මේ පිහිටල තියන තාරකා දෙකේ හරි අපූරු ගමන් ආකාරයක් තමා තියෙන්නේ.ඒ කිවේ මේ තාරකා දෙක ඔවුන් දෙදෙනාම වටේ භ්‍රමණය වෙමින් මුල් කී ග්‍රහලොව හා තාරකාව වටා ගමන් කරනවා.ඉතින් මේ කීව අලුතෙන් හොයාගත්ත HD 131399 තරු පද්ධතියේ ගමන් මග ඔයාලට බලාගන්න ලිපිය අවසානයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දලා ඇති. අන්න ඵක නැරබුවම වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන්.


HD 131399 ත්‍රිත්ව තරු පද්ධතිය පිළිබදව හොයා ගත්තේ (ESO) European Southern Observatory ආයතනය විසින්.ඔවුන් මෙම මස 7 වෙනි දින තමා නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මෙම සොයාගැනීම පිළිබදව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ.මේ ත්‍රිත්ව තාරකා පද්ධතියේ තියෙන HD 131399Ab නම් ග්‍රහලොවෙහි වයස අවුරුදු මිලියන 16 පමණ වන බවට (ESO) වාර්තා තුල සදහන් වෙනවා.ග්‍රහලොව පිළිබදව සිදුකල නිරීක්ෂණයන් තුලින් ඵහි උෂ්ණත්වය සෙල්සියස් 580 පමණ වෙනවා.ඒ වගේම ග්‍රහලොවේ ස්කන්ධය අපේ ග්‍රහ පද්ධතියේ ඉන්න බ්‍රහස්පති මෙන් හතර ගුණයක් වෙනවා.


මේ ත්‍රිත්ව තරු පද්ධතිය තුල ඉන්න HD 131399Ab ග්‍රහයා හා එයට අදාල වන මවු තාරකාව අතර දුර 82 AU වෙනවා ( 1 AU එකක් කියන්නේ අපේ පෘථිවියේ සිට සූර්යාට ඇති දුර ) ඉතින් එතකොට හිතා ගන්න පුලුවන් නේ HD 131399Ab ග්‍රහලොව හා එහි මවු තාරකාව වන HD 131399A අතර තියන දුර.මේ HD 131399A තාරකාව අපේ සූර්යාටත් වඩා විශාලයි ඒ වගේම එහි අධික දීප්තියක් තියනවා.නමුත් මේ ග්‍රහයා හා අතර ඇති දුර නිසා වඩා වැඩි ආලෝකයක් මේ ග්‍රහලොවට ලැබෙන්නේ නෑ.ඒ වගේම මේ ග්‍රහලෝකෙට ඉන්න අනිත් තාරකා දෙකෙන්ද ලැබෙන්නේ අඩු ආලෝකයක්.ඒ තාරකා දෙක හා ග්‍රහලොව අතර දුර 400 AU වෙනවා.උදාහරණයක් ලෙස ගත්තොත් මේ තාරකා වලින් ලැබෙන ආලෝකය අපේ පෘථිවියට පූර්ණ චන්ද්‍රයා පායා ඇති අවස්ථාවක ලැබෙන ආලෝකය හා සමානයි.


මේ ත්‍රිත්ව තාරකා පද්ධතියේ ගමන් මග පිළිබදව දැනගැනීම සදහා පහත වීඩියෝව නරබන්න. HD 131399Ab ග්‍රහලොව යන්තමින් පියවි ඇසින් දැකිය හැකිය.නමුත් දුරදක්නයක් මගින් එය පැහැදිලි සේ දැකගත හැකිය.මෙම තාරකා සිතියම මගින් තාරකා පද්ධතිය පිහිටා ඇති ස්ථානය හදුනා ගත හැකිය.
 
ඉතිනේ මේ තියෙන්නේ සූර්යන් තිදෙනෙකුගෙන් ආලෝකය ලැබෙන හිරු උදාවන් තුනක් හා හිරු බැසයෑම් තුනක් ඇති තවත් එක් අප විශ්වයේ සිටන සුන්දර ග්‍රහයෙකු වේ.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya