රුසියාවට කඩා වැටුනු හදුනා නොගත් පියාසර වස්තුව
හදුනා නොගත් පියාසර වස්තූන් කඩා වැටීම පිළිබදව නොයෙක් ආකාරයේ තොරතුරු ලොව නන්දෙසින් වාර්තා වේ.උදාහරණයක් ලෙස ගෙන බැලුවොත් ඇවුරෝරා වෙත කඩා වැටුනු අභිරහස් යානාව,1947 ඇමරිකා එක්සත් ජනපදයේ රොස්වෙල් ප්‍රාන්තයට කඩා වැටුන යානාව සහ 1969 වසර මාර්තු මස තුල රුසියාවේ Yekaterinburg නම් ප්‍රදේශයට කඩා වැටුන හදුනා නොගත් යානා දැක්විය හැකිය.මේ සිදුවීම් ලෝකයේ හදුනා නොගත් පියාසර වස්තූන් අනතුරට පත්වූ ප්රබලතම සිදුවීම් ලෙස පවතී.ඉතින් අදත් මම කියන්න හිතුවේ හදුනා නොගත් පියාසර වස්තුවක් අනතුරට පත්වූ සිදුවීමක් පිළිබදව.අද මම කියන්නේ රුසියාවේ Yekaterinburg ප්‍රදේශයට කඩා වැටුන යානාව පිළිබදව.වාර්තා වෙන ආකාරයට මෙම සිදුවීම සිදුවෙන්නේ 1969 මාර්තු මාසයේ.නමුත් මේ දිනය පිළිබදව පැහැදිලි ලෙසම වාර්තා වෙන්නේ නෑ.මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව එදා ලෝකෙම දැන හදුන ගෙන හිටියේ "Secret KGB Files," ලෙසටයි.KGB කියන්නේ රුසියන් බසින් Komitet gosudarstvennoy bezopasnosti එහි තේරුම රාජ්‍ය ආරක්ෂක කම්ටුව යන්නයි.ඉතින් මේ KGB ලිපි ගොනු යම්කිසි ආකාරයකින් පිට වීමක් සිදුවෙලා තියනවා.ඇත්තෙන්ම මුදල් ගෙවල තමා මේ ලිපි ගෙනු හිටපු සෝවියට් සංගමයෙන් ලබා ගත්ත කියලා තමා වාර්තා වෙන්නේ.ඵ් කාලේ හැටියට මුදලින් ඩොලර් 10,000 මේ වාර්තාවන් ගැනීම සදහා ලබා දී ඇති බවට තමා සදහන් වෙන්නේ.නමුත් කවුද සල්ලි දුන්නේ කවුද සල්ලි ගත්තේ කියල නම් වාර්තා වෙලා නෑ.කොහොම හරි මේ විදියට එලියට ආපු මේ කඩා වැටිමේ තොරතුරු මුල්ම වරට ජනාතාව සදහා ප්‍රසිද්ධ කරල තියෙන්නේ 1998-09-13 වෙනිදා TNT නම් (Turner Network Television) වන නාලිකාව තුලින් වේ.මේ නාලිකාව විසින් මේ සිදුවීම "The Secret UFO Files of the KGB" යන විශේෂ නමින් මේ සිදුවීම ප්‍රචාරය කරලා තියනවා.මෙම නාලිකාව විසින් ප්‍රචාරය කල තොරතුරු අතර අසාමාන්‍ය අංග ලක්ෂණ ඇති ජීවියෙක් හා හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව දර්ශන ඇතුලත් වේ.එදා මේ සිදුවුන කඩා වැටීම එරට රජය ජනතාවට ප්‍රකාශ කලේ සාමන්‍ය ගනයේ ගුවන් වස්තුවක් කඩා වැටීමක් ආකාරයෙන්. රුසියන් රජය මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව තතු හෙළි කිරිම කුමන හෝ හේතුවක් නිසා ඔවුන් සිදුකලේ නෑ.මෙම කඩාවැටීමට අමතරව සුන්බුන් තුලවූ පිටසක්වල ජීවී සිරුරක්ද සොයාගෙන තියනවා.පසුව ඔවුන් විසින් මෙම යානාවේ කොටස් හා මියගිය පිටසක්වල ජීවියාගේ දේහය ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් අවශ්‍ය පර්යේෂණ සිදුකරල තියනවා.මියගිය පිටසක්වල ජීවියාගේ වීඩියෝව තුල එම පිටසක්වල ජීවියාගේ උඩුකයක් හා අතක කොටස් පරික්ෂා කරන ආකාරයක් දිස්වේ.කඩා වැටුනු යානාව නිලධාරීන් විසින් පරික්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝව.
කඩා වැටුනු යානාවේ සිටි ජීවියාගේ දේහය පරික්ෂා කරන ආකාරය.
0 comments: