නිහඩ කලාපයේ අමුතු සිදුවීම්
උතුරු ඇමෙරිකාවේ ටේක්‌සාස් ප්‍රාන්තයේ සිට සැතපුම් 400 ක් දකුණු දෙසට පිහිටා ඇති කාන්තාර ප්‍රදේශය නිහඬ කලාපය Zone of the silence (Zona Del Sieencio) ලෙස හදුන්වයි. මෙය දැනට පෘථිවියෙහි තිබෙන අභිරහස් සිදුවීම් සිදු වී තිබෙන ස්‌ථාන අතරින් ප්‍රමුඛස්‌ථානයක් ගනු ලබයි. මේ හරහා ගමන් කරන ඕනෑම අයෙක් සතු ජංගම දුරකතන, මාළිමා යන්ත්‍ර තාක්‍ෂණික උපාංග ක්‍ෂණිකව අක්‍රීය වීම විශේෂත්වයකි. මෙම භූමිය තුළ පුදුමාකාර ගල් විශේෂයක් විසිරි තිබෙනු දැකගත හැකිය. මෙම කාන්තාර භූමියට පිවිසෙන මිනිසුන්ට අමුතු හැගිමක් දැනෙන බවද මෙහි හදුනාගත හැකි කාරණයකි.මෙක්‌සිකානු ගුවන් නියමුවෙකු වන Fransisco Sarrabia නැමති පුද්ගලයා 1930 දී මෙම කාන්තාර භූමිය සොයා ගෙන තිබේ. මේ ප්‍රදේශයෙන් පියාසර කිරීමේදී ඔහු පැදවූ ගුවන් යානයේ රෙඩාර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වී තිබුණි.
නිහඬ කලාපය Zone of the silence (Zona Del Sieencio), බර්මයුඩා ත්‍රිකෝණය (Bermuda Triangleැ), ඊජිප්තු පිරමීඩ (Egypt pyramid ) යන ස්‌ථාන තුනම එකම රේඛාවක පිහිටා තිබීම විශ්මයජනක සිදුවීමක් ලෙස දැකිය හැකි ය.
නිහඬ කලාපය තුළ සිදු වූ අමුතු සිදුවීමක් 1970 දී වාර්තා වේ. මෙදින ඇමේරිකානු හමුදාවේ යූටාහ් හමුදා පර්යන්තයේ දී මිසයිලයක් මුදා හරින ලදි. එහි ඉලක්‌කය වී තිබුණේ සැතපුම් 700 ක් ඈතින් පිහිටි නිව් මෙක්‌සිකෝවල වයිට් සෑන්ඩ් ප්‍රදේශයයි. නමුත් හදුනාගත නොහැකි යම් හේතුවක් මත මෙම මිසයිලය පතිත වී තිබුණේ සැතපුම් සිය ගණනක් ඈතින් ඇති නිහඬ කලාපය වෙතටයි. එලෙසම එම මිසයිලය නිහඬ කලාපයේ පොළව මතට කිඳා බැස තිබුණේ විශ්වාස කළ නොහැකි ආකාරයකටයි. මෑත කාලයේදී මෙම සිදුවීම සිදු වුවද අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේදී පවා අභ්‍යාවකාශයේ සිට යම් යම් වස්‌තූන් පතිත වී තිබෙන බව වාර්තාවල සඳහන් වේ.
මෙම සිදුවීම්වලින් ඔප්පු වන්නේ නිහඬ කලාපය නැමති ප්‍රදේශය තුළ අසීමිත බලයක් තිබෙන බව නොවේ ද? මෙය අභ්‍යවකාශ වස්‌තූන් ඇදගන්නා විශාල සුළියක් විය හැකි ය. විශාල චුම්භක බලයක් මෙම කලාපය තුළ පිහිටා තිබෙන බවද හදුනාගෙන ඇත.
වසර 3000 කට පමණ පෙර අනසාසි සංස්‌කෘතිය (Anazazi) අමෙරිකාවේ උතුරු දිශාවෙහි බිහි වී තිබී ඇත. අනසාසි (Anazazi) යන්නෙහි තේරුම වන්නේ 'පුරාතන අය' යන්නයි. එලෙසම තරු පිළිබඳව ඉතා දියුණු දැනුමක් ඔවුන් සතු වී ඇත. විද්‍යාඥයන් පවසන පරිදි ක්‍රි.ව 1054 කාල වකවානුවේදී අද්භූත තාරකා පිපිරීම පෘථිවියේ සිට නැරඹීමේ හැකියාව තිබූ බවයි. ඒ වාගේම අනසාසි සංස්‌කෘතියෙහි ඇති ගල්ලෙන් තුළ පළමු අද්භූත චිත්‍ර සොයා ගැනුණි.
නිහඬ කලාපයේ දකුණු දෙසට වන්නට මායා සහ අනෙකුත් සංස්‌කෘතීන් පිහිටා තිබුණි. මේ සංස්‌කෘතින්ගේ පිරිසටද අනසාසි සංස්‌කෘතියේ ජීවත්වූ අයට මෙන්ම දැනුමක් තිබී ඇත. සමහර විට කිනම් හෝ ක්‍රමයකින් මෙම සංස්‌කෘතීන් දෙක ඔවුන්ගේ දැනුම බෙදා ගත්තා විය හැකි ය.
නිහඬ කලාපයට උතුරින් තිබූ අනසාසි ඇතුළු සංස්‌කෘතීන් ද නිහඬ කලාපයට දකුණින් පිහිටි මායා ඇතුළු සංස්‌කෘතීන්වල හමුවීමේ මධ්‍යස්‌ථානයක් ලෙස නිහඬ කලාපය භාවිත කළාද විය හැකි ය. මන්ද මෙම කලාපයට ඉහළ අහසේ තිබෙන තරු හා ආකාශ වස්‌තූන් ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්‌ථාව තිබී ඇති නිසා ය. මීට අමතරව මෙම සංස්‌කෘතීන් දෙක තුළ ඇති අනෙක් සම්බන්ධතා මොනවා විය හැකි ද? මෙම සංස්‌කෘතීන් පැවතෙන්නේ එකම ඇදහීමකින් ද? සංස්‌කෘතීන් පිළිබඳව සොයා බැලීමේ දී ඔවුන් දෙපොළම අහසින් පැමිණි මිනිසුන්ට විශාල ලෙස වැදුම් පිදුම් කළ බව ඉතිහාසය අධ්‍යයනයෙන් හඳුනාගත හැකි ය. එසේ යම් අයෙක් අහසින් පැමිණියා නම් ඔවුන් කවුරුන් ද? මෙලෙස අහසින් මිනිසුන් පැමිණියා නම් ඔවුන් පෘථිවියේ සිටින මිනිසුන් හා බොහෝ දුරට සමාන බව ගල්ලෙන් ආශ්‍රිතව හඳුනාගත් චිත්‍ර තුළින් සොයා ගැනීමට හැකි ය. බොහෝ වාර්තාවලට අනුව මේ අහසින් පැමිණි මිනිසුන් අපගේ මුතුන් මිත්තන් පුරාතනයේ සිටම ඇසුරු කර ඇත. අදටත් ඔවුන් අප සමඟම ජීවත්වනවාද විය හැකි ය.
සමහර විට නිහඬ කලාපය අභිරහස් යානා පෘථිවියට පැමිණෙන දොරටුවක් විය හැකි ය. කෙසේ නමුත් මෙම ස්‌ථානය තුළ අභිරහස් සිදුවීම් සිදුවන බව නම් පිළිගත යුතුමය.
මදක් සිතන්න.
දැනට අවුරුදු 10,000කට පෙර ඔබ පෘථිවියට පැමිණුනා යෑයි සිතන්න. නමුත් එම කාලයේ දී වර්තමානයේ මෙන් සිතියම් (Map), GPS උපකරණ, පාරවල්, මං සලකුණු කිසි දෙයක් නොතිබුණා නම් ඔබ පෘථිවියෙහි චුම්භක ක්‍ෂේත්‍රය වැඩිම ස්‌ථාන ලකුණු කරනවා යම් කිසි ක්‍රමයකින්. හේතුව නැවත ඔබ යම් දිනක පෘථිවියට පැමිණෙනවා නම් කලින් සලකුණු කළ ස්‌ථාන තමයි ඔබගේ මං සලකුණු වන්නේ. ඒවා ඔබට පෘථිවිය තුළ සැරි සැරීමට පාර කියා දෙනු ඇත.
ඒවාගේම පෘථිවියෙහි තිබූ මෙම අසාමාන්‍ය චුම්භක ක්‍ෂේත්‍රයේ වෙනස්‌වීම් ඔවුනට හදුනා ගැනීමට හැකි වූවා විය හැකි ය. මෙහි තිබෙන අභිරහස් දොරටු සමහර විට සක්‍රීයව තිබෙන්නට ඇත. පුරාතනයේ දී ඔවුන් මේවා භාවිත කරන්නටද ඇත.
මේ සියලු සංසිද්ධීන් තුළින් පිළිඹිබු වන්නේ නිහඬ කලාපය තුළ පෙර කතා කළ පරිදිම තවත් ස්‌ථාන හා දිණිකයෙන් ගමන් කළ හැකි සුළියක් හෝ දොරටුවක් තිබෙන බවක් නොවේ ද? මෙවැනි ස්‌ථාන තවත් පෘථිවිය තුළ තිබෙනවා ද විය හැකි ය.
උපුටා ගැනීම
දිවයින පුවත් පත
ඩබ්ලිව්. ජී. එන්.
0 comments: