අඟහරු මත හදුනා නොගත් කේත සටහන්

5:50:00 PM max 0 Comments

පසුගිය දවස් වල නාසා ආයතනය තුලින් තවත් අපූරු තොරතුරක් හෙළිවුනා.මේ හෙළිකර ගැනීම සිදුකලේ නාසා ආයතනයේ (MRO) යානාව විසිනි. (MRO) යානාව 2016/02/06 වෙනිදා අඟහරු ග්‍රහයගේ ලබා ගත්ත ජායාරූපයක් ඉහත දැක්වෙන්නේ.මේ ජායාරූපය ලබා ගත්තේ (MRO) යානවේ (HiRISE)  High Resolution Imaging Science Experiment කැමරාව මගින්.නමුත් මේ ජායාරූපය පිළිබදව නාසා ආයතනය නිල වශයෙන් ඉදිරිපත් කරන්නේ පසුගිය මස 29 වෙනිදා NASA JPL අඩවිය විසින්.හරි අපූරුවට NASA JPL අඩවිය මේ ජායාරූපය පිළිබදව හෙළිකල ලිපියේ ශීර්ෂ පාඨය වුනේ " Martian Morse Code " යනුවෙන්.මේ ජායාරූපය දකින කෙනෙක්ට එක වරම මේ ජායාරූපය වටහා ගන්න අමාරුයි.නමුත් මේ දෙස හොදින් බැලුවොත් තේරෙනවා මෙතන යම් කිසි රටාවක් තියනවා කියලා.මේ රටාව මොකක්ද? මේ රටාව බොහෝ සෙයින්ම මෝස් කේත ක්‍රමයේ එන තිත සහ ඉර යන පැරණි සන්නිවේදන ක්‍රමයේ රටාව ආකාරයෙන් දිස්වෙනවා.මෝස් කේත ක්‍රමය කියන්නේ මාත් හරි ආස සන්නිවේදන ක්‍රමයක් මේකේ තිත සහ ඉර මගින් නිරූපණය කරන පණිවිඩය කියවීම සදහා වෙනම මෝස් කේත හෝඩියක් ඇතුලත් වෙනවා.
 

මේ වගේ සිදුවීමක් අඟහරු ග්‍රහයා මත සිදුවුනේ කෙසේද?
නාසා පවසන ආකාරයට මේ අඟහරු තුල ඇති භූගෝලීය ලක්ෂණයක් බවට ප්‍රකාශ කරනවා.මේ වැටි  වල හැඩය හා දිශාව මගින් සාමාන්‍යයෙන් අඟහරු හි හමා යන සුළග පිළිබදව දැක්වීමක් සිදුකලත් මෙම ජායාරූපයෙන් දැක්වෙන වැටියන් හි හැඩය තුලින් එය එසේ යැයි පැවසීම පැටලිලි සහිත දෙයක් වන බවට නාසා ආයතනය ප්‍රකාශ කරනවා.
 

වාර්තා වන ආකාරයට (MRO) යානාව අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධ ගෝලයේ ලබාගත් ජායාරූපයකි. මෙයින් දැක්වෙන්නේ යම්කිසි පණිවිඩයක් ද? නැත්නම් සැබවින්ම මෙය ස්වභාවිකව නිර්මාණය වු දෙයක්ද? මෙය තවමත් ගැටලුවකි.

මෙම සොයාගැනීම පිළිබදව සකසා ඇති වීඩියෝව.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya