1996 වසරේ රුසියාව තුලින් සොයාගත් කුඩා ජීවියා.
සොයාගත් දිනය - 1996සොයාගත් ස්ථානය - Kyshtym, Russia
පිටසක්වල ජීවය ගැන සිතූ විට අපට සිතට නැගෙන්නේ අපිට වඩා සිරුරින් විශාල ලොකු ඇස් ඇති ජීවින් ලෙසයි.සිනමාව තුලද බෙහෝවිට ඇත්තේ ඵ් අයුරිනි.අදත් කියන්න යන්නේ පිටසක්වල සිදුවීමක් ගැන තමයි නමුත් අද කතාව ටිකක් වෙනස් විදියේ ඵකක්.විශ්වය තුල සිටින කුඩා ක්ෂුද්‍ර ජීවියාගේ සිට බැලුවෙත් මෙලොවින් බැහැර ජීවි සියල්ල පිටසක්වල ජීවය තමා.විවිධ ලෝක වල පාරිසරික තත්වයන්ට අනුකූලව තම සිරුරු හැඩ ගැසුනු ජීවින් මේ සක්වල තුල සිටිනවා.මෙකි ජීවින් අප සමගත් සිටියද? අද මම කියන්න යන්නේ 1996 වසරේ සොයාගත්ත කුඩා ජීවියෙකු පිළිබදව.


ආචාර්ය Stanislav Samoshkin තමා මෙම පර්යේෂණයන් භාරව සිටියේ.ඔහු විසින් පර්යේෂණ ගණනාවක් සිදුකිරිමෙන් අනතුරුව ඔහු මෙසේ නිගමනය කලා '' මෙම සත්වයා කිසිදු ලෙසකින් මිනිසෙකු නොවේ.මිනිස් හිස් කබලක් තුල ඇති අස්ථි ප්‍රමාණය හා මෙම හිස් කබලේ ඇති අස්ථි ප්‍රමාණය අඩුය.ඵමෙන්ම ඇටසැකිල්ල තුල වෙනත් වෙනස්කම් තිබුනා '' යනුවෙන් ප්‍රකාශ කර තිබේ.මෙම සිරුරේ දිග අඟල් 10 පමන විය.මෙම වියලී ගිය සිරුරේ හිස විරූපී ආකාරයක් ගෙන තිබුනි.ඵහි විශාල ඇස් කුහර මුහණ පුරා පැතීරි තිබෙන ආකාරයක් දිස් වී තිබේ.කලින් ජීවත්ව තිබු මෙම ජීවිය මිනිසාට වඩා හාත්පසින්ම වෙනස් විය.මෙම සිදුවීමෙන් පසුව මේ ආකාරයේම තවත් ජීවියෙකු ඇටකාමා කාන්තාරය තුලින් සොයාගත්තා.ඵ් 2003 වසරේ.ඵම ජීවියාද අඟල 6ක පමන දිගකින් යුක්ත විය.
මේ පිළිබදව සැකසූ විඩියෝව පහතින් නැරබිය හැකිය.
0 comments: