ශ්‍රී ලංකාව තුල භූගත පිටසක්වල කදවුරක් තිබිය හැකිද
පසුගිය කාලය තුල අප දිගින් දිගටම හෙළි කලේ විදෙස් රටවල් තුල සිදුවු පිටසක්වල සිදුවිම් වේ.ඉන් වැඩි ප්‍රමාණයක් ගෙන බැලුවොත් ඵම සිදුවීම් තුලින් මතු වු හදුනා නොගත් පියාසර වස්තූන් මතු වුයේ භූගත කදවුරු තුලින් හා සාගර තුල පිහිටා ඇතැයි සිතන කදවුරු තුලින් බවට අප හෙළි කලා.මේ දේවල් සිදුවන්නේ ඵම රටවල් තුල පමනක්ද? ලංකාව තුලත් ඵ් වගේම ස්ථාන තිබිය හැකිය.අද ලිපිය තුලින් මම ලංකාව තුල සිදුවූ සිදුවීම් කිහිපයක් ගැන කරුණු කියන්න සූදානම්.සැබවින්ම අපේ රටේ දකුණු දිග මුහුදු තීරය තුල යම්කිසි භූගත කදවුරක් තිබෙනවා කියල මගේ සැකයක් තියනවා.ඵකට හේතු සාධක වුනේ අපේ රට තුලත් ඵකී සිදුවීම් සිදුවී ඇති හෙයිනි.මේ තොරතුරු වාර්තා මට සොයාගන්න හැකි වුනේ http://www.lankalibrary.com/ මෙම අඩවියෙනි.හොදයි මේ තාම ඵදා වුන සිදුවීම.මොකද හිතෙන්නේ මට නම් හරියට Battleship චිත්‍රපටය වගේ මේ සිදුවීම.මේ තාමා අපේ රටෙන් වාර්තා වෙන ප්‍රභල සිදුවීමක්.කතාව පටන් ගන්න කොටම මම කීව දකුණු දිග මුහුදු තීරය තුල යම්කිසි භූගත කදවුරක් තිබෙන්න පුලුවන් කියලා.හොදයි අපි දැන් ඵ් පැත්තට යමු.මගේ සැකය තමා මහා රාවණා ප්‍රදීපාගරය පිහිටා ඇතී තැන.

1964දී ආතර් සී. ක්ලාක් මහතා ලියූ The Treasure of the Great Reef නම් වූ පොත සහ 1957 දී ලියූ The Reefs of Taprobane නම් පොත් තුල ආතර් සී. ක්ලාක් මහතා සදහන් කරනවා මාහා රාවණා කොටුව ආසන්නයේ ගිලී ගිය නැවූ පිළිබදව.ඔවුන් මේ ගවේෂණය ආරම්බ කරන්නේ බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.ඔවුන් සොයාගත්ත මේ ප්‍රදේශ තුල ගිලී ගිය නැවක්.මෙම නැව තුල තිබුණු රීදී කාසි තුලින් සොයා ගත්ත මේ නැව 1658-1707 වකාවානු වලට අයත් වන බවට.ඵය රිදී කාසි නැව(Silver Coin Wreck) නම් වුනා.පසුව ඔවුන් විසින් මහාරාවණා බෝතල් නැව (Bottle Wreck) සොයා ගත්ත ඵ් 1961-63 වසර තුල.මේ ආකාරයෙන් විවිධ නැවූ මේ ප්‍රදේශයන් තුලින් සොයාගත්ත.මට මේ ගැන හොයාගන්න පුලුවන් වුන වාර්තා ටිකක් මේ ලින්ක් ඵකන් ඔයාලට බලන්න පුලුවන්.https://www.archaeology.lk/si/article.php?articleID=4141 සැබවින්ම මේ නැවූ ගිලුනේ මුහුදු පරයන්ගේ හැපිලද නැත්නම් 1990 දී සිදුවුන සිදුවීමට මේ නැවූ ලක් වෙලා විනාශ වුනාද යන්න ගැටලුවක්.ඵ් වගේම 2004 වසරේ මාර්තු මස රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියෙකු නිවාඩුවක් ගත කිරිම සදහා ලංකාවට පැමිනි අතර ඔහු අසාමාන්‍ය වායුගෝල පිහිටීමක් ජායාරූප ගතකර ඇත.පහත දැක්වෙන්නේ ඵ් ජායාරූපයන් වේ.


ඔබ මේ ගූගල් ඛණ්ඩාංක ගූගල් අර්ත් මගින් නිරික්ෂණය කරහොත් ඔබට දැකගන්න පුලුවන් මහා රාවණා ප්‍රදීපාගාරය ඇති මුහුදු ප්‍රදේශය දැඩි අදුරු පැහැයකින්.6°10’55.73″N 81°28’52.69″E
මෙම ප්‍රදේශයේ අවට යම් ස්ථානයක පිටසක්වල ජීවින් විසින් පැමිනෙන භූගත කලාපයක් පැවතිය හැකිය.2015 වසරේ නොවැම්බර් 13 දකුණු මුහුදට වැටීමට නියමිතව තිබු වස්තූව පිළිබදව ඵදා මා සොයා බලත්දී බොහෝ අඩවි මගින් ඵය පිටසක්වල ජීවින්ගේ පැමිනිමක් විය හැකි බවට වාරතා කරල තිබුනා.නමුත් WT1190F වස්තුව ඵදා අපි කාටවත් දැක ගන්න නොහැකි වුනා.පැමිනි විදෙස් පර්යේෂණ කන්ඩායම පැවසුවේ ඵය ඉහල වායුගෝලයේ විනාශ වී ගිය බවයි.ඵය ඵසේම සිදුවුනාද? මෙය මා හට ගැටලුවකි.යම් දිනක කපිතාන් රසික මාවන් මා හට මුනගැහුන හොත් ඵදා සිදුවීමේ ඔහු මුහුන දුන් ආකාරය ඔහුගෙන් දැන ගැනිමට ඇති ආශාව සින්සිදෙනු ඇත.
0 comments: