අඟහරු මත හදුනා නොගත් කේත සටහන්

5:50:00 PM max 0 Comments

පසුගිය දවස් වල නාසා ආයතනය තුලින් තවත් අපූරු තොරතුරක් හෙළිවුනා.මේ හෙළිකර ගැනීම සිදුකලේ නාසා ආයතනයේ (MRO) යානාව විසිනි. (MRO) යානාව 2016/02/06 වෙනිදා අඟහරු ග්‍රහයගේ ලබා ගත්ත ජායාරූපයක් ඉහත දැක්වෙන්නේ.මේ ජායාරූපය ලබා ගත්තේ (MRO) යානවේ (HiRISE)  High Resolution Imaging Science Experiment කැමරාව මගින්.නමුත් මේ ජායාරූපය පිළිබදව නාසා ආයතනය නිල වශයෙන් ඉදිරිපත් කරන්නේ පසුගිය මස 29 වෙනිදා NASA JPL අඩවිය විසින්.හරි අපූරුවට NASA JPL අඩවිය මේ ජායාරූපය පිළිබදව හෙළිකල ලිපියේ ශීර්ෂ පාඨය වුනේ " Martian Morse Code " යනුවෙන්.මේ ජායාරූපය දකින කෙනෙක්ට එක වරම මේ ජායාරූපය වටහා ගන්න අමාරුයි.නමුත් මේ දෙස හොදින් බැලුවොත් තේරෙනවා මෙතන යම් කිසි රටාවක් තියනවා කියලා.මේ රටාව මොකක්ද? මේ රටාව බොහෝ සෙයින්ම මෝස් කේත ක්‍රමයේ එන තිත සහ ඉර යන පැරණි සන්නිවේදන ක්‍රමයේ රටාව ආකාරයෙන් දිස්වෙනවා.මෝස් කේත ක්‍රමය කියන්නේ මාත් හරි ආස සන්නිවේදන ක්‍රමයක් මේකේ තිත සහ ඉර මගින් නිරූපණය කරන පණිවිඩය කියවීම සදහා වෙනම මෝස් කේත හෝඩියක් ඇතුලත් වෙනවා.
 

මේ වගේ සිදුවීමක් අඟහරු ග්‍රහයා මත සිදුවුනේ කෙසේද?
නාසා පවසන ආකාරයට මේ අඟහරු තුල ඇති භූගෝලීය ලක්ෂණයක් බවට ප්‍රකාශ කරනවා.මේ වැටි  වල හැඩය හා දිශාව මගින් සාමාන්‍යයෙන් අඟහරු හි හමා යන සුළග පිළිබදව දැක්වීමක් සිදුකලත් මෙම ජායාරූපයෙන් දැක්වෙන වැටියන් හි හැඩය තුලින් එය එසේ යැයි පැවසීම පැටලිලි සහිත දෙයක් වන බවට නාසා ආයතනය ප්‍රකාශ කරනවා.
 

වාර්තා වන ආකාරයට (MRO) යානාව අඟහරු ග්‍රහයාගේ උතුරු අර්ධ ගෝලයේ ලබාගත් ජායාරූපයකි. මෙයින් දැක්වෙන්නේ යම්කිසි පණිවිඩයක් ද? නැත්නම් සැබවින්ම මෙය ස්වභාවිකව නිර්මාණය වු දෙයක්ද? මෙය තවමත් ගැටලුවකි.

මෙම සොයාගැනීම පිළිබදව සකසා ඇති වීඩියෝව.

0 comments:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනයෙන් ගිලිහිලාද

10:01:00 AM max 0 Comments


චීනය 2011දී කක්ශගතකල ටියන්ගොංග් 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතිවූ තාක්ශණික දෝශයක් නිසා එය චීන අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථානයේ පාලනයෙන් ගිලිහී ඇති බව චන්ද්‍රිකා හා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ගමන්මාර්ග නිරීක්ශණය සිය විනෝදාංශය කරගත් කණ්ඩායමක් පවසනවා. 

Satellite Trackers ලෙස හඳුන්වන මේ පුද්ගලයින්ගේ විනෝදාංශය වන්නේ දුරේක්ශ, චන්ද්‍රිකා ඇන්ටෙනා හා අභ්‍යවකාශ පණිවුඩ හුවමාරුවලට සවන්දෙන රේඩියෝ උපකරණ ආධාරයෙන් පෘථිවි කක්ශයේ ගමන් කරන විශාල චන්ද්‍රිකා, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා එයවෙත ගමන් කරන අභ්‍යවකාශ යානා වල ගමන් මාර්ග නිරීක්ශණය කිරීමයි.

මෙම විනෝදාංශයේ නිරතවන බොහෝදෙනෙකු බටහිර විශ්වවිද්‍යාලවල ගගනවිද්‍යා හෝ අභ්‍යවකාශ තාක්ශණය හදාරන සිසුසිසුවියන් වන අතර අනෙක් අය විවිධ ගගනවිද්‍යා තාක්ශණ සමාගම්වල හා පර්යේෂණාගාරවල විද්‍යාඥයින්, ඉන්ජිනේරුවන් හා තාක්ශණවේදීන් ලෙස රැකියාව කරන අභ්‍යවකාශ තාක්ශණය ගැන ඉහල දැනුමක් ඇති අයයි.

ටියන්ගොංග් 1 ටිකෙන් ටික පොලොවට පහත්වනවා??

චීනය විසින් 2011 වසරේදී කක්ශගත කරනලද මෙට්‍රික් ටොන් 7.3ක් බර ටියන්ගොංග් 1 අභ්‍යවකාශ යානය මෙම සැටලයිට් ට්‍රැකර් වරුන්ගේ ඉලක්කයක් වී තිබෙන අතර කලක් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා ගමන්කල ආකාරය නිරීක්ශණය කල මොවුන් එම මධ්‍යස්ථානය ටිකෙන් ටික පොලොවට පහත්වන බව නිරීක්ශණය කොට තිබෙනවා. 

Atmospheric Drag සංසිද්ධිය නිසා ඕනෑම චන්ද්‍රිකාවක් කලකදී කඩාවැටෙනවා!

කක්ශගත කොට තිබෙන ඕනෑම චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ශගතවූ වේගය ක්‍රමයෙන් අඩුවෙමින් මදින් මද පොලොව වෙත ඇදීම සාමාන්‍ය ක්‍රියාවලියක්. මෙයට හේතුව වන්නේ පෘථිවිය වටා කක්ශගත වී ඇති යානයකට පෘථිවියේ වායුගෝලයෙන් ඇතිවන ඝර්ෂණය නිසා එහි වේගය සෙමෙන් අඩුවීමෙන් ක්‍රමයෙන් කක්ශයෙන් ඉවත්වීමයි. Atmospheric drag ලෙස හඳුන්වන මෙම ක්‍රියාවලිය අභ්‍යවකාශ මධ්‍යස්ථාන හා බොහෝ චන්ද්‍රිකා කක්ශගත කොට ඇති පහල කක්ශය හෙවත් Low Earth Orbit (LEO) තුල විශේෂයෙන් දකින්නට ලැබෙනවා.
 
චන්ද්‍රිකා ගමන්කරන පෘථිවි කක්ශය එනම් කිලෝමීටර් 100ක් පමණ උසකදී වායුගෝලය ඉතාමත් තුනී වුවද, අභ්‍යවකාශ යානා කක්ශයෙහි ගමන් කරන අධික වේගය නිසා මෙම ඉතා තුනී වායුගෝලී ස්ථරය වුවද මාස කිහිපයකදී අභ්‍යවකාශය යානයක වේගය බාල කොට එය පොලොවට කඩාවැට්ටවීමට සමත්වනවා. උදාහරණයක් ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථනය පොලොව වටා ගමන් කරන වේගය පැයට කිලෝමීටර් 27,000ක් (එනම් ශබ්දයේ වේගය මෙන් 219 ගුණයක්!) තරම් සිතාගත නොහැකි තරමේ අධික වේගයක් වනවා. මෙවැනි වේගයකදී කොතරම් තුනී වායු ස්ථරයක් වුවද විශාල බාධකයක් ඇතිකරනවා. 

කලින් කලට සිදුකරන Orbit Corrections, චන්ද්‍රිකාවක් හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩාවැටීම වලක්වනවා!

මේ හේතුවෙන් අභ්‍යවකාශ යානා හා චන්ද්‍රිකා කක්ශයේ රඳවාගැනීමට නම් නිශ්චිත කාල අන්තරවලදී චන්ද්‍රිකාවේ හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇති කුඩා මෙහෙයුම් රොකට්ටු (steering rockets) ක්‍රියාත්මක කොට නැවතත් එය ඉහලට ගෙන, වේගය වැඩිකල යුතුයි. චන්ද්‍රිකා හා අභ්‍යවකාශ මධ්‍යස්ථානවල මෙහෙයුම් රොකට්ටු වල ඉන්ධන තිබෙනතාක් orbit corrections සිදුකල හැකි අතර ඉන්ධන අවසන්වූ විට චන්ද්‍රිකාව හෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොලොවට කඩා වැටෙන්නට හැරීම ඇරෙන්නට වෙන විකල්පයක් නෑ.

කාලෙකින් ටියන්ගොංග් 1 මධ්‍යස්ථානයේ Orbit Corrections සිදුවී නෑ??

ටියන්ගොංග් 1 හි කක්ශය දීර්ඝකාලයක් නිරීක්ශණය කරන සැටලයිට් ට්‍රැකර්ලා පවසන්නේ එය ටිකෙන් ටික පොලොවට ලංවෙන බවත්, එය වැලැක්වීමට සිදුකල යුතු කක්ශ නිවැරදිකිරීම් කලකින් සිදුවී නොමැතිබවත්. මෙයට හේතුව යම් තාක්ශණික දෝෂයක් නිසා පෘථිවියෙන් යැවෙන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමට මධ්‍යස්ථානයේ පාලන පද්ධතිය අපොහොසත්වීම නිසා වන්නට පුලුවන් බවත්, ඒ අනුව දැනට ගගනගාමීන්ගෙන් තොරව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ටියන්ගොංග් 1 මිනිස් පාලනයෙන් ගිලිහී ඇතිබවට අනුමාන කල හැකි බවත් ඔවුන් පවසනවා.

ටියන්ගොං 1 කඩාවැටුනොත් කුමක් වෙයිද?

සන්නිවේදන චන්ද්‍රිකා හා ඔත්තුබැලීමේ චන්ද්‍රිකා වලට සාපේක්ශව ටියන්ගොංග් මධ්‍යස්ථානය ඉතා විශාල, ටොන් 7ක් බර ඇති යානයක්. කුඩා චන්ද්‍රිකා පොලොවට ආපසු වැටීමේදී වායුගෝලීය ඝර්ෂණය නිසා දැවී පිලිස්සී ගියත් මෙවැනි විශාල වස්තුවක් පොලොවට වැටීමේදී සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ නෑ. ඒ අනුව ටොන් කිහිපයක් බර කොටසක් ජනාකීර්ණ පෙදෙසකට කඩා වැටුනහොත් සිදුවිය හැකි ජීවිත හා දේපොල හානිය අතිවිශාලයි.
උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ
Terence Kahapola Arachchi

0 comments:

මෑතකදී සොයාගත් ත්‍රිත්ව තාරකා මණ්ඩලය

9:11:00 AM max 0 Comments

විශ්වය කියන්නේ හරි අපූරු අභිරහස් වලින් පිරුණු තැනක්. දිනෙන් දින මේ අනන්ත විශ්වයේ ඇති මෙතෙක් හෙළි නොවුන තොරතුරු හෙළි වෙනවා.අද මම කියන්න හිතුවා මෑතකදි හොයාගත්ත තවත් අපූරු තරු පද්ධතියක් පිළිබදව.මේ තරු පද්ධතිය නම් කරල තියෙන්නේ  " HD 131399 " ලෙසට.ඉතින් මේ තරු පද්ධතිය පිහිටලා තියෙන්නේ අපේ පෘථිවියේ ඉදලා ආලෝක වර්ෂ 320 ඈතින්.ඉතින් අපිට ආලෝකේ වේගයන් ගමන් කරන යානා තිබුණත් මේ  තරු පද්ධතියට යන්න අවුරුදු 320 ගත වෙනවා.අපි මුලින්ම මේ තරු පද්ධතියේ තියෙන HD 131399Ab කියන ග්‍රහලෝකය පිළිබදව බලමු.

HD 131399Ab කියන ග්‍රහලෝකය කක්ෂ ගත වෙලා තියෙන්නෙ HD 131399A කියන දීප්තිමත් තාරකාවක් සමග.ඒ වගේම මේ ග්‍රහලෝකයට හා තාරකාව සමග තවත් තාරකා දෙකක් ද පිහිටලා තියනවා.මේ පිහිටල තියන තාරකා දෙකේ හරි අපූරු ගමන් ආකාරයක් තමා තියෙන්නේ.ඒ කිවේ මේ තාරකා දෙක ඔවුන් දෙදෙනාම වටේ භ්‍රමණය වෙමින් මුල් කී ග්‍රහලොව හා තාරකාව වටා ගමන් කරනවා.ඉතින් මේ කීව අලුතෙන් හොයාගත්ත HD 131399 තරු පද්ධතියේ ගමන් මග ඔයාලට බලාගන්න ලිපිය අවසානයේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දලා ඇති. අන්න ඵක නැරබුවම වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන්.


HD 131399 ත්‍රිත්ව තරු පද්ධතිය පිළිබදව හොයා ගත්තේ (ESO) European Southern Observatory ආයතනය විසින්.ඔවුන් මෙම මස 7 වෙනි දින තමා නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා මෙම සොයාගැනීම පිළිබදව තොරතුරු වාර්තා කරලා තියෙන්නේ.මේ ත්‍රිත්ව තාරකා පද්ධතියේ තියෙන HD 131399Ab නම් ග්‍රහලොවෙහි වයස අවුරුදු මිලියන 16 පමණ වන බවට (ESO) වාර්තා තුල සදහන් වෙනවා.ග්‍රහලොව පිළිබදව සිදුකල නිරීක්ෂණයන් තුලින් ඵහි උෂ්ණත්වය සෙල්සියස් 580 පමණ වෙනවා.ඒ වගේම ග්‍රහලොවේ ස්කන්ධය අපේ ග්‍රහ පද්ධතියේ ඉන්න බ්‍රහස්පති මෙන් හතර ගුණයක් වෙනවා.


මේ ත්‍රිත්ව තරු පද්ධතිය තුල ඉන්න HD 131399Ab ග්‍රහයා හා එයට අදාල වන මවු තාරකාව අතර දුර 82 AU වෙනවා ( 1 AU එකක් කියන්නේ අපේ පෘථිවියේ සිට සූර්යාට ඇති දුර ) ඉතින් එතකොට හිතා ගන්න පුලුවන් නේ HD 131399Ab ග්‍රහලොව හා එහි මවු තාරකාව වන HD 131399A අතර තියන දුර.මේ HD 131399A තාරකාව අපේ සූර්යාටත් වඩා විශාලයි ඒ වගේම එහි අධික දීප්තියක් තියනවා.නමුත් මේ ග්‍රහයා හා අතර ඇති දුර නිසා වඩා වැඩි ආලෝකයක් මේ ග්‍රහලොවට ලැබෙන්නේ නෑ.ඒ වගේම මේ ග්‍රහලෝකෙට ඉන්න අනිත් තාරකා දෙකෙන්ද ලැබෙන්නේ අඩු ආලෝකයක්.ඒ තාරකා දෙක හා ග්‍රහලොව අතර දුර 400 AU වෙනවා.උදාහරණයක් ලෙස ගත්තොත් මේ තාරකා වලින් ලැබෙන ආලෝකය අපේ පෘථිවියට පූර්ණ චන්ද්‍රයා පායා ඇති අවස්ථාවක ලැබෙන ආලෝකය හා සමානයි.


මේ ත්‍රිත්ව තාරකා පද්ධතියේ ගමන් මග පිළිබදව දැනගැනීම සදහා පහත වීඩියෝව නරබන්න. HD 131399Ab ග්‍රහලොව යන්තමින් පියවි ඇසින් දැකිය හැකිය.නමුත් දුරදක්නයක් මගින් එය පැහැදිලි සේ දැකගත හැකිය.මෙම තාරකා සිතියම මගින් තාරකා පද්ධතිය පිහිටා ඇති ස්ථානය හදුනා ගත හැකිය.
 
ඉතිනේ මේ තියෙන්නේ සූර්යන් තිදෙනෙකුගෙන් ආලෝකය ලැබෙන හිරු උදාවන් තුනක් හා හිරු බැසයෑම් තුනක් ඇති තවත් එක් අප විශ්වයේ සිටන සුන්දර ග්‍රහයෙකු වේ.

0 comments:

රුසියාවට කඩා වැටුනු හදුනා නොගත් පියාසර වස්තුව

6:26:00 PM max 0 Comments

හදුනා නොගත් පියාසර වස්තූන් කඩා වැටීම පිළිබදව නොයෙක් ආකාරයේ තොරතුරු ලොව නන්දෙසින් වාර්තා වේ.උදාහරණයක් ලෙස ගෙන බැලුවොත් ඇවුරෝරා වෙත කඩා වැටුනු අභිරහස් යානාව,1947 ඇමරිකා එක්සත් ජනපදයේ රොස්වෙල් ප්‍රාන්තයට කඩා වැටුන යානාව සහ 1969 වසර මාර්තු මස තුල රුසියාවේ Yekaterinburg නම් ප්‍රදේශයට කඩා වැටුන හදුනා නොගත් යානා දැක්විය හැකිය.මේ සිදුවීම් ලෝකයේ හදුනා නොගත් පියාසර වස්තූන් අනතුරට පත්වූ ප්‍රබලතම සිදුවීම් ලෙස පවතී.ඉතින් අදත් මම කියන්න හිතුවේ හදුනා නොගත් පියාසර වස්තුවක් අනතුරට පත්වූ සිදුවීමක් පිළිබදව.අද මම කියන්නේ රුසියාවේ Yekaterinburg ප්‍රදේශයට කඩා වැටුන යානාව පිළිබදව.වාර්තා වෙන ආකාරයට මෙම සිදුවීම සිදුවෙන්නේ 1969 මාර්තු මාසයේ.නමුත් මේ දිනය පිළිබදව පැහැදිලි ලෙසම වාර්තා වෙන්නේ නෑ.මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව එදා ලෝකෙම දැන හදුන ගෙන හිටියේ "Secret KGB Files," ලෙසටයි.KGB කියන්නේ රුසියන් බසින් Komitet gosudarstvennoy bezopasnosti එහි තේරුම රාජ්‍ය ආරක්ෂක කම්ටුව යන්නයි.ඉතින් මේ KGB ලිපි ගොනු යම්කිසි ආකාරයකින් පිට වීමක් සිදුවෙලා තියනවා.ඇත්තෙන්ම මුදල් ගෙවල තමා මේ ලිපි ගෙනු හිටපු සෝවියට් සංගමයෙන් ලබා ගත්ත කියලා තමා වාර්තා වෙන්නේ.ඵ් කාලේ හැටියට මුදලින් ඩොලර් 10,000 මේ වාර්තාවන් ගැනීම සදහා ලබා දී ඇති බවට තමා සදහන් වෙන්නේ.නමුත් කවුද සල්ලි දුන්නේ කවුද සල්ලි ගත්තේ කියල නම් වාර්තා ‍වෙලා නෑ.කොහොම හරි මේ විදියට එලියට ආපු මේ කඩා වැටිමේ තොරතුරු මුල්ම වරට ජනාතාව සදහා ප්‍රසිද්ධ කරල තියෙන්නේ 1998-09-13 වෙනිදා TNT නම් (Turner Network Television) වන නාලිකාව තුලින් වේ.මේ නාලිකාව විසින් මේ සිදුවීම "The Secret UFO Files of the KGB" යන විශේෂ නමින් මේ සිදුවීම ප්‍රචාරය කරලා තියනවා.මෙම නාලිකාව විසින් ප්‍රචාරය කල තොරතුරු අතර අසාමාන්‍ය අංග ලක්ෂණ ඇති ජීවියෙක් හා හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව දර්ශන ඇතුලත් වේ.එදා මේ සිදුවුන කඩා වැටීම එරට රජය ජනතාවට ප්‍රකාශ කලේ සාමන්‍ය ගනයේ ගුවන් වස්තුවක් කඩා වැටීමක් ආකාරයෙන්. රුසියන් රජය මෙම හදුනා නොගත් පියාසර වස්තුව කඩා වැටීම පිළිබදව තතු හෙළි කිරිම කුමන හෝ හේතුවක් නිසා ඔවුන් සිදුකලේ නෑ.මෙම කඩාවැටීමට අමතරව සුන්බුන් තුලවූ පිටසක්වල ජීවී සිරුරක්ද සොයාගෙන තියනවා.පසුව ඔවුන් විසින් මෙම යානාවේ කොටස් හා මියගිය පිටසක්වල ජීවියාගේ දේහය ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් අවශ්‍ය පර්යේෂණ සිදුකරල තියනවා.මියගිය පිටසක්වල ජීවියාගේ වීඩියෝව තුල එම පිටසක්වල ජීවියාගේ උඩුකයක් හා අතක කොටස් පරික්ෂා කරන ආකාරයක් දිස්වේ.
කඩා වැටුනු යානාව නිලධාරීන් විසින් පරික්ෂා කරන ආකාරය දැක්වෙන වීඩියෝව.
කඩා වැටුනු යානාවේ සිටි ජීවියාගේ දේහය පරික්ෂා කරන ආකාරය.

0 comments:

සූර්ය ගෝලීය යානාව දෙවන වරටත් එක හා සමාන වස්තුවක් හසුකර ගනී

8:31:00 PM max 0 Comments

SOHO "සූර්ය ගෝලීය නිරික්ෂණ යානාව" විසින් පසුගිය 6 වෙනි දින සූර්යාගේ ලබා ගත් ජායාරූප තුල සිලින්ඩරාකාර හැඩයකින් යුත් හදුනා නොගත් පියාසර වස්තුවක් සටහන් වී ඇත.මේ ආකාරයේ හැඩයක් ඇති වස්තුවක් SOHO කැමරා ඇසට හසුවූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.මින් පෙර SOHO යානාව විසින් එවා ඇති ජායාරූප අතුරින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව අප බ්ලොග් අඩවියේ වාර්තාවන් වැඩි වශයෙන් ඇති අතර පසුගිය වාර්තා තුලින් මෙම ආකාරයේම වස්තුවක් දිස්වී ඇති බවට අප විසින් වාර්තා කර ඇත.ඵනම් 2016 වසරේ අප්‍රේල් 12 වෙනි දින මේ ආකාරයෙන්ම හදුනා නොගත් වස්තුවක් දිස්වෙලා තියනවා.මේ ලින්ක් එකෙන් පැරණි වාර්තාව දැක බලා ගන්න පුලුවන්.
මෙතන ක්ලික් කරන්න 
සැබවින්ම මේ ආකාරයේ වස්තූන් කුමක්ද? මේවා අභ්‍යාවකාශ සුන්බුන් කොටස්ද? බහුතරයක් ඵසේ විය නොහැකිය මන්ද ඒවාට ආවේණික පැහැදිලි හැඩයක් තිබිම හේතුවෙනි.කෙසේ නමුත් නාසා නම් මේ SOHO යානාවේ කැමරා ඇසට හසුවෙන මේ අමුතු වස්තූන් ගැන කතා කරනවා දකින්න ලැබෙන්නේ නෑ.SOHO යානාව දියත් කරන්නේ 1995 දෙසැම්බර් 2 දින.ඇට්ලස් රොකට් ගණයට අයත් වෙන ඇට්ලස් 2 රොකට්ටුව මගින් තමා මේ යානාව අභ්‍යාවකාශය වෙත රැගෙන ගියේ.මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපේ සූර්යා පිළිබදව අධ්‍යයනය කිරීම.නමුත් මේ ආකාරයේ දිස්වන වස්තූ පිළිබදව බලධාරීන් විසින් කරුණු හෙළි නොකරන්නේ ඇයි දැයි යන පැණය අපිට නිරන්තරයෙන් මතුවන ගැටලුවක්.කෙසේ නමුත් http://www.ufosightingsdaily.com/ වෙබ් අඩවියේ නිර්මාතෘ Scott Waring මහතා පවසන ආකාරයට මෙය මීටර් 500 තරම් විශාල වස්තුවක් වෙන්න පුලුවන්.
සූර්යා අසල ඇති හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සැකසූ වීඩියෝවක් පහතින් නැරබිය හැකිය.

0 comments:

Jean Claude Juncker මහතා පිටසක්වල ජීවය පිළිබදව ඉගියක් ලබාදේ

9:45:00 AM max 0 Comments

පසුගිය ජුනි 28 වැනි දින  යුරෝපියානු කොමිෂන් සභාපති Jean Claude Juncker මහතා හරි අපූරු ප්‍රකාශයක් සිදුකරල තියනවා.මෙම ප්‍රකාශය සිදුකරල තියෙන්නේ Brussels නගරයේ පිහිටා තිබෙන යුරෝපා පාර්ලිමේන්තුව තුලදීය.Jean Claude Juncker මහතා ඵම අවස්ථාවේ ප්‍රකාශට පත් කරනවා " I have met and listened to several leaders of other planets " සැබවින්ම මේ ප්‍රකාශයේ අරමුණ කුමක්? මොහු කාවද හමුවුනේ?කුමක්ද ඇහුන් කන් දුන්නේ?කවුද මේ වෙනත් ලෝක වල නායකයන්? මේ වගේ ප්‍රශ්ණ ගනනාවක් මේ කතාව නරබන ඕනිම කෙනෙක්ට ඇති වෙනවා.තවත් ආකාරයකින් බැලුවහොත් මෙම ආකාරයේ ප්‍රකාශයක් කිරිම තුලින් අවට සිටින සාමාජිකයන් හට ඇත්ත හෙළිකිරිමට ගත් යමිකිසි උත්සහයක්ද විය හැකිය.
ඔහුගේ ප්‍රකාශය පහතින් නැරබිය හැකිය.

0 comments:

සරයේවෝ නගරය පැමිනි හදුනා නොගත් පියාසර වස්තුව

8:35:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2005 ඔක්තෝබර් 8
නිරීක්ෂිත ස්ථානය - සරයේවෝ, බොස්නියාව
ඉතා සමීප පරාසයක සිදූවු සිදුවීමක් ලෙස 2005 වසරේ සිදුවූ මෙම සිදුවීම හදුන්වාදිය හැකිය.සරයේවෝ නගරය තුල දිස්වූ මෙම පීරිසියක හැඩයක් ගත් වස්තුව මෙම වීඩියෝ පටය තුලින් පැහැදිලි සේ දැකගත හැකිය.මෙම හදුනා නොගත් පියාසර වස්තුව සටහන් වුයේ බොහෝ දුරට රූපවාහිනි වාර්තාමය වැඩසටහනක් සිදුකරන අතරතුරේ අහම්බෙන්ය.ඵම අවස්ථාවේ අසල සිටින ජනයාද කලබලයට පත්ව මෙම පැමිණි වස්තුව දෙස බලා සිටින ආකාරයක් වීඩියෝව තුලින් දැකිය හැකිය.

ඵම වීඩියෝව
තවද මෙම වස්තුව ගොඩ බාන්න ඇතැයි සිතිය හැකි ආකාරයේ සලකුණු නගරයේ වෙනත් තැන් වලින් සොයාගත් ආකාරය පහත ජායාරූප මගින් නැරබිය හැකිය.
 
 
 

0 comments:

LCROSS සඳ මත සිදුකල පිපිරීම පිළිබදව තවත් තොරතුරු

4:57:00 PM max 0 Comments

මීට මාස දෙකකට පෙර අපේ ‍ෆේස්බුක් ගෘප් ඵකට සහ බ්ලොග් අඩවියට මම ලිපියක් ඇතුලත් කලා නාසා ආයතනය සඳ මත තිබූ පිටසක්වල ගොඩනැගිලි වලට බෝම්බ දැමීමක් සිදුකර ඇති බවට.ඉතින් ඵ් ලිපිය කියවන්න බැරිවුණ අය ඉන්නවා නම් මේ ලින්ක් ඵකෙන් ගිහින් ඵ් ලිපිය කියවන්න පුලුවන්.මෙතන ක්ලික් කරන්න 
මම ඵ් ලිපිය මගින් සාක්ෂි කිහිපයක් යෙදා ගනිමින් නාසා සැබවින්ම ඵසේ සිදුකලාද යන්න පිළිබදව පැහැදිලි කලා.2009 වසරේ Lunar Crater Observation and Sensing Satellite (LCROSS) මේ මෙහෙයුමෙන් තමා නාසා ආයතනය සඳ මත මේ පිපිරීම සිදුකලේ.ඉතින් මම ඵම සිදුවීම සිදුවන අවස්ථාවේ නාසා ආයතනය සජීවී දර්ශණ තුල දක්නට ලැබුනු ඵක් නාසා ආයතනයේ අංශයක් තුල දෙදෙනෙකුගේ දුක්මුසු ස්වභාවය හා ඔවුන් දෙදෙනා සිටි මේසය මත තිබූ ජායාරූප තුලින් දිස්වූ සඳෙහි ගොඩනැගිලි පිළිබදව තොරතුරු හෙළිකලා.ඉතින් ඵ් ගැන විස්තර ඔයාලට උඩ ලින්ක් ඵක ක්ලික් කරල දැනගන්න පුලුවන්.ඵදා මේ සිදුවීම සිදුවෙන විට නාසා ආයතනයේම මෙම සිදුවීම සදහා විරුද්ධත්වයක් තිබු පිරිසක්ද ඉන්න ඇති කියලා මේ සාක්ෂි වලින් හොදින්ම තේරෙනවා.මෙම වීඩියෝවත් ඵදා මේ සිදුවීමට තවත් ඵක් සාක්ෂියක් වෙනවා.මේ වීඩියෝවෙන් දැකගන්න පුලුවන් නාසා ආයතනයේ තවත් ඵක් අංශයක් තුල දර්ශණයන්.(LCROSS) මෙහෙයුම මගින් පිපිරවීම සිදුකල පසු දර්ශණයි මෙම වීඩියෝව තුල ඇතුලත් වෙන්නේ.මේ අවස්ථාවේ මෙම අංශය තුල සිටින සියලු දෙනා සතුටින් සිටින ආකාරයක් දැකිය හැකි අතර නමුත් ඵක් පුද්ගලයෙකුගේ කෝප වීමක් දක්නට ලැබේ.ඵමෙන්ම ඹහුගේ උපකරණ ගෙන පිටවී යාමට සූදානම් වන ආකාරයක් දිස්වේ.මෙම පුද්ගලයාද (LCROSS) පිපිරීම සිදුකරන ස්ථානයේ පැවති ගොඩනැගිලි පිළිබදව දැන සිටින්නට ඇත.මේ වීඩියෝව තුල සිටින පුද්ගලයා කවුරුන්දැයි නොදන්න අතර ඔහු සැබවින්ම මෙම පහර දීම කෙරෙහි විරුද්ධත්වයක් තිබූ අයෙකු නම් ඔහු වීරයෙකි...
ඵම වීඩියෝව

0 comments:

තාරකා විද්‍යාඥයා ක්ලයිඩ් විලියම් ටොම්බෝ දුටු හදුනා නොගත් පියාසර වස්තූන්

3:42:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 1949 අගෝස්තු 20
නිරීක්ෂිත ස්ථානය - ලාස් කෘසීස්, මෙක්සිකෝව
මේ කියන්න යන්නේ ක්ලයිඩ් විලියම් ටොම්බෝ කියන තාරකා විද්‍යාඥයා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබදව.ඈත අතීතයේ අහස නිරීක්ෂණයේ යෙදුන මිනිසුන් අප ග්‍රහපද්ධතියේ ග්‍රහලෝක 6 තිබෙන බවට සොයා ගත්ත.බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ්‍රහස්‌පති සහ සෙනසුරු යනාදී ග්‍රහලෝක පිළිබදව.ඉන් පසුව යුරේනස්‌ සොයාගත්ත පසුව ගණිතමය අනාවැකි මගින් 8 වැනි ග්‍රහයෙකුත් අප ග්‍රහපද්ධතියේ සිටින්න පුලුවන් කියලා අනාවැකි පල වීමෙන් පසුව 8 වැන ග්‍රහයා වෙන නෙප්චූන්ද සොයාගත්ත.ඉන් පසුව කතාව පටන් ගන්නකොටම කීව ක්ලයිඩ් විලියම් ටොම්බෝ කියන තාරකා විද්‍යාඥයා විසින් 9 වැනි ග්‍රහලොව වූ ප්ලූටෝ 1930 දී ඇරිසෝනාහි ලොවල් නිරීක්‌ෂණාගාරයේ මගින් සොයාගත්ත.ක්ලයිඩ් විලියම් ටොම්බෝ 1946 අගෝස්තූ 20 වැනි දින සිදුකල නිරීක්ෂණයක් තුලින් ඵක්තර හදුනා නොගත් පියාසර වස්තූන් දැකතිබේ.ඵම හදුනා නොගත් පියාසර වස්තූන්ගේ හැඩය ජ්‍යාමිතික වශයෙන් සෑදි තිබු අතර ඵවා සමූහ ලෙස හයත් අටත් අතර ප්‍රමාණයේ ඍජුකෝණාස‍්‍රකාර ආලෝක විය.මෙම දුටු ආලෝක කහ පැහැති කොළ පාට ආලෝකයක් ඵහි තිබි ඇත.මෙම නිරීක්ෂණය ලාස් කෘසීස්, මෙක්සිකෝව තුලදී සිදුවිය.


ක්ලයිඩ් විලියම් ටොම්බෝ මේ දුටු දේ පිළිබදව පවසා ඇත්තේ මෙසේය.

 "I doubt that the phenomenon was any terrestrial reflection, because... nothing of the kind has ever appeared before or since... I was so unprepared for such a strange sight that I was really petrified with astonishment."


ක්ලයිඩ් විලියම් ටොම්බෝ විසින් මෙම ඍජුකෝණාස‍්‍රකාර ආලෝක තත්පර 3 කාලයක් තුල දැක ඇති අතර ඔහුගේ බිරිදද ඵය තත්පර 1 1/2 කාලයක් තුල දැක ඇත.ඔබ විකිපීඩියා තුල මෙහු ගැන සොයා බැලුවහොත් ඔහුගේ මෙම හදුනා නොගත් පියාසර වස්තූන්ගේ නිරීක්ෂණයන් පිළිබදව සහ ඔහු පිළිබදව වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
 

කෙසේ නමුත් මෙම සිදුවීමෙන් පසුවද ක්ලයිඩ් විලියම් ටොම්බෝ විසින් 1956 දී මෙම සිදුවීම පිළිබදව ප්‍රකාශ කරල තියනවා.

I have seen three objects in the last seven years which defied any explanation of known phenomenon, such as Venus, atmospheric optic, meteors or planes. I am a professional, highly skilled, professional astronomer. In addition I have seen three green fireballs which were unusual in behavior from normal green fireballs...I think that several reputable scientists are being unscientific in refusing to entertain the possibility of extraterrestrial origin and nature.


තවද 1949 වාර්ෂයෙදී ක්ලයිඩ් විලියම් ටොම්බෝ විසින් වයිට් සෑන්ඩ් මිසයිල ප්‍රදේශයේ නාවික හමුදා මිසයිල අධ්‍යක්ෂ කමාන්ඩර් Robert McLaughlin හට ප්‍රකාශ කරල තියනවා ඔහු දැක තිබෙන බවට 1941 දී දීප්තිමත් ආලෝකයක් අගහරු ග්‍රහයා තුලින්.

Dr. J. Allen Hynek මහතා
ඵ් වගේම 1952 ජුනි මස Dr. J. Allen Hynek මහතා විසින් Project Blue Book හි හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව අධ්‍යනය කිරිම පටන්ගත් අතර ක්ලයිඩ් විලියම් ටොම්බෝ හා තවත් තාරකා විද්‍යාඥයන් හතර දෙනෙකු විසින් ඔවුන් නිරීක්ෂණය සිදුකල හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව Allen Hynek මහතා වෙත ප්‍රකාශ කර තිබේ.මෙහිදි වැඩිදුරටත් ක්ලයිඩ් විලියම් ටොම්බෝ පවසා ඇත්තේ ඔහුගේ දුරෙක්ෂය ගුවන් හමුදාව විසින් ඉවත් කර ඇති බවයි.ඵනම් ඔහු හදුනා නොගත් පියාසර වස්තූන්හි ජායාරූප ගැනීම හේතුවෙන්.

0 comments:

නිහඩ කලාපයේ අමුතු සිදුවීම්

2:27:00 PM max 0 Comments

උතුරු ඇමෙරිකාවේ ටේක්‌සාස්‌ ප්‍රාන්තයේ සිට සැතපුම් 400 ක්‌ දකුණු දෙසට පිහිටා ඇති කාන්තාර ප්‍රදේශය නිහඬ කලාපය Zone of the silence (Zona Del Sieencio) ලෙස හදුන්වයි. මෙය දැනට පෘථිවියෙහි තිබෙන අභිරහස්‌ සිදුවීම් සිදු වී තිබෙන ස්‌ථාන අතරින් ප්‍රමුඛස්‌ථානයක්‌ ගනු ලබයි. මේ හරහා ගමන් කරන ඕනෑම අයෙක්‌ සතු ජංගම දුරකතන, මාළිමා යන්ත්‍ර තාක්‍ෂණික උපාංග ක්‍ෂණිකව අක්‍රීය වීම විශේෂත්වයකි. මෙම භූමිය තුළ පුදුමාකාර ගල් විශේෂයක්‌ විසිරි තිබෙනු දැකගත හැකිය. මෙම කාන්තාර භූමියට පිවිසෙන මිනිසුන්ට අමුතු හැගිමක්‌ දැනෙන බවද මෙහි හදුනාගත හැකි කාරණයකි.

මෙක්‌සිකානු ගුවන් නියමුවෙකු වන Fransisco Sarrabia නැමති පුද්ගලයා 1930 දී මෙම කාන්තාර භූමිය සොයා ගෙන තිබේ. මේ ප්‍රදේශයෙන් පියාසර කිරීමේදී ඔහු පැදවූ ගුවන් යානයේ රෙඩාර් යන්ත්‍රය ක්‍රියාවිරහිත වී තිබුණි.

නිහඬ කලාපය Zone of the silence (Zona Del Sieencio), බර්මයුඩා ත්‍රිකෝණය (Bermuda Triangleැ), ඊජිප්තු පිරමීඩ (Egypt pyramid ) යන ස්‌ථාන තුනම එකම රේඛාවක පිහිටා තිබීම විශ්මයජනක සිදුවීමක්‌ ලෙස දැකිය හැකි ය.

නිහඬ කලාපය තුළ සිදු වූ අමුතු සිදුවීමක්‌ 1970 දී වාර්තා වේ. මෙදින ඇමේරිකානු හමුදාවේ යූටාහ් හමුදා පර්යන්තයේ දී මිසයිලයක්‌ මුදා හරින ලදි. එහි ඉලක්‌කය වී තිබුණේ සැතපුම් 700 ක්‌ ඈතින් පිහිටි නිව් මෙක්‌සිකෝවල වයිට්‌ සෑන්ඩ් ප්‍රදේශයයි. නමුත් හදුනාගත නොහැකි යම් හේතුවක්‌ මත මෙම මිසයිලය පතිත වී තිබුණේ සැතපුම් සිය ගණනක්‌ ඈතින් ඇති නිහඬ කලාපය වෙතටයි. එලෙසම එම මිසයිලය නිහඬ කලාපයේ පොළව මතට කිඳා බැස තිබුණේ විශ්වාස කළ නොහැකි ආකාරයකටයි. මෑත කාලයේදී මෙම සිදුවීම සිදු වුවද අපගේ මුතුන් මිත්තන්ගේ කාලයේදී පවා අභ්‍යාවකාශයේ සිට යම් යම් වස්‌තූන් පතිත වී තිබෙන බව වාර්තාවල සඳහන් වේ.

මෙම සිදුවීම්වලින් ඔප්පු වන්නේ නිහඬ කලාපය නැමති ප්‍රදේශය තුළ අසීමිත බලයක්‌ තිබෙන බව නොවේ ද? මෙය අභ්‍යවකාශ වස්‌තූන් ඇදගන්නා විශාල සුළියක්‌ විය හැකි ය. විශාල චුම්භක බලයක්‌ මෙම කලාපය තුළ පිහිටා තිබෙන බවද හදුනාගෙන ඇත.

වසර 3000 කට පමණ පෙර අනසාසි සංස්‌කෘතිය (Anazazi) අමෙරිකාවේ උතුරු දිශාවෙහි බිහි වී තිබී ඇත. අනසාසි (Anazazi) යන්නෙහි තේරුම වන්නේ 'පුරාතන අය' යන්නයි. එලෙසම තරු පිළිබඳව ඉතා දියුණු දැනුමක්‌ ඔවුන් සතු වී ඇත. විද්‍යාඥයන් පවසන පරිදි ක්‍රි.ව 1054 කාල වකවානුවේදී අද්භූත තාරකා පිපිරීම පෘථිවියේ සිට නැරඹීමේ හැකියාව තිබූ බවයි. ඒ වාගේම අනසාසි සංස්‌කෘතියෙහි ඇති ගල්ලෙන් තුළ පළමු අද්භූත චිත්‍ර සොයා ගැනුණි.

නිහඬ කලාපයේ දකුණු දෙසට වන්නට මායා සහ අනෙකුත් සංස්‌කෘතීන් පිහිටා තිබුණි. මේ සංස්‌කෘතින්ගේ පිරිසටද අනසාසි සංස්‌කෘතියේ ජීවත්වූ අයට මෙන්ම දැනුමක්‌ තිබී ඇත. සමහර විට කිනම් හෝ ක්‍රමයකින් මෙම සංස්‌කෘතීන් දෙක ඔවුන්ගේ දැනුම බෙදා ගත්තා විය හැකි ය.

නිහඬ කලාපයට උතුරින් තිබූ අනසාසි ඇතුළු සංස්‌කෘතීන් ද නිහඬ කලාපයට දකුණින් පිහිටි මායා ඇතුළු සංස්‌කෘතීන්වල හමුවීමේ මධ්‍යස්‌ථානයක්‌ ලෙස නිහඬ කලාපය භාවිත කළාද විය හැකි ය. මන්ද මෙම කලාපයට ඉහළ අහසේ තිබෙන තරු හා ආකාශ වස්‌තූන් ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්‌ථාව තිබී ඇති නිසා ය. මීට අමතරව මෙම සංස්‌කෘතීන් දෙක තුළ ඇති අනෙක්‌ සම්බන්ධතා මොනවා විය හැකි ද? මෙම සංස්‌කෘතීන් පැවතෙන්නේ එකම ඇදහීමකින් ද? සංස්‌කෘතීන් පිළිබඳව සොයා බැලීමේ දී ඔවුන් දෙපොළම අහසින් පැමිණි මිනිසුන්ට විශාල ලෙස වැදුම් පිදුම් කළ බව ඉතිහාසය අධ්‍යයනයෙන් හඳුනාගත හැකි ය. එසේ යම් අයෙක්‌ අහසින් පැමිණියා නම් ඔවුන් කවුරුන් ද? මෙලෙස අහසින් මිනිසුන් පැමිණියා නම් ඔවුන් පෘථිවියේ සිටින මිනිසුන් හා බොහෝ දුරට සමාන බව ගල්ලෙන් ආශ්‍රිතව හඳුනාගත් චිත්‍ර තුළින් සොයා ගැනීමට හැකි ය. බොහෝ වාර්තාවලට අනුව මේ අහසින් පැමිණි මිනිසුන් අපගේ මුතුන් මිත්තන් පුරාතනයේ සිටම ඇසුරු කර ඇත. අදටත් ඔවුන් අප සමඟම ජීවත්වනවාද විය හැකි ය.

සමහර විට නිහඬ කලාපය අභිරහස්‌ යානා පෘථිවියට පැමිණෙන දොරටුවක්‌ විය හැකි ය. කෙසේ නමුත් මෙම ස්‌ථානය තුළ අභිරහස්‌ සිදුවීම් සිදුවන බව නම් පිළිගත යුතුමය.

මදක්‌ සිතන්න.

දැනට අවුරුදු 10,000කට පෙර ඔබ පෘථිවියට පැමිණුනා යෑයි සිතන්න. නමුත් එම කාලයේ දී වර්තමානයේ මෙන් සිතියම් (Map), GPS උපකරණ, පාරවල්, මං සලකුණු කිසි දෙයක්‌ නොතිබුණා නම් ඔබ පෘථිවියෙහි චුම්භක ක්‍ෂේත්‍රය වැඩිම ස්‌ථාන ලකුණු කරනවා යම් කිසි ක්‍රමයකින්. හේතුව නැවත ඔබ යම් දිනක පෘථිවියට පැමිණෙනවා නම් කලින් සලකුණු කළ ස්‌ථාන තමයි ඔබගේ මං සලකුණු වන්නේ. ඒවා ඔබට පෘථිවිය තුළ සැරි සැරීමට පාර කියා දෙනු ඇත.

ඒවාගේම පෘථිවියෙහි තිබූ මෙම අසාමාන්‍ය චුම්භක ක්‍ෂේත්‍රයේ වෙනස්‌වීම් ඔවුනට හදුනා ගැනීමට හැකි වූවා විය හැකි ය. මෙහි තිබෙන අභිරහස්‌ දොරටු සමහර විට සක්‍රීයව තිබෙන්නට ඇත. පුරාතනයේ දී ඔවුන් මේවා භාවිත කරන්නටද ඇත.

මේ සියලු සංසිද්ධීන් තුළින් පිළිඹිබු වන්නේ නිහඬ කලාපය තුළ පෙර කතා කළ පරිදිම තවත් ස්‌ථාන හා දිණිකයෙන් ගමන් කළ හැකි සුළියක්‌ හෝ දොරටුවක්‌ තිබෙන බවක්‌ නොවේ ද? මෙවැනි ස්‌ථාන තවත් පෘථිවිය තුළ තිබෙනවා ද විය හැකි ය.

උපුටා ගැනීම
දිවයින පුවත් පත
ඩබ්ලිව්. ජී. එන්.

0 comments:

හදුනා නොගත් ජීවියෙක් ඇලස්කාව තුලින්

11:43:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය -  1930
නිරීක්ෂිත ස්ථානය - ඇමරිකා ඵක්සත් ජනපදය ඇලස්කාව තුල
පිටසක්වල ජීවින් ගැන මෙම අතීත වාර්තාව හමුවූයේ ufocasebook.com නම් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සොයාබලන අඩවිය තුලින්ය.මෙම සිදුවීම පිළිබදව ufocasebook අඩවිය වෙත වාර්තා කල පුද්ගලයා මෙම සිදුවීම පිළිබදව සදහන් කරඇත්තේ මෙම ලබාදී ඇති ජායාරූපය ඔහුගේ සීයා විසින් 1930 වර්ෂයේ මුල් කාලවකවානු වලදී ලබාගත් බවයි.මෙම සිදුවීම පිළිබදව ufocasebook අඩවිය වෙත මෙම පුද්ගලයා වාර්තා කර ඇත්තේ 2003 අගෝස්තු 14 වැනි දිනයි.මෙම ජායාරූප පිළිබදව හෙළිකර ඇති පුද්ගලයාගේ සීයා ඔහුට මෙම ජායාරූප සහ සිදුවීමේ සැබෑ තොරතුරු හෙළිකර ඇති අතර පසුව මෙම පුද්ගලයාගේ සීයා මියගොස් ඇත.ඉන්පසුව ඔහු මෙම ජායාරූපය ufocasebook අඩවිය වෙත ලබාදී ඇත.

මේ පිළිබදව වාර්තා කල පුත්ගලයා නිර්නාමිකව ඔහුගේ අදහස් ප්‍රකාශ කරඇති අතර ඔහුට මෙම සිදුවීම පිළිබදව කිසිදු පර්යේශණයක් වත් වෙනත් දෙයක් වත් අවශ්‍යය නොවන බවටද ප්‍රකාශ කර තිබේ.
 

පහත දැක්වෙන්නේ ඔහු විසින්  ufocasebook අඩවිය වෙත ලබාදුන් වාර්තාව.
 
මෙම අභිරහස් සිදුවීම පිළිබදව සොයාගත හැකිවුනේ මෙම තොරතුරු ටික පමනයි.මෙම සිදුවීමේ සැබෑ කතාව වර්තා කල පුද්ගලයා පැවසුවා නම් තවදුරටත් මෙම සිදුවීම පිළිබදව අපිට කතා කරන්න බොහෝ දේ ඉතිරි වෙන්න තිබුනා.නිසි ආකාරයෙන් පැහැදිලි කරුණු පැවතියේ නැතත් මෙම සිදුවීම පිටසක්වල ආගමනය පිළිබදව තවත් ඵක් අතීත වාර්තාවකි...

0 comments: