සිතුවමකින් හෙළිවූ කාලතරණයක්

9:02:00 AM max 0 Comments

සොයාගත් දිනය - 2016 මැයි 24
සොයාගත් ස්ථානය - Pieter De Hooch නම් චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් තුලින්, 1670 වසරේ 

මැයි 25 තවත් අපූරු කාලතරණ සිදුවීමක් යැයි සැක සිතන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් වුනා.මේ හෙළි කිරීමට පුරෝගාමි වුනේ ඇපල් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී Timothy Donald නැත්නම් ලොවම ඔවු හදුනන්නේ Tim Cook යන නාමයෙනි.මොහු විසින් සිදුකල ප්‍රකාශයක් තුලින් තුලින් යම් ආන්දෝලනයක් ඇතිවී තිබේ.පසුගිය 24 වැනි දින Tim Cook හා හිටපු යුරෝපීය කොමසාරිස් Neelie Kroes සමග පැවැත්වූ සාකච්චාවක් තුල ඇපල් උපංග මිනිස් ශරීරයට බලපාන ආකාරය ගැන කතාබහ වී තිබේ.මෙහිදි  Neelie Kroes විසින් සාකච්චාව වෙනත් පැත්තකට යොමු වන සේ කතාවෙන් බැහැර පැණයක් Tim Cook ගෙන් අසා ඇත. Neelie Kroes ගේ පැණය වුයේ.
"Do you happen to know Tim, where and when the iPhone was invented?"
යන පැණය Tim Cook වෙත ඉදිරිපත් කළා.මෙහෙදි හරි අපූරූ පිළිතුරක් තමා Tim Cook පවසලා තියෙන්නේ.ඔහු පැවසුවේ
"You know, I thought I knew until last night. Last night Neelie took me over to look at some Rembrandt and in one of the paintings I was so shocked. There was an iPhone in one of the paintings,"
යනුවෙන් සිනහමුසු මුහුනින් පවසා ඇති අතර ඔහු දුටු චිත්‍රය ඵම අවස්ථාවේ පෙන්වා ඇත. නමුත් ඵය පැහැදිලිසේ දැකගත නොහැකි අතර බොදවූ ආකාරයක් ගනී.

පසුව නැවතත් Tim Cook පැවසුවේ
It's tough to see but I swear it's there,
යනුවෙනි.නමුත් මෙහෙදී යම් ගැටලුවක් පැණනගිනවා Tim Cook කියන්නේ Rembrandt කියන ලන්දේසී චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවම් බවට.නමුත් මේ පෙන්වූ සිතුවම සැබවින්ම සිතුවම් කර ඇත්තේ 1670 වසරේ Pieter de Hooch නම් චිත්‍ර ශිල්පියා විසිනි.ඵය සිතුවම
Man Handing a Letter to a Woman in the Entrance Hall of a House යනුවෙන් නම්කර ඇත.මෙය විකිපීඩියා හි නම් කරඇත්තේ Young woman with a letter and a messenger in an interior යනුවෙනි.Tim Cook  නැවතත් අවසාන වශයෙන් පැවසුවේ
"I always thought I knew when the iPhone was invented, but now I'm not so sure anymore,
ඵසේ නම් 1670 වසරේ සිතුවමක් තුල කාන්තාවක් සිය අතේ තබාගෙන සිටින්නේ කුමක්ද යන්න ඇපල් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී Tim Cook හටත් ගැටලුවකි.

0 comments:

ආර්ජන්ටිනාවේ පිටසක්වල ජීවියෙකු දිස්වේ

7:47:00 PM max 0 Comments

ආර්ජන්ටිනාවේ සැන්ට කෲස් නගරයේදී හදුනානොගත් පියාසර යානයක් හා පිටසක්වල ජීවීන් ලෙස සැලකෙන ජීවීයකු දර්ශනයවී ඇතැයි එරට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එරට පාසල් සිසුන් 3න් දෙනකු විසින් ගසක් මත දිී සිටි මිනසකුට සමාන එහෙත් දිගු අත් හා දැල් දැල් වැනි කොටස්වලින් වැසුණු සිරුරක් සහිත ජීවියකු දැක ඇති බවයි. ළමුන් දුටු වහාම එම සත්ත්වයා එම ස්ථානයෙන් අතුරුදන්ව තිබෙනවා.
එම අවස්ථාවේ එම ළමුන්ගේ කෑ ගැසීම අසා බොහෝ දෙනකු එම ස්ථානයට පැමිණියද කිසිවකුට යලිත් එම සත්ත්වයා දර්ශනයවී නැහැ.
එහෙත් එම ස්ථානයට ඉතා ආසන්නයේ වෙසෙන පිරිසක් එම අවස්ථාවේදී ආර්ජන්ටිනා පොලිසිය වෙත කරුණු දක්වා ඇත්තේ තමන්ගේ නිවෙස්වලට ඉහලින් සැක සහිත පියාසර වස්තුවක් ගමන් කළ බවයි. එය පියාඹන පීරිසියකට සමාන බවයි ඔවුන් දන්වා ඇත්තේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක‍්‍රියාත්මකයි.
 
 
 
lankaanews

0 comments:

උත්තර් ප්‍රදේශයේ දිස්වූ හදුනා නොගත් පියාසර වස්තූන්

7:01:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මැයි 20
නිරීක්ෂිත ස්ථානය - උත්තර් ප්‍රදේශය,ඉන්දියාව
මෙම අසාමන්‍ය හදුනා නොගත් වස්තුව මැයි මස 20 වැනි දින ඉහල වායුගෝලය හා ගැටුණු අතර ඉන්දියවේ උත්තර් ප්‍රදේශයේ පුත්ගලයකු විසින් විඩියෝගත කරඇත.පෙනුමින් ග්‍රාහක කොටසක් හෝ අභ්‍යාවකාෂ සුන්බුන් දැවී යන ආකාරයෙන් දිස්වුවද.මෙහි ඉදිරිපසින් පැමිනෙන වස්තුව පිටුපසින් කැට ආකාරයේ කොටස් නිකුත් කරන ආකාරයක් දැකිය හැකිය.තවද ග්‍රහක කොටසක් වේ නම් ඵහි දිගු වලිග කොටසක් පැවතිය යුතුය.
ඵම විඩියෝව.

0 comments:

Tahoe විල අසල හදුනා නොගත් පියාසර වස්තුවක්

5:28:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මැයි 18
නිරීක්ෂිත ස්ථානය - Tahoe විල අසල,කැලිෆෝනියා,ඇමරිකා එක්සත් ජනපදය
මෙම හදුනා නොගත් පියාසර වස්තුව කැලිෆෝනිවේ Tahoe විල අසලින් දිස්වී තිබේ.මෙම ජායාරූපය ලබාගත් පුත්ගලයා පසුව ලබාගත් ජායාරූපයන් නැරබීමේදි මෙම වස්තුව දැක තිබේ.මෙම විල බොහෝ විසඳගත නොහැකි සිදුවීම් වලට ලක්වී තිබෙන බවට වාර්තා වෙනවා.මෙම විල පිරිසිදු සීතල ජලයෙන් පීරි ඇති අතර උපරිම ගැබුර අඩි 1,645 වෙනවා.මෙම විල ආශ්‍රිතව සිදුවූ අතීත සිදුවීම් තුලින් 1800 දී විල අසල ජීවත්වූ Washoe නම් ගෝත්‍රිකයන් හා Paiute ගෝත්‍රිකයන්ගේ වාර්තා තුල තිබෙනවා විල පත්ලේ රාක්ෂ වාසස්ථාන ඇති බවට.1970 දී මෙම විල ගවේෂණය කිරීමට පැමිනි ප්‍රසිද්ධ ප්‍රංශ සාගර විද්‍යාඥ Jacques Cousteau මහතා මෙම විල පත්ලේ ශවේෂණයන් සිදුකල අතර ඵහි ඔහු යමිකිසි බිය ගන්වන සුලු දෙයක් දැක තිබෙන අතර ඵහි තොරතුරු මහජනතාව වෙත හෙළි නොකිරීමට වගබලාගත්තා.පසුව මෙම විල තුල යම්කිසි අභිරහසක් ඇති බවට හොදින්ම හෙළි වුයේ ඔහු විසින් ම සිදුකල ප්‍රකාශයක් හේතුවෙනි.ඔහුගේ ප්‍රකාශය නම් “The world is not ready for what is down there!” වේ.ඵසේ නම් ඔහු දුටුවේ කුමක්ද?Jacques Cousteau මහතා කිසිදු දිනෙක ඔහුගේ පර්යේෂණ වාර්තා පිටවීමට ඉඩ නොදුන් අතර Tahoe විලේ අභිරහස ඵයින් සැගවී ගිය.බොහෝ විට මෙම වස්තුව මෙම විල පතුලේ සිට පැමිනි දෙයක් විය හැකිය.

 
 

0 comments:

අැපලෝ 11 මෙහෙයුමට අයත් ජායාරූප තුලින් හදුනා නොගත් පියාසර වස්තූවක්

3:27:00 PM max 0 Comments

 
නිරීක්ෂිත දිනය - 2016 මැයි 24
නිරීක්ෂිත ස්ථානය - චන්ද්‍රයා අසල

Streetcap1 යූට්යුබ් චනලය විසින් අපලෝ 11 මෙහෙයුමට අයත් ජායාරූප තුලින් යානාව හැඩයක් ගන්න වස්තුවක් සොයාගත් බවට වාර්තා කරයි.
මෙම ජායාරූපය ඇපලෝ 11 මෙහෙයුමට අයත් වන අතර මෙහි අධි විභේදන ජායාරූපය නැරබීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කළ හැකිය.http://www.lpi.usra.edu/resources/apollo/frame/?AS11-43-6471 
බැලූ බැල්මට මෙය ස්ටාර් වෝර් සිනමා පටයේ ඵන මිලේනියම් ෆැල්කන් යානායේ හා බෝල්ටික් මුහුදේ ගිලී පවතින හදුනා නොගත් පියාසර වස්තුවක හැඩයක් ගන්න පාෂණමය ව්‍යුහයේ ආකාරයක් ගනී.

බෝල්ටික් මුහුදේ ගිලී පවතීන ව්‍යුහයේ විඩියෝව
Streetcap1 යූට්යුබ් චනලයේ විඩියෝව පහතින් නැරබිය හැකිය.

0 comments:

ඉන්දියාව අභ්‍යාවකාශ ෂටලය මූලාකෘතියක් අත්හදා බලයි

9:04:00 AM max 0 Comments

අප අසල්වැසි රට වන ඉන්දියාව පසුගිය 22 වැනි දින ඵරට (ISRO)Indian Space Research Organization විසින් නිළ වශයෙන් ප්‍රකාශයක් කරල තියනවා ඔවුන් විසින් කාර්යමණ්ඩලයක් රහිත කුඩා අභ්‍යාවකාශ ෂටලය මූලාකෘතියක් දියත් කිරීමට සූදානම් බවට.ඵ් අනුව ඔවුන් විසින් 23 වැනි දින HS9 රොකට්ටුව මගින් ඉන්දියාවෙහි Satish Dhawan Space Center හිදි මෙම දියත් කිරීම සිදුකර ඇත.රොකට්ටුව මගින් තත්පර 90 කාලයක් තෙරපුම් ලබාදී ඇති අතර ටොන් 1.5 බරක් සමග උපරිම කිලෝමීටර් 65ක් පමන ඉහලට ගොස් ඇත.ඵම දුර බාහිර අභ්‍යාවකාශයට ඉතාමත් ආසන්න දුරක් වේ.මෙම අත්හදා බැලිම RLV-TD ගනයට අයත් වේ.ඵනම් Reusable Launch Vehicle-Technology Demonstrator (නැවත භාවිතා කල හැකි යානා - තාක්ශණික ප්‍රදර්ශක) මෙම RLV-TD මූලාකෘති සාර්ථක ලෙස ඵහි උපරිම උස සටහන් කරමින් නැවත පෘථිවිය බලා පැමිනෙන විට ඉහල වායුගෝලයේ ගැටීම නිසා ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් පැමින ඇති අතර ඵය බෙංගාල බොක්ක වෙත පතිතවී තිබේ.
 
 
දියත් කිරිමේ විඩියෝව

0 comments:

එම් එච් 804 යානයට පිටසක්වල පහර දීමක්ද

8:52:00 PM max 0 Comments

පසුගියදා මගීන් 69 දෙනෙකු සමග අනතුරට ලක්වූ ඊජීප්තුවට අයත් එම් එච් 804 යානය එම අනතුරට ලක්වූ අවස්ථාවට ආසන්න කාලයකදී එම ගුවන් කලාපයේම ගමන් කළ පිටසක්වල යානාවක් සම්බන්ධ නිරීක්ෂණයක් ලන්ඩන් එක්ස්ප‍්‍රස් පුවත් වාර්තාවකින් ප‍්‍රසිද්ධකර තිබෙනවා.

එම කලාපයේ ඒ ආසන්න කාලයේ ගිය මගී ගුවන් යානා දෙකක්ම කොළ පැහැති ආලෝකය විහිදුවන අපූරු යානාවක් ගැන නිරීක්ෂන ඉදිරිපත් කර තිබෙන බව විදෙස් වාර්තා කිහිපයක දැක්වේ. මෙම කොල එලි විහිදුවන යානය අධික වේගයෙන් ගමන් කළ බවට එම නියමුවන් එම අවස්ථාවලදී තුර්කි මෙහෙයුම් මධ්‍යස්ථානයට දැනුම් දී ඇති බවද වාර්තා වුනා.

එම යානය මගින් අදාළ විනාශයට පත් යානය අනතුරේ හෙළා ඇති බව එම වාර්තා වල දැක්වේ. කෙසේ වෙතත් එම කලාපයේ රේඩාර් පරීක්ෂාව කරන්නට බලධාරීන් පියවර ගත්තත් කිසිදු සැකකටයුතු දෙයක් සොයාගැනීමට ලැබී නැත.

0 comments:

උල්කාවක් ඇමරිකාණු අහසේ දැවීයයි

7:16:00 PM max 0 Comments

ඉතා විශාල උල්කාවක් මෙම මස 17 වැනි දින ඊසාන දිග එක්සත් ජනපදයේ රාත්‍රී අහස ආලෝකමත් කරමින් දැවී ගොස් ඇති අතර සියගනනින් නිරීක්ශනය සිදුකල පුත්ගලයන් විසින් වාර්තා කරඇත.මෙම අපූරු උල්කාව දැවීයන ආකාරය ඵම ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක් තුල සටහන් වී තිබේ.
මෙම ජායාරූපයෙන් දැක්වෙන්නේ නිව් හැම්ප්ෂයර් හි නගරයක් වන පෝර්ට්ස්මත් තුල ඇති Piscataqua ගඟ අසල තිබු සජීවි විඩියෝ කැමරාවක් තුල ඵම උල්කාව සටහන්වූ ආකාරයයි.මෙම උල්කාව පිළිබදව American Meteor Society (AMS) විසින් නිරික්ශණය කරඇති අතර ඔවුන් විසින් උල්කා කොටස් දෙකක් ඉහල වායුගෝලය තුලට ඇතුලු වෙන ආකාරය නිරීක්ශණය කරඇත.පහත ජායාරූපයෙන් දැක්වෙන්නේ ඔවුන්ගේ ඵම නිරීක්ශණ තුල සටහන්වූ උල්කාපාතයන් වේ.
 
ඵම උල්කාවේ විඩියෝ දර්ශණය පහතින් නැරබිය හැකිය.

0 comments:

කෙප්ලර්ගෙන් නැවතත් වාර්තාවක්

7:27:00 PM Sachitha Viraj 0 Comments

කෙප්ලර් දුරේක්ෂය ,

                     2015 ජූලි මාසය වන් විට නිරීක්ෂණය කර තිබූ පිටස්තර ග්‍රහලෝක යැයි සැක කළ හැකි වස්තු 4302 ක් අතරින් 1284ක් , ග්‍රහලෝක විය හැකි බවට සියයට 99ක් ම තහවුරු   කළ හැකි සාක්ෂි ,විද්‍යාඥ්යන් සොයගෙන ඇත. සංඛ්‍යාව  මෙතෙක් කෙප්ලර් දුරේක්ෂය විසින් එක් වරකදී සොයාගනු ලැබ ඇති පිටස්තර ග්‍රහලෝක සංඛ්‍යාව මෙන් දෙගුණය්කටත් අධික ප්‍රමාණයකි.වැඩි වැඩියෙන් පිටස්තර  ග්‍රහලෝක අලුතින් සොයාගැනීමේ ප්‍රවණතාව දෙස බලන විට විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව තාරකා සංඛ්‍යාව ඉක්ම වනු ඇතැයි සිතිය හැකි බව NASA මූලස්ථානයේ   තාරකා භෞතික විද්‍යා අංශයේ ප්‍රධානී පෝල් හර්ට්ස් පවසයි. 

කෙප්ලර් දුරේක්ෂය ග්‍රහලෝකයක් සොයා ගන්නේ එය එහි මවු තරුව ඉදිරියෙන් ගමන් කිරීමේදී තරුවෙන් නිකුත් වන අලෝකයෙහි සිදු වන අඩු වීම ( මුවා වීම ) අනුසාරයෙනි. මේ සිදු වීම ඉකුත් දා සිදු වූ බුධ සංක්‍රාන්තිය ( බුධ ග්‍රහලොව සූර්යයා ඉදිරියෙන් ඇති අපේ දර්ශන පථය යෑම ) හා සමාන සිදුවීමකි ...!!

0 comments:

ධවල මන්දිරය තුලින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබද හෝඩුවාවක්

12:04:00 AM max 0 Comments

මාධ්‍ය හමුව පැවැත්වූ දිනය - 2016 මැයි 17
හිටපු ඇමරිකාණු ජනාධිපති වරුන් හා ජනාධිපති අපේක්ෂකයින් විසින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව දැක්වුයේ ඵතරම් ලොකු තැකීමක් නොවේ.නමුත් බිල් ක්ලින්ටන් ජනාධිපති වරයාගේ ආර්යාව වූ හිලරි රොඩ්හැම් ක්ලින්ටන් ඵ්රියා 51 හි හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව හෙළි කිරිමට පොරොන්දු වී සිටී.මේ පිළිබදව ඇය පැවසුවේ ඇය ඇමරිකාණු ජානාධිපති තනතුරට තේරී පත්වුවහොත් මෙම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව හෙළි කිරීමට ඇය සූදානම් බවයි.මෑතකදී පැවත්වූ ගුවන් විදුලි සාකච්චාවකදී ඇය පැවසුවේ  “I want to open the files as much as we can,” යනුවෙනි.ඉක්බිතිව New York Times වෙබ් අඩවිය විසින් මෙම ප්‍රකාශය නැවත කරළිය වෙත ගෙන ඵන ලදි ඵනම් Hillary Clinton's Campaign යනුවෙන් වාර්තාවක් ඵම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කළා.මීට කලින් වත්මන් ඇමරිකාණු ජනාධිපති බැරක් ඔබාමා ගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් මෙම මාධ්‍ය හමුව වෙත පැමිණි ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest විසින් පැවසුවේ “I have to admit, I don’t have a tab for Area 51 in my briefing book today, යනුවෙන් ඔහුගේ ප්‍රතිඥාව ලබා දුන්නා.පසුව පැමිනි සිටි මාධ්‍ය කරුවන් තුලින් ඇතිවූයේ සිනහ මුසු වාතාවරණයකි.  ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest විසින් පැවසූ දේ තුල මහා කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු පැවසු දෙයින් සිතාගැනීමට හැකිය.ඔහු ප්‍රශ්ණයට පිළිතුරු සගවාගෙන කාතා කරන ආකාරයක් දැකිය හැකිය.අවසාන වශයෙන් ඔහු පැවසුවේ I’m not aware of any plans the President has to make public any information about this යනුවෙනි.හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව දැනට ඇමරිකාණු ධවල මන්දිරය තුලින් පැමින ඇති මෙම හෝඩුවාවත් සමගම මෙම වසර තුල තවත් හෙළි කිරිම් සිදුවිය හැකිය.


ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest ගමාධ්‍ය හමුව පහත විඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments:

තුර්කි ගුවන් නියමුවන් හදුනා නොගත් පියාසර වස්තූන් දකී

9:34:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 මැයි 19
නිරීක්ෂිත ස්ථානය - ඉස්තාන්බුල්, තුර්කිය
මෙම සිදුවිම පසුගිය 19 වැනි දින තුර්කි හි ඉස්තාන්බුල් නගරය ආශිතව සිදුවී ඇත.මෙම සිදුවීම පිළිබදව හෙළිකරණු ලැබුවේ තුර්කි ගුවන් නියමුවන් විසිනි.ඔවුන් පවසන ආකාරයට ඔවුන්හට නිරීක්ෂණය කිරීමට හැකි වෙලා තියනවා කොළ පැහැති වර්ණයක් සහිත හදුනා නොගත් පියාසර වස්තුවක් ඔවුන්ගේ ගුවන් යානාව පසුකරමින් ගමන් කරන ආකාරයක්.ඵම හදුනා නොගත් යානාව ඔවුන්ට අඩි 3000ක් පමන ඉහලින් ගමන් කරලා තියනවා ඵම අවස්තාවේ.පසුව ඵය අතුරුදහන් වී ඇති බවට නියමුවන් විසින් වාර්තා කරයි.නමුත් තවත් ගුවන් නියමුවන් විසින් ඵදින ඉස්තාන්බුල් හි ප්‍රධන අන්තර්ජාතික ගුවන් තොටුපල වන (Atatürk Airport) හි ගුවන් යානා පාලක මධ්‍යස්ථානය වෙත වාර්තා කරල තියනවා ඵකී වස්තුවක් පිළිබදව.ඵම වාර්තා කිරීම අනුව ඔවුන් ඉස්තාන්බුල් හි Silivri නම් ප්‍රදේශය තුල නිරීක්ශණය කර ඇති අතර ඵම ගුවන් යානාව පැමින ඇත්තේ බටහිර තුර්කි සංචාරක නගරයක් වන Bodrum නගරයේ සිට ඉස්තාන්බුල් වෙතය.ඵහිදී ගුවන් යානාව අඩි 17.000 උසින් ගමන් කරමින් සිටින විට ගුවන් නියමුවන් විසින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව නිරීක්ශණය කර තිබේ.මේ පිළිබදව ඵරට රාජ්‍ය ගුවන් තොටුපළ අධිකාරිය පවසනුයේ කිසිදු සැක සහිත වස්තුවක් රේඩර් මත දර්ශණය නොවූ බවයි.
LOCAL - UFO with green lights passed over our plane, say Turkish pilots

0 comments:

ඉපැරණි අඟහරු සාගරවල මාරක සුනාමි

7:52:00 AM max 0 Comments

වසර බිලියන 3කට පෙර, අඟහරු ග්‍රහයාමට විශාල සාගරයක් තිබූ බවට නාසා විද්‍යාඥයින් තහවුරු කරගත්තේ මෑතකදී. කෙසේ වෙතත් මෙම සාගරයේ වෙරළතීරය පිලිබඳව සාධක අවමවීම නිසා, මෙතෙක් එය "මාර්ස් ඕෂන් හයිපෝතීසිස්" ලෙසින් හැඳුන්වෙන කල්පිතයක් ලෙස පමණක් සැළකීමට විද්‍යාඥයින් පරිස්සම් වුනා.

කෙසේ වෙතත් අඟහරු ග්‍රහයාගේ උතුරුදිග තැනිතලා ප්‍රදේශවලින් ලබාගත් අධෝරක්ත ඡායාරූප වල මීට වසර බිලියන 3.4කට පෙර අඟහරු සාගරයේ හටගත් මාරක සුනාමි දෙකක් මගින් ඉතිරිකර ගිය සළකුණු සොයාගැනීමට නිව් යෝර්ක් නුවර කෝනෙල් විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් සමත්වෙලා තියෙනවා.

 
අඩි 400ක් පමණ උස රළපහරවල් ඇතිකරන්නට සමත්වුනා යයි සැක කෙරෙන මේ මාරක සුනාමි අඟහරු මුහුදට කඩා වැටුනු අතිවිශාල ග්‍රහක දෙකක් නිසා ඇතිවෙලා තියෙන බවට අනුමාන කරනවා. මෙයින් විශාලම සුනාමිය නිසා අඟහරු සාගරය අවට වර්ග කිලෝමීටර් මිලියනයක් පමණ ජලයෙන් යටවුනු බවට සාධක හමුවෙලා තිබෙනවා.
උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ
 

0 comments:

විශ්වවිද්‍යාල හා පාසැල් සිසුන් සඳහා වාර්ෂිකව නාසා ආයතනය පවත්වන රොකට් නිර්මාණ තරඟය

1:49:00 PM max 0 Comments

 
නාසා ස්ටුඩන්ට් ලෝන්ච් යනු නාසා ආයතනය  විශ්වවිද්‍යාල හා උසස් පාසැල් සිසුන් සඳහා වාර්ශිකව පවත්වන රොකට් නිර්මාණ හා ගුවන්ගත කිරීමේ තරඟයකි.
සිසු-සිසුවියන් රොකට් තාක්ශණය, ගගන විද්‍යා ඉන්ජිනේරු තාක්ශණය හා අභ්‍යවකාශ විද්‍යාව පිලිබඳව උනන්දුකරවීම සඳහා පවත්වන මෙම තරඟය දැඩි කොන්දේසි හා තාක්ශණික ඉලක්ක ඇතුලත් තරඟයක් වන අතර රොකට් නිර්මාණය හා ගුවන්ගත කිරීම සඳහා වන කොන්දේසි හා විස්තර නාසා ආයතනය මගින් ප්‍රකාශයට පත්කරන අත්පොතෙහි දක්වා ඇත.

 
මෙම වසරේ තරඟය අප්‍රේල් 13-16 දිනවල ඇලබාමා ප්‍රාන්තයේ මාෂල් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අසලදි පැවැත්වූ අතර අමෙරිකාවේ ප්‍රාන්ත 22ක විශ්වවිද්‍යාල හා උසස් පාසැල් විශාල ප්‍රමාණයක සිසු-සිසුවියන් මෙම තරඟය සඳහා රොකට් ඉදිරිපත්කොට තිබුණි. මෙම තරඟයේ ප්‍රථිපල මේ වනවිට නාසා ආයතනය නිකුත් කොට ඇති අතර ඒ අනුව විවිධ අංශ සඳයා ජයග්‍රාහී කණ්ඩායම් වල නම් ප්‍රසිද්ධ කෙරෙමින් පවතී.
2016 වසරේ හොඳම රොකට්ටුව සඳහා වන ත්‍යාගය කෝර්නෙල් විශ්වවිද්‍යාලය මගින් දිනා ඇති අතර වඩාත්ම ඉහල නැගි රොකට්ටුවට හිමි ත්‍යාගය මීටර් 1600ක් (කිලෝමීටර් 1600ක් ) ඉහල නැගි ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය ඉදිරිපත් කල රොකට්ටුවට හිමිවිය. රොකට්ටුවේ ගෙනගිය පරියේෂණ උපකරණ කට්ටලය (best scientific payload) සඳහා ත්‍යාගය වැන්ඩර්බිල්ට් විශ්වවිද්‍යාලය දිනාගත්තේය.

මෙම තරඟයට සහභාගී වීම සඳහා කණ්ඩායම් මුලින්ම කල යුත්තේ නාසා අත්පොතෙහි විස්තර කෙරෙන ආකාරයට සිය රොකට්ටු ව්‍යාපෘතිය පිලිබඳව ව්‍යාපෘති යෝජනාවක් නාසා වෙත එවීමයි. ඉන් තෝරා ගැනෙන කණ්ඩායම් නාසා ආයතනය මගින් අන්තර්ජාලය හරහා පවත්වන නිර්මාණ සමාලෝචන (design review) සැසි ගණනාවකට සහභාගී විය යුතු අතර මෙම නිර්මාණ සමාලෝචන සැසි සකසා ඇත්තේ සාමාන්‍ය නාසා රොකට් ව්‍යාපෘති සැළසුම් කිරීමේ පිලිවෙලටමය. ඒ අනුව නාසා ආයතනයේ තාක්ශණික ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳවද සිසුනට දැනුමක් ඇතිවන අතර විද්‍යාත්මක ලෙස ඉන්ජිනේරු ව්‍යාපෘතියක් සැළසුම් කිරීමද ඔවුන් ඉගෙන ගනී.

සමාලෝචන සැසි  Preliminary Design Review, Critical Design Review, Flight Readiness Review, Launch Readiness Review හා Safety Review ලෙසින් සකසා ඇත.

මීට අමතරව තරඟය පැවැත්වෙන දින රොකට්ටුව සාර්ථකව ගුවන්ගත කිරීමෙන් අනතුරුව, රොකට්ටුවේ ගෙන යන පර්යේෂණ උපකරණ මගින් රැස්කල දත්ත විශ්ලේෂණය කෙරෙන Post Launch Assessment Review සමාලෝචනයටද කණ්ඩායම සහභාගී විය යුතුය.

නාසා ස්ටුඩන්ට් ලෝන්ච් අත්පොත කියවීමට උනන්දුවක් දක්වන්නට මෙම ස්ථානයෙන් එය බාගත හැකිය.

 
උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ 

0 comments:

වැලන්ටිනා තෙරෂ්කෝවා

7:59:00 PM max 0 Comments

පෘථිවි වැසියෙකුට ජයගත හැකි ඉහලම ඉලක්කය වන්නේ අභ්‍යවකාශය ජය ගැනීමය. එකී උරුමය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ආරම්භ විය. එම අභියෝගාත්මක අරගලය සෝවියට් දේශය විසින් ඇමෙරිකාව පරදවා ජයග්‍රහණය කලේ 1961 දී යුරී ගගාරීන් උඩුගුවනට යැවීමෙනි.
තව දුරටත් රුසියානු තාක්ෂණ ලෝකය ජයගනිමින් එනම් 1963 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තවත් අපූරු අභ්‍යවකාශ ගමනක්‌ දියත් කරනු ලැබීය. එම වික්‍රමය නම් 1937 මාර්තු මස 06 වැනි දින සෝවියට්‌ දේශයේ බොල්ශෝ මැස්‌ලෙනිකෝවා ප්‍රදේශයේ උපන් වැලෙන්ටිනා වැලෙඩ්මිරෝව්නා තෙරෙෂ්කෝවා නම් එවකට 26 හැවිරිදිවූ තරුණ යුවතිය අභ්‍යවකාශයට යවා, නිරුපද්‍රිතව ආපසු ගෙන්වාගෙන අභ්‍යවකාශය ජයගත් ප්‍රථම කාන්තාව යෝවියට් යුවතියක් බවට ඉතිහාසයේ රන් අකුරින් ලියවීමයි.

යුරී ගගාරින්ගේ ඓතිහාසික වික්‍රමයෙන් අනතුරුව කාන්තාවක් අභ්‍යවකාශයට යැවීමට සෝවියට් දේශයට අවශ්‍යය විය. ඒ වෙනුවෙන් ලැබුණු අයදුම්පත් හාරසීයක් අතරින් අවසාන වශයෙන් තෝරා ගනු ලැබුවේ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා ද සමග පස්‌ දෙනෙකි. ඒ වන විට ඇය සිවිල් පැරෂුට්‌ භටයකු ලෙස සේවය කරමින් සිටියාය.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා තම කුඩා කාලය ගත කරනු ලැබුවේ බෙලරුසියාවේය. ඉන් පසුව රුසියාවට සංක්‍රමණය වූ අතර ඇයගේ පියා ට්‍රැක්‌ටර් රියෑදුරකු වූ අතර ඇයගේ මව ඇඟලුම් කම්හලක සේවිකාවක්‌ වූවාය.අධ්‍යාපනයට තම කුඩා කාලයේදී සුවිශේෂී දක්ෂතාවක් නොදැක් වූ ඇය වයස අවුරුදු 22 වන විට ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කලාය. එම කාලය තුල පැරෂූට්‌ ක්‍රීඩාව ප්‍රගුණ කරමින් විවිධ දක්ෂතා පෙන් වූ අතර, අභ්‍යවකාශ ගමන වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේදී එකී සුදුසුකම තමාගේ අනාගත ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් උපයෝගී වුනි. පැරිෂුට් ක්‍රීඩාවට අමතරව වීරත්වයෙන් පිරීගිය ඇයගේ පවුල් පසුබිමද ඉවහල් වුනි. වැලෙන්ටිනා ගේ පියා සෝවියට් රතු හමුදා භටයෙකු ලෙස යුධ බිමේදී තම ජීවිතය පුද කල විරුවෙකු විය.
 
1963 වසරේ ජුනි මස 14 වැනි දින වොස්‌ටොක් 6 අභ්‍යාවකාශ යානය 26 හැවිරිදි සුරූපී වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා සමග ගගන ජය ගනිමින් විශ්වයට පා තැබීය. ඇය පෘථිවිය වටා 48 වතාවක්‌ ගමන්කල අතර ඇයගේ චාරිකාව දින දෙකකුත්, පැය 23ක් කාළයක් ගන්නා ලදී.
 
ප්‍රථම කාන්තා අභ්‍යවකාශ ගමනට තෝරාගන්නා විට පැරිෂූට් පැනීම හැරුණකොට යුධ ගුවන්යානා පුහුණුවක් හෝ හමුදා පසුබිමක් නොතිබූ වැලන්ටිනා ඇතුලු කාන්තා ගගනගාමී සංචිතයට දැඩි පුහුණුවීමේ පාඨමාලා රැසකට සහභාගීවී සමත්වන්නට සිදුවිය.
ඔවුන් හට ලබාදුන් පුහුණුවීම් අතර ශුන්‍ය ගුරුත්ව පුහුණුව (ඉතා ඉහලට ගමන්කල ගුවන්යානයක්, එක එල්ලේ පහලට ගමන්කරනවිට යානය තුල ශුන්‍ය ගුරුත්ව අවස්ථාවක් විනාඩි කිහිපයකට හටගනී. ගගනගාමීන් ශුන්‍ය ගුරුත්වයට හුරුකිරීම සඳහා මෙවැනි පියාසැරි ගණනාවක් සිදුකරයි ), කිසිදු හඬක් නෑසෙන ආකාරයට තැනූ ටැංකියක දින ගණනාවක් තනිව ජීවත්වන්නට පුහුණු කිරීම (isolation training), අධික ගුරුත්ව බලය (high g-force) දරාගැනීමට පුහුණු කෙරෙන කෙන්ද්‍රාපසාරක පුහුණුව (centrifuge training), රොකට් ඉන්ජිනේරු විද්‍යාව, අභ්‍යවකාශ යානා තාක්ශණය, මිග් 15 ප්‍රහාරක ජෙට් යානාවල ගුවන් නියමු පුහුණුවද ඇතුලත් වූවා.

 
වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා තම සුවිශේෂී අභ්‍යවකාශ ගමන නිමා කර යළි පෘථිවියට පැමිණි අවස්‌ථාවේදී තම මවුරට වන සෝවියට්‌ රුසියාව විසින් මෙම සාඩම්බර වීර දියණියට උපහාර පිදිය යුත්තේ කෙසේදැයි බලධාරීන් විසින් විමසන ලදුව ඇය පැවසුවේ තමන්ට පුදන ලොකුම උපහාරය තම පියා යුද බිමේදී මියගිය ස්‌ථානය සොයා දීම බවයි.
සෝවියට්‌ රජය එම ඉල්ලීම භාරගත් අතර අසීරු ප්‍රයත්නයකින් අනතුරුව වැලෙන්ටිනාගේ පියා මියගිය ස්‌ථානය අනාවරණය කර ගන්නා ලදී. ඉන් පසුව එම ස්‌ථානයේ ස්‌මාරකයක්‌ තනනු ලැබීය.

මෙම ඓතිහාසික අභ්‍යවකාශ ගමනෙන් අනතුරුව තෙරෙෂ්කෝවා දිගටම අභ්‍යවකාශ විද්‍යාව හදාරන ලද අතර 1977 වසර වන විට අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක්‌ දිනා ගැනීමට තරම් ඇය සමත්කම් දැක්‌වූවාය. සෝවියට්‌ දේශයේ ඉහළ පාලන මණ්‌ඩලයේ සාමාජිකත්වය මෙන්ම සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් ද විය.මෙයට අමතරව සෝවියට්‌ රාජ්‍ය හමුදාව තුල ජෙනරාල් නිලයක්‌ දරන ලද ප්‍රථම සහ එකම කාන්තාව වන්නේද වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාය.

ඇය මේ වන විට තම දේශපාලන ජීවිතයෙන් සමුගෙන නිහඬ ජීවිතයක්‌ ගත කරන අතර ඇගේ අවසාන බලාපොරොත්තුව තමාට අවස්‌ථාවක්‌ ලද හොත් යළි කිසිදා පෘථිවියට නොපැමිණීමට අඟහරු බලා පියාසර කරන බවයි.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා යනු පිරිමින් පය ගැසූ තැන තම ආධිප්‍යයය පතුරවන ලද දිරිය කතකි. උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම තුළින් නොසැලී විවිධ බාධක මධ්‍යයේ නොවැටෙමින් ලොවට ක්‍රියාවෙන්ම ආදර්ශමත ලෙස ජීවත්වූ අපේ කාලයේ සැමටද ආදර්ශයක්‌ වන වීරවරියකි

උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ

0 comments:

මඩකලපුව කල්ලඩි පාලම අසල දිස්වූ හදුනා නොගත් පියාසර වස්තුව

7:47:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 - 5 - 10
නිරීක්ෂිත ස්ථානය - මඩකලපුව කල්ලඩි පාලම
අද දින මෙම සිදුවීම සිදුවී ඇති අතර මේ පිළිබදව මා වෙත තොරතුරු ලබාදුන් Mahesh Madusanka මිතුරා වෙත බෙහෙවින්ම ස්තූතියි.අද දින ඔහු ව්‍යාපාරික කටයුත්තක් සදහා ඔහුගේ මිතුරෙකු සමග ඔහුගේ රථයෙන් ගමන් කරමින් සිටි අතර ඵ් වන විට වේලාව සවස 3.30 වී තිබුනි.ඵ් වන විට වැසිබර කාළගුණයක් තිබී ඇත. මෙම අවස්ථාවේ ඔහු රථය පදවමින් සිටි අතර මඩකලපුව කල්ලඩි පාලම අසල ඔහුගේ මිතුරා විසින් ගත් ජායාරූපයන් පසුව නැරබීමෙදි මෙම හදුනා නොගත් වස්තුව සටහන් වී ඇත.ජායාරූප දෙකක මෙම වස්තුව සටහන් වී ඇති අතර ඵය ගමන් කරන ආකාරයක් දැකිය හැකිය.පෙනුමින් තද කළු පැහැති ගෝලාකර වස්තුවක් වේ.කෙසේ නමුත් මේ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් විදෙස් වාර්තා තුලින්ද හමුවේ.
(ජායාරූප සංස්කරණය කිරීමකින් තොරව අප වෙත ලබා දුන් ආකාරයෙන් ඇතුලත් කරඇත.)

 
 

0 comments: