අමෙරිකාව, රුසියාව, වතිකානුව පිටසක්වල රහස් සගවලා

7:18:00 AM max 0 Comments

ලෝකයේ බලවත් රටවල් හා ආයතන කිහිපයක් පිටසක්වල ජීවීන් සමග සබදතා පවත්වන බව කැනේඩියානු පර්යේෂණ කණ්ඩායමක් අනාවරණ කර තිබෙනවා. විිශේෂත්වය වන්නේ මෙම පර්යේෂණ කණ්ඩායමට කැනඩාවේ හිටපු උප අගමැති හා ආරක්ෂක ඇමතිවරයකු වූ පෝල් හෙල්යර් මහතාද ඇතුලත්වීමයි. ඔවුන් විසින් මෙතෙක් ලෝකයේ සනාථ කළ හැකි පිටසක්වලජීව ක‍්‍රියාකාරකම් පිළිබදව මෙහිදී කරුනු දක්වා ඇති අතර ඒ අතරට පසුගිය වසරේ කැනඩාව තුලින් වාර්තාවූ සිද්ධීන් 1267 ක් ද ඇතුලත්.
පසුගියදා ඔන්ටේරියෝහීදී මහජනතාව හමුවේ අදහස් දක්වමින් මෙම කමිටුව පැවසුවේ අමෙරිකානු රජය , ධවල මන්දිරය, පෙන්ටගනය , සී අයි ඒ සංවිදානය, රුසියාව හා වතිකානුව මෙම පිටසක්වල ගණුදෙනු පවත්වන බවයි.
1947 වසරේදී අමෙරිකාවේ රොස්වෙල් නගරයේ සිදුවූ පිටසක්වල යානා අනතුරද සත්‍යයක් බව ඔවුන් හෙළිකර තිබෙනවා. මෙම කණ්ඩායම වැඩිදුරටත් පවසන්නේ 2016 වසර පිටසක්වල ජීවීන් පිළිබදව ලෝකයට හෙළිවන වසර ලෙස නම් කළ හැකි බවයි.

(lankaanews)

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya