කෙප්ලර්ගෙන් නැවතත් වාර්තාවක්

7:27:00 PM Sachitha Viraj 0 Comments

කෙප්ලර් දුරේක්ෂය ,

                     2015 ජූලි මාසය වන් විට නිරීක්ෂණය කර තිබූ පිටස්තර ග්‍රහලෝක යැයි සැක කළ හැකි වස්තු 4302 ක් අතරින් 1284ක් , ග්‍රහලෝක විය හැකි බවට සියයට 99ක් ම තහවුරු   කළ හැකි සාක්ෂි ,විද්‍යාඥ්යන් සොයගෙන ඇත. සංඛ්‍යාව  මෙතෙක් කෙප්ලර් දුරේක්ෂය විසින් එක් වරකදී සොයාගනු ලැබ ඇති පිටස්තර ග්‍රහලෝක සංඛ්‍යාව මෙන් දෙගුණය්කටත් අධික ප්‍රමාණයකි.වැඩි වැඩියෙන් පිටස්තර  ග්‍රහලෝක අලුතින් සොයාගැනීමේ ප්‍රවණතාව දෙස බලන විට විශ්වයේ ඇති ග්‍රහලෝක සංඛ්‍යාව තාරකා සංඛ්‍යාව ඉක්ම වනු ඇතැයි සිතිය හැකි බව NASA මූලස්ථානයේ   තාරකා භෞතික විද්‍යා අංශයේ ප්‍රධානී පෝල් හර්ට්ස් පවසයි. 

කෙප්ලර් දුරේක්ෂය ග්‍රහලෝකයක් සොයා ගන්නේ එය එහි මවු තරුව ඉදිරියෙන් ගමන් කිරීමේදී තරුවෙන් නිකුත් වන අලෝකයෙහි සිදු වන අඩු වීම ( මුවා වීම ) අනුසාරයෙනි. මේ සිදු වීම ඉකුත් දා සිදු වූ බුධ සංක්‍රාන්තිය ( බුධ ග්‍රහලොව සූර්යයා ඉදිරියෙන් ඇති අපේ දර්ශන පථය යෑම ) හා සමාන සිදුවීමකි ...!!

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya