අභ්‍යවකාශ මැරතන්
ලන්ඩන් මැරතන් තරගය සඳහා දහස් ගණනක් සහභාගී වෙද්දී බ්‍රිතාන්‍ය අජටාකාෂගාමී ටිම් පීක් ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානයේදී ධාවන යන්ත්‍රයක ආධාරයෙන් තරගකරුවන් හා එක් විය.බ්‍රිතාන්‍ය අගනුවර දී තරගකරුවන් තරගය ආරම්භ කිරීමට නියමිත වේලාව සන් කරන තුරු සිටිද්දී ටිම් පීක් ද වීඩියෝ පණිවුඩයක ආධාරයෙන් නියමිත වේලාව සන් කරන තුරු බලා සිටියේය. පෘථිවිය මත සහ පෘථිවියෙන් පිටත සිට එකම වේලාවට මැරතන් ධාවනය ආරම්භ කළ අතර කිලෝමීටර් 400ක දුරක් ධාවනය කිරීම සඳහා ටිම් පීක් ද විශේෂ ඇඳුම් වලින් සැරසීමට සිදු විය.
ගුරුත්වාකර්ෂණ අගය බිංදුවේ තබා ගැනීම සඳහා අවශ්‍ය බර තම සිරුර හා රඳවා ගැනීමෙනි. පීක් මෙම ධාවනය සඳහා පැය 03 විනාඩි 35ක් සහ තත්පර 21ක් ගත වූ අතර එය අභ්‍යාවකාෂ මැරතන් ධාවනයක වාර්තාගත හොඳම කාලය වේ.
මීට පෙර අභ්‍යාවකාෂයේ සිට බොස්ටන් මැරතන් ධාවනය සමඟ එක්වී අමෙරිකානු ගගනගාමී සුනිතා මිලියම්ස් 2007 දී පැය 04 විනාඩි 23 සහ තත්පර 10කින් අවසන්කර ඇත. මේ අනුව ටිම් පීක් ගේ ධාවන කාලය නව වාර්තාවක් බව ගිනස් ලෝක වාර්තා නිවේදනය කරයි. කක්ෂයේ සිට වේගවත්ම මැරතන් ධාවනයේ ගිනස් වාර්තාව ටිම් පීක් ගේ නමින් ලියැවෙයි.
0 comments: