සිතුවමකින් හෙළිවූ කාලතරණයක්

9:02:00 AM max 0 Comments

සොයාගත් දිනය - 2016 මැයි 24
සොයාගත් ස්ථානය - Pieter De Hooch නම් චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් තුලින්, 1670 වසරේ 

මැයි 25 තවත් අපූරු කාලතරණ සිදුවීමක් යැයි සැක සිතන ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් වුනා.මේ හෙළි කිරීමට පුරෝගාමි වුනේ ඇපල් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී Timothy Donald නැත්නම් ලොවම ඔවු හදුනන්නේ Tim Cook යන නාමයෙනි.මොහු විසින් සිදුකල ප්‍රකාශයක් තුලින් තුලින් යම් ආන්දෝලනයක් ඇතිවී තිබේ.පසුගිය 24 වැනි දින Tim Cook හා හිටපු යුරෝපීය කොමසාරිස් Neelie Kroes සමග පැවැත්වූ සාකච්චාවක් තුල ඇපල් උපංග මිනිස් ශරීරයට බලපාන ආකාරය ගැන කතාබහ වී තිබේ.මෙහිදි  Neelie Kroes විසින් සාකච්චාව වෙනත් පැත්තකට යොමු වන සේ කතාවෙන් බැහැර පැණයක් Tim Cook ගෙන් අසා ඇත. Neelie Kroes ගේ පැණය වුයේ.
"Do you happen to know Tim, where and when the iPhone was invented?"
යන පැණය Tim Cook වෙත ඉදිරිපත් කළා.මෙහෙදි හරි අපූරූ පිළිතුරක් තමා Tim Cook පවසලා තියෙන්නේ.ඔහු පැවසුවේ
"You know, I thought I knew until last night. Last night Neelie took me over to look at some Rembrandt and in one of the paintings I was so shocked. There was an iPhone in one of the paintings,"
යනුවෙන් සිනහමුසු මුහුනින් පවසා ඇති අතර ඔහු දුටු චිත්‍රය ඵම අවස්ථාවේ පෙන්වා ඇත. නමුත් ඵය පැහැදිලිසේ දැකගත නොහැකි අතර බොදවූ ආකාරයක් ගනී.

පසුව නැවතත් Tim Cook පැවසුවේ
It's tough to see but I swear it's there,
යනුවෙනි.නමුත් මෙහෙදී යම් ගැටලුවක් පැණනගිනවා Tim Cook කියන්නේ Rembrandt කියන ලන්දේසී චිත්‍ර ශිල්පියෙකුගේ සිතුවම් බවට.නමුත් මේ පෙන්වූ සිතුවම සැබවින්ම සිතුවම් කර ඇත්තේ 1670 වසරේ Pieter de Hooch නම් චිත්‍ර ශිල්පියා විසිනි.ඵය සිතුවම
Man Handing a Letter to a Woman in the Entrance Hall of a House යනුවෙන් නම්කර ඇත.මෙය විකිපීඩියා හි නම් කරඇත්තේ Young woman with a letter and a messenger in an interior යනුවෙනි.Tim Cook  නැවතත් අවසාන වශයෙන් පැවසුවේ
"I always thought I knew when the iPhone was invented, but now I'm not so sure anymore,
ඵසේ නම් 1670 වසරේ සිතුවමක් තුල කාන්තාවක් සිය අතේ තබාගෙන සිටින්නේ කුමක්ද යන්න ඇපල් ආයතනයේ ප්‍රධන විධායක නිලධාරී Tim Cook හටත් ගැටලුවකි.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya