ධවල මන්දිරය තුලින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබද හෝඩුවාවක්

12:04:00 AM max 0 Comments

මාධ්‍ය හමුව පැවැත්වූ දිනය - 2016 මැයි 17
හිටපු ඇමරිකාණු ජනාධිපති වරුන් හා ජනාධිපති අපේක්ෂකයින් විසින් හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව දැක්වුයේ ඵතරම් ලොකු තැකීමක් නොවේ.නමුත් බිල් ක්ලින්ටන් ජනාධිපති වරයාගේ ආර්යාව වූ හිලරි රොඩ්හැම් ක්ලින්ටන් ඵ්රියා 51 හි හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව හෙළි කිරිමට පොරොන්දු වී සිටී.මේ පිළිබදව ඇය පැවසුවේ ඇය ඇමරිකාණු ජානාධිපති තනතුරට තේරී පත්වුවහොත් මෙම හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව හෙළි කිරීමට ඇය සූදානම් බවයි.මෑතකදී පැවත්වූ ගුවන් විදුලි සාකච්චාවකදී ඇය පැවසුවේ  “I want to open the files as much as we can,” යනුවෙනි.ඉක්බිතිව New York Times වෙබ් අඩවිය විසින් මෙම ප්‍රකාශය නැවත කරළිය වෙත ගෙන ඵන ලදි ඵනම් Hillary Clinton's Campaign යනුවෙන් වාර්තාවක් ඵම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කළා.මීට කලින් වත්මන් ඇමරිකාණු ජනාධිපති බැරක් ඔබාමා ගෙන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් මෙම මාධ්‍ය හමුව වෙත පැමිණි ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest විසින් පැවසුවේ “I have to admit, I don’t have a tab for Area 51 in my briefing book today, යනුවෙන් ඔහුගේ ප්‍රතිඥාව ලබා දුන්නා.පසුව පැමිනි සිටි මාධ්‍ය කරුවන් තුලින් ඇතිවූයේ සිනහ මුසු වාතාවරණයකි.  ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest විසින් පැවසූ දේ තුල මහා කුමන්ත්‍රණයක් ඇති බවට ඔහු පැවසු දෙයින් සිතාගැනීමට හැකිය.ඔහු ප්‍රශ්ණයට පිළිතුරු සගවාගෙන කාතා කරන ආකාරයක් දැකිය හැකිය.අවසාන වශයෙන් ඔහු පැවසුවේ I’m not aware of any plans the President has to make public any information about this යනුවෙනි.හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව දැනට ඇමරිකාණු ධවල මන්දිරය තුලින් පැමින ඇති මෙම හෝඩුවාවත් සමගම මෙම වසර තුල තවත් හෙළි කිරිම් සිදුවිය හැකිය.


ඔබාමාගේ මාධ්‍ය ලේකම් Josh Earnest ගමාධ්‍ය හමුව පහත විඩියෝව මගින් නැරබිය හැකිය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya