ලංකාවෙි දුටු හදුනා නොගත් යානය

8:31:00 PM max 0 Comments

වලාකුළකින් එක්වරම ක්‍රීඩා පිටිය කළුවර විය. ඒ සමඟම නිල් පාට ආලෝකයක් විහිදුවමින් ගෝලාකාර වස්තුවක් බිම පතිත විය. එහි ‍ෙදාරටුවක් විවෘත වීමත් සමඟම අඩි 2ක් පමණ උසින් යුත්, කළු පාට වර්ණයෙන් යුත් මිනිසකු බිමට බැස ගත්තේය. ඔහු අත දිලිසෙන යමක් තිබේ. කවුරුන් හෝ බිල්ලෙක් තමන් රැගෙන යන්නට එන බව සිතූ දැරියන් දෙදෙනා මහ හඩින් කෑගසමින් පාසල තුළට දිව ගියහ.....




මේ 1984 ජූලි 13 වැනිදා වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මැදගම කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාපිටියට පැමිණෙන්නේ හඳුනා නොගත් පියාසර යානාවකි. එහි පැමිණියේ මිනිස් හැඩරුව ඇති පිටසක්වළ ජීවියෙකි. ඒ බව සනාථ කිරීමට හැකි සාක්‍ෂි මෙම සිද්ධිය නිරීක්‍ෂණය කිරීමේදී අපට දැනගන්නට ලැබිණි.
පසුගිය කාලයේ පර්යේෂකයන් හා විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබූ නිරීක්‍ෂණ මඟින් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බව මේ වන විට ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙයි.
පිටසක්වළ යානා පෘථිවියට එන්නේ කෙබඳු තාක්‍ෂණ ක්‍රමවේදයකින් දැයි ප්‍රශ්නයක් පැන නඟී. මෙම යානාවන්හි තාක්‍ෂණ ක්‍රමවේදය පිළිබඳව රේඛීය අර්ථ දැක්වීමක් කළ හැකිය. කෙසේ වෙතත් පිටසක්වළ යානා මෙහි පැමිණීම මිථ්‍යාවක් නොවන බව ලෝකය පුරා සිටින විද්‍යාඥයන් පිළිගෙන තිබේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව ඇමෙරිකාව විසින් සිදුකරන ලද පර්යේෂණ වැඩපිළිවෙළ
යටතේ, 1969 වසරේ සිට එවැනි යානා 12,980ක් පැමිණි බව වාර්තා කර තිබිණි.
පියාඹන ආකාශ වස්තු පිළිබඳව මුලින්ම ලෝකයට වාර්තා වූයේ ක්‍රි. පූ. 1450 පාරාවෝ රජ පරම්පරාවේ කට්ස්මොස් පාලන කාලයේදීය. එදා සිට මේ දක්වාම පියාඹන පීරිසි පිළිබඳව නොයෙකුත් වාර්තා හමුවෙයි.

1946දී එංගලන්තයේ එඩ්වඩ් බානර් නම් පුද්ගලයකු පිටසක්වළ ජීවියකු පිළිබඳ තොරතුරු අනාවරණය කළේය. 1974 වසරේදී ඇමෙරිකාවේ මර්සි ගංගාව අසලදී ලින්ඩා ජෝන් පිටසක්වළ ජීවීන්ට හසුවිය. නිල් පැහැති ආලෝකයක් තුළට රැගෙන ගිය ලින්ඩාගේ ශරීරය විවිධ පරීක්‍ෂණවලට භාජන කළේය. ඇගේ ශරීරයෙන් රුධිරය හා ඩිම්බ ලබාගෙන ඇති බව පසුව සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණයේදී අනාවරණය විය.
2010 ජූලි 7 චීනයේ ෂිනොෂී ගුවන් තොටුපොළ ආසන්නයේ හඳුනා නොගත් යානයක් නවතා තිබෙන අයුරු ගුවන් තොටුපොළ බලධාරීන්ට දැකගන්නට ලැබිණි. 2010 වසරේ එම කාලයේදීම මෙවැනිම යානාවක් පොළොන්නරුව ප්‍රදේශයට පැමිණි අතර එය රූගත කර ගැනීමට මාධ්‍යවේදියකුට හැකි විය. මෙයින් පෙනී යන්නේ මෙම යානා එකම ආකාරයකට ගමන් ගන්නා බවයි.

1984 ජූලි 13 වැනි දින දහවල් 12.30ට පමණ දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මහවැව කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාපිටියටද පැමිණියේ හඳුනා නොගත් යානාවකි.
එම ගමේ පදිංචි උදයරාණි ලියනගේ (7)සහ ශි්‍රයාණි පුෂ්පලතා (8) සිරිත් පරිදි එදා පාසල් ගියහ. දහවල් 12.30ට පාසල ඇරුණු විට අක්කාගේ පන්තිය ඇරෙන තුරු ක්‍රීඩාපිටිය අසල සිටියදී මේ අපූරු සිදුවීම වූයේය.
දැන් මේ දැරියන් වැඩිහිටියන් බවට පත්ව සිටින නමුත් එදා සිදුවූ සිද්ධිය ඒ අයුරින්ම මතකය.

***ඔබේ නම...?

උදයරාණි ලියනගේ

***දැන් වයස කීයද?

38යි.

***මේ සිද්ධිය තවමත් මතකද?

හොඳට මතකයි. මෙය දිනපතාම වගේ මතක් වෙනවා.

***මුලින්ම මොනවද දැක්කේ?

ක්‍රීඩාපිටිය කළුවර වුණා.
නිල්පාට බෝලයක් වගේ යමක් බිමට පතිත වුණා.

***එහි හැඩය මතකද? 

    පීරිසියක හැඩයක් තිබුණා.

***ඉන්පසු මොනවද දැක්කේ?

    යානයේ ‍ෙදාරක් විවෘත වුණා. අඩි 2ක් විතර කළු පාට මිනිහෙක් එළියට ආවා. එක අතක දිලිසෙන කඩුවක් වගේ තිබුණා.

***ඒ මිනිසා ඉන්පසු මොනවද කළේ?

   යානය වටේ රවුමක් ගිහින් නතර වෙලා ඇතුළට ගියා. අපි ඒ කාලේ බිල්ලන්ට බයයි. බිල්ලෝ ඇවිත් අපි ගෙනියන්න හදනවා කියලා හිතුණා.

***ඊට පස්සෙ...?

   මමයි, ශි්‍රයාණියි මහ හයියෙන් හඬාගෙන යකෙක් එනවෝ කියා ඉස්කෝලෙ ඇතුළට දිව්වා.

***විදුහල්පතිතුමා ඒ වෙලාවෙ හිටියද?

   මේ මොකද වෙලා තියෙන්නෙ කියලා ලොකු මහත්තයා අහලා එළියට ඇවිත් බැලුවා.

***එතකොට මුලින් දැකපු යානය දැක්කද?

   අපි ඔක්කොම එළියට ඇවිත් බලන විට යානය ඉහළ අහසට යමින් තිබුණා.

***මේ සිද්ධිය ගමේ අයටත් කිව්වද?

ගමේ අය විතරක් නොවේ පොලිසියෙන් ඇවිත් දවස් තුනක්ම එතැන මුර කළා. 

***මේ ගැන දැන් මොකද හිතන්නේ?

අපේ ෆොටෝ එක්ක ඒ දවස්වල පත්තරවල මේ සිද්ධිය පළවුණා. අපි හිතන්නේ පිටසක්වළ ජීවීන් ඔවුන්ගේ පරීක්‍ෂණයකට පැමිණෙන්නට ඇති බවයි. එදා අපිට ඒවා හරි හැටි තේරුම් ගන්නට බැරි වුණත් අද ඒ බව තේරුම් ගන්න පුළුවන්.
1993 අගෝස්තු මාසයේදී හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ශ්‍රී ලංකා සංගමය (ඉ.ඹ්.උ.ජ්.ර්ණී.අ.ඒ) මෙම සිද්ධිය පිළිබඳව ගවේෂණයක් කළේය.
1998 මාර්තු මාසයේදී බණ්ඩාරවෙල අධිකාරම් මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් තිදෙනකු විසින් කවපෙත්ත හැඩයෙන් යුත්, අඩි 7ක් පමණ විෂ්කම්භයක් ඇති යානයක් සියැසින් දැක තිබේ.

කළුතර නෑබඩ ප්‍රදේශයේ පදිංචි පියුමි කෞශල්‍යා නමැති දැරියක් කාල වර්ණයෙන් යුත් අඩි 2ක් පමණ උසින් යුත් පුද්ගලයකු දැක ඇති බව වාර්තා විය.
1984 ජූලි 13 වැනි දින දහවල් 12.30ට පමණ දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පහත් කරන ලද යානය පිළිබඳවද මෙම සංගමය ගවේෂණයක් සිදුකොට ඇත.
එම ගවේෂණය පිළිබඳව අදහස් දක්වන ගවේෂණ නිලධාරි සාලිය ද සිල්වා මහතා.
"අප කණ්ඩායමක් මෙම ස්ථානය නිරීක්‍ෂණය කළා. මෙම සිසුවියන් සඳහන් කළ පරිදි එවැනි යානයක් පැමිණ තිබෙනවා. එය පිටසක්වළ යානයක් බව හැඟී යනවා. අඩි 2ක් පමණ උසින් යුත් මිනිසකුගේ හැඩයෙන් යුත් ජීවියකු අත කිසියම් උපකරණයක්ද තිබූ බව කියැවෙනවා".
ආචාර්ය ඇලන්ජි හයිනැක් විද්‍යාඥයා පවසන අන්දමට මෙය (ඛ්තධඵඥ ඡ්දජධභදබඥපඵ ධට ධ්ධ් ම්ඪදඤ) ගණයට වැටෙන සිදුවීමක්. මෙම යානය සමඟ ජීවියකු කෙටි දුරකදී පියවි ඇසින් දැක ගැනීම විශේෂත්වයක් වෙයි.
එසේම පිටසක්වළ යානයකින් ජීවියකු පැමිණ අපේ පෘථිවියට සම්බන්ධ කිසියම් පර්යේෂණයක නිරත වූ බවක් මෙහිදී පෙනිණි.
පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාවේ මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වුවත් මහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පැමිණි පිටසක්වළ යානය සහිත ජීවියකු සිසුවියන් දෙදෙනකු විසින් පියවි ඇසින් දැක ගැනීම ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බව සඳහන් කළ හැකියි.

0 comments:

සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම දුරකින් පිහිටි ග්‍රහ වස්තුව

12:59:00 PM Sachitha Viraj 0 Comments

               සෞරග්‍රහ මණ්ඩලයේ වැඩිම දුරකින් පිහිටි ග්‍රහ වස්තුව






හිරුත් පෘථිවියත් අතර දුර මෙන් 103 ගුණයක් ඈතින් සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි ග්‍රහ වස්තුවක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වෙලා තියනවා.මීට පෙර සෞර්ග්‍රහ මණ්ඩලයේ දුරස්ථම ග්‍රහ වස්තුව ලෙස සොයාගෙන තිබුනේ නක්ෂත්‍ර ඒකක හෙවත් හිරුත් පෘථිවියත් අතර දුර මෙන් 97 ගුනයක දුරකින් පිහිටි ඊරිස් නැමැති වාමන ග්‍රහලොවය..(නක්ෂත්‍ර ඒකක 1ක දුරක් ආසන්න වශයෙන් කිලෝමීටර මිලියන 150කි )

වොෂිංටන්හි පිහිටි විද්‍යාව පිළිබද කේම්බ්‍රිජ් ආයතනයේ ස්කොට් ෂෙපර්ඩ් විසින් මේ වාමන ග්‍රහලොව සොයාගෙන ඇති අතර ඒ පිළිබද විද්‍යාත්මක වාර්තාව ඉකුත් 10 වෙනිදා මේරිලන්ඩ් හි පැවැති ඇමෙරිකානු තාරකා විද්‍යා සංගමයේ ග්‍රහලෝක පිළිබද  අංශයේ හමුවකට ඔහු ඉදිරිපත් කර තිබිණි...





මෙය පිහිටා ඇත්තේ නෙප්චූන් ග්‍රහයාට එපිටින් පිහිටා ඇති වල්ගාතරු ග්‍රාහක සදහා නිවහනක් වන කයිපර් පටියෙහි කෙළවරටද එපිටින් ඌට් වලාවේ ඇතුලත මායිම ආසන්නයෙනි.

http://theconversation.com/new-planet-like-body-found-sneaking-through-the-inner-oort-cloud-24865


0 comments:

විශ්වය සහ විශ්වයේ විශාලත්වය

8:08:00 PM Sachitha Viraj 0 Comments

                 විශ්වය සහ විශ්වයේ විශාලත්වය


විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ අැති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය
විශ්වය යනු කුමක්ද?


විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්‍රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකාචක්‍රාවාටතාරකාග්‍රහලෝකධූමකේතුග්‍රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය. මෙතෙක් පැවති සහ අනාගතයේ පවත්නා දෙවල්ද ඊට අයත්ය.
මීට සියවසකට පෙර විද්‍යාඥයන් විශ්වාස කළේ සම්පූර්ණ විශ්වය යනු ක්ෂීර පථ මන්දාකිනිය පමණක් බවයි. කෙසේවෙතත් 20වන සියවසේදී තාරකා විද්‍යාවේ භෞතික විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟම විශ්වය කොතරම් විශාලද කියා තේරුම්ගන්න පටන්ගත්තා. නමුත් විශ්වය පිළිබඳ සියලුම කාරණා අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වී නැති බව ඔවුන් පිළිගන්නවා. උදාහරණයකට මෑත දශක කිහිපය ඇතුළත ඔවුන් වටහාගෙන තිබෙන දෙයක් නම් විශ්වය පිළිබඳ නොදන්නා කාරණා සියයට 90කට වඩා තිබෙන බවයි. මේ නිසා මෙතෙක් පිළිගෙන තිබූ භෞතික න්‍යායන්වල නිරවද්‍යතාව පිළිබඳවද ඔවුන් තුළ සැක මතු වී තිබෙනවා.
භෞතික විද්‍යාඥයන් විසින් 19වන සියවස අග භාගයේදී ආලෝකයේ වේගය පිළිබඳ නව සොයාගැනීම් අනාවරණය කළා. මේ පිළිබඳව මනුෂ්‍යයන්ට නොයෙකුත් දේ පැහැදිලි කළේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් විසිනුයි. ඔහු සොයාගත්තේ සියලුම චලිත සාපේක්ෂ බවයි. මෙය හැඳින්වූයේ සාපේක්ෂතා වාදය ලෙසයි. මෙම සාපේක්ෂතා වාදය ගොඩනැඟීම සඳහා අයිසැක් නිව්ටන් විසින් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ නීති රීති අයින්ස්ටයින් නැවත සංශෝදනය කර යොදාගත්තා.
විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අැතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.
විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් අව්න්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය යන නම භාවිතා කරයි.
විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.
අප අයත් චක්‍රාවාටය ඇති ප්‍රදේශයේ මැගලයින් ක්ලවුඩ්, මහා වලසා, ස්කල්ප්ටර් ඩ්‍රැකෝ, ඇන්ඩ්‍රොමීඩා හා ලියෝ ආදී චක්‍රාවාට සමූහයක් ඇතැයි පැවසේ. ඒ හැම "ස්ථානීය" කණ්ඩායම යන නමින් "පොකුරක්" සේ හැඳින්වේ. එවන් පොකුරු රැසක් එක්වීමෙන් සුපිරි පොකුරක් සෑදේ.
1917 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය ඔස්සේ සිත මෙහෙය වූ රුසියානු යුදෙව් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විශ්වයේ ඇති චක්‍රාවාටඑකිනෙකින් ඈත් වෙමින් පවතින බව ප්‍රකාශ කළේය. එඩ්වින් පි. හබල් හා මිල්ටන් හියුමේසන් යන තාරකා විද්‍යාඥයින් දෙදෙනා 1929 දී ඒ අදහස වඩාත් පැහැදිලි කොට තහවුරු කොට තිබේ.....
ඔයාල හිතලා බලන්න අපි ඉන්න තැන සහ මේ විශ්වය අතර කොයි තරම් නම් පරතරයක් තියනවද කියලා...මේ විඩියෝ එකෙන් ඔයාලට ඒක වටහාගන්න උදව්වක් වෙයි,,ඒක නිසා බලලම ඉන්න...
 Click here >>>> https://www.youtube.com/watch?v=HEheh1BH34Q    <<<<<

0 comments:

රාත්‍රී අහස අදුරු ඇයි

7:50:00 PM Sachitha Viraj 0 Comments

          රාත්‍රී අහස අදුරු ඇයි......?



රාත්‍රී අහස අඳුරු ඇයි කියා කෙනෙකු ඔබෙන් ප්‍රශ්ණ කලොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? මෙය කුඩා ළමයකුට වුවද පිළිතුරු දිය හැකි සරල ප්‍රශ්ණයකි. අප සැම ජීවත් වන ලෝකය හෙවත් පෘථිවිය ගෝලාකාර වස්තුවකි. සූර්යයා වටා කක්ෂගතව පවතින පෘථිවිය මතට සූර්යයාලෝකය පතිත වනුයේ හිරු මුහුණලා සිටින දිසාවට පමණි. අනෙක් පසට සූර්යයාලෝකය පතිත නොවන බැවින් අඳුර හෙවත් රාත්‍රිය උදා වෙයි.
රාත්‍රිය ඇති වනුයේ මෙලෙසිනි. රාත්‍රී අහස අදුරු වනුයේ සූර්යයා අහසේ දර්ශණය නොවන නිසාවෙනි. රාත්‍රී අහස අදුරු ඇයි යන සරල ගැටලුවට ඔබ දෙන පිළිතුර වන්නේ මෙය බවට කිසිදු සැකයක් නැත. 

19 වන සියවසේ ජීවත් වූ ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙකු හට රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට මේ පිළිතුර ප්‍රමාණවත් නොවිනි. ඔහු මේ ගැටලුව ඉතා තදින් ගැඹුරට අධ්‍යනය කලේය. ඔහුගේ ගණනය කිරීම් වලට අනුව සූර්යයා නොතිබුනත් රාත්‍රීයට උනත් හිරු පායා ඇතිවාක් මෙන් අහස ආලෝකමත්ව තිබෙනු ඇත. මේ පුද්ගලයා නමින් හෙන්රිච් ඔල්බර්ස්ය (Heinrich Olbers). මොහු ජර්මන් ජාතික තාරකා විද්‍යාඥයෙකි. 
Heinrich Olbers


ඔල්බර්ස් ඉදිරිපත් කරන තර්කය මෙසේය. රාත්‍රී අහසේ තාරකා අති විශාල ප්‍රමාණයක් පවතී. තාරකා යනු සූර්යයා වැනි වස්තූන් බව ඔබ හොදින් දනී. ඔල්බර්ස් මතු කරන තර්කය වන්නේ මෙතරම් වූ තාරකා තිබෙනවා නම් ඒවා සියල්ලගේම ආලෝකය අප පෘථිවිය මතට පැමිණිය යුතු බවයි. උදාහරණයක් ලෙස ඔබ විශාල වනාන්තරයක් මැද සිටිනවා යැයි සිතන්න. ඔබ වට පිට බැලුවහොත් ඔබට පෙනෙනුයේ ගස් කොලන් පමණි. වනාන්තරයට එපිටින් ඇති කිසිවක් ඔබට නොපෙනෙනුයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ගස් වලින් අවට සියලු දේ වැසී යන බැවිනි. පෘථිවියට එපිටින් ඇති තාරකාද අපට දිස් වන්නේ මෙලෙසිනි. මේ නිසා මුලු අහසම දීප්තිමත්ව පැවතිය යුතුය. නමුත් ඇත්තටම මෙලෙස සිදු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේනම් ඔහුට වැරදී ඇත්තේ කොතැනද?

ඔල්බර්ස් තම තර්කය ඉදිරිපත් කරනුයේ ගණනය කිරීමක්ද සහිතව ඉතා සවිස්තරාත්මක ප්‍රකාශයක් ලෙසිනි. මෙය පැහැදිලිව අධ්‍යනය කල විට ඔහු ඉදිරිපත් කරන තර්කයේ වැරද්දක් නැති බව පැහැදිලිය. බොහෝ කාලයක් පුරාවට විද්‍යාඥයින් මේ ගැටලුවට පිලිතුරු සෙවීමට උත්සහ කොට ඇත. නමුත් මෑතක් වනතුරුම රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට නිශ්චිත පිළිතුරක් නොලැබුණි.

මෙහිදී පැහැදිලිව සදහන් කල යුතු කරුණක් වෙයි. එනම් ඔල්බර්ස් තමන්ගේ මේ විසංවාදය ඉදිරිපත් කරන්නේ 1826 වර්ෂයේදීයි. නමුත් රාත්‍රී අහස අදුරු ඇයි යන මේ ගැටලුව මතු කල ප්‍රථමයා ඔහු නොවෙයි. සමහර පොත්පත් වල සදහන් වන පරිදි, මේ ගැටලුවේ ඉතිහාසය 16 වන යුගය තරම් ඈතකට දිව යන්නකි. රාත්‍රී අහසේ අඳුරු බව යන ගැටලුව මතු කල ප්‍රථමයා ලෙස දැක්විය හැක්කේ 1576දී තෝමස් ඩිග්ස්(Thomas Digges) යන පුද්ගලයාය. ඔහුගේ මතයට අනුව තාරකා අතර අවකාශය අඳුරු ලෙස දිස් වන්නේ ඈතින්ම ඇති තාරකා වලින් එන අලෝකය ඉතා දුර්වල වන හෙයිනි. ඉන් පසු මේ ගැටලුව මුල්වරට තරමක් ගැබුරින් සාකච්චාවට බඳුන් කොට ඇත්තේ 1610දී ජොහැන්නස් කෙප්ලර් (Johannes Kepler) විසිනි. ඔහුගේ මතයට අනුව අහස අඳුරු ලෙස දිස් වන්නේ විශ්වය පරිමිත බැවිනි. ඉන් පසු 18 වන ශතවර්ශයේදී එඩ්මන්ඩ් හැලී(Edmund Halley) සහ Cheseaux විසින්ද මේ ගැටලුවම මතු කර ඇති බවට තොරතුරු ඇත. කෙසේ වෙතත් රාත්‍රී අහස අඳුරු ඇයි යන ගැටලුව පසු කලෙක ප්‍රසිද්ධ වූයේ ඔල්බර්ස්ගේ විසංවාදය නමිනි.  



රූපය-1

ඔල්බර්ස්ගේ විසංවාදය නිර්මාණය වී ඇත්තේ මූලික උපකල්පන 3ක් මත පිහිටාය. එනම් විශ්වය යනු වෙනස් වීමක් නැති (ස්ථාවර), අපරිමිත ලෙස පැතිර පවත්නා සහ ඒ තුල තාරකා ඒකාකාරීව විසිරී ඇති යන උපකල්පනයන්ය. අප වෙසෙන පෘථිවියේ සිට R දුරකින් (අරයකින්) පැතිර පවතින මනංකල්පිත ගෝලයක් සලකමු. මෙම ගෝලයේ පිටත පෘෂ්ඨයේ ඝණකම හෙවත් පළල a ලෙස ගනිමු. පිටත පෘශ්ඨ කොටසේ පරිමාව ආසන්න වශයෙන් 4πR2a  ලෙස ගත හැක(මෙහිදී ගෝලයේ පෘශ්ඨ වර්ගපලය ගණනය කිරීමේ පහසුව සදහා තිරස් ලෙස පැතිර ඇතැයි උපකල්පනය කොට ඇත). ඉහත රූපය-1 හි O ලක්ෂයෙන් පෘථිවිය ද ඊට එපිටින් පෙර සදහන් කල ආකාරයට නිර්මාණය කල හැකි ගෝලයන් දෙකක් A හා B ලෙස දැක්වේ. ඒකක වර්ගඵලයක් තුල පවතින තාරකා ප්‍රමාණය N ලෙස ගත් විට මෙම මනංකල්පිත ගෝලය වටා ඇති තාරකා ප්‍රමාණය 4πR2aN වන බව පැහැදිලිය.

තේරුම් ගැනීමේ පහසුව සදහා විශ්වයේ සියලු තාරකා එකම දීප්තියකින් යුක්ත හා එහි අගය L ලෙස ගනිමු. මෙවැනි එක් තාරකාවක් සියලු දිශාවන් කරා අලෝකය හෙවත් විකිරණ විහිදුවනු ලබයි. මෙවැනි තාරකාවක සිට පෘථිවියට පවතින දුර ආසන්න වශයෙන් R වන බැවින් තාරකාවේ සිට O ලක්ශය හෙවත් පෘථිවිය හරහා යන දුර R වන ගෝලයක් නිර්මාණය කලහොත්  පෘථිවිය හරහා ඒකක වර්ගඵලයක් තුලින් යන විකිරණ ප්‍රමාණය L/4πR2 වේ. මේ අගය ගෝලය පිටත පෘශ්ටය වටා පවතින තාරකා ප්‍රමාණයෙන් ගුණ කල විට ලැබෙන පිලිතුර LNa කි. එම නිසා මෙයින් පැහැදිලි වන්නේ මේ ගෝලය වටා පවතින තාරකා මගින් පෘථිවිය වෙත ලැබෙන මුලු විකිරණ ප්‍රමාණය LNa වන බවයි. 

විශ්වය අපරිමිත යැයි උපකල්පනය කල බැවින් මෙවැනි ආකාරයේ රූපය-1 හි දැක්වෙන්නාක් මෙන් A හා B ආදී ගෝලයන් අපරිමිත ප්‍රමාණයක් අපට නිර්මාණය කල හැකිය. මේ නිසා මේ සියල්ලන්ගෙන්ම ලැබෙන ආලෝකය රාත්‍රී අහසේ අදුරු බව මකා දැමීමට තරම් ප්‍රබල වේ. ඔල්බර්ස් ඉදිරිපත් කල තර්කය මෙයයි.

ඈතින් ඇති තාරකා දිස් වන්නේ අඩු දීප්තියකිනි. මේ නිසා රාත්‍රී අහස අදුරු වන්නේ ඈතින්ම ඇති තාරකා වලින් ලැබෙන ආලෝකය නොගෙනිය හැකි තරම් දුර්වල වන නිසා නොවේදැයි ඔබට එක් වරම සිතෙනු ඇත. නමුත් ඔල්බර්ස්ගේ විසංවාදය දෙස තරමක් ගැබුරින් බැලූ කල තාරකා වලට ඇති දුර බලනොපාන බව පැහැදිලි වනු ඇත. මන්ද යත් අරය වැඩි වීමේදී නිර්මාණය වන ගෝලයන්ගේ ප්‍රමාණයද විශාල වේ. මේ අනුව බලන කල දුර වැඩි වීමේදී තාරකාවල දීප්තිය අඩු වූවත් එම අදාල ගෝලය අවට ඇති තාරකා ගණනද ඊට අනුලෝමව වැඩි වේ. මේ නිසා අප මනංකල්පිතව නිර්මාණය කරන සෑම ගෝලයකින්ම ලැබෙන අලෝක ප්‍රමාණය එකම වේ. ඉහත ගනණය කිරීමට අනුව මේ නිය‍ත අගයකි. 

ඔල්බර්ස්ගේ විසංවාදය ඉදිරිපත් වූ කාලය මිනිසා විශ්වය පිළිබදව අද යුගය මෙන් බොහෝ දේ නොදැන සිටි කාලයකි. මේ නිසා විසංවාදය තුල ආලෝක මූලයන් ලෙස සදහන් වන්නේ තාරකා පමණි. නමුත් අද අප දන්නා පරිදි අහසේ අපට දර්ශණය වන සියලු තාරකා අප ක්ශීරපථ මන්දාකිණියට අයත් ඒවා වේ. අප මන්දාකිණියට එපිටින් තාරකා පවතිනුයේ තාරකා පොකුරු හෙවත් මන්දාකිණි ලෙසිනි. මේ නිසා ඔල්බර්ස්ගේ විසංවාදය අද යුගයේදී කථා කරන විට එහි ආලෝක මූලයන් විය යුත්තේ තාරකා පමණක් නොව තාරකා හා මන්දාකිණි යන දෙකම බව විශේෂයෙන් සදහන් කල යුතුය.
ඔල්බර්ස් ගේ තර්කය ඉතා සුපරික්ශාකාරීව විමසා බැලූ විට එහි යම් අඩුපාඩුවක් සිදු වී ඇති බව පෙනෙනු ඇත. එනම් ලගින් පිහිටන තාරකා හෝ මන්දාකිණි මගින් ඈත තාරකා (මන්දාකිණි)වසා දැමීමයි. මේ නිසා තාරකා පිහිටන ගෝල අපරිමිතව නිර්මාණය කලත් එයින් අහසේ දීප්තිමත් බව සදහා වැදගත් වනුයේ පරිමිත අගයකි. නමුත් මෙහිදීද සම්පූර්ණ අහසම තාරකා හා මන්දාකිණි වලින් වැසී යන බැවින් එය විසංවාදය බිද දැමීමට හේතු වන්නක් නොවේ.  

විවිධ අදහස්..

රාත්‍රී අහස අදුරු ඇයි යන ගැටලුවට ඈත අතීතයේ සිටම විවිධ ආකාරයේ අදහස් විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කෙරිණි. ඒවායින් බොහොමයක් ප්‍රතික්ශේප වේ. පහත දැක්වෙනුයේ මෙවැනි ආකාරයේ පිලිතුරුය.

විශ්වයේ ඇති වායු වලාවන් මගින් ඈත තාරකා හා මන්දාකිණි අවහිර කරනු ලබයි. මෙය එක්වරම  පිලිතුරක් ලෙස පෙනුනත් මෙය පිලිගත හැකි අදහසක් නොවේ. මන්ද යත් අන්තර්තාරීය මාධ්‍යය (දුහුවිලි සහ වායු වලාවන්) විකිරණ උරාගෙන ඒවා බැබලීමට පටන් ගන්නා හෙයිනි.

ඔල්බර්ස්ගේ විසංවාදය නිර්මාණය වී ඇත්තේ විශ්වය අපරිමිත යන උපකල්පණය මත පිහිටාය. නමුත් මහා පිපුරුම් වාදයට(Big Bang theory) අනුව විශ්වය පරිමිත විය යුතු බව පැහැදිලි වේ. මේ නිසා අපට දිස් වනුයේ මේ පරිමිත අවකාශය තුල පවතින ආලෝක මූලයන් පමණි. මෙය මේ ගැටලුවට යම්තාක් දුරට පිලිගත හැකි පිලිතුරක් උනත් නියම පිලිතුර නොවේ.


මෙන්න මේකයි හේතුව..


ඈතින්ම පිහිටන සමහර තාරකා වල ආලෝකය තවමත් අප වෙත ලැබී නොමැත. ඉතා විශාල වේගයකින් ආලෝකය ගමන් කරත් විශ්වයේ විශාලත්වය අනුව බොහෝ ඈතින් ඇති මන්දාකිණිවල අලෝකය අප වෙත තවමත් ලැබී නොතිබීමට හැකියාවක් පවතී. බොහෝ දෙනා පිලිගන්නා ආකාරයට විශ්වයේ උපත සිදුවී ඇත්තේ මහා පිපුරුම් වාදයට අනුවය. ඒ අනුව විශ්වයේ වයස දල වශයෙන් අවුරුදු බිලියන 15 පමණ වේ. මේ හේතුවෙන් අපට පෙනෙනුයේ ආලෝක වර්ෂ බිලියන 15 ක පරාසය තුල ඇති විශ්වය පමණි. මෙය 'නිරීක්ෂිත විශ්වය' (Observable universe) ලෙසද හැදින් වේ. මෙය රාත්‍රී අහසේ අඳුරු බව සදහා පිලිගත හැකි ප්‍රභල පිළිතුරකි.

හබල් නියමයට අනුව විශ්වය යනු නියතව පවතින්නක් නොව කාලයත් සමග ප්‍රසාර‍ණය වන්නකි. මේ නිසා යම් මන්දාකිණි දෙකක් අතර දුර කාලයත් සමග වැඩි වනු ඇත. පෘථිවියේ සිට අප දකින සියලුම මන්දාකිණි අපෙන් ඈත්වෙමින් පවතී. හබල් නියමයෙන් පෙන්වා දෙන්නේ මන්දාකිනියකට ඇති දුර වැඩි වන විට එය ඈත්වෙන වෙගයද ඊට අනුලෝමව වැඩි වන බවයි. ඩොප්ලර් ආචරන මූලධර්මයට අනුව ඈත් වෙමින් ඇති මන්දාකිණිවල ආලෝකය අපට ලැබෙනුයේ රක්ත විස්තාපනයට (redshift) ලක්වය. එනම් මන්දාකිණියෙන් පිටවන ආලෝකයේ සංඛ්‍යාතය නියම අගයට වඩා අඩුවය. මේ නිසා බොහෝ ඈතින් ඇති මන්දාකිණි වල ආලෝකය ඉතා දැඩි ලෙස රක්ත විස්තාපනයට ලක්ව විද්‍යත් චුම්භක වර්ණාවලියේ දෘශ්‍ය කලාපයෙන් බැහැරට යාම නිසා අපට නොපෙනී යයි. මෙයද ඔල්බර්ස් විසංවාදය බිද දමන ප්‍රබල පිළිතුරකි.

ඉහත සදහන් කල අදහස් වලින් රාත්‍රී අහස අඳුරු වීමට ප්‍රබල ලෙසම බලපානුයේ අවසාන වශයෙන් සදහන් කල කරුණු දෙකය.

රාත්‍රී අහස අඳුරු ඇයි යන ගැටලුව සමාන්‍යය තාරකා විද්‍යාවේ එන සරල ඒවාගේම ප්‍රබල ගැටලුවකි. නමුත් එයට පිළිතුරු දිය යුතු වන්නේ සාමානය තාරකා විද්‍යාවෙන් නොව Cosmology හෙවත් විශ්ව න්‍යාය විද්‍යාවෙනි.
මූලාශ්‍රය- (skylk)

0 comments:

අනාගතයේදී ඉදිවන ලෝකයේ විශාලතම දුරේක්ෂය

7:33:00 PM Sachitha Viraj 0 Comments

          අනාගතයේදී ඉදිවන ලෝකයේ විශාලතම දුරේක්ෂය



අභ්‍යාවකාශ නිරීක්ෂණයේදී විශාල සේවයක් මේ දක්වා සිදු සමත්වුනේ හබල් දුරේක්ෂයයි. කොහොමහරි විද්‍යාඥයන් දැන් සැරසෙන්නේ මේ සියල්ලටම වඩා ප්‍රබල විශ්වයම සිසාරා යා හැකි නව දුරේක්ෂයක් නිර්මාණය කිරීමටයි. මේ වන විටත් මෙහි වැඩකටයුතු ආරම්භ කෙරී ඇති අතර 2021 වසරේදී වසර වන විට මෙය පනගැන්වීම විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුවයි. මෙහි සම්පූර්ණයෙන්ම වැඩ නිමකෙරිමට අපේක්ෂා කෙරෙන්නේ 2024 වසරේදියි. මෙය නිර්මාණය කිරීම සඳහා සමාගම් 11ක් සිය දායකත්වය ලබා දෙනවා. ඒ සමාගම් වන්නේ,

Observatories of the Carnegie Institution of Washington
University of Chicago
Harvard University
Smithsonian Astrophysical Observatory
Texas A&M University
University of Arizona
University of Texas at Austin
Australian National University
Astronomy Australia Limited
Korea Astronomy and Space Science Institute

University of São Paulo




මේ දුරේක්ෂයේ විශාලත්වය වැඩි නිසාම එයට නතු කරගත හැකි ආලෝක කිරණ ප්‍රමාණය ඉතා ඉහලයි. ඒ නිසා විශ්වයේ ඈතින්ම පිහිටන ග්‍රහවස්තු මෙන්ම මිට වසර මිලියන 12කට පමණ පෙර පැවති ග්‍රහවස්තු වල ආලෝක පවා මෙයට ග්‍රහණය කරගත හැකි බවට විද්‍යාඥයන් පවසනවා. ඒ වගේම දැනට හඳුනාගෙන ඇති ග්‍රහලෝක, තාරකා සහ තවත් ග්‍රහ වස්තු බොහොමයක් ඉතා හොඳින් සමීපව නැරඹීමේ හැකියාව මෙමගින් ලැබෙනවා. නව ග්‍රහලෝක සොයාගැනීමට පවා මෙමගින් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියනයක් වැය වන බවට ගණන් බලා තිබෙන අතර මෙහි වැඩකටයුතු ආරම්භ කිරීම සඳහා මේ වන විට ඩොලර් මිලියන 500ක මුදලක් මේ වන විට ලැබී තිබේ. මෙහි දෘෂ්ටි පෘෂ්ඨය අඩි 80ක් පමණ වනවා. හබල් දුරේක්ෂයේ දෘෂ්ටි පෘෂ්ඨය අඩි 7.8ක් පමණයි. මේ නිසා හබල් දුරේක්ෂයට වඩා දස ගුණයක තීව්‍රතාවයක් සහිත දසුන් නැරඹීමේ හැකියාව ඔබට ලැබෙනවා.




මේ දුරේක්ෂය මගින් මිනිස් වාසයට සුදුසු පිටසක්වල ග්‍රහලෝක සොයාගැනීමටත් හැකි වන බවට පැවසෙනවා. විශ්වයම මහා පිපිරුමකින් ආරම්භ වුනු බව සලකන විද්‍යාඥයන්ට වසර බිලියන 13.2කට පමණ පෙර සිදු මේ සිදුවීමෙන් නිකුත් වූ ආලෝක කිරණ පවා මේ දුරේක්ෂයට නතු කර ගැනීමට හැකි වනු ඇතැයි මේ ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂක කටයුතු කරන ගඟනගාමි Patrick McCarthy පවසා සිටිනවා. ඒ විශ්වයේ විශාලත්වය නිසාම ආලෝකය එක් තැනක සිට තවත් තැනකට යාමට විශාල කාලයක් ගතවන බැවිනි



ගණන් බලා ඇති ආකාරයට විශ්වය වසර බිලියන 13,7ක් පමණ පැරණියි. 2018 වසරේ NASA ආයතනයේ James Webb දුරේක්ශයත් පනගැන්වෙනවා. මේ නව දුරේක්ෂ දෙකේ එකතුවෙන් හබල් දුරේක්ෂය කල කාර්යට විශාල දායකත්වයක් ලබා දෙනු ඇති බවට තදින්ම විශ්වාස කෙරෙනවා.

මූලාශ්‍රය- (Sira web site)

0 comments:

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නවතම වර්ථාව

5:50:00 PM max 0 Comments

රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගලාගෙන එද්දී පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල කඳු වළල්ල අන්ධකාරයේ නිසොල්මන්ව නැඟී සිටියේ දැවැන්ත යෝධයකු ලෙසිනි. ගොම්මන් අඳුර පරිසරය වසා පැතිරෙමින් තිබිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමි නමක සංඝාවාසයෙන් එළියට වැඩම කර අන්ධකාර හිස් අහස දෙස බලා සිටියේ පහන්බර සිතිනි.
රාත්‍රිය කෙමෙන් කෙමෙන් ගලාගෙන එද්දී පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල කඳු වළල්ල අන්ධකාරයේ නිසොල්මන්ව නැඟී සිටියේ දැවැන්ත යෝධයකු ලෙසිනි. ගොම්මන් අඳුර පරිසරය වසා පැතිරෙමින් තිබිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන හිමි නමක සංඝාවාසයෙන් එළියට වැඩම කර අන්ධකාර හිස් අහස දෙස බලා සිටියේ පහන්බර සිතිනි.



සිතිවිල්ලකින් තොරව නිසොල්මනේ අඳුරු අහස් කුස දෙසම බලා සිටි උන්වහන්සේගේ බොඳ වූ දෑසට යම්කිසි ආලෝක ධාරාවක් ගමන් කරනු දර්ශනය වීමෙන් උන්වහන්සේ ඉමහත් ඕනෑකමින් ඒ දෙස බලන්නට වූහ. පුදුමයකි. ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනින් වර්ණ කිහිපයකින් සමන්විත ආලෝක ධාරාවක් වේගයෙන් ගමන් කර අතුරුදන් විය. දෑස් අදහාගත නොහැකි වූ උන්වහන්සේ තවත් මොහොතක් මවිතයෙන් ඒ දෙස බලා හිඳ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අනෙක් භික්ෂුන් වහන්සේට මෙම අද්භූතජනක සිදුවීම පිළිබඳ විස්තර කළහ.
එය දිඹුලාගල පර්වතය මුදුනින් උපන් අද්භූත ආලෝක ධාරාව හා සම්බන්ධ තවත් එක් වෘත්තාන්තයක් පමණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ හිමිවරු කිහිපනමක විටින් විට මෙවන් අද්භූත ආලෝක ධාරා දිඹුලාගල පර්වතය මුදුනින් අවස්ථා කිහිපයකදීම දැක තිබේ.
සත්තකින්ම දිඹුලාගල පර්වතය මුදුනතින් ගමන් කරන ආලෝක ධාරා මොනවාද? බොහෝ දෙනකුගේ මතය වන්නේ පිටසක්වළ ජීවීන්ගේ නවාතැන්පළක් දිඹුලාගල පර්වතය මුදුනේ පවතින බවයි. එය තහවුරු කිරීමට සුදුසු සාධකයන්ද දිඹුලාගල ගල් පර්වතයේ අභ්‍යන්තරය තුළ ගැබ්ව පවතී.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් සමන්විත ඓතිහාසික දිඹුලාගල පර්වතය රාවණා රජු, පණ්ඩුකාභය කුමරු, උන්මාද චිත්‍රා වැනි ඉපැරැණි රජ පරම්පරා කිහිපයක තෝතැන්නක් ලෙස ප්‍රචලිතය. රජ පරම්පරා අවසානයේ චිත්‍රවේල සහ කාලවේල නමැති යක්ෂ සේනාධිපතිවරුන්ගේ වාසභූමියක් බවට පත්ව ඇති දිඹුලාගල පර්වතයේ ඉතිහාසය මෙරට බුදු සසුන පිහිටුවීමේ කේන්ද්‍රස්ථානය දක්වා අෑතට විහිදී යනු ලබයි.


දෙවනපෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩමවා මෙරට බුදු දහම ප්‍රචලිත කිරීමෙන් පසු දිඹුලාගල ආරණ්‍ය සේනාසනයක් බවට පත්ව තිබේ. බුදු සසුන ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ලංකාව පුරා මහ රහතුන් වහන්සේ වැඩම වීමේ එක් අදියරක් ලෙස මලියදේව මහ රහතන් වහන්සේගේ මූලාරම්භයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ආරම්භ වී ඇත. මෙකී දැවැන්ත ඉතිහාසයකින් සමන්විත ඓතිහාසික දිඹුලාගල පර්වත ආශ්‍රමයේ පසුකාලීනව මහ රහතන් වහන්සේ 16,000 නමක වැඩ සිටි බවද වංස කතාවල සඳහන්ය.
එවන් ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ඓතිහාසික දිඹුලාගල පර්වතයේ ඇතැම් දිනවල රාත්‍රියේ සැරිසරන අද්භූත ආලෝක ධාරා මොනවාද? දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ අධිපති මාදුරුඔය විජිතාලංකාර නාහිමිගෙන් අපි විමසීමක් කළෙමු.

• දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අහස් මාලිගය අසලින් හමු වූ පිටසක්වළ ජීවීන්ගේ නැවැතුම්පළක් ගැන මාධ්‍යයට වාර්තා වුණා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද?

මම ඒ ස්ථානයට ගියා. එය දුෂ්කර ගමනක්. පර්වතය යටින් රිංගා යන්නට ඕනෑ. සාමාන්‍ය මනුෂ්‍යයකුට එයට ඇතුළු වෙන්න බැහැ. දුෂ්කර ගමනක අවසානයේ මම එතැනට ගියා.


• ඇත්තටම එහි ඇතුළත දර්ශනය මොන වගේද?

මෙහි දිග පළල අඩි 10 × 10ක් විතර ඇති කුඩා කාමරයක් වගේ. අඩි තුනක් පමණ උසයි. එහි ඇතුළත ගල් ලෑල්ලක් මත සංඥා අක්ෂර කොටා තිබෙනවා.

• ඒ අක්ෂරවලින් මොනවද කියැවෙන්නේ?

ඒ අක්ෂර අපට හඳුනාගන්න අපහසුයි. නමුත් කිසියම් ගමන් මාර්ගයක් පෙන්නුම් කරන බවක් එය බැලීමේදී හැඟෙනවා.

• එහි ඇතුළත තවත් මොනවද තියෙන්නෙ?
මිනිස් රුවක හැඩයක් ඇති රූපයක් තිබෙනවා. හරියට රොබෝ මිනිසකු වගේ.
ඒ කියන්නෙ පිටසක්වළ ජීවියකුට සමානයි.


• පිටසක්වළ යානා පැමිණියා නම් ඒවා කොහොමද මේ දුෂ්කර ස්ථානයට එන්නේ?

ගුවනින් බලනකොට පිටතින් මේ ගුහාවට ඇතුළු වෙන්න ‍ෙදාරක් පෙනෙනවා. ගුහාව ඇතුළතිනුත් ඒ ‍ෙදාර දර්ශනය වෙනවා.

• මේ ගුහාව තුළ මිනිසුන් ජීවත් වූ බවට සාක්ෂි තිබෙනවාද?

නැහැ. කිසිම ආකාරයකට මෙයට මිනිසකුට ඇතුළු වෙන්න බැහැ. අපි ඒක ඇතුළට ගියෙත් කෑමක් බීමක් නැතිව. බඩ ගාගෙන. අඩි 1,200ක් උසින් පිහිටා තිබෙන මෙම අඳුරු ගුහාවෙ කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ.

• පිටසක්වළ ජීවීන් මේ ස්ථානයට පැමිණෙන හැටි ඔබ වහන්සේ දැක තිබෙනවාද?

රාත්‍රි 9න් පස්සෙ මේ පර්වතයට මුදුනින් ඕන තරම් මෙවැනි ආලෝක වස්තූන් දැකගන්න පුළුවන්. අපේ දැනුමේ හැටියට මේ ජීවීන් ගමන් කරන්නේ ආලෝක වස්තූන් තුළයි.


• ඔබ වහන්සේගේ අදහසට අනුව මේ වගේ ආලෝක වස්තු ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනින් වැඩිපුරම දර්ශනය වෙන්නෙ ඇයි?

මේ භූමිය රහතුන් වහන්සේ දහස් ගණනක් වැඩ විසූ පුණ්‍ය භූමියක්. ඒ වගේම මේ ස්ථානයේ රජ පවුල්වල උදවියත් ජීවත් වුණා. මේ ස්ථානයට අරක්ගත් දෙවිවරු ඉන්නා බවත් මූලාශ්‍රවල සඳහන් වෙනවා. බුදු දහමට අනුව ඒ අය නැවැතත් මේ ස්ථානයට පැමිණීම අනිවාර්යයෙන්ම සිදුවනවා.

ඓතිහාසික දිඹුලාගල පර්වතයේ අඩි 1,200ක් උසින් පිහිටි ගල් ගුහාවක ඇති සංඥා අක්ෂර සහ රොබෝවරයකුට සමාන සිතුවමින් පවසන්නේ මෙය පිටසක්වළ ජීවීන්ගේ නැවැතුම්පළක් බවද? 
මෙයට පිළිතුරු සොයා හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ශ්‍රී ලංකා සංගමයේ (ඉ.ඹ්.භට.ධ.පච) ගවේෂණ නිලධාරි සාලිය සිල්වා මහතා මෙම ස්ථානයේ පසුගියදා ගවේෂණ කටයුත්තක් සිදු කළේය. මේ පිළිබඳ ගවේෂණ නිලධාරි සාලිය සිල්වා මහතාගෙන් අපි විමසීමක් කළෙමු.


• ඓතිහාසික දිඹුලාගල පර්වතයට පිටසක්වළ ජීවීන් පැමිණෙනවාද?

මෙවැනි ස්ථාන ගැන විදෙස් වාර්තාවලත් පළවනවා. ඒ අනුව මේ ස්ථානයත් පිටසක්වළ ජීවීන් භාවිත කොට ඇති බව අපට හැඟී යනවා.

• මේ අන්ධකාර ස්ථානය මිනිසුන් විසූ ස්ථානයක් බවට සාක්ෂි තිබෙනවද?

එහෙම පේන්නෙ නැහැ. මොකද මිනිසකුට කෙළින්ම මෙතැනට යන්නත් බෑ. ඇතුළු වෙන්නත් බෑ.


• එහි සඳහන් අක්ෂරවලින් මොනවද කියැවෙන්නේ?

කිසියම් සංඥාවක් ප්‍රකාශ කරන අක්ෂර විශේෂයක් බව පෙනී යනවා.

• මේ සිදුවීමට සමාන තවත් සිදුවීම් වාර්තා වී තිබෙනවාද?

වර්ෂ 1947දී මෙක්සිකෝවේ රොස්වේල් අනතුරේදී විනාශයට පත්වුණු යානයේත් මෙවැනි අක්ෂර හමුවී තිබෙනවා.


• මෙවැනි ස්ථානවලට පැමිණෙන ආලෝක වස්තු පිළිබඳ ඔබේ අදහස මොකක්ද?

ඇත්තටම පිටසක්වළ අති දියුණු ශිෂ්ටාචාර පවතිනවා. ඒවායේ ජීවත්වන ජීවීන් ආලෝක කදම්භ මඟින් තමයි ගමන් බිමන් යන්නේ. විද්‍යාත්මක ගවේෂණවලදීත් මේවා සනාථ කර තිබෙනවා. ලෝකයේ දියුණු රටවල ජනතාව නව තාක්ෂණය මත පිටසක්වළ ජීවීන්ගේ ආලෝක වස්තු පිළිබඳ හොඳින් වටහාගෙන සිටිනවා.

0 comments:

ඉතිහාසයට මග හැරුණු විශ්මිත පුරා විද්‍යාත්මක සොයා ගැනීම්

12:56:00 PM Sachitha Viraj 0 Comments



         පුරවිද්‍යාවේ සොයා ගැනීම් වඩාත් රසවත් සොයා ගැනීම් වේ.පහත දැක්වෙන සොයා ගැනීම් ප්‍රකට ඒවා නොවුනත් ඒවායේ රසවත් බව සහ සුන්දරත්වය කියා නිමකල නොහැක.

1.එල්’ඇන්ස් අවුස් තණ භූමි  


  බොහෝ දෙනක් විශ්වාස කරන්නේ අළුත් ලෝකය සොයා ගත්තේ කොලොම්බස් කියලා.නමුත් නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ජනාවාස කියාපන්නේ  වයිකින්ග්ස්වරු උතුරු ඇමරිකාවේ ප්‍රථමවරට ජනාවාස ඉදිකල බවයි.මෙම ස්ථානය වසර 1,000කට පමණ පෙර වයිකින්ග්ස්වරු 30ත්  160ත්  අතර ප්‍රමාණයක් එකතු වී ගොඩ නගන්නට ඇති බව සැලකේ.

2.සක්සේවාමන් 


  මෙම බලකොටු සංකිර්ණය ඉන්කා අධිරාජ්‍යයාගේ පෙර අගනගරය වු පේරුහි කුස්කෝ අසල පිහිටා පිහිටා ඇත.මෙම පාෂාණ කිසිදු හිඩසක් ඇති නොවන සේ තදින් එකට බැදී ඇත. එසේම ඉන්කාවරු කිසිදු මෝටර් තාක්ෂණයක් භාවිතා නොකර මෙය නිර්මාණය කර ඇත.

3.මොහෙන්ජෝ-ධාරෝ


   මෙම නගරය වාර්තමාන පකිස්තානයේ ක්‍රි.පු.2600ට පෙර නිර්මාණය කර ඇත.මෙය මානව ඉතිහාසයේ නගර-සැලසුම්කරණය පිලිබද ප්‍රථම උදාහරණය වේ.එහි ක්‍රමවත් කානු පද්ධතියක් පවා දක්නට ලැබේ. මෙම නගරය සොයා ගැනිමෙන් පසු රටවල් 7ක් විසින් අත්හැර දමන ලදි.1922 
වන විටත් එය සොයාගෙන නොතිබු අතර එම නගරය එසේ අහිමිවීම කනගාටුවට කරුණකි. 


4.හිරුගේ ද්වාරය 


   බටහිර බොල්වියාවේ පිහිටා ඇත.තිවංකු අධිරාජ්‍යයා විසින් මෙම ගේට්ටුව විශාල ගල් යොදා කැටයම් ඔබ්බවා නිර්මාණය කර ඇත.මේ අධිරාජ්‍යයා  වසර 1500දී පේරුහි සිට බොල්වියාවට සංක්‍රමණය විය.මෙය දකුණු ඇමරිකාවේ ඉන්කාවරුන්ට පෙර තිබු බලගතුම ජාතියකි. විද්වතුන්ගේ  විස්වාසය වන්නේ මෙම ආරුක්කුවේ මුල් ස්ථානය මෙය නොවන බවයි.

5.ගල් යුගයේ උමං



    මීට වසර කිහිපයකට පෙර පුරාවිද්‍යාඥයින් විසින් ගල් යුගයේ නිර්මාණය  කල  භූගත උමං පද්ධතියක් සොයා ගැනීමට සමත් විය.එය ස්කොට්ලන්තයේ සිට යුරෝපය හරහා තුර්කිය දක්වා විහිදෙයි. ඔවුන් එය අධිවේගී මාර්ගයක් ලෙස ඇමතුවත් සමහර ස්ථාන වලදී එහි අරය 70cmක් පමණ වේ.එය බොහෝ දුරට ලමා ක්‍රිඩාංගනයක් මෙනි.


6.ලොන්ග්යු ගුහාව  


    චිනයේ සොජියැබන්ග් වල පිහිටා ඇති ක්‍රි.පු. 212ට පෙර මිනිසාගේ අතින් වු නිර්මාණයකි.මෙහා ඇති රසවත්ම දේ වන්නේ මෙහි ඇති සියුම් සලකුණු බිත්ති සහ සිවිලිම දිගේම අංශක 60ක ආනතියකින් පිහිටා තිබිමයි. මා හට හැගෙන දෙය නම් මෙහි වාසය කල අය කම්මැලිකමෙන් ජිවත් වන්නට ඇති බවයි.මෙය නෙට්ෆිලික්ස් යුගයේදී සිදු නොවන්නට ඇත.


7.ගොබෙල්කි ටෙපේ  


තුර්කියේ කදුමුදුනක පිහිටා ඇත.පුරා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙහි ඓතිහාසික සැකැස්ම මානව සමාජ වල වෙනස් වීමත් සමග  වෙනස් වන්නාට ඇති බවයි.මෙහි ආදී කාලයේ කෘෂි කාර්මාන්තය (ක්‍රි.පු.9.000-10,000) සහ පල්ලිය මුල් කරගනිමින් ශිෂ්ටාචාරය බිහිවන්නට ඇති බවයි. ඇත්තෙන්ම මෙසපොතේනියානු සශ්‍රික නිර්මාණයක්!

8.කොස්ටරිකාවේ පාෂාණ ගෝලය 


 බොහෝ දෙනෙක් මෙම ගෝලය පිලිබද නොදන්නා අතර වර්ෂ 700 සිට 1530 අතර කාලයේ ඩික්යුස් ජනයා විසින් නිර්මාණය කරන්නට ඇතැයි සැලකේ.මේ පිලිබද එහි වෙසෙන ජනයා අතර ඇති මිත්‍යා මතය නම් එහි විනාශ වී ගිය ඇට්ලන්ටාස්හි අවශේෂ මෙහි ඇති බවයි. මෙය බරින් ටොන් 15ක් වේ!

9.යොනාගුනි ස්මාරකය



   ජාපානයේ ජලය යට පිහිටා ඇති ස්මාරකය පිලිබද පුරාවිද්‍යාඥයන් අතර තවමත් මත භේද පවතින්නේ එය මිනිසා විසින් සිදු කල එකක්ද නැද්ද යන්න පිලිබදවයි.නිවුන් ඒකශෛලීය දෙකක් තබා ඇති අතර පින්තූරයේ ඇති කොටස “කැස්බෑවා” ලෙස හැදින්වේ. මේ පිළිබද මතභේද :පැතලි දාර සහ අංශක 90 ආනත කියාපාන්නේ මෙය මිනිසා විසින් සිදු කල බවයි,අනෙක් පසින් මෙය ඉතා ගැඹුරු මුහුදේ පිහිටා තිබීම එය එසේ නොවන්නට සාක්ෂි දරයි.

10.අසම්පුර්ණ ධන(+) ලකුණ 


 මෙම ධන ලකුණු බොහෝමයක් නිර්මාණය කිරිම සදහා වහලුන් හට බලපෑම් කිරිමට ඊජිප්තු වහල් නායකයා අදිමදි කරන්නට ඇති අතර පසුව එය අතරමග අතහැර දමන්නට ඇත. මාගේ ඉන්දියානා ජොන්ස් කෙනෙකු වීමේ සිහිනය සිත්හි දරාගෙන පුරාවිද්‍යාව යනු දුහුවිලි සමග වැඩකිරිමට වඩා වැඩියමක් එහි ඇති බව මට වැටහේ.මම සැබවින්ම සතුටු වනවා එම වෑයම දරන මිනිසුන් නිසා අපට මෙවැනි රසවත් දෑ පිලිබදව දැනගන්නට ලැබීම ගැන.

තවත් ලිපියකින් හමුවෙනතුරු ඔයාලට බුදු සරණයි...ස්තූතියි..!!!"

0 comments:

විද්‍යා ප්‍රබන්ධයන් හරහා අනාගත තාක්ෂණය දුටු විශ්මිත වූ දිවැසිවරරයා

12:03:00 PM Sachitha Viraj 0 Comments


"ඔන්න යාලුවනේ අපි ඔයාලට තවත් ලිපියක් අරන් ආවා..හරි අපි කියන්න යන්නෙ  විද්‍යා ප්‍රභන්ධයක් තුළින්  එහෙමත් නැත්නම් විද්‍යා ප්‍රබන්ධයන් හරහා  ලෝකයේ අනාගතය, අනාගත තාක්ෂණය දුටු විශ්මිත වූ දිවැසිවරයෙක් ගැන,, 
සමහරක් අය මේ පිළිබද යම් යම් කරුණු දන්නවත් ඇති,

"අපි මෙහෙම කතාව පටන් ගමුකෝ..........,,     


    ලෝකයට විද්‍යා ප‍්‍රබන්ධ කලාව හඳුන්වා දුන්නේ ඔහුයි. ඒ ඔස්සේ මුලින් ම හඳට ගියේත් ඔහුයි. ඔහුගේ නිර්මාණ තුළින් වසර සිය ගණනකට පෙර අපට හඳුන්වා දුන් බොහෝ තාක්ෂණික මෙවලම් අද අපට හුරුපුරුදු ඒවායි. ඔහුගේ 184 වැනි උපන් දිනය පසුගිය පෙබරවාරි 8 දාට යෙදී තිබුණා. ඔහු තමා ප‍්‍රංශ ජාතික විද්‍යා ප‍්‍රබන්ධ කථාකරු ජූල්ස් (යූල්ස්) වර්න්. ඔහු යූල්ස් ගේබ්රියෙල් වර්න් Jules Gabriel Verne නමින් උපන්නේ 1828 පෙබරවාරි 8 වැනිදා ප‍්‍රංශයේ නැන්ටේවලදියි. අපව පොතපතින් ලොව පුරා විස්මිත චාරිකාවල රැගෙන ගිය ඔහු අවසන් ගමන් ගියේත් ප‍්‍රංශයේදිමයි. ඒ 1905 මාර්තු 24 වැනිදා එමියන්ස්හිදියි. 



    විද්‍යා ප‍්‍රබන්ධ කථා කලාව ආරම්භ වූයේ ඔහුගෙන්. ඔහු වඩාත් ලෝක ප‍්‍රසිද්ධියට පත් වූයේ Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), Around the World in Eighty Days ලොව වටා දින 80කින් (1873), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865) ඔහු විසින් ලියන ලද නවකතා නිසයි. වර්න් අභ්‍යවකාශ ගමන්, ගුවන් ගමන් හා දිය යට ගමන් ගැන ‘අමුතු චාරිකා’ ලියූ කාලේ ගුවන් යානා හෝ ප‍්‍රායෝගික සබ්මැරීන හෝ නිපදවා තිබුණේ නෑ. ඒ විතරක් නෙවෙයි, අභ්‍යවකාශ ගමන් ගැන නම් හිතලවත් තිබුණේ නෑ. ලෝකයේ විවිධ භාෂාවලට පරිවර්තනය වූ ප‍්‍රබන්ධ කථා අතරින් ඔහුගේ නිර්මාණ දෙවැනි වන්නේ ඇගතා කි‍්‍රස්ටි නම් බි‍්‍රතාන්‍ය ලේඛිකාවගේ රහස් පරීක්ෂක කතාවලට පමණයි. ඔහුගේ පොත් වැඩි හරියක් සිනමාවට හෝ ටෙලිවිෂනයට නඟා තියෙනවා. ඒවා පදනම් කර ගෙන සජීවී කාටූන් චිත‍්‍රපට පවා තනා තියෙනවා. ‘විද්‍යා ප‍්‍රබන්ධ කථාවේ පියා’ යන විරුදාවලියෙන් පිදුම් ලත් ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන් තිදෙනා අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ලේඛකයා ජූල්ස් වර්න් තමයි. හියුගෝ ජර්න්ස්බැක් Hugo Gernsback හා එච්. ජී. වේල්ස් H. G. Wells අනෙක් දෙදෙනායි.



පියාසර පැය 4000ක් එනම් වසර 25ක ආයුකාලයක් ඇස්තමේන්තුකොට නිමවා ඇති JF-17 යානය පියාසර පැය 1200කට වරක් පූර්ණ අලුත්වැඩියාවකට බඳුන්කල යුතුයි. පරිගණක මගින් පාලනයවන පාලන පද්ධතියක් මගින් (computerized flight control system ) යානයේ පියාසර කාර්යයන් පාලනයවේ. යානයේ නියමුකුටියේ නවීන ඉලෙක්ට්‍රොණික පියාසර තොරතූරු දර්ශක 
(electronic flight instrument system-EFIS) හා හෙඩ්ස් අප් ඩිස්ප්ලේ (Heads Up Display)පද්ධතියකින්ද සමන්විත වන අතර ඒවා නවීන බටහිර යානාවල උපාංග හා සමාන හැකියාවන්ගෙන් යුතු බව ගුවන්යානා විශේෂඥයින් පවසනවා. EFIS පද්ධතිය වර්ණ ඩිජිටල් තිර තුනකින් සමන්විත අතර එම තිර මත වේගය, උස, ප්‍රහාරක ආනතිය, දිශාව ආද් ඉ යානයේ වැදගත් පියාසර තොරතුරු දක්වන අතර, ඊට අමතරව රේඩාර් තොරතුරු, සතුරු/මිතුරු යානා පිලිබඳ තොරතුරු, එන්ජිම හා ඉන්ධන තත්වය පිලිබඳ තොරතුරු මෙන්ම යානයේ විදුලි හා හයිඩ්‍රොලික් පද්ධතිය පිලිබඳව නියමුවාට වැදගත්වන තොරතුරු පෙන්වයි. මීට අමතරව යානයේ පාලන පෘශ්ඨ නවීන Digital Fly-by-Wire පද්ධතියකින් පාලනය වන අතර ප්‍රහාරක මෙහෙයුම් වලදී යානයේ පියාසර පෘශ්ඨ නියමුවාගේ ප්‍රහාරක සැලසුම්වලට අනුව ස්වයංක්‍රියව සකස්වන බැවින් නියමුවාට යානය පියාසරකිරීම පරිගණකයට භාරකොට ඉලක්කය විනාශකිරීමේ කටයුතුවලට වැඩි අවධානයක් යොමුකල හැකිය.



      ජූල්ස් උපන්නේ හා කුඩා කල ජීවත් වුණේ වරාය නගරයක වුනත් ඔහුගේ සිත වඩාත් ඇදී ගියේ නගරයෙන් බැහැර ලෝ ඕ Loire ගඟබඩ පිහිටි බ‍්‍රයන්ස් ගමේ ගත කළ ගිම්හාන කාලවලටයි. ඒ කාලේ ඔහු සිය සොහොයුරා වූ පෝල් සමග ඒ ගෙඟ් බෝට්ටු පැද්දා. ඒ ගඟ හරහා එහා මෙහා ගිය නැව් දුටු ජූල්ස්ගේ සිතිවිලි පිබිදුණා. චාරිකා ගැන සිත ඇදී ගියේ ඒ කාලෙයි. අවුරුදු නවයේ දී ජූල්ස්ට පෝල් සමග නේවාසික පාසලකට යන්න සිදු වුණා. ඒ සෙන්ට් ඩොනේෂියන් විදුහලටයි. ගවේෂණ චාරිකා ගැන හිතන්නත් ඒවා සැබෑ සිදුවීම් ලෙස ලියන්නත් ඔහුගේ සිත තදින් යොමු වුණේ ඒ කාලෙදියි. ඒ නිසා අනික් විෂයයන් කෙරෙහි ඔහුගේ ඇති දියුණුව විටෙක අඩාල වුණා. කෙසේ හෝ එහි අධ්‍යාපනය අවසන් කළ පසු ඔහුව පැරීසියට යවන්න ඔහුගේ පියා තීරණය කළා.  වෘත්තියෙන් නීතිඥයකු වූ ජූල්ස්ගේ පියා, පුතාත් ඒ මග යවනු අදහසින් නීතිය හැදෑරීමටයි පැරීසියට යැව්වේ. එහෙත් ජූල්ස් නීතිය ඉගෙනීම පසෙකලා ලේඛන කලාවට වැඩි තැනක් දෙන බව දනගත් පසු ඔහුට මුදල් එවීම ටිකෙන් ටික නතර කළා. ඒ නිසා අකමැත්තෙන් හෝ කොටස් වෙළෙඳ පොළේ තැරැව්කරුවකු ලෙස රැකියාවක් කරන්නට ජූල්ස්ට සිදු වුණා. මේ කාලයේ දී තමයි, ඔහුට වික්ටර් හියුගෝ හා ඇලෙක්සැන්ඩර් ඩූමාස් යන ලේඛකයන් හමු වුණේ. ඔවුන්ගෙන් ලේඛන කලාව ගැන ඔහුට ගුරුහරුකම් ලැබුණේ.

    වර්න් විවාහ වුණේ 1857 දී, ඔනරීන් ඩි වියාන මොරල් නම් වැන්දඹුවක් සමගයි. ඇයට ඒ වන විට දූවරුන් දෙදෙනකු සිටියා. 1861 දී ඔහුට මයිකල් වර්න් නම් පුතා උපන්නා. ජූල්ස්ගේ ඉරණම වෙනස් වූයේ ඔහුට තවත් ජූල්ස් කෙනෙක් හමුවීමෙන් පසුවයි. ඒ පියරේ ජූල්ස් හෙට්සෙල්. ඔහු පොක් ප‍්‍රකාශකයෙක්. 19 වැනි සියවසේ විසූ වඩාත් වැදගත් ප‍්‍රකාශකයා වුණේ ඔහුයි. ඔහු වික්ටර් හියුගෝ වැනි ප‍්‍රකට ලේඛකයන්ගේ පොත් ප‍්‍රකාශයට පත් කළ අයෙක්. වර්න්ගේ ලේඛන කලාව දියුණු කර ගැනීමට උදවු වූයේ ඔහුයි. අපි‍්‍රකාවට ඉහළින් බැලූනයකින් ගිය චාරිකාවක් ගැන වර්න් ලියූ පොතක් වෙනත් ප‍්‍රකාශයකු ‘විද්‍යාත්මක කරුණු වැඩියි’ කියා ප‍්‍රතික්ෂේප කළ විට හෙට්සෙල් එය කියවා නැවත ලියන්නටඋපදෙස් දුන්නා. ඒ අනුව වර්න් එය නැවත ලිව්වා. දිග වැඩි දේශපාලන පණිවිඩ කෙටි කළා. සිනහ උපදවන යෙදුම් භාවිත කළා. වදන් ගොනු කිරීමේ දී රසවත්ව එය කිරීමට වැඩි අවධානයක් යොමු කළා. ඛේදාන්ත සුඛාන්ත බවට පත් කළා. 1863 දී ‘බැලූනයකින් සති පහක්’ ලියා පළ කළේ එහෙමයි.

   එතැන් පටන් වර්න් වසරකට චරිකා වික‍්‍රම කතා ඇතුළත් වෙළුම් දෙකක් හෝ වැඩි ගණනක් ලියා පළ කරන්නට වුණා. ඒවා අතරින් වඩාත් සාර්ථක වූයේ A Journey to the Center of the Earth පෘථිවිය මැදට ගිය ගමනක් (1864), From the Earth to the Moon ‘පොළොවේ සිට සඳ බලා’ (1865), Twenty Thousand Leagues Under the Sea ‘ලීග 20,000ක් මුහුද යටට’(1870),Around the World in Eighty Days ‘ලොව වටා දින 80කින්’ (1873) ආදියයි. මෙයින් ‘ලොව වටා දින 80කින්’ නම් කතාව 1872 දී ලෙ ටෙම්ප්ස් සඟරාවේ කොටස් වශයෙන් පළ වුණා. මේ කතා සියල්ල ඇතුළත් පොත් පෙළ හැඳින්වුණේ ‘අමුතු චාරිකා’ යන අරුත් ඇති Voyages Extraordinaires යන නමිනුයි. වර්න්ට මේ අමුතු කතා කලාව නිසා ජීවත්වීමට තරම් ආදායමක් ලැබුණා. ඒ ආදායම වැඩි දියුණු වූයේ ඔහු වේදිකාවට විශේෂයෙන් සැකසූ ‘ලොවවටා දින 80කින්’ කතාව නිසයි. තවත් වේදිකා නාට්‍ය පිටපත් ගණනාවක් ම ඔහු ඒ කාලයේ ලිව්වා. 

  1867 දී වර්න් කුඩා නැවක් මිල දී ගත්තා. පසුව මුදල් අත මිට සරුවෙද්දී වඩාත් හොඳ නැවකටත් පසුව තවත් අලූත් නැවකටත් මාරු වුණා.ඔහු පි‍්‍රයතම විනෝදාංශය වූ යාත‍්‍රා කිරීමේ යෙදුණා. තුන්වැනි නැවෙන් ඔහු යුරෝපය වටා යාත‍්‍රා කළා. 1870 දී ඔහු නයිට් පදවියකින් ද පිදුම් ලැබුවා.  ඔහුගේ මුල් නවකතාවෙන් පසු ඔහුගේ කතා බොහොමයක් ම හෙට්සෙල්ගේ ‘විනෝදයෙන් අධ්‍යාපනය’ යන අරුත් ඇති d'Éducation et de Récréation ප‍්‍රංශ බසින් කළ සඟරාවෙහි පළ වුණා. (මේ කාලයේ ම ඔහුගේ සොහොයුරු පෝල් ද චාරිකා කතාවක් හා කෙටිකතා එකතුවක් පළ කළා.) මේ වන විට ජූල්ස් වර්න් බොහොම පොහොසත්; ඒ වගේ ම ජනපි‍්‍රයයි. යුනෙස්කෝ ආයතනය පළ කළ වාර්තා අනුව ඒ කාලයේ වෙනත් භාෂාවලට පරිවර්තනය වුණු ලේඛකයන් අතර ඉහළ ම පස් දෙනා අතර වර්න් නමත් පළවුණා.


මීට අවුරුදු 149කට පෙර, 1863 දී, ජූල්ස් වර්න් නවකතාවක් ලීවා, ‘විසිවන සියවසේ පැරීසිය’ යන අරුත් ඇති Paris in the Twentieth Century නමින්. ඒක විසිවැනි සියවසේ ජීවත් වූ තරුණයකු පිළිබඳ කතාවක්. ඔහු වාසය කළේ අහස උසට තැනුනු  වීදුරු මැඳුරුවලයි. ගමන් බිමන් ගියේ අධිවේගී දුම්රියෙන්, එහෙම නැත්නම් ගෑස්වලින් දුවන මෝටර් රථවලින්. ඔහු භාවිත කළේ කැල්කියුලේටර, ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලා ඒ සියල්ල තිබිය දීත් ඔහු ජීවිතයේ සතුට තිබුණේ නැහැ. මේ කතාව සර්ව අශූභවාදී එකක් නිසා ඒ කාලේ වර්න්ට තිබූ ජනපි‍්‍රයත්වයට හානියක් වෙතැයි සැලකූ ඔහුගේ ප‍්‍රකාශක හෙට්සෙල් එය පළ කිරීම තවත් වසර 20ක් පසුව කරන්නට යෝජනා කළා. වර්න් ඒ අත්පිටපත පසෙකට දැම්මා. ඒ ප‍්‍රකාශකයාත් මිය ගියා. ඒක වර්න්ගේ ජීවිත කාලයෙදි මුද්‍රණය කෙරුණෙත් නෑ. ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු එය නැවත සොයා ගත්තේ වර්න්ගේ මීමුනුපුරා විසින් 1989 දියි. එය පළ වූයේ 1994දියි. ඒ සමගම ඔහුගේ තවත් නොපළ කෘතීන්,කෙටිකතා, නවකතා ආදිය ගණනාවක් ද පළ කෙරුණා."


    *** ජූල්ස් වර්න්ගේ සැබෑ වූ නව නිපැයුම් 8ක් ****

ජූල්ස් වර්න් 2012 දී පැවැත්වීමට නියමිත ඔහු 184 වැනි උපන්දිනය තෙක් ජීවත්ව සිටියා නම් දිවැසිවර ලේඛකයකු ලෙස ඔහු එදා පෑ දස්කම් ගැන ඔහුත් මවිතයට පත් වෙනවා නොඅනුමානයි. ඉඩකඩ සීමිත නිසා එයින් සැබෑ වූ අටක් ගැන විතරක් විමසා බලමු.

1. *** විදුලි සබ්මැරිනය ***




ජූල්ස් වර්න් ඔහුගේ ‘මුහුද යටට ලීග 20,000ක්’ නම් කෘතියේ එන කපිතන් නීමෝ ලෝකයේ සාගර පත්ල තරණය කරන්නේ ‘නෞටිලස්’ Nautilus නම් යෝධ විදුලි සබ්මැරිනයෙන්. එදා ඔහු ඒ ගැන ලිව්වේ 1870 දියි. එදා ඔහු විස්තර කළ ඒ සබ්මැරිනය අද ඒවාට බොහෝ සේ සමානයි. මේ 1964 දී හැබෑවක් වුණු ඒ සබ්මැරිනය නම් කෙරුණේ ‘ඇල්වින්’ Alvin කියලයි. මෙය කි‍්‍රයා කරන්නට විදුලි බලය සැපයෙන්නේ ලෙඞ් ඇසිඞ් බැටරිවලින්.
MAA-1 Piranha (Short-range),AIM-9L/M (Short-range),PL-5EII (Shortrange),
PL-9C (Short-range),PL-12 / SD-10 (Beyond visual range)

2. *** රූපවාහිනී පුවත් විකාශය ***



    1889 දී ‘2889 වසරේදී’ යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි කියන ජූල්ස් වර්න් පුවත්පතට ආදේශකයක් බිහි වන බව කියා තියෙනවා. ”අර්ත් ක්‍රොනිකල්’ නම් ඒ පුවත්පත මුද්‍රණය කරනවා වෙනුවට සෑම උදයකම එහි ග‍්‍රහකයන් අමතා කතා කරනවා. එහි වාර්තාකරුවන්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා විද්‍යාඥයන් වැනි අයගේ මුවින්ම ඔබට එදා දවසේ පුවත් කෙළින්ම අසා ගන්න පුළුවන්”ඔහු මෙහෙම ලීවේ 1889දියි. සැබැවින්ම පළමු ප‍්‍රවෘත්ති විකාශය 1920 වන තෙක් ආවේ නැහැ. ඒ අසොසියේටඞ් ප්‍රෙස් ප‍්‍රවෘත්ති විකාශය ආවේ වර්න් ඒ ගැන සඳහන් කර වසර 30කට පසුවයි. CBS ප‍්‍රවෘත්ති සේවය කියන විදියට ප‍්‍රථම ජාලගත ටෙලිවිෂන් ප‍්‍රවෘත්ති විකාශයක් ආවේ තවත් වසර 28කට පසුවයි. එදා, 1974 දී ඇමරිකන් ජනාධිපති රිචඞ් නික්සන් ඉල්ලා අස්වෙන අවස්ථාව මිලියන ගණනක් දෙනා ටෙලිවිෂනයෙන් දැක ගත්තා. 


3. *** සූර්ය රුවල් යාත‍්‍රා ***


      1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ආලෝකයේ ශක්තිය යොදා ගෙන පියාසර කළ අභ්‍යවකාශ යානයක් ගැන සඳහන් කර තිබුණා. ඒ තාක්ෂණයට එදා නමක් තිබුණේ නැහැ. එය අද හැඳින්වෙන්නේ සූර්ය රුවල් solar sails ලෙසයි. මෙහි දැක්වෙන්නේ නාසා ආයතනය කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන නැනෝසේල්-ඞී NanoSail-D යානයයි. ජපානය දැනටමත් සූර්ය පීඩනය හා සූර්ය කෝෂ යන දෙවර්ගයම යොදා ගත් දෙමුහුන් තාක්ෂණයෙන් යුත් සරුංගල් අභ්‍යවකාශ යානයක් අභ්‍යවකාශයට යවා තියෙනවා. අද වර්න් ගෞරව ලබන්නේ අනාගතවක්තෘ ලේඛකයකු ලෙසයි. වර්තමාන තාක්ෂණයේ බිහි වී ඇතිබොහෝ දේ ගැන ඒවා බිහිවෙන්නට බොහෝ කලකට පෙර ඔහුගේ ලේඛනවල පළ වුණා.

4. *** ලූනා මොඩියුල නම් චන්ද්‍ර යානා ***


ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන අරුත් ඇති ෆ්‍රොම් ද අර්ත් ටු ද මූන්’ නම් කෘතියෙහි ලූනා මොඩියුල ගැන සඳහන් කර තිබුණා. නාසා ආයතනය යැවූ රොකට්ටුව මුදුනේ රඳවා යවන ලද කේතුවක හැඩ ගත් ලූනා මොඩියුලය පමණක් නොව එය ප‍්‍රක්ෂිප්තයක් සේ අහසට විදිය හැකි බවට ඔහු අනාවැකි පළ කළා. යෝධ තුවක්කුවකින් ගුරුත්ව බලය ඉක්මවා ගිය හැකි වේගයකින් ඉහළ විදිය හැකි බව කීවා. ඔහු ඒ නව නිපැයුම කි‍්‍රයා කරන ආකාරය විස්තර කරන්න දැඩි උත්සාහයක් ගත්තා. ඔහු ඒ අතින් එච්.ජී. වේල්ස්ට වැඩිය වෙනස්. වේල්ස් හඳ ගමනේ දී ගුරුත්වය බිඳින්නට යොදා ගත්තේ ද්‍රව්‍යයක්. වර්න් කීවේ ඒ සඳහා බල ප‍්‍රභවයක් යොදා ගත හැකි බවයි.

5.***  හැමෝටම බලන්න අහසේ ලිවීම ***


1889 දී ‘2889 වසරේදී’ යන ලිපියෙන් තවත් අවුරුදු 1000කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ ජූල්ස් වර්න් දැන්වීම් කලාව ගැන සඳහන් කරමින් කීවේ ‘වායුගෝලීය දැන්වීම්’ ඒ කාලයේ දී බිහිවන බවයි. මේවා කොයිතරම් විශාල ද කීවොත් හැමදෙනාටම දැක ගත හැකි වෙනවා. අහසේ දිස් වෙන වලාකුළුවලින් පරාවර්තනය වන මේ දැන්වීම් මුළු නගරයකම, සමහර විට මුළු රටකටම විශාල ජනකායකට පෙනෙන සේ සැකසිය හැකි වෙනවා. එදා ඔහු කී දෙය මේ වන විටත් සැබෑ වී තියෙනවා.

6. *** වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම ***


  යනුවෙන් ලිපියක් ලියමින් තවත් අවුරුදු 100කින් බිහිවිය හැකි දේ ගැන අනාවැකි පළ කළ වර්න් තව කී දෙයක් තමයි, වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීම. වර්න් එය විස්තර කළේ ‘ෆෝනෝටෙලිෆෝටේ’ phonotelephote යනුවෙන් හඬ, රූප මුසුව ඈත දෙපළක සිට කතා කිරීමේ ක‍්‍රමයක් ලෙසයි. ඔහු එය සිදුවෙන හැටි විස්තර කළේ සංවේදී දර්පණ යොදා ගෙන රැහැන් මගින් එය කරනු ඇතැයි කියායි. වීඩියෝ සම්මන්ත‍්‍රණ පැවැත්වීමේ තාක්ෂණය videoconferencing technologies අද අපට අලූත් දෙයක් නොවෙයි.

7. *** මිනිසුන් ගල් කරන ‘පිස්තෝලයක් ***


‘ලීග 20,000ක් මුහුද යට’ විද්‍යා ප‍්‍රබන්ධයෙන් වර්න් වැඩියෙන් විස්තර කළේත් කාගෙත් වැඩි අවධානය යොමු වුනෙත් එහි යානයටයි. ඒත් එහි අමුතු අවියක් ගැනත් කියැවුණා. වර්න් කියූ විදියට ”ඒ අවියෙන් නිකුත් වුණේ සාමාන්‍ය බෝල (උණ්ඩ) නොවෙයි. වීදුරු බෝල විශේෂයක් ඒ වටා වානේ ආවරණයක් යොදා තිබුණා. බර වැඩි කරන්නට ඊයම් ගුළි යොදා තිබුණා. ඒවා හරියට කුඩා ලීඩන් බෝතල් වගෙයි. (ලීඩන් බෝතල් කියා කියන්නේ ඒ කාලේ ස්ථිත විදුලිය ගබඩා කරන්න යොදා ගත් බහාලූමක්) අධික විදුලි සැරයක් ඒ එකක තියෙනවා.ඒවායින් එකක් වැදුනොත් කොයිතරම් බලවන්තයෙක් වුනත් මැරිල වැටෙනවා.” ඒක හරිම ප‍්‍රබල අවියක්. ඒ අවිය හරියටම තවමත් නිපදවා නැහැ. ඒත් ඊට මඳක් සමාන එකක් දැන් නිපදවා තියෙනවා. ඒ තමා ‘ටාසීර්’ Taser කියන ඉලෙක්ට්‍රොනික පාලක මෙවලම, ඒකෙන් විදුලි සැරයක් නිකුත් කරන්න පුළුවන්.

8. *** උඩුගුවනට ගිය කැප්සියුලය මුහුදට පතිත වීම. ***


   ජූල්ස් වර්න් 1865 දී පළ කළ ‘පොළොවෙන් හඳට’ යන නමින් ලියූ විද්‍යා ප‍්‍රබන්ධයෙන් කීවා හඳට ගිය යානය මුහුද පතිත ව පාවෙමින් තිබුණාය කියා. ඔහු එදා ඒ කතාවෙන් විස්තර කළේ ඔහුගේ සිතේ මවා ගත් දසුනක්. ඒත් සැබැවින් ම උඩුගුවනට මිනිසකු රැගෙන ගිය මර්කරි කැප්සියුලය ඒ අයුරින්ම මුහුදටයි පතිත වුණේ, 1961 දි.

  19 වැනි සියවසේ තවත් ලේඛකයන් සිටියා, මේ වගේ අනාගතයේ එන නව තාක්ෂණික උපකරණ හා මෙවලම් ගැන ඔවුන්ගේ කතාවල ලියූ.ඒත් වර්න් මෙහිදී සුවිශේෂී වුණේ ඔහුගේ අපූරු චාරිකා අත්දැකීම් තුළ ඒවා ඇතුළත් කර තිබූ අපූරු ආකාරය නිසයි. බොහෝ විට ඔහු මේ නව නිර්මාණ යොදා ගත්තේ ඔහුගේ ප‍්‍රබන්ධය රසවත් කරන්නයි. එසේ නැතිව අනාගතයේ අත්‍යවශයෙන් බිහිකළ යුතු ප‍්‍රයෝජනවත් මෙවලම් හැටියට නොවෙයි. (උ.ගැ.)

  "ඉතින් මේ කරුණු මූලාශ්‍රයන් ඔයාලට ගොඩාක් වැදගත් සහ රසවත් වෙන්න ඇති කියලා මන් හිතනවා,,,එහෙනම් තවත් ලිපියකින් හමුවෙනතුරු ඔයාලට බුදු සරණයි...ස්තූතියි..!!!"

0 comments: