හිරුගේ මියයාම
>>>>>ඔන්න යාලුවනේ අපි මීට කලින් සදහන් කලා වගේම ඔයාලට වැදගත් වෙන ලිපි මාලවක් ඉදිරියේදී ඉදිරිපත් කරනවා.ඉතින් දැන් මේ ලිපියෙන් කියන්න යන්නෙ අපේ හිරුගේ මියයාම ගැනයි...,,
*** හිරුගේ මියයාම***
( Death of the sun )
හිරුත් ,තරුත් මිය ගියහොත් ,නොබැබලුනොත් කුමක් සිදුවේද..? අපේ හිරුද යම් දිනක මියයනවා.ඉතින් ඒක මෑතකදී සිදු නොවුනත් අවුරුදු මිලියන දහස් ගණනාවකින් පසු එසේ මිය යනවා.
ඉතින් හිරුත් දැන් ඉන්නෙ මැදි වියේ තරුවක් විදිහට.හයිඩ්රජන් සහ හීලියම් වලින් ගහන තරු තුළ නිරතුරුවම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවෙනවා.හයිඩ්රජන් -,න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ක් මගින් හීලියම් බවට පත් වෙනවා.හිරු තුල සෑම තත්පරයක් තුල දීම හයිඩ්රජන් අණු ටොන් මිලියන 600 ක් හීලියම් අණු බවට පත් වෙනවා.ඉතින් මේ විදිහට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිදු වෙනකොට තත්පරයක් තුලදී ස්කන්ධය ටොන් මිලියන 4ක් දවාලනවා.එවිට අති විශාල ශක්තියක් පිට කරනවා.තව අවුරුදු බිලියන 5කට පමණ කාලයකට මේ හයිඩ්රජන් ප්‍රමාණවත් වෙනවා.ඊට පස්සේ හිරු මිය යනවා.ඉතින් එහෙම උනාට පස්සෙ අපේ සෞරග්‍රහ මණ්ඩලයට මොකද වෙන්නේ කියලා ඔයාලට හිතාගන්න පුලුවන්නෙ.අපේ පෘථිවිය ඇතුළු අනිත් සියලු ග්‍රහලෝක විනාශ වෙලා යනවා.
ඉතින් මේක වෙන්නෙ ,පළමුවෙන් හිරුගේ මැද කොටස කුඩා වී දැන් තියෙනවට වඩා මැද උනුසුම් වීමට පටන් ගනී.පිටත පිහිටලා තියෙන ස්ථර ඉවතට තල්ලු වෙනවා.ඒක නිසා හිරු මීට වඩා විශාල වීමට පටන් ගන්නවා.ක්‍රම ක්‍රමයෙන් එය රතු යෝදයෙකු බවට පත් වෙනවා...ඒ කියන්නෙ දැන් තියන විශාලත්වය වගේ සිය ගුණයකින් ඒක විශාල වෙනවා කියන එක.එවිට හිරුගෙ තියන උනුසම අඩු වෙනවා..ඉතින් අපේ පෘථිවියට හිරුගේ මතුපිටට වඩාත් සමීප වෙලා පෘථිවියේ තියෙන උනුසම ද ඉහළ යනවා...
මින් පසු තවත් අවුරුදු මිලියන දාහකට පමණ පසු හිරු තුළ ඇති ශක්තිය අවසන් වෙලා තව දුරටත් හිරු සීතල වෙනවා.අවසානයේදී හිරු ශීතල අදුරු වස්තුවක් බවට පත් වෙනවා.ඉතින් මේක කළු වාමනයක් ලෙස හදුන්වනවා ඒ වගේම මේකෙන් ආලෝකය සහ තාපයද නිකුත් කරන්නෙ නැතුව යනවා.ඉතින් සියලුම තරු මේ විදිහට වෙනස් වෙනවා.එක් එක් අවස්ථාවන් පසු කිරීම සදහා තරුවකට ගත වන කාලය එකිනෙකටද වෙනස්.ඉතින් ඒක රදා පවතින්නේ තරුව තුළ ඇති ද්‍රව්‍ය මත. තරුව තුළ අඩංගු ද්‍රව්‍යයන් වැඩිවන විට එක් එක් පරිච්ඡේද තුළ ගත කරන කාලය ද අඩු වෙනවා,ඒ කියන්නෙ විශාල තරු ශීඝ්‍රයෙන් මහළු වෙනවා කියන එක...ඉතින් ඔන්න ඔහොම තමයි හිරුත් තරුත් මිය යන්නේ..
•••.විශේෂයෙන්ම කියන්න ඕනි කලින් ලිපි මාලවන් වගේම මේ ඉස්සරහට ඔයාලට වැදගත් ලිපි රාශියක් ඔයාලා වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා.••••
"ඔයාලට තෙරුවන් සරණයි..ස්තූතියි...!!!.
0 comments: