මොනවද මේ කළු ආගාධ
*මොනවද මේ.....,
>>> කළු ආගාධ <<<
(Black holes)
ඉතින් යාලුවනේ කළු ආගාධයක් කොටස් දෙකක්ට වෙන් කර්න්න පුලුවන් ...අසාමාන්‍ය පෙදෙස (Singularity ) සහ ක්‍රියාකාරී ප්‍රදේශය කියලා..මේකෙ අවාසාන සීමාව ක්‍රියාකාරී ක්ෂිතිජය කියල හදුන්වන්න පුලුවන්..,ඒ වගේම අසාමාන්‍ය පෙදෙස පිහිටලා තියෙන්නෙ එහි මැද..ඉතින් කළු ආගාධ කළු පැහැයෙන් තියෙන නිසා ඒවා අධ්‍යයනය කරන්න අපහසු යි.ඒ වගේම කළු ආගාධ පේන්නෙ නැත්නම් ඒවායෙ පැවැත්ම සොයාගන්නත් ඉතා අපහසු යි ..
1916 දී ජර්මන් ජාතික 'කාල් ස්චුවාස්චිඩ් ' (Karl scjwazschid ) කියන තාරකා විද්‍යාඥයා පලවෙනි වතාවට මේ කළු ආගාධය ගැන මතයක් ඉදිරිපත් කරලා තියනවා...ඒ ඇල්බට් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා වාදය පදනම් කරගෙන තමයි මේ මතය ඉදිරිපත් කරලා තියෙන්නේ ...
ඉතින් ඒ උනත් 1994 වන තුරුම කළු ආගාධ යක පැවැත්ම පිළිබඳව කිසිවෙකුට සාක්ෂි ඉදිරිපත් කිරීමට නොහැකි උනා.හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් තමයි පලවෙනි වතාවට 1994 දි කළු ආගාධ තියෙන බවට ස්ථර සාක්ෂි ලබා ගන්න හැකි උනේ.M87 චක්‍රාවාටයේ කේන්ද්‍රය වටා පිහිටලා තියෙන වායුන් මැනීමෙන් මේ බව සොයා ගත්තා.ඊට පස්සෙ 1995 දී තව ආගාධ දෙකක් සොයා ගත්තා . ඒවා NGC 4258 සහ NGC 4261 කියලා නම් කෙරුණා ..
කළු ආගාධයක් පිළිබඳව බොහෝ අදහස් තියනවා.එකක් තමයි කළු ආගාධ යක් යම් වස්තුවක් ඇද ගනු ලැබුවහොත් එය කළු ආගාධය පවතින තාක්කල් එහි අසාමාන්‍ය පෙදෙස තුල් රැදී පවතිනව කියලා. ඒ කියන්නෙ ටොරෙන්ඩෝවක් තුළ ට වස්තූන් ඇද ගැනීමක් වගේ..
පලවෙනි වතාවට 2003 වසර අගභාගයේදී විශාල කළු අගාධයකින් නිකුත් වන ශබ්ද තරංග හසු කර ගන්න විද්‍යාඥයන් සමත් උනා..ඒ පර්සිය්ස් චක්‍රාවාටයේ කේන්ද්‍රය අසලින් නිකුත් වුනු මේ චන්ද්‍රා X කිරණ දුරේක්ෂය මගින් පැය 53 පුරාවට හසු කර ගැනීමට හැකි උනා කියලා තමයි නාසා ආයතනය ප්‍රකාශ කරලා තියෙන්නේ.. ඉතින් මේ ශබ්ද තරංග මිනිස් කනට ඇහෙන්නේ නැත්තෙ මිනිස් කනට ඇහෙන ශබ්ද තරංග පරාසයට (20 Hz - 20,000Hz ) වඩා මිලියන් බිලියන් ගණනකින් මේ ශබ්ද තරංග ගැඹුරු නිසා..,
මේ කළු ආගාධ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තියෙන වස්තූන්.ඇත්තෙන්ම මේවා කළු කුහර නෙමෙයි..මේවා තුලින් ආලෝකය නිකුත් වෙන්නෙ නැති නිසා තමයි මේවා කළු ආගාධ කියල හදුන්වන්නෙ.ඒ වගේම මේ කළු ආගාධ වල මතුපිට ගුරුත්වාකර්ෂණය ඉතාමත් අධික නිසා තමයි මේවයින් ආලෝකය නිකුත් වෙන්නෙ නැත්තෙ..
මේ කළු කුහර වල තියන අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා ද්‍රව්‍ය ඒක තුලට ඇද ගැනීමේ බලයක් තියනවා වගේම තරු ද තරමක් දුරට සමීප කර ගැනීමට ත් මේ කළු කුහර වලට පුලුවන්.මේ කළු ආගාධ වල උණුසුම ඉතාමත් අධික යි..ඒක් නිසා ඒමගින් X කිරණ පවා පිට කරනවා.ඉතින් අපේ වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන X කිරණ ද එක සමාන බව සොයා ගෙන තියනවා .ඉතින් මේ කළු ආගාධ අධ්‍යයනය කරන්න අපි කලින් කියපු (අපේ බ්ලොග් අඩවියෙන් ඔයාලට බලාගන්න පුලුවන් X කිරණ දුරේක්ෂ ගැන)
X කිරණ දුරේක්ෂ භාවිතා කරනවා.
ඉතින් සාමන්‍ය තරු මිය යාමෙන් පස්සෙ සුදු වාමනයක් හැදෙනවා ඉතින් විශාල තරු මිය ගියාම ඊට පස්සෙ පල්සාර් ඇති වෙනවා.පල්සාර් වලටත් වඩා විශාල තරු මිය යෑමෙන් පස්සෙ තමයි මේ භයානක කළු ආගාධ බවට පත් වෙන්නේ..
ඉතින් මේ එක් එක් තරුවලට ඒවායෙහි උපතේ සිට මිය යන තුරුම නියමිත ජීවන චක්‍රයක් තියනවා..ඒක තීරණය වෙන්නෙ තරුවේ ස්කන්ධය මත...සූර්යයා ද සූර්යයාට සමාන ස්කන්ධයකින් තියෙන තරුද , සූර්යයා ගේ ස්කන්ධය මෙන් ස්කන්ධය 1.5ක් දක්වා විශාල වූ තරුද අවසානයේදී මෙන්න මේ කළු වාමනයක් බවට පත්වෙනවා...මේව සීතල කළු කුඩා වස්තූන් නිසා ආලෝකය උණුසුම පිට කරන්නෙ නැහැ...
ඉතින් සූර්යයාගේ ස්කන්ධය වගේ 1.5 සිට 3 දක්වා ස්කන්ධයකින් යුක්ත තරු තමන්ගේ අවසන් කාලයෙදී නියුට්‍රෝන තරු බවට පත්වෙනවා .මේවායෙ ඝනත්වය ඉතා විශාලයි..එ කියන්නෙ වර්ග අගලක් ටොන් බිලියන ගණනාවක් බර වෙනවා..
ඉතින් මේ යෝධ තරු ..ඒ කියන්නෙ සූර්යයාගේ ස්කන්ධය වගේ තුන් ගුණයකටත් වඩා විශාල තරු තමයි අවසානයේදි මේ කළු ආගාධ බවට පත් වෙන්නේ..ඉතින් මේ කළු ආගාධ යක මැද ඉදලා යම් නියමිත පරාසයක් තුළ ක්‍රියාකාරී ප්‍රදේශය ක් තියනවා...අන්න ඒ තුලට මොනවහරි වස්තුවක් ඇද වැටුනොත් ස්ථිරවම ඒ තුලින් මිදෙන්නට නම් අපහසුයි..ඒ වගේම යම් තරුවක් හෝ ග්‍රහලෝකයක් මේ ප්‍රදේශයෙන් පිටත් පිහිටලා තියනවනම් ඒවා කළු කුහර තුලට ඇද ගැනීමටද නොහැකියාව පවතියි......
"ඔන්න එහෙනම් මන් මේ විදිහට ලිපිය අවසන් කරනවා.
ආයිත් මේ වගෙ වැදගත් ලිපියකින් හමුවෙනකන් දැනට සමුගන්නවා..ස්තූතියි...!!!"
0 comments: