අපේ ක්ෂීරපථයෙන් එහා

6:58:00 PM Sachitha Viraj 1 Comments

**** වෙනත් චක්‍රාවාට ***
 
(Other Galaxies )


අපේ ක්ෂීරපථයෙන් එහා....!!!!
කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි තවත් විශේෂ ඉපියක් අරගෙන ආවා....මේක නම් අපි ගොඩාක් දෙනෙක් දැනගන්න ආස කරන මාතෘකාවක්,



ඉතින් යාලුවනේ පෘථිවියේ ඉදලා පියවි ඇසින් බැලුවහම චක්‍රාවාට තුනක් අපිට දකින්න පුලුවන්.ඒ උතුරු අර්ධද්‍රැවයේ එක් චක්‍රාවාට යකුත් ,දකුනු අර්ධද්‍රැවයේ අනිත් චක්‍රාවාට දෙකත් පිහිටලා තියෙනවා.ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය පෘථිවියේ ඉදලා කිලෝමීටර මිලියන ගණනාවක් දුරින් පිහිටලා තියනන්නේ.උතුරු අහසේ ඉංග්‍රීසි හෝඩියේ M අකුර හෝ W අකුර හෝ හැඩයට දීප්තිමත් තරු පහක් පිහිටලා තියෙනවා.මේ තාරකා රූපය කැසියෝපියා තාරක රූපය කියල කියලා හදුන්වනවා.මේ තාරකා රූපයක් ඉගිලෙන අශ්වයෙකුගේ හැඩයෙන් යුත් පෙගාසස් තාරකා රූපයක් අතරින් තමයි ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට ය විසිරිලා තියෙන්නෙ.මේ පෙගාසස් කියන තාරකා රූපය දීප්තිමත් තරු පහකින් යුක්ත වෙනවා .
ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට ය පොලොවේ ඉදලා බලනකොට සාමානය ඇසට දුම් වළාකුළක් සේ තමයි පේන්නෙ.දුරේක්ෂය ක් නැතුව අහසේ පෙනෙන දුරස්ථම ආකාශ වස්තුව තමයි මේ චක්‍රාවාට ය.මේක ක්ෂීරපථයට වඩා ලොකුයි.තරු බිලියන 150ක් විතර පිහිටලත් තියෙනවා..කොහොමද නෙහ්...ඉතින් දකුනු අහසෙ පෙනෙන චක්‍රාවාට තමයි කුඩා මැගලන් වලාව සහ මහා මැගලන් වලාව .මේ කියන චක්‍රාවාට දෙකත් ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට යත් ක්ෂීරපථය සහ තවත් කුඩා චක්‍රාවාට දාසයකුත් අයත් වෙන පද්ධතිය ට කියන්නේ ස්වකීය චක්‍රාවාට කියලා.ඒ විතරක් නෙමෙය මෙතනින් පිටතත් තවත් චක්‍රාවාට වීශාල ගණනාවක් තියනවා හොදේ.....
මේ කියන සෑම චක්‍රාවාටය කම කේන්ද්‍රයේ දීප්තිමත් න්‍යෂ්ඨියක් තියනවා.ඒ වගේම මේවයේ සමහර න්‍යෂ්ඨින් ඇතුලේ විශාල කළු කුහර ඇති බවටද (කළුකුහර ගැනත් පස්සෙ කියන්නම්කෝ) දැනට විද්‍යාඥයන් සාක්ෂි හොයාගෙන තියනවා.
එතකොට මේ චක්‍රාවාට විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තයි.අපේ චක්‍රාවාට ය සහ ඇන්ඩ්‍රොමීඩා කියන චක්‍රාවාට දෙක සර්පිලාකාර හැඩයකින් තමයි තියෙන්නෙ..(බොහෝ දුරට එකට සමානයි හොදේ)ඒ වගේම මේවායෙ මැද පැතලි බෝලයක හැඩය වගේම පිටත සර්පිලයක හැඩයට තරු පෙළවල් දෙකක් විහිදිලත් තියනවා..
ඉතින් ඒ වගේම තවත් සමහර චක්‍රාවාට වල මැද සොසෙජයක හැඩයක් ගන්නවා.ඒවයෙත් කෙළවරවල් වල සර්පිලයක හැඩයට තරු පෙළවල් දෙකකුත් තියනවා. සමහර චක්‍රාවාට වලට නියම හැඩයක් නැහැ.(පිස්සු හැදෙනවා ඉතින් බලනකොට..) ඉතින් අන්න ඒවා අපි හදුන්වන්නෙ අක්‍රමවත් චක්‍රාවාට කියලා...මැගලන් කියන චක්‍රාවාටය මේකට හොද උදාහරණයක් කියල කියන්නත් පුලුවන් ....
මේතෙක් නිරික්ෂණය කරපු චක්‍රාවාට වලින් අඩක්ම වගේ සර්පිලාකාර හැඩයක් තියනව කියලා හොයාගෙන තියනවා.නිරීක්ෂණ චක්‍රාවාට වලින් 10% ක් පමණ ඉලිප්සියාකාර හැඩයකින් තමයි පිහිටලා තියෙන්නෙ..ඒ වගේ හැඩයක් පිහිටලා නැති චක්‍රාවාට 3%ක් විතර තියනවා කියලත් හොයාගෙන තියෙනවා..
ඉතින් මේ කියපු සියලුම චක්‍රාවාට එකිනෙකට ඈත් වෙලා තමයි පිහිටලා තියෙන්නෙ.ඒත් ක්ෂීරපථයට ආසන්න ව තියෙන සමහර චක්‍රාවාට අපේ චක්‍රාවාට දෙසට ගමන් කරමින් පවතින බවද සොයාගෙන තියෙනවා...
ඉතින් මන් අර කලින් කියපු ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට ය ආලෝක වර්ෂ මිලියන 2.2ක් දුරින් පිහිටලා තියනවා වගේම ඒක අපේ චක්‍රාවාටය දෙසට පැයට කිලෝමිටර 50,000 පමණ වේගයෙන් ඇදී එන බවද සොයා ගෙන තියනවා...(මාරයි නෙහ් ...අනේ ඉතින් ඒක මෙහෙට එනකොට අපි නෑනෙ..)
ඒ වගේම තමයි යාලුවනේ තව අවුරුදු බිලියන තුනකට පස්සෙ ක්ෂීරපථයත් ,අර කලින් කියපු ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට යත් එකට ඝට්ටනය වෙයි කියලා තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නෙ..ඒ උනාට මේකෙන් චක්‍රාවාට වල තියන තරු වලට හානියක් සිදු වෙන්නෙනැහැ වගේම ගැටීමෙන් පස්සෙ ඉලිප්සාකාර හැඩයක් ගනියි කියලත් විද්‍යාඥයන් විශ්වාස කරනවා.
ඒ වගේම විශේෂයෙන්ම සමහර චක්‍රාවාට ප්‍රබල පාරජම්බුල කිරණ හරි රේඩියෝ තරංග හරි නිකුත් කරනවාලු.සේෆ්පට් කියන චක්‍රාවාටය මින් එකක් කියලත් සදහන් වෙනවා.මේ චක්‍රාවාටය ඉතා ක්‍රියාකාරී චක්‍රාවාටයක්.ඒ මොකද මේක ක්‍රියාකාරී වන්නේ අති විශාල කළුකුහර මෙම චක්‍රාවාට වල කේන්ද්‍රයේ පිහිටලා තියෙන හින්දා කියලා මැතකදී හොයාගෙන තියනවා.මේවාට අධික ලෙස ක්‍රියාකාරී වෙන්නට අවශ්‍ය ශක්තිය අර කියපු කළු කුහර මගින් ලබා දෙනවා.ඉතින් ස්වකීය කණ්ඩායම ට අයිති චක්‍රාවාට හැරුනාම අනිත් චක්‍රාවාට පොලොවෙන් ඈත් වෙමින් පවතින බවද ඒක නිසා මුළු විශ්වයම පුළුල් වෙමින් පවතින බව විද්‍යාඥයන් සොයාගෙන තියනවා......

ඔන්න ඕක තමයි අනෙත් චක්‍රාවාට( Galaxy ) වල කතාව..ඔය විදිහට මන් මේක අවසාන කරනවා..ඉතින් යාලුවනේ වෙනදා වගේම අපි ඉදිරියේදී මේ වගෙ ඔයාලට ඔයාල වෙනුවෙන්
වැදගත් වෙන ලිපි අරගෙන එන්න අපි පොරොන්දු වෙනවා......
ඉතින් ඔයාල මේ ලිපියෙන් මොනයම් හරි දෙයක් ඔයාලගෙ මතකයට එක් කරගත්ත නම් ඔයාල්ගෙ වටිනා කලයෙන් පුංචි ඉඩක් වෙන් කරල අදහ්සක් දාන්නත් අමතක කරන්න එපා......!!

1 comment: