මිහිතලය උණුසුම් වීම

3:38:00 PM Sachitha Viraj 0 Comments

ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නේ අනාගතයෙදි මිනිසාට මුහුණ දෙන්න වෙන බරපතල පාරිසරික ගැටලුවක් ගැන...වැඩි කතා නැතුව අපි බලල ඉමුකො..,,
අනාගතයේදී ඇතිවන බරපතල පාරිසරක ගැටලුවක් ගැන අද අපි කතා කරමු.


***මිහිතලය උණුසුම් වීමට හේතු....,

සූර්යයාගේන් පෘථිවියට ලැබෙන තාපයෙන් වැඩි කොටසක් ආපසු (පරාවර්තනය වී) පිටව යාම සාමාන්‍යයෙන් සිදුවෙනවා..ඒත් මේලෙස පිටවී යාමට බාධා ඇතිවෙන්න පුළුවන් .එසේ වුවහොත් එකී තාපය පෘථිවිය අසලම රැදී එය උණුසුම් කරනවා..

***මිහිත්ලය උණුසුම් වීම අපට දැනෙන්නේ කොහොමද ..,

මෙහි ප්‍රභලතම සිද්ධිය වන්නේ පෘථිවියේ හි උෂ්ණත්වය වැඩිවීමයි.ඒකකයක් ලෙසට ගතහොත් එය පසුගිය සියවස මුළුල්ලේම වැඩිවී ඇත්තේ සෙල්සියස් අංශක 0.3 - 0.7 අතර ප්‍රමාණයකින් එහෙත් ඉදිරි වසර සියස තුළදී එය අංශක 1-5 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිබවට අනතුරු ඇගවී තිබෙනවා.

ඒ වගේම තමයි මිහිතලය උණුසුම් වීමට උදව් දෙන වායුවක් හැටියට හරිතාගාර වායුව හදුන්වන්න පුලුවන්.කාර්මික විප්ලවයේම ප්‍රතිඵල නිසා ඇතිවූ එබදු වායු වර්ග පෘථිවිය අවට වායු ගෝලයේ රැදී තිබීම නිසා පෘථිවියේන් ඉවතට තාපය ගලායෑම අවහිර වෙනවා..මේකට උදාහරණ තමයි..,කාබන්ඩයොක්සයිඩ් , නයිට්‍රස් ඔක්සයිඩ් ,මීතේන් ,ක්ලෝරා ෆ්ලුවරො ,කාබන් ආදී වායු වර්ග.. මේ හරිතාගාර ආචණයේ වෙනත් වලපෑම් කිවතොත් ..,මුහුදු මට්ටම ඉහළ යෑමත් සමගම ගංගා ජලය සමග මිශ්‍ර වූ කර්දිය 
ගොඩබිමට ගලාඒම ද සිදුවිය හැකියි..

**මිහිකත උණුසුම් වීම පිළිබඳ ලෝක අවධානය

මිහිකත උණුසුමු වීමේ ගැටලුව ශ්‍රී ලාංකිකයන් වන අපට පමනක් නොව ‍මුළු ලෝකයටම බලපායි.එහි ප්‍රතිඵලයක් ලෙස 1997 දී ජපානයේ  කියටෝ නුවරදී කියටෝ සම්මුතිය ඇතිවිය. එහිදී හරිතාගාර වායු නිකුක් කිරීම පාලනය කිරීමට ලොව පුරා රටවල් 172 කට වඩා වැඩි ප්‍රමාණයක් ගිවිස ගත්හ.
 කාර්මික රටවක් 36 කට හරිතාගාර වායු නිකුත් කිරීමේ සීමා පණවා තිබීම ඒ අතරින් වැදගත් පියවරකි. නමුත් මේ වන විට ලොව විශාලතම හරිතාගාර නිකුත්කරන්නා වන ඇමරිකා එක්සත් ජනපදය තවමත් මෙම සම්මුතිය පිළිගෙන නැත

**උණුසුම පමණක් ලැබී නතරවේද..?

මෙහි ඉතා පහසු ප්‍රතිඵල ය වන්නේ ධ්‍ර්‍රැවාසන්න පෙදෙස් වල ඇති හිම තටිටු දියවිි සාගර ජලයට එකතු වීමයි.ඒ අනුව මුහුදු මට්ටම තවත් මීටර් 2කින් ඉහළ නැංවෙනු ඇති බවට පරිසර විද්‍යාඥයන් බිය පළකර තිබෙනවා.ලෝක සිතියමෙන් මාලදිවයින ඉවත්ව යාමට මෙය හොදටම ප්‍රමාණවත් බවද ප්‍රකාශ කර තිබෙනවා..

**මිහිකත උණුසුම් වීම අවම කිරීමට ගතහැකි පිළියම්

  • ගෝලීම උෂ්ණත්වය ඉහළයාම පාරිසරික ලෝකයට පෙර නොවූ විරූ ලෙස බලපෑම් කිරීමට සමත් වී ඇත.
ඒ නිසාම ලොව ප්‍රකට සමාගම් විකල්ප විසදුම් රැසක් මේ වනවිටත් හඳුන්වා දී ඇත. ඒ අතර පාවහන් , ඇඳුම් පැලඳුම් ,භාණ්ඩ , විදුලිබල උත්පාදක ක්‍රම මුල් තැනත් ගනී.
  • කාලගුණ විපර්යාස නිසා හිස ඔසවන ව්‍යාධීන් සඳහා නවතම එන්නත් හා ඖෂධ වර්ග පිළිබඳව අත්හදා බැලීම් සිදුකර ඇත.
මෙහි ප්‍රත්ඵලය ලෙස ප්‍රතිශක්තිකරණ ව්‍යාපාර 6% කින් ඉහළගොස් ඇති අතර වසර 2010 දී එය 14% කින් ඉහළයනු ඇත.
  • වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළයාම හේතුවෙන් ඇතිවන අනතුරු වලක්වා ගැනීමට අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රම ඇතුලත් ආරක්ෂිත උපාංග රැසක් හඳුන්වා දී ඇත.

ඉතින් ඔයාලට මේ පිළිබදව වැඩිදුර තොරතුරු සින්හලෙන්ම බලාගන්න පුළුවන් මේ ලින්ක් එකෙන්..!!!

https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E2%80%8D%E0%B6%BA%E0%B7%9A_%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8


ඉතින් මේ විදිහට මන් මේ ලිපිය අවසන් කරනවා..ඔයාල මේකෙන් මොනවහරි දෙයක් ඉගෙනගත්ත නම් අදහසක් දාන්නත් අමතක කරන්න එපා...!!! තවත් මෙවැනිම ලිපියකින් හමුවෙනකන් ඔයාලට බුදුසරණයි...ස්තූතියි..!!

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya