ලංකාවෙි දුටු හදුනා නොගත් යානය
වලාකුළකින් එක්වරම ක්‍රීඩා පිටිය කළුවර විය. ඒ සමඟම නිල් පාට ආලෝකයක් විහිදුවමින් ගෝලාකාර වස්තුවක් බිම පතිත විය. එහි ෙදාරටුවක් විවෘත වීමත් සමඟම අඩි 2ක් පමණ උසින් යුත්, කළු පාට වර්ණයෙන් යුත් මිනිසකු බිමට බැස ගත්තේය. ඔහු අත දිලිසෙන යමක් තිබේ. කවුරුන් හෝ බිල්ලෙක් තමන් රැගෙන යන්නට එන බව සිතූ දැරියන් දෙදෙනා මහ හඩින් කෑගසමින් පාසල තුළට දිව ගියහ.....මේ 1984 ජූලි 13 වැනිදා වේලාව දහවල් 12.30 පසුවී තිබිණි. දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මැදගම කනිෂ්ඨ විදුහලේ ක්‍රීඩාපිටියට පැමිණෙන්නේ හඳුනා නොගත් පියාසර යානාවකි. එහි පැමිණියේ මිනිස් හැඩරුව ඇති පිටසක්වළ ජීවියෙකි. ඒ බව සනාථ කිරීමට හැකි සාක්ෂි මෙම සිද්ධිය නිරීක්ෂණය කිරීමේදී අපට දැනගන්නට ලැබිණි.
පසුගිය කාලයේ පර්යේෂකයන් හා විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබූ නිරීක්ෂණ මඟින් පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණි බව මේ වන විට ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙයි.
පිටසක්වළ යානා පෘථිවියට එන්නේ කෙබඳු තාක්ෂණ ක්‍රමවේදයකින් දැයි ප්‍රශ්නයක් පැන නඟී. මෙම යානාවන්හි තාක්ෂණ ක්‍රමවේදය පිළිබඳව රේඛීය අර්ථ දැක්වීමක් කළ හැකිය. කෙසේ වෙතත් පිටසක්වළ යානා මෙහි පැමිණීම මිථ්‍යාවක් නොවන බව ලෝකය පුරා සිටින විද්‍යාඥයන් පිළිගෙන තිබේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව ඇමෙරිකාව විසින් සිදුකරන ලද පර්යේෂණ වැඩපිළිවෙළ
යටතේ, 1969 වසරේ සිට එවැනි යානා 12,980ක් පැමිණි බව වාර්තා කර තිබිණි.
පියාඹන ආකාශ වස්තු පිළිබඳව මුලින්ම ලෝකයට වාර්තා වූයේ ක්‍රි. පූ. 1450 පාරාවෝ රජ පරම්පරාවේ කට්ස්මොස් පාලන කාලයේදීය. එදා සිට මේ දක්වාම පියාඹන පීරිසි පිළිබඳව නොයෙකුත් වාර්තා හමුවෙයි.
1946දී එංගලන්තයේ එඩ්වඩ් බානර් නම් පුද්ගලයකු පිටසක්වළ ජීවියකු පිළිබඳ තොරතුරු අනාවරණය කළේය. 1974 වසරේදී ඇමෙරිකාවේ මර්සි ගංගාව අසලදී ලින්ඩා ජෝන් පිටසක්වළ ජීවීන්ට හසුවිය. නිල් පැහැති ආලෝකයක් තුළට රැගෙන ගිය ලින්ඩාගේ ශරීරය විවිධ පරීක්ෂණවලට භාජන කළේය. ඇගේ ශරීරයෙන් රුධිරය හා ඩිම්බ ලබාගෙන ඇති බව පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය විය.
2010 ජූලි 7 චීනයේ ෂිනොෂී ගුවන් තොටුපොළ ආසන්නයේ හඳුනා නොගත් යානයක් නවතා තිබෙන අයුරු ගුවන් තොටුපොළ බලධාරීන්ට දැකගන්නට ලැබිණි. 2010 වසරේ එම කාලයේදීම මෙවැනිම යානාවක් පොළොන්නරුව ප්‍රදේශයට පැමිණි අතර එය රූගත කර ගැනීමට මාධ්‍යවේදියකුට හැකි විය. මෙයින් පෙනී යන්නේ මෙම යානා එකම ආකාරයකට ගමන් ගන්නා බවයි.
1984 ජූලි 13 වැනි දින දහවල් 12.30ට පමණ දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මහවැව කනිෂ්ඨ විදුහලේ ක්රීඩාපිටියටද පැමිණියේ හඳුනා නොගත් යානාවකි.
එම ගමේ පදිංචි උදයරාණි ලියනගේ (7)සහ ශි‍්‍රයාණි පුෂ්පලතා (8) සිරිත් පරිදි එදා පාසල් ගියහ. දහවල් 12.30ට පාසල ඇරුණු විට අක්කාගේ පන්තිය ඇරෙන තුරු ක්‍රීඩාපිටිය අසල සිටියදී මේ අපූරු සිදුවීම වූයේය.
දැන් මේ දැරියන් වැඩිහිටියන් බවට පත්ව සිටින නමුත් එදා සිදුවූ සිද්ධිය ඒ අයුරින්ම මතකය.
***ඔබේ නම...?
උදයරාණි ලියනගේ
***දැන් වයස කීයද?
38යි.
***මේ සිද්ධිය තවමත් මතකද?
හොඳට මතකයි. මෙය දිනපතාම වගේ මතක් වෙනවා.
***මුලින්ම මොනවද දැක්කේ?
ක්‍රීඩාපිටිය කළුවර වුණා.
නිල්පාට බෝලයක් වගේ යමක් බිමට පතිත වුණා.
***එහි හැඩය මතකද?
පීරිසියක හැඩයක් තිබුණා.
***ඉන්පසු මොනවද දැක්කේ?
යානයේ ෙදාරක් විවෘත වුණා. අඩි 2ක් විතර කළු පාට මිනිහෙක් එළියට ආවා. එක අතක දිලිසෙන කඩුවක් වගේ තිබුණා.
***ඒ මිනිසා ඉන්පසු මොනවද කළේ?
යානය වටේ රවුමක් ගිහින් නතර වෙලා ඇතුළට ගියා. අපි ඒ කාලේ බිල්ලන්ට බයයි. බිල්ලෝ ඇවිත් අපි ගෙනියන්න හදනවා කියලා හිතුණා.
***ඊට පස්සෙ...?
මමයි, ශි්රයාණියි මහ හයියෙන් හඬාගෙන යකෙක් එනවෝ කියා ඉස්කෝලෙ ඇතුළට දිව්වා.
***විදුහල්පතිතුමා ඒ වෙලාවෙ හිටියද?
මේ මොකද වෙලා තියෙන්නෙ කියලා ලොකු මහත්තයා අහලා එළියට ඇවිත් බැලුවා.
***එතකොට මුලින් දැකපු යානය දැක්කද?
අපි ඔක්කොම එළියට ඇවිත් බලන විට යානය ඉහළ අහසට යමින් තිබුණා.
***මේ සිද්ධිය ගමේ අයටත් කිව්වද?
ගමේ අය විතරක් නොවේ පොලිසියෙන් ඇවිත් දවස් තුනක්ම එතැන මුර කළා.
***මේ ගැන දැන් මොකද හිතන්නේ?
අපේ ෆොටෝ එක්ක ඒ දවස්වල පත්තරවල මේ සිද්ධිය පළවුණා. අපි හිතන්නේ පිටසක්වළ ජීවීන් ඔවුන්ගේ පරීක්ෂණයකට පැමිණෙන්නට ඇති බවයි. එදා අපිට ඒවා හරි හැටි තේරුම් ගන්නට බැරි වුණත් අද ඒ බව තේරුම් ගන්න පුළුවන්.
1993 අගෝස්තු මාසයේදී හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳ ශ්‍රී ලංකා සංගමය (ඉ.ඹ්.උ.ජ්.ර්ණී.අ.ඒ) මෙම සිද්ධිය පිළිබඳව ගවේෂණයක් කළේය.
1998 මාර්තු මාසයේදී බණ්ඩාරවෙල අධිකාරම් මහා විද්‍යාලයේ ශිෂ්‍යයන් තිදෙනකු විසින් කවපෙත්ත හැඩයෙන් යුත්, අඩි 7ක් පමණ විෂ්කම්භයක් ඇති යානයක් සියැසින් දැක තිබේ.
කළුතර නෑබඩ ප්‍රදේශයේ පදිංචි පියුමි කෞශල්‍යා නමැති දැරියක් කාල වර්ණයෙන් යුත් අඩි 2ක් පමණ උසින් යුත් පුද්ගලයකු දැක ඇති බව වාර්තා විය.
1984 ජූලි 13 වැනි දින දහවල් 12.30ට පමණ දිඹුලාගල පර්වතය පාමුල පිහිටි මහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පහත් කරන ලද යානය පිළිබඳවද මෙම සංගමය ගවේෂණයක් සිදුකොට ඇත.
එම ගවේෂණය පිළිබඳව අදහස් දක්වන ගවේෂණ නිලධාරි සාලිය ද සිල්වා මහතා.
"අප කණ්ඩායමක් මෙම ස්ථානය නිරීක්ෂණය කළා. මෙම සිසුවියන් සඳහන් කළ පරිදි එවැනි යානයක් පැමිණ තිබෙනවා. එය පිටසක්වළ යානයක් බව හැඟී යනවා. අඩි 2ක් පමණ උසින් යුත් මිනිසකුගේ හැඩයෙන් යුත් ජීවියකු අත කිසියම් උපකරණයක්ද තිබූ බව කියැවෙනවා".
ආචාර්ය ඇලන්ජි හයිනැක් විද්‍යාඥයා පවසන අන්දමට මෙය (ඛ්තධඵඥ ඡ්දජධභදබඥපඵ ධට ධ්ධ් ම්ඪදඤ) ගණයට වැටෙන සිදුවීමක්. මෙම යානය සමඟ ජීවියකු කෙටි දුරකදී පියවි ඇසින් දැක ගැනීම විශේෂත්වයක් වෙයි.
එසේම පිටසක්වළ යානයකින් ජීවියකු පැමිණ අපේ පෘථිවියට සම්බන්ධ කිසියම් පර්යේෂණයක නිරත වූ බවක් මෙහිදී පෙනිණි.
පසුගිය කාලය තුළදී ශ්‍රී ලංකාවේ මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වුවත් මහවැව කනිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පැමිණි පිටසක්වළ යානය සහිත ජීවියකු සිසුවියන් දෙදෙනකු විසින් පියවි ඇසින් දැක ගැනීම ලංකා ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව බව සඳහන් කළ හැකියි.
0 comments: