ආදි පෘථිවියේ ලක්ෂණ

9:38:00 PM max 0 Comments

ආදි පෘථිවියේ ලක්ෂණ
(විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත)
ආදි පෘථිවිය ඉතා උණුසුම් විය. මතු පිට පස රහිත දැඩි පාෂාණ ගෝලයක් විය. පෘථිවිය වටා පැවතියේ හයිඩ්‍රජන් වායුව බහුල ඔක්සිහාරක වායු ගෝලයකි. වායු ගෙ‍ා්ලයේ උෂ්ණත්වය ඉතා ඉහළ විය. ජලයෙන් තොර විය. කිසිදු ජිවියෙකු හෝ ජිවි සංරචකයක් නොවීය. වායු ගෝලයේ ඔක්සිජන් වායුව නොවු අතර, එහි බහුලව පැවතියේ මිතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් ආදියයි. පසුව කාබන්ඩයෝක්සයිඩ් හා ජල වාෂ්ප ඇති විය.
ගිනියම්ව පැවති පෘථිවිය මතු පිට සිට ඇතුලට ක්‍රමයෙන් සිසිල් වු අතර කාබන්,නිකල්,යකඩ ඇතුළු බැර ලෝහ වර්ග ආදිය ඝනිබවනය වෙමින් පෘථිවිය මධ්‍යයේ ඒකරාශි විය. එම මධ්‍යයේ ඝනත්වය ඉතා වැඩි විය. එය හරය (Core) ලෙස හදුන්වන ලදි. හරය වටා පැවති ද්‍රවමය උණුසුම් පාෂාණ ස්ථරය බාහිර හරය ලෙස හදුන්වන ලදි. මෙම ප්‍රදේශව වටා නිවීගිය පාෂාණයෙන් සැදුම්ලත් ප්‍රාවරණය ද, ඊට පිටතින් මතු පිට ස්ථරය වු පෘථිවි කබොලද පිහිටියේය. ප්‍රාවරණයේ (Mantle) ඝනත්වය හරයට වඩා අඩුය. පෘථිවි කබොල ඉතා තුනී අතර සමහර තැන්වල 15Km පමණ වෙයි. පරිසරයේ බලපෑම් වලට ගොදුරැ වෙමින් නිරන්තරයෙන් වෙනස් විම් වලට භාජනය වු පෘථිවි කබොල මතුපිට ප්‍රදේශය පසු කලෙක පස නිර්මාණය විමට දායක විය.

0 comments:

පෘථිවියේ සම්භවය

9:36:00 PM max 0 Comments

පෘථිවියේ සම්භවය
(විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත)
''අදින් වසර බිලියන 18 කට පමණ පෙර ඈත අතිතයේදි අවකාශයේ ඇති වු මහා පිපිරීමක් විය. මෙම අතිශයින් විශාල හා ප්‍රබල පිපිරිමේ ප්‍රථිඵලයක් ලෙස විශ්වය පුරා විසිරි ගිය සුවිශාල වුත් ගිනිගෙන දැවෙන්නා වුත් ධුලි වලාවන් රාශියක් වු අතර, එයින් එකක් පෘථිවියේ සම්භවයට හේතු වන්නට අැතැයි විශ්වාස කෙරේ. ක්‍රමයෙන් සිසිල් විමට සහ කැටි ගැසීමට භාජනය වෙමින් හා විවිධ රසායනික විපර්යාස සිදු කරමින් ද ඝන ගෝලාකාර වස්තු බවට පත් වු කුඩා ධුලි වලාවන්ගෙන් ග්‍රහාලෝක සම්බවය විය. එයින් එක ග්‍රහ ලෝකයක් ලෙස දැනට අවුරුදු බිලියන 4.5 කට පමණ පෙර අප වෙසෙන පෘථිවි ග්‍රහයා උපත ලද්දේය. එකට පෘථිවිය අදට වඩා බෙහෙවින් වෙනස් එකක් විය. නිහඬවුත්,අජිවි වුත්, නිසරැ ග්‍රහයෙක්ව පැවතිණ.

0 comments:

Planet X (Nibiru) හි නවතම ගවේෂණය

9:07:00 PM max 0 Comments

කැල්ටෙක් පර්යේෂකයන් (California Institute of Technology) විසින් ඔවුන් ජනවාරි මස 19 වැනි දින කළ නිවේදනය අනුව ඔවුන් සොයාගෙන තිබෙන ආකාරයට තවමත් සොයා නොගත් යෝධ ග්‍රහයෙකු වන(පෘථිවිය හා දස ගුණයක් තරමි විශාල) Planet X (Nibiru) ග්‍රහලොව හිරු වටා යෑමට වසර 10,000 හෝ 20,000 පමණ ගත වේ යැයි ඔවුන් සිතයි.මෙම ග්‍රහලොව පිළිබදව 23 වැනි දින Slooh අඩවිය විසින් ඔවුන්ගේ දුරේක්ෂ යොදා ගනිමින් ගවේෂණය කරමින් පවතින ස්ථාන වෙත යොමු කිරිමක් සිදුකිරිමට නියමිතව ඇත.මෙම අවස්ථාව ඔවුන් සජීවි ලෙස ඔබටද දැකබලා ගැනිමට අන්තර්ජාලය ඔස්සේ විකාශණය කිරිමට සුදානමි කර ඇත.ඵය නැරබිමට 23 වැනි දින ලංකා වේලාවෙන් උදෑසන 6.00ට ඔවුන් විකාශණය සිදුකරයි.මෙහිදි මෙම ග්‍රහලොව පිළිබදව නවතම තතු ඔබට දැනගත හැකිය.
මෙම අවස්ථාව නැරබීම සදහා මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.


නැරබීමට මෙතන ක්ලික් කරන්න  Is Newly Discovered Planet Nine the Lost Planet of Nibiru? -

0 comments:

අඟහරුහි පැවති පුරාණ ජීවය පිළිබදව තවත් ඵක් සාක්ෂියක්

12:47:00 PM max 0 Comments

සොයාගත් දිනය :- January 2016
සොයාගත් ස්ථානය:- Mars
මූලාශ්රය ජායාරූපය:- http://mars.jpl.nasa.gov/…/1185MR0053760000602491E01_DXXX.j…
 

Martian Archaeology නැමති යූටියුබ් අඩවිය විසින් පසුගියදා අඟහරුහි පැවති පුරාණ ජීවය පිළිබදව තවත් ඵක් සාක්ෂියක් ඵක් කරන ලදි.ඵනමි අඟහරු ගවේෂණ යානය විසින් ඵවු ජායාරූපයක ඇති මුහුදු බෙල්ලෙකුගේ හැඩයක් ගත් කොටසක් හදුනා ගැනීමක් සිදුකර ඇති අතර අවටින් ඇති පොසිල අප මුහුදු තුල ඇත කොරල් පර ලෙස දැකිය හැකිය.



 

0 comments:

පිටසක්වල ජීවින් සමග ලිංගිකව එකතුවී ළමයි හැදූ කාන්තාවන් මාධ්‍ය හමුවට!

9:13:00 PM max 0 Comments

මූලාශ්රය:-http://www.mirror.co.uk/news/weird-news/women-had-sex-aliens-gave-7212963
පිටසක්වල ජීවීන් සමග ලිංගිකව එක්වුනු කාන්තාවන් පිරිසක් පිළිබඳ ආන්දෝලනාත්මක මෙන්ම විශ්මයජනක තොරතුරක් විදෙස් මාධ්‍ය ඔස්සේ අනාවරණ වී තිබෙනවා. තමන් පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වු බවයි අමරිකා ජාතික තරුණියන් පිරිසක් ප්‍රකාශකර ඇත්තේ. පිටසක්වල ජීවීන් සමග ලිංගික සබඳතා පවත්වා දෙමුහුන් ළමුන් 13 දෙනෙකු ද බිහිකල බව ඔවුන් හෙළිකර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පිටසක්වල ජීවීන් පිරිසක් විසින් තමන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ලිංගිකව හැසිරුනු බවයි.වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදිකාවක් වන අලුනා වර්සේ පිටසක්වල ජීවින් සමග එකතුවී  ළමුන් 13 දෙනෙකු බිහිකොට ඇති බව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ. 27 හැවිරිදි වියේ පසුවන අලුනා තවදුරටත් විස්තර කරමින් කියා තිබුනේ පිටසක්වල ජීවින් සමග ලැබූ ලිංගික අත්දැකීම ජිවිතයේ ලද හොඳම ලිංගික අත්දැකීම බවයි. පිටසක්වල ජීවින් හා මනුෂ්‍යන් දෙමුහුන් කොට ඔවුන් වඩා හොඳ ජාතියක් බිහි කිරීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු යොදමින් ඇති බවද මෙහිදී එම කාන්තාවන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබේ.එම ළමුන් පිටසක්වල ජීවීන් සමග වෙනත් දැවැන්ත ග්‍රහලෝකවල ජීවත්වන බව ද මෙම කාන්තාවන් ප්‍රකාශකර තිබෙනවා. මිනිසුන්ගේ සහ පිටසක්වල ජීවීන්ගේ ජාන ඒකාබද්ධව වඩාත් බුද්ධිමත් ජන කොට්ඨාශයක් බිහිකර ගැනීම වෙනුවෙන් පිටසක්වල ජීවීන් තමන් යොදාගන්නට ඇතැයි අදාළ කාන්තාවන් විශ්වාසය පළකරනවා. පෘථිවියෙන් පිටත වෙනත් ග්‍රහලෝකවලදී තමන් බිහිවු දරුවන් මෙන්ම පිටසක්වල ජීවීන් නිරන්තරයෙන් මුණගැසෙන බවයි ඔවුන් ප්‍රකාශකර ඇත්තේ.පෘථිවිය තුලදී තමන්ට කිසිදු අවස්ථාවක මෙම ළමුන් සමග ජීවත්වීමට අවස්ථාවක් නොලැබෙන අතර එය කණගාටුවට කරුණක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් අමරිකානු බලධාරීන් මෙම තොරතුරු තහවුරු කිරීමක් හෝ එය ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර නැහැ. පිටසක්වල ජීවීන් සමග එක්වීමෙන් තමන්ට ලැබුනු දරුවන් පිළිබඳ මෙම කාන්තාවන් චිත්‍රයට නගා තිබුනේ මේ ආකාරයෙන්.  



 

0 comments:

අහබු ලෙස කැමරා ඇස ගැටුනු හදුනා නොගත් පියාසර වස්තුව

8:06:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය:- January 14, 2016
නිරීක්ෂිත පිහිටීම:- El Cajon, California, USA
මූලාශ්රය:- MUFON වාර්ථා 73895
මෙම හදුනා නොගත් පියාසර වස්තුව හසු කර ගෙන ඇත්තේ ජෙට් යානාවක් ගමන් කරන ආකාරය විඩියෝ කර පුත්ගලයකුගේ විඩියෝ පටයේ අහබු ලෙස සටහන්වු අධික වේගයකින් හබා ගිය වස්තුවක් පිළිබදව ඔහු විසින් සොයා ගැනීමෙන් පසුවය.මෙම හදුනා නොගත් පියාසර වස්තුව ග්‍රහනය කරගැනිමට හැකි වු පුත්ගලයා උදෑසන 11:30 ට ඔහුගේ රැකියාව සදහා යැමට සුදානමි වු අවස්ථාවේ ඇස ගැටුනු මෙම ජෙට් යානය විඩියෝ කිරිමේදි මෙම වස්තුව අහබු ලෙස සටහන් වී ඇත.ඵම විඩියෝව සහ ඔහු විසින් විඩියෝ පටයෙන් ගත් තිර ජායාරූප පහතින් දැකගත හැකිය.
ඵම විඩියෝ පටය

0 comments:

Planet X හි නවතම තතු

8:03:00 PM max 0 Comments

පහුගිය දවස්වල ඔයාලා කවුරුත් දන්න The Planet "X" හෙවත් නිබෘ(Nibru) යන නාමය ඇති ග්‍රහවස්තුව පිළිබදව කරුණු ටිකක් හොයා ගන්න පුලුවන් වුනා.හොදයි අපි මුලින්ම මේ ගැන දන්නේ නැති යහළුවන්ටත් දැන් ගන්න ඵක්ක මොකක්ද මේ Planet "X" කියන්නේ කියලා බලමු.අතීත කතා අනුව බොහෝ ඉපැරණි ශිෂ්ඨාචාර වල මේ දොලොස්වැනි ග්‍රහලොවක් දැක්වෙන අතර සුමේරියානු ශිෂ්ඨාචාරය මේ පිලිබද ඉතා හොද විග්‍රහයක් ගෙන හැර දක්වයි.දැනගන්නට ලබෙන තොරතුරු වලට අනුව මෙම ග්‍රහලොව හිරු වටා වටයක් ගමන් කිරීමට වසර 3600 ක් වැනි දිගු කලක් ගත වේ (පෘතුවියේ වසර 3600 නිබෘහි වසරක් වේ).සාමාන්‍යයේන් ග්‍රහලෝක ගමන් ගන්නේ ඉලිප්සාකාර කක්ශයක වාමාවර්තව (AnitClockwise) බව අප දනිමු.නමුත් මෙම ග්‍රහලොව ගමන් ගනුයේ ඉලිප්සාකාර කක්ශයක දක්ශිනාවර්තව(ClockWise) යයි සදහන්වීම පුදුමය දනවන සුලු කරුනකි.ඈත අතීතයේදී පෘතුවිය හා නිබෘ අතර සබදතා තිබු බවට ලොවනන් දෙස වූ ඉපැරණි ශිෂ්ඨාචාර වල බොහෝ විට සදහන් වේ.මේ අතර සුමේරියානු ශිෂ්ඨාචාරයට අනුව මීට වසර 450 000 ට පෙර නිබෘහි වායුගෝලය දූෂණය වීම නිසා එහි පාලක අනු (Anu) විසින් ඔහුගේ පුත්‍රයා වූ එන්කි (Enki) පෘතුවියට පැමිණ එයට ප්‍රතිකර්ම වන ලෝහ ලබා ගැනීමට "පර්සියන් බොක්ක" ආසන්නයේ "එරිදු" (Eridu) නම් මූලස්ථානය පිහි‍ටුවීම හා රන් නිස්සාරනය කිරීම.පසුව අප්‍රිකාවේද පතල් ඉදිකිරීම හා ඒවාට අවශය ශ්‍රමිකයින ලබා ගැනීමට ජාන තාක්ෂණය යොදාගෙන පෘතුවියේ සිටි වානරයන් සමග නිබෲ ජාන ඒක්කොට දෙමුහුම් මානව(Hybrid Race) පෙලපතක් බිහි කිරීම හා අදින් වසර 3800කට පසුව නව ශිෂ්ඨාචාරය මානවයන්ට බාරදී නිබෲ වරුන් ආපසු යෑම සහ එම ශිෂ්ඨාචාරය සුමේරියානු ශිෂ්ඨාචාරය නම් වීම හා ඉන් වසර 350 පසු ඒහි ස්වර්ණමය යුගය වන බැබලෝනියානු ශිෂ්ඨාචාරය ආරම්භ විය.හොදයි මේ තමා මේ ග්‍රහයාගේ අතීත කතාව.නාසා වාර්ථා අනුව යමි සාක්ෂි මෙම ග්‍රහ ලොව පිළිබදව හෙළි වි හමාරය.පසුගිය බදාදා දින තුළ විද්යාඥයන් විසින් ප්‍රකාශ කරා අප ග්‍රහ මණ්ඩලය තුල මෙම Planet "X" සැගවි ඇති බවට ඔවුන් විශ්වාස කරන බවට.ඵසේම අතීත කතා අනුව මෙම ග්‍රහ ලො‍වෙහි මිනිසුන් ඇති බවට සනාථ වේ.මෙම ග්‍රහ ලොව ගෑස් යෝධ නෙප්චූන් තරම් මෙය ද විශාල විය හැකි බවට විශ්වාස කෙරේ.තවද නෙප්චූන්ගේ කක්ෂයේ සිට සැතපුම් බිලියනක් තරමි ඈතින් මෙම ග්‍රහයා ඇතැයි ඔවුන් ප්‍රකාශ කරයි.ඵයට හිරු වටා යෑමට වසර 10,000 හෝ 20,000 පමණ ගත වේ යැයි ඔවුන් සිතයි.California Institute of Technology හි පර්යේෂකයන් ඵය හදුන් වන්නේ Planet "X" දෙක ලෙසය.ඔවුන් ගණිතමය හා පරිගණක ආකෘති නිර්මාණය මත ඔවුන්ගේ සොයා ගැනීම් සිදු කරයි.තවද ඔවුන් දුරේක්ෂ මගින් මෙම ග්‍රහයා නිරික්ෂණය කිරිමට උත්සහ දරයි ඔවුන් පවසන ආකාරයට තව වසර පහක් තුල මෙම ග්‍රහයන් හදුනා ගැනිමට හැකි වේ යැයි ඔවුන් ප්‍රකාශ කරයි.ඵමෙන්න ජනතාවට මෙම ග්‍රහයන් නිරික්ෂණය කිරිමට අවස්ථාව උදා කර දිම ඔවුන්ගේ බලාපොරොත්තුව බවට සදහන් කරයි.
මෙම Planet "X" පිළිබදව සැකසු විඩියෝව

0 comments:

ෆ්ලෑග්ස්ටාෆ්හි නගරයේ අපූරු UFO වලාකුළු

12:26:00 PM max 1 Comments

නිරීක්ෂිත දිනය January 14, 2016
නිරීක්ෂිත පිහිටීම Flagstaff, Arizona, USA
 

ඇමරිකාණු නාලිකාවක් වන The Weather Channel මගින් වාර්ථා කල ඇරිසෝනා හි ෆ්ලෑග්ස්ටාෆ්හි නගරයේ අපූරු වලාකුළු පිළිබදවයි මේ වාර්ථාව.පෙනුමින් මෙම වලාකුළු හදුනා නොගත් තැටි පියාසර වස්තූන්ගේ හැඩයක් ගනී.මෙය සැබැවින්ම වලාකුළුක් යැයි ඔබට සිතන්න පුලුවන්ද? මන්ද මෙම තැටි වලාකුළු ඵක තැන තිබෙන අතර අනෙක් වලාකුළු සියල්ල සුලග මගින් ගෙන යයි.මෙම ප්‍රදේශයට සමීපයෙන් ඇති Nellis Air Force Base තුලද පිටසක්වල ජිවින්ගේ කදවුරක් ඇති බවට වාර්ථා වේ.ඵම කදවුර තුල උස ඉතා සුදු මිනිසුන් සිටින අතර ඵය ඔවුන් කැපි පෙනෙන ලක්ෂණයක් වේ.ඵමෙන්ම මිනිසුන් විසින් ඔවුන් ඇල්ලීම කෙරෙහි දැඩි අකමැත්තක් ඔවුන් තුල ඇත.එසේම ඔවුන්ගේ ඇස් විශාල වන අතර ඔවුන් නිතරම අව් කන්නාඩි පැලද සිටින බවට වාර්ථා වේ.
මෙම විඩියෝව මගින් ඔබට මෙම වලාකුළු පිලිබදව දැකගත හැකිය.




1 comments:

ඉතාලියේ දර්ෂණය වු වලාකුළු හැඩයක් ගත හදුනා නොගත් වස්තූව

11:26:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය:- January 18, 2016
නිරීක්ෂිත පිහිටීම:- Bologna, Italy
මූලාශ්රය:- MUFON වාර්ථා 73961
හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය සිදු කරන පුත්ගලයන්ගේ ඵක් අදහසක් වනුයේ මෙම හදුනා නොගත් පියාසර වස්තූන් දහවල් කාලයේ බොහෝ සේ නොපෙනි තිබෙන අතර හිරු බැස යන අවස්ථා වලදී කුඩා ප්‍රමාණයෙන් හෝ දෘශ්යමාන විය හැකි බවය.මෙම සිදුවිම වාර්ථා වනුයේ ඉතාලියෙහි Bologna නගරයෙනි.මෙම සිදුවීම ජායාරූපයට ගෙන MUFON අඩවිය වෙත වාර්ථා කල පුත්ගලයා පවසන්නේ ඵම අවස්තාවේ ඔහුගේ වෑන් රථයෙන් ඔහු ජීවත් වන Bologna නගරය වෙත යමින් සිටින අවස්තාවේ ඔහුගේ රථය ඉදිරියෙන් අහසේ මෙම වස්තූව දර්ෂණය වු බවයි.මෙම දුටු ආලෝකය කහ සහ තැඹිලි පැහැයක් ගෙන ඇති අතර ඵය උණුසුමි දෙයක් බවට ඔවු වාර්ථා කරයි.හරියට කුඩා සූර්යෙකු සේය.ඵහි පහල කොටසේ කුඩා දේදුන්නක් සැදි තිබු බවට ඔවු පවසයි.මෙම අවස්තාවේ අහස වාලාකුළු වලින් පිරි පැවති අතර මෙම ආලෝකයට මදක් වමි පසට වන්නට විශාල තැටියක හැඩයක් ගත් වාලාකුළුක් ද දැකිය හැකිය.අවට ඇති වලාකුළු සහ මෙම තැටියක හැඩයක් ගත් වලාකුලේ වර්ණයන්ද වෙනස් වී ඇති ආකාරයක් දැකිය හැකිය.ඔහු පවසන ආකාරයට මෙම වාලාකුළු අළු/රිදි/සුදු පැහැ විහිදුවමින් තිබු අතර අනෙක් වලාකුළු පැහැදිලි සේ අළු පැහැයෙන් තිබු බවට පවසයි.


0 comments:

සූර්යා අසල තවත් හදුනා නොගත් යානාවක්

10:33:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය:- January 16, 2016
නිරීක්ෂිත පිහිටීම:- හිරු සහ පෘථිවිය අතර
මූලාශ්ර ජායාරූපය:- http://sohowww.nascom.nasa.gov/…/…/20160116_0248_c2_1024.jpg
 

Solar and Heliospheric Observatory සූර්යගෝලීය නිරීක්ෂණාගාර යානය මගින් 2016/1/16 දින සුර්යාගේ ඵවු ජායාරූපයන්හි මෙම වස්තුව සටහන් වී ඇත.මිට පෙරද හිරු සහ පෘථිවිය අතර හදුනා නොගත් බාහු තුනකින් සමන්විත යානාවක් පිළිබදව මා විසින් ඉදිරිපත් කල ඔබට මතක ඇති.පසුගිය 16 වැනි දින සූර්යගෝලීය නිරීක්ෂණාගාර යානය විසින් ඵවු මෙම ජායාරූපයෙහි ඇති වස්තුව නිසැකින්ම යානාවක් යැයි කිව හැකිය.මෙම ජායාරූපයේ ඇති වස්තුව වඩා හොදින් ලන් කර බැලීමෙදි ඵය දැකගත හැකිය කිසියමි බුද්ධිමත්ව ජීවින්ගේ නිර්මාණයක් බව.මෙම වස්තුවේ පියාපත් සහ ඉදිරි මුහුනත හොදින් දැක ගත හැකි වේ.තවද නියමුවෙකුට සිටිය හැකි සේ නියමු කුටියක්ද දැක ගත හැකි වේ.තවත් හොදින් ලන් කර බැලිමෙදි මෙම පියාසර වස්තුව පිටුපසින් වලිග කොටසක් හා ඵයට සමිබන්ධවු ගෝලයක් වැනි යමක්ද දැක ගත හැකි වේ.මෙම යානය battlestar galactica කතා මාලාවේ ඵන star fighter යානාවේ ආකාරයක් ගනී.

0 comments:

ගුවන් යානා මගීයෙකු ජායාරූපයට ගත් හදුනා නොගත් පියාසර වස්තුව

1:46:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය:- January 14, 2016
නිරීක්ෂිත පිහිටීම:- Between Turkey-Germany
මූලාශ්රය:- http://ovniparanormal.over-blog.com/…/ovni-filme-au-dessus-…
මෙම හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව වාර්ථා කර තිබුනේ (Ovni Paranormal) නැමති ප්‍රංශ හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව සොයා බලන අඩවියක් විසිනි.මෙම වස්තුව ජායාරූපයට ගෙන ඇත්තේ මගී ගුවන් යානවක සිටි පුත්ගලයකු විසිනි.ඔහු තුර්කියේ සිට ජර්මනිය වෙත යමින් සිටින අතර මෙම වස්තුව දැක ජායාරූපයට ගන්නා ලදි.මෙම වස්තුව සමග ඉදිරියෙන් තවත් යානවක්ද ගමන් කරන ආකාරයක් දැකගැනීමට හැකිය.බොහෝ විට මෙම හදුනා නොගත් පියාසර වස්තුව මගින් ඉදිරියෙන් ගමන් ගන්නාවු යානයෙන් ඇති වන්නාවු (contrail) දුමි පිට විම පිළිබදව හෝ ඵම යානාවේ ගමන් ගන්නා මගීන්ගේ ඩිඔක්සිරයිබෝ නියුක්ලෙයික් ඇසිඩ් හෙවත් DNA පිළිබදව පරීක්ෂා කිරීමක් සිදුකරනවා විය හැකිය.පෙනුමින් මෙම හදුනා නොගත් යානාව රෝස පැහැයක් හා තැට්යක පෙනුමක් ගනී.

0 comments:

බල්ගේරියාවෙහි Nova Zagora අසලින් දිස්වු හදුනා නොගත් යානාව

1:43:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය January 14, 2016
නිරීක්ෂිත පිහිටීම Nova Zagora, Bulgaria
මූලාශ්රය http://portal12.bg/Iztrebiteli-presledvaha-NLO-kray-Nova-Za…
 

මෙම සිදුවිම වාර්ථා වෙන්නේ පසුගිය 14 වැනිදා බල්ගේරියාවෙනි.මෙම හදුනා නොගත් පියාසර වස්තුව ගොවිපලක් අසල ඇති ඉතා උස් වු විදුලි රුහැන් කුළුනක් අසලින් ජායාරූපයට ගෙන ඇත.ඵසේම මෙම වස්තුව හමුදාමය ගුවන් යානා විසින් පරික්ෂා කරන ආකාරයක් මෙම ජායාරූප කිහිපයෙන් දැකගත හැකිය.මූලාශ්ර තොරතුරු මගින් සදහන් වනුයේ ප්‍රහාරක යානා මගින් මෙම වස්තුව හබා යැමක් කර ඇති බවයි.මෙම වස්තුව බල්ගේරියාවෙහි නගරයක් වන Nova Zagora නගරය අසන්නයේ 14 වැනිදා දහවල් කාලයේදි මෙම සිදුවිම සිදු වී ඇත.මෙම පියාසර වස්තුව මෙම අවස්ථාවෙදි සෙමින් ගමන් කර ඇත.විනාඩි 5ක් පමන දර්ශණය විමෙන් පසුව මෙම යානව ඵහි පිහිටීම වෙනස් කර ඇති අතර ඵයට හේතු ලෙස සදහන් වනුයේ ගුවන් යානා දෙකක් පැමිනිම නිසා විය හැකිය.



0 comments:

අභ්‍යාවකාශයේ පිපුනු මුල්ම පුෂ්පය

1:40:00 PM max 0 Comments

පසුගිය 16 වැනිදා අභ්‍යාවකාශයේ පිපුනු මුල්ම පුෂ්පය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිටින ගගනගාමි Scott Kelly විසින් ඔහුගේ ට්විටර් අඩවියට වෙත ඵක් කර ඇති අතර මෙම පුෂ්පය orange zinnia වේ.මිට කලින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් සාර්ථක ලෙස සලාද කොළ වැවිමක් සිදු කල අතර ඵය ඔවුන් ආහාරයට පවා ගත්තා.



0 comments:

අරුම පුදුම හිරු ඵලියක්

1:35:00 PM max 0 Comments

මෙම මස ඇමරිකා ඵක්සත් ජනපදයේ මිචිගන් ප්‍රන්තයේ බියුකානන් නම් ප්‍රදේශය තුලින් මෙම අපුරු සිදුවිම වාර්ථා වේ.Mechaele Loraffe නමි වු ඇය තම රථයෙන් ගමන් කරමින් සිටි අතර හිරු නැගෙන අයුරු ජායාරූප ගැනිමක් සිදු කරලා තියනවා.මෙම ගත් ජායාරූප අතර ඵක්තරා දුර්ලබ දසුනක් පසුව ඇයට දැක ගැනීමට හැකි වෙලා තියනවා.පෙනුමින් හිරු ඵලිය පහලට කුරුසියක් ආකාරයෙන් දිස් විමක් ඇයට දැක ගැනීමට හැකි වෙලා තියනවා.පසුව ඇය විසින් මෙම ජායාරූපය සමාජ ජාල අඩවි මගින් බෙදා හැර තිබේ.

0 comments:

Stellarium 0.14.2 නව සංස්කරණය

1:34:00 PM max 0 Comments

Stellarium පරිඝනක මෘදුකාංග භාවිතා කරන යාළුවන්ටයි මේ පනිවිඩය. මෙම මස 8 වැනි දින Stellarium මෘදුකාංගයේ නව සංස්කරණයක් නිකුත් වුනා Stellarium 0.14.2 ලෙස.කලින් තිබු 14.1 මෘදුකාංගයේ ගැටලු කිහිපයක් නිරාකරණය කර ඇති අතර නව අංග කිහිපයක්ද ඵක් කර ඇත.
List of changes between version 0.14.1 and 0.14.2:
- Reduce planet brightness in daylight (LP: #1503248)
- Fixed perspective mode with offset viewport in scenery3d (LP:#1509728)
- Fixed wrong altitudes for some locations (LP: #1530759)

- Fixed some skyculture links
- Fixed editing some shortcut keys (LP: #1530567)
- Fixed drawing reticle for telescope (LP: #1526348)
- Refactoring coloring markers of the DSO
- Removed info about Moon phases (avoid inconsistency for strings).
- Updated default config options
- Updated icons for View dialog
- Updated Stellarium DSO Catalog
- Added list of dwarf galaxies (Search Tool)
- Added improvements in Scenery 3D plugin

නව මෘදුකාංග ලබා ගැනිමට මෙම ලින්ක් ඵක භාවිතා කල හැකිය.

මෘදුකාංග ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න 

0 comments:

The X-Files 2016

1:31:00 PM max 0 Comments

ඔන්න ඉතින් I want to believe හෙවත් The X-Files කතා මාලවට කැමති අයට මේ මාසේ The X-Files කතා මාලාවේ නවතම Episodes ඵක බලා ගන්න පුලුවන් 2016 දි නැවත ඵන The X-Files කාතා මාලව Episodes 6කින් තාමා ඵන්නේ.The X-Files 2002 දි අවසන් වෙනකොට Episodes 202 පෙන්වා අවසන් කරා.නවතම කොටස් මගින් කලින් හෙළි නොකල රහස් වලින් කිහිපයක් හෝ මේ කථාංග 6තුලදී හෙලිවනු ඇතැයි ලොවපුරා X ෆයිල්ස් රසිකයින් බලාපොරොත්තු වෙනවා.මෙම Episodes 6 නමි.
My Struggle January 24, 2016
Founder's Mutation January 25, 2016
Mulder and Scully Meet the Were-Monste February 1, 2016
Home Again February 8, 2016
Babylon February 15, 2016
My Struggle February 22, 2016

0 comments:

ගුවන් මගියෙකු දුටු අපුරූ වලාකුළු මත ජීවියෙක්

6:30:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය January 2016
නිරීක්ෂිත පිහිටීම Australia
මූලාශ්රය http://www.dailymail.co.uk/travel/travel_news/article-3399089/Plane-passenger-captures-mysterious-shadowy-figure-resembles-Iron-Giant-robot-walking-clouds-30-000ft.html

පෙනුමින් මෙය විශාල පිටසක්වල ජීවියෙකු ලෙස දැකිය හැකිය වලාකුළු මත ඇවිදින.මෙම ආකාරයේ මිනිස් හැඩයක් අනුකරණය කරමින් සෑදෙන මෙම රටා පිළීබදව වැඩිදුර සෙවිය යුතුය.මෙම සිදුවිම වාර්ථා කරනුයේ Nick O'Donoghue නැමති පුත්ගලයකු විසින්.මොහු Australia වෙත ගුවන් යානයකින් යමින් සිටියදී මෙම දර්ශණය දැක ඇති අතර පසුව ඔහු අසල සිටි අනෙක් අය වෙතද ඵය පෙන්වා ඇත.මෙහිදි මෙම වලාකුළු මත දිස් වෙමින් සිටින මිනිසෙකු වැනි රුවෙහි ජායාරූප ගැනිමක් ඔවුන් සිදුකරලා තියනවා.මෙම දර්ශණය ඔවුන් ගුවන් යානයේ සිට මිනිත්තු දෙකක් දක්වා කාලයක් තුල දැකීමට හැකි වෙලා තියනවා.මිට පෙර චීනයෙහි දහස් ගන්න ජනයා අහසේ පාවෙන නගර පිළිබදව වාර්ථා කරලා තියනවා Jiangxi සහ Foshan යන නගර වලින්.බොහෝ විට මෙය ෆැටා මෝගානා නැමති සංසිද්ධිය විය හැකිය.ෆැටා මෝගානා  නිර්මාණය වන්නේ සාගරයට ඉහළින් අහසේ උණුසුම් වායු ස්තර සිසිල් වූ වායු ස්තර හා එකිනෙක ගැටෙන අවස්ථාවේදීයි.මෙම විඩියෝවෙන් ඔබට දැකගැනිමට පුලුවන් චිනයේ මේ වාර්ථාවු අපුරු සිදුවීම.

0 comments:

JHelioviewer පරිඝනක මෘදුකාංග

5:12:00 PM max 0 Comments

අද මම ඔයාලට කියන්නේ JHelioviewer පරිඝනක මෘදුකාංග පිළිබදව මෙම මෘදුකාංග මගින් හිරු ඕනිම තැනක සිට නැරබිය හැකියාව තියනවා.මෙම මෘදුකාංග European Space Agency සහ NASA ආයතනය Helioviewer ව්‍යාපෘතිය සදහා නිර්මාණය කරපු මෘදුකාංගයක්.Solar and Heliospheric Observatory යානය මගින් ඵවන සුර්යාගේ ජායාරූප අතිවිශාල ප්‍රමාණයක් මේ හරහා දැක ගන්න පුලුවන්.
මෙම පරිඝනක මෘදුකාංග ලබා ගැනිම සදහා පහත ලින්ක් ඵක භාවිතා කරන්න..
JHelioviewer

0 comments:

පිටසක්වල යානාවක් හා ඵහි කොටසක්

3:54:00 PM max 0 Comments


නිරීක්ෂිත දිනය 1985
නිරීක්ෂිත පිහිටීම Grand Junction, Colorado, USA
මෙම වස්තුව වැටී ඇත්තේ හදුනා නොගත් යානයක් මගින් සහ තවත් බොහෝ කොටස් ඵම හදුනා නොගත් යානයේ විය හැකි බවට සාක්ෂි දරයි.කොලරාඩෝ ප්‍රන්තය තුල Grand Junction ප්‍රදේශයේ අසල ඇති කදු මත භූගත පිටසක්වල ජීවින්ගේ මුලස්ථාන ඇති බවට නගරාධිපතිවරුන් හා පොලිසිය පවා වාර්ථා කරල තියනවා මේ පිළිබදව.තවද මාධ්‍ය ආයතනද මෙම සිටිනවා යැයි පවසන ජිවින්ගේ විඩියෝ පටයන්ද ඉදිරිපත් කරලා තියනවා.නමුත් තවමත් රහසක් මෙම හදුනා නොගත් පියාසර වස්තූන් හි නෂ්ටාවශේෂ මෙම ස්ථානයේ පැවතිම පිළිබදව.මෙකි භුගත කදවුර තුලට ජිවින් පැමිනි පසු ඇතුලු වුයේ කොතනින්දැයි කිසිදු හෝඩුවාවක් නොතබා අවසන් වේ.මෙම සිදුවිම් පිළිබදව සාක්ෂි කාරයකු වන Bob White මේ පිළිබදව හෙළි කල ඇත.ඔහු පවසන්නේ මෙම ස්ථානය සංචාරකයින් යොමු කළ යුතු බවටය ඵනම් 1985 වසරේ හදුනා නොගත් පියාසර වස්තුවේ පුරාවස්තු දැක ගැනිම පිනිසය. Bob White මෙම ප්‍රදේශයෙන් සොයා ගන්නවා කුඩා බට කැබැල්ලක් වැනි දෙයක්.පසුව ඵය කෞතුකාගාරයක සුරක්ශිතව

තබා ප්‍රදර්ශනය සදහා වෙන් කරා හදුනා නොගත් වස්තුවක් ලෙසට.ඔහුගේ මෙම කතාව ඇසු පුත්ගලයන් ඔහු දෙස බැලුවේ ඔහු උන්මත්තකයෙකු ලෙසිනි.නමුත් Bob සොයා ගත්ත මෙම ලෝහමය කොටස ඔහුගේ මේ කතාව සත්‍ය සිදුවිමක් යැයි සැලකීමට සාක්ෂියක් වුනා.දැන් Bob White හට අවුරුදු 75ක් වෙනවා ඔහු පවසන්නේ තවදුරටත් කලයක් ඔහුට නොමැති බවයි මේ පිළිබදව මාධ්‍ය මගින් මේ සිදුවිම සොයා බැලිය යුතු බවත්ය.ඔහු දුටු හදුනා නොගත් පියාසර වස්තුවේ ආලෝකය උල්කාපාතයක් විය නොහැකි බවට ඔහු ප්‍රකාශ කරයි.සහ මෙම වස්තුව අභ්‍යාවකාශය සුන්බුන් කොටසක් විය හැකි බවට ඔහු පවසයි.මෙම වස්තුව පිළිබදව පර්යේෂණ කළ විද්යාඥයන්ගේ අදහස වනුයේ ඵහි කිසිම විශේෂතවයක් නොමැති බවයි.කෙසේ නමුත් Bob  1985 දි දුටු ආලෝකය හදුනා නොගත් පියාසර වස්තුවක් යැයි විශ්වාස කරයි.මෙම සිදුවිම සිදුවන්නේ 1985 වසර් Bob  සහ ඔහුගේ මිතුරෙකු සමග රථයකින් කොලරාඩෝ-ඌටා දේශ සීමාව අසල පාළු මාර්ගයේ ඩෙන්වර් සිට ලාස් වේගාස් දක්වා යමින් සිටියේ.ඵම අවස්ථවේ වේලාව රාත්‍රි 2 හෝ 3 විය හැකි යැයි ඔහු පවසයි.මෙම අවස්ථාවේ Bob සිටියේ ඔහුගේ අසුනේ නිදා ගනිමිනි.එක් අවස්ථාවක ඔහුගේ මිතුරා ඔහුව නැගිටිටවනවා අමුතු ආලෝකයක් පෙන්වලා.Bob ඵය ඵතරමි ගනන් නොගත් අතර ඔහු නැවත නින්දට පැමිනුනා.නැවතත් ඔහුගේ මිතුරා ඔහුව අවදි කරා මෙම අවස්ථාවේ ඵම ආලෝකය ඔවුන්ගේ ඇස් නොපෙනි යන තරමි ප්‍රබල වු අතර මෙම වස්තුව ඔවුන්ට ඉදිරියෙන් 100 යාර දුරින් තිබු බවට ප්‍රකාශ කරයි.පසුව මෙම වස්තුව අතුරුදහන් වි ඇත.ඵම අවස්ථාවේදි ඔහුට මෙය පෘථිවියෙහි ඇති යානාවක් නොවන බවට හොදින් පැහැදිලි වි ඇත.පසුව ඔහුගේ ඇස ගැටුනේ භූමිය මත ඇති තැඹිලි ආලෝකයක් විහිදුවන යමක් වෙතය.

ඔහු එය ළඟා වූ විට එය උණු රතු පැහ විය.නමුත් ඵය අතට ගත්විට ඵහි රස්නයක් නොතිබු අතර සිසිල් වි තිබු බවට ඔහු ප්‍රකාශ කරයි.මෙම වස්තුව අගල් 7-1/2 පමන වන බවට Bob ප්‍රකාශ කරයි.ඵහි හැඩය ජල බින්දුවක හැඩයක් ගනී.තවද මෙම වස්තුව රළු වන අතර ලෝහමය වේ.රාත්තල් 2 පමන බරක් ඇත.මෙම වස්තුව තුල මුලික ලෙස ඇලුමිනියම් ඇත.කෙසේ නමුත් මෙම වස්තුව පිළීබදව පර්යේෂණ කල අයගේ අදහස වනුනේ මෙහි කිසිම විශේෂත්වයක් නොමැති බවයි.
මෙම වස්තුව පිළිබදව History අඩවිය වෙත අදහස් දැක්වු Bob ගේ විඩියෝවන් පහත ලින්ක් ඵක මගින් දැකගත හැකිය.
පලමු කොටස
දෙවන කොටස

0 comments:

සූර්යා අසල හදුනා නොගත් යානාවක්

1:13:00 PM max 0 Comments

Solar and Heliospheric Observatory සූර්යගෝලීය නිරීක්ෂණාගාර යානය මගින් 2015/7/7 දින සුර්යාගේ ඵවු ජායාරූපයන්හි මෙම වස්තුව සටහන් වී ඇත.මෙහ බාහු තුනකින් සමන්විත වස්තුවක් වන අතර මෙහි පිටුපසින් රොකට්ටුවක් නිකුත් කරන ආකාරයේ ජ්වලන ධාරවක් දැකගත හැකිය.බොහෝ විට මෙම අවස්ථාව යමි සැටලැයිටයක් ඉහල කක්ෂයකට ඇතුල් කිරිමක් විය හැකිය.මෙය කුමක් දැයි වර්ථා නොවන අතර කෙසේ වුවත් බුද්ධිමත් ජීවින් විසින් නිර්මාණය කර ඇති වස්තුවක් යැයි කිව හැකිය...
සමිපුර්ණ ජායාරූපය නැරබිමට මෙම ලින්ක් ඵක වෙත පිවිසෙන්න 

0 comments:

වැනීස් වෙරළේ අහබු ලෙස කැමරා ඇස ගැටුනු පියාසර වස්තුව

2:26:00 PM max 0 Comments

නිරික්ෂිත දිනය:- January 1, 2016
නිරික්ෂිත ස්ථානය:- Venice Beach, California, USA
මූලාශ්රය:- MUFON ලිපිගොනු 73865
මෙම සිදුවිම වාර්ථා වෙන්නේ කැලිෆෝනියාවේ වැනීස් වෙරළ තිරයෙනි.පසුගිය ජනවාරි පලවැනිදා වැනීස් වෙරළ තිරයේ සැදෑසමයේ ඇවිදිමට ගිය පිරිසක් විසින් මෙම වස්තුව අහබු ලෙස ඔවුන් ගත් ජායාරූප වල ඇති බව දැක හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව තොරතුරු ඵක් කරන ලොව ප්‍රධන අඩවියක් වන MUFON අඩවිය වෙත වාර්ථා කර තිබුනා.මෙම වස්තුව වර්ථා වෙන ආකාරයට මුහුද පත්ලෙන් මතු පිටට පැමිනි බවට ඔවුන් සදහන් කරයි.මෙම වස්තුව මේ අවස්ථාවේ ඵම මුහුදු තිරයේ සිටි සියලු දෙන දැක ඇති අතර ඔවුන් ඵය හෙලිකොප්ටරයක් යැයි සිතා ඇත.පසුව මෙම ගත ජායාරූප පරිඝනකය මගින් නැරබු මෙම පුත්ගලයා මෙම වස්තුව ඵසේ විය නොහැකි යැයි සිතා MUFON අඩවිය වෙත වාර්ථා කර ඇත. 





0 comments:

Australia වෙහි දුටු හදුනා නොගත් යානාවක්

2:21:00 PM max 0 Comments

නිරික්ෂිත දිනය:- December 6, 2015
නිරික්ෂිත ස්ථානය:- Darwin, Australia
මුලින්ම මෙම විඩියෝව නරඹන විට මෙම වස්තුව පැහැදිලිව නොපෙනුනත් මෙම විඩියෝව ලංකර නැරබිමෙදි මෙය හදුනා නොගත් යානයක් බව පැහැදිලි වේ. මෙම වස්තුව අසම සම වේගයකින්ම කැමරාව පසුකර යන්නේ පිත්තෙන් ගිලිහෙන බෝලයක් හෝ කුරැල්ලෙකු ගමන් කරන්නාක් මෙනි. මෙම වස්තුව ස්වරෑපයෙන් දිගටි කුඩා තැටි ආකාර ලෝහමය ඩොනා යානාවක් බදුය. හදුනා නොගත් පියාසර වස්තූන් පිළිබදව ගවේෂණය කරන පුත්ගලයන්ගේ මතය වනුයේ පිටසක්වල ජීවින් මෙම ඩොනා යානා සමඟ රාත්‍රියේ මිනිසුන් නිරීක්ෂණය කිරීම සඳහා පැමිනෙන බවත්ය.
ඇසින් දුටු සාක්ෂිකරැවන් මේ සිද්ධිය ගැන පවසා සිටින්නේ Drawin NT සේවා ස්ථානයෙන් බැහැර වන විට ඔවුන්ගේ රථයෙහි ඉදිරිපස කැමරාවෙහි හි මෙම වේගයෙන් ගමන් ගත් යානය හසු කරගත් බවයි. එහිදි මොවුන් මෙම යානයේ ජායාරෑප කිහිපයක්ද ලබා ගෙන ඇත.

0 comments:

අඟහරුහි හදුනා නොගත් යානාවක්

2:11:00 PM max 1 Comments

(H.I.R.I.S.E)-HIGH RESOLUTION IMAGING SCIENCE EXPERIMENT අඩවිය විසින් අඟහරු මත විවිධ ප්‍රදේශයන්හි අධි විභේදන ජායාරූපයන් ඉදිරිපත් කරන අඩවියක් වන අතර මෙම අඩවිය විසින් නිකුත් කළ අඟහරුහි Nili Patera කලාපයෙහි ජායාරූපයේ හදුනා නොගත් යමිකිසි ව්‍යහයක් පිළිබදව හදුනා නොගත් පියාසර වස්තූන් අඩවියක් විසින් අද දිනයේ වර්ථා කලා.ඵම වර්ථාව අනුව මෙය තවත් ඵක් අඟහරු මත කඩා වැටී ඇති යානයක් බවට සහ මෙය ඉතා විශාල යානයක් වන බවට පවසලා තියනවා.මෙම හදුනා නොගත් වස්තුවෙහි විවිධ මහල් ඇතුලත් වේ.මෙම වස්තුව සදහන් වු ජායාරූපය 377.5 mb වන අතර ඵය Download කිරිමට මෙම ලිනක් ඵක භාවිතා කළ හැකිය.

ජායාරූප ගැනීමට මෙම ලින්ක් ඵක භාවිතා කරන්න 

මෙම අධි විභේදන ජායාරූපයන් ඔබේ පරිඝනකයන් විවෘර්ත කල ගැනීම සදහා මෙම මෘදුකාංග ඔබේ පරිඝනකයේ ඇතුලත් කර තිබිය යුතු වේ.ඵය Download කිරිමට මෙම ලිනක් ඵක භාවිතා කළ හැකිය.
මෘදුකාංග ලබා ගැනිමට මෙම ලින්ක් ඵක භාවිතා කරන්න  PIRL | HiView Software

1 comments:

ගූගල් සිතියමි තුලින් හමුවූ තවත් හදුනා නොගත් පියාසර යානාවක්

7:29:00 AM max 4 Comments

නිරික්ෂිත දිනය January 2016 
නිරික්ෂිත ස්ථානය Cemiterio Sao Joao batista, Rio de Janeiro, Brazil නැරබිමට භාවිතා කළේ Google Earth 
ගූගල් ඛණ්ඩාංක 22°57'32.83”S 43°11'18.95"W 

Google Earth Street View තුලින් මෙම හදුනා නොගත් පියාසර වස්තුව සොයා ගත් අතර Rio de Janeiro අසල ඇති සුසාන භූමියක සිට Street View තුලින් මෙය නැරබිය හැකිය.මෙම පියාසර වස්තුව පිලිබදව අදහස් දක්වන www.ufosightingsdaily.com හි Scott C. Waring ගේ විඩියෝව පහතින් නැරබිය හැකිය.

4 comments:

මෙක්සිකෝවේ ඇකපොල්කෝ හි දිස්වූ UFO පෙරහැර

12:11:00 PM max 0 Comments

පහත දැක්වෙන වීඩියෝවෙන් දිස්වන්නේ, මෙක්සිකෝවේ ඇපකොල්පෝ ප්‍රදේශයේ දිස්වූ "UFO පෙරහැරෙහි" දර්ශනයයි. ඇපකොල්පෝ යනු මෙක්සිකෝවට පැමිනෙන වීදේශිකයින්ගේ පාරාදීසයකි. දිනය 2010-ජනවාරි-7 වනදායී. වීඩියෝවේ UFOයානා තිහක් පමන දැකගත හැකිය. 
එහෙත් අවාසනාවකට, මෙම වීඩියෝව හැරෙන්නට, මේ සිදුවීම පිලිබද වැඩි විස්තර හෝ එය දුටුවන් පිලිබද විස්තර තවමත් හෙලිවී නැත. නොඑසේ නම් හෙලිවීමට ඉඩ දී නැත. එහෙත් වීඩියෝවේ හඩ පටයට අනුව නම්, මෙම සිදුවීම විශාල පිරිසක් විසින් දැක ඇති බවට නිගමනය කල හැක. UFO නිරීක්ෂයකයින් සහ ඒ පිලිබද උනන්දුවක් දක්වන්නන්, මෙම විඩියෝව පිලිබද විශාල සැලකිල්ලක් දක්වා ඇති අතර, ඔවුන් බොහෝ දෙනෙක් මෙය සත්‍ය වීඩියෝවක් බව නිගමනය කර ඇත. 
ඇකපොල්කෝ යනු සාමාන්‍යයෙන් මෙවැනි අද්භූතජනක වස්තු අකාශයේ දිස්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රදේශයකි. මින් පෙරද මෙවැනි දර්ශණයක් ඇකපොල්කෝ හි දිස්වුනි. වර්ෂ 2000-ජනවාරි-18 දා, විශාල ජනකායක් විසින් ඇකපොල්කෝ හි ආකාශයේ, ඕවලාකාර හැඩැති, වෛර්ණ එලි පිටකරන යානාවක් ප්‍රදේශය අවට පියඹමින්, අවසානයේ ඒ මේ ඇත වැනී අතුරැදහන් වූ ආකාරය දැක තිබේ.
එසේනම්, දැන් ඇකපොල්කෝහි නවතම UFO දර්ශනය වෙතට:

0 comments:

උතුරු කැරොලිනාවෙන් වාර්ථා වු වස්තුව

9:42:00 AM max 0 Comments

නිරික්ෂිත දිනය January 4, 2016
නිරික්ෂිත ස්ථානය Broadway, North Carolina
පසුගිය සතිය තුල උතුරු කැරොලිනාවෙන් වාර්ථා වු මෙම වස්තුව රාත්‍රී කාලයේදි නිරික්ෂණය කර ඇත.පෙනුමින් යමිකිසි ශක්තියක් පිටකරමින් විවිධාකාර හැඩ තළ වල හැඩයක් ගැනීමක් මෙම වස්තුව විසින් සිදුකරයි.මෙම ආකාරයේ වස්තූන් රාත්‍රී කාලයේදි දිස් විම විශේෂ වේ.

0 comments:

Colima හි දුටු හදුනා නොගත් පියාසර වස්තුව

10:46:00 AM max 0 Comments

නිරික්ෂිත දිනය:- 1958
නිරික්ෂිත ස්ථානය Colima Volcano, Mexico
1958 වසරේ Mexico වෙහි Colima හි දුටු තැටියක හැඩයක් ගත් පියාසර වස්තූවේ කළු සුදු ජායාරූපයයි මේ දැක් වෙන්නේ.තැටි හැඩක් ගත් පියාසර වස්තුන් පිළිබදව මෙම සිදුවිම වැදගත් සිදුවීමක් වේ.Javier Torres සහ Alejandro Duenas 1958 වසරේ Colima සිට Guadalajara දක්වා ඇති පාරක සිට මෙම වස්තුවෙහි ජායාරූප ගැනීමක් සිදුකර ඇත.මෙය ඉතා වේගයෙන් ගමන් කළ හදුනා නොගත් වස්තුවක් වේ.

0 comments:

කෙප්ලර් නව ග්‍රහයන් 100ක් සොයා ගනී

10:34:00 PM max 0 Comments

2009 වැනි වසරේ මාර්තු 7 වැනිදා අභ්‍යාවකාශ ගත කළ Kepler යානය තවත් හදුනා ගත් ග්‍රහ ලෝක 100ක් නිරික්ෂණ කොට ඇත.පිටසක්වළ ජීවයක් සහ පෘථිවියට සමාන ග්‍රහ ලෝක මෙම නිරික්ෂණය කළ ග්‍රහ ලෝක අතර ඇත.මෙම නව k2 මෙහෙයුම පිළිබදව American Astronomical Society (AAS) පසුගිය 5 වැනි දින රැස් වුයේ ඵහි 227 වැනි රැස්විම ලෙසිනි. Kepler යානය දියත් කිරිම සදහා $600 million මුදලක් වැය වී ඇත.මෙම දියත් කිරිමෙහි අරමුණ වුයේ පෘථිවිය හා සමාන ලෝක අප මේ සිටින කිරි සයුර හෙවත් Milky Way galaxy තුල ඇත්දැයි සොයා බැලිම අරමුණු කොට ගනිමිනි.සැබවින්ම Kepler මෙහෙයුම සාර්ථක වන අතර පිටසක්වළ ජීවයක් ඇතැයි සිතන ග්‍රහවස්තූන් 1,000 පමන සොයා ගැනීමට හැකි වෙලා තියනවා.මෙම යානාය ග්‍රහලෝක සොයන්නේ ග්‍රහ තාරකාවන්ගේ ගමන් මාර්ගය සටහන් කර ගනිමින් ඉතා කුඩා දීප්තිය ඇති ගැබුරු ග්‍රහලෝක වටා ඇති තරු අධ්‍යනය කරමිනි.මෙම අධ්‍යනයන්ට අවශ්‍ය තාක්ශණික උපකරණයක් 2013 මැයි මස Kepler යානයට අහිමි වුනා.නමුත් Kepler කන්ඩායම මෙම ගැටලුව නිරාකරණය කිරිමක් සිදු කල ඵහි දුරේක්ෂය ස්ථාවරව පවත්වා ගෙන යාමට.Ian Crossfield යනු University of Arizona හි තාරකා විද්යාඥයෙකු වන අතර ඔහු පවසා ඇත්තේ පසුගිය 5 වැනි දින American Astronomical Society ඵක මගින් පැවැත්වු රැස්විමෙදි Kepler නිරික්ෂණයන් මගින් ගවේෂණය කළ තාරකා 60,000 සහ 7,000 ග්‍රහ තාරකාවන්ගේ ගමන පිළිබදව සංඥා මුල්ම දින 80 වන විට සොයා ගත් බවට ඔහු සදහන් කරයි.

0 comments:

ආචාර්ය සරත් ගුණපාල මහතා දැක්වු අදහස් සිළුමිණ පුවත් පත වෙත

5:31:00 PM max 0 Comments

ලොව අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳව ප්‍රමුඛතම ආයතනය ඇමෙරිකාවේ නාසා ආයතනයයි. එම ආයතනයේ හා ඊට අනුබද්ධ පර්යේෂණාගාර හයක පමණ විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයෝ 60000ක් පමණ සේවය කරති. ඒ අතරින් අධි ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයන් සිටින්නේ 80ක් පමණි. ඒ එක් අයෙක් ශ්‍රී ලාංකිකයකු බව කීවොත් ඔබ පුදුමයට පත් වනු ඇත. මේ වෙන කවුරුවත් නොව නාසා ආයතනයේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ අධිශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාලයෝය. වසර 30කට අධික කාලයක් ඇමෙරිකාවේ සිටියත් සිංහල භාෂාව ඉතා හොඳින් කථා කරන අපේකම, අපේ රට අමතක නොකළ ආචාර්ය සරත් ගුණපාලයන් නාසා ආයතනයේ අලුත්ම පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව සිළුමිණ පුවත්පතට ලබා දුන් සුවිශේෂි සම්මුඛ සාකච්ඡාවයි මේ. පසුගිය දා සති 2ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඒ විද්වතා පුවත්පතකට දුන් එකම සම්මුඛ සාකච්ඡාව ද මෙය පමණි.
 


කොහොම ද තොරතුරු? අලුතින් මොනවා ද නාසා ආයතනයේ මේ දවස්වල කරන පර්යේෂණ කටයුතු?
මම මේ දවස් 10 - 12කට ලංකාවට ආවා කොළඹ සරසවියේ අපේ කණ්ඩායමේ වාර්ෂික සුහද හමුවට එක්වෙන්න.
නාසා ආයතනයේ මා වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් ලැබ් එකෙන් ඉස්සර අඟහරුගේ ජලය තිබෙනවා කියලා කිව්වා. ඒ අනුව ජලය තිබෙන ආකාරය අපි සොයා ගත්තා. ඊළඟට අපි අඟහරුගේ ජීවය තිබුණු වකවානු පිළිබඳව හොයනවා. මිනිස්සු සහිත යානයක් පවා අපි ඉදිරි වසර 15 - 20 තුළ අඟහරුට යවන්නයි අදහස.
අඟහරු පිළිබඳව මෙතෙක් සිදුකළ පර්යේණ මඟින් ලැබුණු අලුත් 

තොරතුරු හා ප්‍රතිඵල පිළිබඳව කතා කළොත්...?
අපි පසුගිය වසර 16 ඇතුළත මිනිසුන් රහිත යානා 4ක් අඟහරුට යවා තිබෙනවා. මුලින්ම මිනිසුන් රහිත යානා යවලා අඟහරු ලෝකයේ ජලය තිබෙනවා ද කියලා සොයා බැලුවා. මුලින්ම පාත් ෆයින්ඩර් යානය අපි අඟහරුට යැවුවා. ඒකේ අධෝරක්ත කිරණ කැමරාව හදන්න මම සම්බන්ධ වුණා. ඊට පස්සේ 2012 දී අපි 'කියුරියෝයිටි' යානාව යැව්වා. ඒක තාම අඟහරුවල සිට අපිට සුවිශේෂි ඡායාරූප හා දත්ත එවනවා. ඒ අනුව අඟහරු ලෝකයේ ගලා යන ජලය නැහැ. නමුත් ජලය ගලා ගිහින් තිබෙනවා. ජලවාෂ්ප තිබෙනවා. අපේ ලෝකයේ ගංගා යට තිබෙන අයුරින් ජලය ගලා යන ස්ථාන පිළිබඳව ඡායාරූප අපිට ලැබුණා.
ජලය ගලා ගෙන ගියාම ගල් වැලි රවුම් වෙලා හැදිලා තිබෙනවා. අඟහරු පෘෂ්ඨයේ පස් එක්ක වතුර තිබෙනවා. වායුගෝලයේ ජල වාෂ්ප තිබෙනවා. එහි පීඩනය අඩුයි. ජලය එහි ද්‍රව ලෙස තියාගන්න බැහැ. අඟහරුගේ වායුගෝලයේ වැඩියෙන්ම තිබෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඊට අමතරව අඟහරුගේ උත්තර ධ්‍රැවයෙහි දක්ෂිණ ධ්‍රැවයෙහි මිදිච්ච මඩ තිබෙනවා. ඒවා උෂ්ණත්වය වැඩි වෙන කාලයට දිය වෙලා පසට කාන්දු වෙනවා.

මොකක්ද නාසා ආයතනයෙන් අඟහරුට යවන්න හදන අලුත්ම යානය?
නාසා ආයතනයේ අපේ ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරය මඟින් අඟහරුට 2020 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. ඒක 'කියුරියෝසිටි'වලට සමානයි. ඒකට තවම නමක් නැහැ. දැනට කියන්නේ 2020 'මාර්ස්' කියලා. ඒක රාත්තල් 2200 ක් බරයි.

මේ යානය යැවීමේ ප්‍රධාන අරමුණ මොකක්ද?
මෙතෙක් කල් අපි යැවුව යානාවලින් කළේ අඟහරුගේ ජලය තිබෙනවා ද කියලා හොයන එක. මේ අලුත්යානාවෙන් කෙරෙන්නේ අඟහරු ලෝකයේ ජීවයක් තිබුණා ද නැත්නම් ක්ෂුද්‍ර ජීවින් වගේ ජීවින් තවමත් ඉන්නවා ද කියල හොයන එක සමඟ ජීවින් සිටියානම් ඒ කාලය සොයා බැලීමයි.
ඒ අනුව වායුගෝලයයි ජලයයි තිබෙන මායිම් ප්‍රදේශයේ තමයි අපි වැඩිපුර පර්යේෂණ කිරීමට බලාපොරොත්තු වන්නේ. මේකට අලුත් නමක් ළඟදි දමයි. ඉස්සර 'කියුරියෝසිටි' එකටත් කිව්වේ 'මාර්ස් සයන්ස් ලැබෝරටිරි' කියලා.

අලුත් යානය හැදීමට ඔබතුමා සහ ඔබතුමාගේ කණ්ඩායම එක්වන්නේ මොන අයුරින් ද?
තාම ඒ පිළිබඳව කටයුතු කරමින් පවතිනවා. කො‍හොමත් අපිට ඒකේ සුවිශේෂි කැමරාවල තාක්ෂණික උපකරණවල කටයුතු කරන්න වේවි. අඟහරුට යවපු හැම යානයකටම අපි සම්බන්ධ වුණා.

ඔබතුමා දැනට ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ මොන තනතුර ද දරන්නෙ?
මම දැන් නාසා එකේ 'ෆෙලෝ සයන්ටිස්ට්' කෙනෙක්. නාසා එකේ විද්‍යාගාර 10 ක් තිබෙනවා. ලොකු ඒවා 5 යි. පොඩි ඒවා 5 යි. අපේ එක ලොකුම එකක්. මේවායේ විද්‍යාඥයන් 60000ක් විතර ඉන්නවා. ඉන් 80ක් පමණයි ෆෙලෝ සයන්ස්ටිස්ට්ලා ඉන්නේ. මම වැඩ කරන ජෙට් ප්‍රොපල්ශන් විද්‍යාගාරයේ විද්‍යාඥයන් 10000ක් ඉන්නවා. ඉන් ෆෙලෝ සයන්ටිස්ට්ලා ඉන්නේ 20 දෙනයි. ශ්‍රී ලාංකිකයකුට නාසා එකේ ෆෙලෝ සයන්ටිස්ට් වීමට අවස්ථාව ලැබුණු මුල්ම අවස්ථාව මේකයි. නාසා එකේ ඉන්න එකම සිංහල ශ්‍රී ලාංකික ෆෙලෝ සයන්ටිස්ට් මමයි. ඒක මට වඩා රටට ආඩම්බරයක්, ජාතියට ආඩම්බරයක්.

මොකක්ද දැනට අඟහරු සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම පර්යේෂණය?
අඟහරු පිළිබඳව අලුත්ම පර්යේෂණ කරන්නේ අපි යවපු කියුරියෝසිටි යානයයි. 2012 දී අපි ඒක යැව්වේ. දැන් අවුරුදු 3ක් ඒක පර්යේෂණ කරලා අපිට අඟහරු පිළිබඳව නොදත් අලුත් රහස් තොරතුරු රැසක් එවලා තිබෙනවා. මේ යානය ක්‍රියා කරන්නේ පරමාණු බලයෙන්, බර රාත්තල් 2200ක්. පුංචි පරණ පොක්ස්වැගන් කාරෙකකට වැඩිය ලොකුයි. මේක අඩි 9 අඟල් 10ක් දිගයි. අඩි 9ක් පළලයි. අඩි 7ක් උසයි.
නැවේ තිබෙන කුළු ගහ වගේ කැමරාවක් සහිත උපකරණයකින් අඩි 7ක් උසින් මෙහි තිබෙනවා. ඒකෙන් ඈත ඡායාරූප ගන්න පුළුවන්. ඊට අමතරව අඟහරු ලෝකෙට එන විකිරණග්‍රහණය කරගන්න උපකරණයක් මෙහි තිබෙනවා. ඉදිරියේදී මිනිසුන් සහිත යානාවක් යවන විට විකිරණ තිබුණොත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒ පිළිබඳව පර්යේෂණ කරනවා. ගල් පස් ආදිය පර්යේෂණ කර ඒවායේ තිබෙන මූලද්‍රව්‍ය හා සංයෝග අපට පවසන්න පුළුවන් අලුත් උපකරණයක් ද මේකට සවිකර තිබෙනවා. අඟහරු ලෝකයේ තිබෙන වැලි ගල් පස් හා පාෂාණ පිළිබඳව පර්යේෂණ කිරීමට තවත් අධි තාක්ෂණික උපකරණයක් ද කියුරියෝසිටිවල අන්තර්ගතයි. එය භූ විද්‍යාඥයන්ට වැදගත් තොරතුරු සපයමින් තිබෙනවා.
පස් ගන්න පුළුවන් උපකරණ ඒ පස්වල තිබෙන මූලද්‍රව්‍ය සංයෝග පිළිබඳව සෙවීමට හැකි උපකරණ කිහිපයක්ම මේ කියුරියෝසිටි යානයේ අන්තර්ගතයි.
අඟහරු ලෝකේ තිබෙන එක එක වායු ජාති සොයන උපකරණයක් ද මේකට සවි කරලා තිබෙනවා. මේක හැදුවේ මගේ උපදෙස් ඇතිව මගේ විද්‍යාඥ කණ්ඩායමයි. ඊට අමතරව අඟහරු ලෝකේ විවිධ ජීවින් ඉඳලා මැරුණානම් ඒ අය පිටකරන ජීව වායුවක් පිළිබඳව පරීක්ෂණ කරන්න මේකෙන් පුළුවන්. ඒ ජීව වායුව පිටවුණේ කවදා ද කියලා කාබන් - 14 ක්‍රමයෙන් සොයා ගන්න පුළුවන්. අඟහරු ලෝකේ ජීවය තිබුණානම් කාබන් 14 ක්‍රමයෙන් ඒ ජීවින් සිටි කාලය පිළිබඳව සොයා බලන්න පුළුවන් මේ උපකරණය මඟින්. මේ උපකරණයේ නම CLS. මේකට ලේසර් උපකරණයක් සවිකර තිබෙනවා. මේකෙන් ඈත තිබෙන වායුන් පිළිබඳවත් පරීක්ෂණ කරන්න පුළුවන්.

කියුරියෝසිටි බැස්සුවේ අඟහරු ලෝකයේ සුවිශේෂ තැනකට ද?
අපි කියුරියෝසිටි යානය බැස්සුවේ අඟහරු ලෝකයේ ගේල් කියන ආවාටයටයි. ඒක කිලෝමීටර් 150ක් පළලයි. කියුරියෝසිටි එවපු ත්‍රිමාණ ඡායාරූපවලින් අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ගේල් ආවාටය අවට ප්‍රදේශය පුරා ජලය ගලා ගිය ස්වභාවයක් තිබෙන බව. ජලය විශාල ලෙස කලක් ගලාගෙන ගියාම යට ඇති ගල් සුමට රවුම් වීම මෙහි දක්නට ලැබුණා. අපේ ගංගාවල යටත් තිබෙන ගල් සුමට වෙලා තිබෙනවා. අපි දකිනවා මේ ලක්ෂණ අඟහරුගේ තවත් තැන්වල තිබෙනවා. ඒ අනුව අපි දැන් තීරණය කරලා තිබෙන්නේ අඟහරුවල මීට වසර ගණනාවකට පෙර ජලය තිබූ බවයි.
මීට අමතරව රසායනික හා භෞතික පරීක්ෂණ කරලා අපි සොයාගෙන තිබෙනවා අඟහරුවල තිබුණු වතුර එක්වෙලා කිරිමැටි කැල්සියම් කාබනේට් හැදිලා කියලා. ඒ සාම්පල් එකක් රත් කළාම වතුර එන බව පේනවා. අඟහරුගේ උෂ්ණත්වය රෑට ඍණ 80 යි. දවල්ට අංශක 1 යි.
අඟහරුවල අලුතින් අපි සොයා ගත්ත ගල් වැටි අතර ඉඩකඩක් තිබෙනවා. ඒ වගේ අපේ ලෝකයේ ගල් අතර තිබෙන ඉඩවල තිබෙනවා, කැල්සියම් සල්පේට්. අඟහරු ලෝකේ තිබෙන ගල් අතර තිබෙන ඉඩවලත් තිබෙන්නේ කැල්සියම් සල්පේට්. අඟහරුවල 

කියුරියෝසිටි රෝවර් එක හැතැප්ම 10 ට වඩා ගිහිල්ලා තිබෙනවා.
අඟහරු ලෝකයේ කඳු තිබෙනවා ද?
ඔව්. අපි ඒ කඳුවල තිබෙන පාෂාණ පිළිබඳවත් පර්යේෂණ කරනවා. මේ ළඟදි අපි ඔබිටර් එකක් මඟින් කන්දක බෑවුම මත කළු දිග පැල්ලම් තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ පස් තෙත් වූ බව පෙනෙනවා. ඒ අනුව ඒ බෑවුම මත හයිඩ්රේට් හැදිලා ඒ කියන්නේ උඩ තිබෙන අයිස් දියවෙනවා. පසුව ඒ වතුර යටින් තැන්පත් වෙනවා. ඒ අනුව වතුර තිබෙන්නේ පස් එක්ක පොළොව උඩ පොඩ්ඩක් විතර ගලාගෙන ගිය බව අපට කියන්න පුළුවන්.
අඟහරු පිළිබඳව සිදුකරන අලුත් පර්යේෂණ වැඩ සටහන් මොනවා ද?
අපි 2016 දී අලුත් පර්යේෂණ යානාවක් යවනවා. 'ඉන්සයිඩ්' කියලා යානාවක්. ඊට පස්සේ 2020 දී මාර්ස් 2020 යවනවා, 2022 දී අපි තවත් ඕබිටර් එකක් යවන්නයි සැලසුම් කරගෙන ඉන්නේ. ඒක කක්ෂගත වෙනවා විතරයි බස්සවන්නේ නැහැ.
අපි වසර 5 - 6 කට වරක් අඟහරුට යානා යවනවා. ඒ අනුව අපි 2025 දී 'මාර්ස් සාම්පල් රිටර්න්' යානාව යවන්නයි සැලසුම් කළේ. ඒකෙන් පස් කිලෝ 200 ක් පොළොවට අරන් එන්නයි බලාපොරොත්තුව. මේකට ඩොලර් මිලියන 7 - 8 ක් විතර වැය වෙනවා. මේ ගෙන එන පස් සාම්පල නාසා විද්‍යාගාරවල ඉහළ තාක්ෂණය අනුව පර්යේෂණ කිරීමටයි කටයුතු කරන්නේ. එවිට ජීවය පිළිබඳව යම් දත්ත ලැබේවි.

නාසා පර්යේෂණ ආයතනය මඟින් අඟහරුට මිනිසුන් යැවීමට සැලසුමක් නැද්ද?
තිබෙනවා. ඒ අනුව 2030, 2035 විතර කාලේදි අපි මිනිසුන් තිදෙනෙක් විතර අඟහරුට යවන්න උත්සාහ කරනවා. මෙහාට මම ආවට පස්සේ නාසා පරිපාලකයෙක් මට දැනුම්වත් කිරිමක් කළා මේ යානාව පිළිබඳව 2038, 39, 40 වගේ කාලවල මෙම යානාව අඟහරුට යවන්න අපේක්ෂා කරනවා. මේකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියනයක් විතර යනවා. අඟහරුට යානයක් යන්න මාස 8ක් යනවා. ලොකුම ප්‍රශ්නය ඒ යානයේ යවන අජටාකාශගාමින්ට අවශ්‍ය වතුර යවන එකයි. ඒ අනුව මාස 17කට අවශ්‍ය ජලය ගෙනයන්න ඕනෑ. නමුත් මේකට පිළිතුරක් අපි සොයාගත්තා. ඒ අනුව මේ ජලය මුලින්ම ඉර වටා යන පුංචි යානාවල ගබඩා කරලා ඉහළට යවලා තියෙනවා. පසුව ඒ ජලය මිනිසුන් අරන් යන යානාවලට ලබාදීම කරනවා.
සංවාදය
නිහාල් පී. අබේසිංහ

0 comments: