ආදි පෘථිවියේ ලක්ෂණ
ආදි පෘථිවියේ ලක්ෂණ(විශේෂ ස්තූතිය මෙම ලිපිය මා වෙත ඵවු මිතුරිය වෙත)
ආදි පෘථිවිය ඉතා උණුසුම් විය. මතු පිට පස රහිත දැඩි පාෂාණ ගෝලයක් විය. පෘථිවිය වටා පැවතියේ හයිඩ්‍රජන් වායුව බහුල ඔක්සිහාරක වායු ගෝලයකි. වායු ගෝලයේ උෂ්ණත්වය ඉතා ඉහළ විය. ජලයෙන් තොර විය. කිසිදු ජිවියෙකු හෝ ජිවි සංරචකයක් නොවීය. වායු ගෝලයේ ඔක්සිජන් වායුව නොවු අතර, එහි බහුලව පැවතියේ මිතේන්, ඇමෝනියා, හයිඩ්‍රජන් ආදියයි. පසුව කාබන්ඩයෝක්සයිඩ් හා ජල වාෂ්ප ඇති විය.
ගිනියම්ව පැවති පෘථිවිය මතු පිට සිට ඇතුලට ක්‍රමයෙන් සිසිල් වු අතර කාබන්,නිකල්,යකඩ ඇතුළු බැර ලෝහ වර්ග ආදිය ඝනිබවනය වෙමින් පෘථිවිය මධ්‍යයේ ඒකරාශි විය. එම මධ්‍යයේ ඝනත්වය ඉතා වැඩි විය. එය හරය (Core) ලෙස හදුන්වන ලදි. හරය වටා පැවති ද්‍රවමය උණුසුම් පාෂාණ ස්ථරය බාහිර හරය ලෙස හදුන්වන ලදි. මෙම ප්‍රදේශව වටා නිවීගිය පාෂාණයෙන් සැදුම්ලත් ප්‍රාවරණය ද, ඊට පිටතින් මතු පිට ස්ථරය වු පෘථිවි කබොලද පිහිටියේය. ප්‍රාවරණයේ (Mantle) ඝනත්වය හරයට වඩා අඩුය. පෘථිවි කබොල ඉතා තුනී අතර සමහර තැන්වල 15Km පමණ වෙයි. පරිසරයේ බලපෑම් වලට ගොදුරැ වෙමින් නිරන්තරයෙන් වෙනස් විම් වලට භාජනය වු පෘථිවි කබොල මතුපිට ප්‍රදේශය පසු කලෙක පස නිර්මාණය විමට දායක විය.
0 comments: