Dr. Josef Allen Hynek Scale
Dr. Josef Allen Hynek යනු ඇමරිකාණු මහාචාර්ය වරයෙක්.තවද ඔහු ගගනගාමියෙක් සහ ufology පිළිබද ගවේෂකයෙකි.ඔහු හදුනා නොගත් පියාසර වස්තුන් පිළිබදව හොද ගවේෂකයෙක් විය.හයිනෙක් මහතා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් සිදු කල හදුනා නොගත් යානා පිළිබදව ව්‍යාපෘති උපදේශක ලෙස ක්‍රියා කළ ඵනමි Project Sign (1947–1949), Project Grudge (1949–1952), and Project Blue Book (1952–1969)වේ.මෙම ව්‍යාපෘති වලින් පසුව ඔහු තනිව හදුනා නොගත් පියාසර වස්තුන් පිළිබදව ගවේෂනය කළා ඵයින් ඔහු යමි වර්ගීකරනයක් නිර්මාණය කළා.ඵම වර්ගීකරනය Hynek scale ලෙස හදුන්වයි.හොදයි අපි දැන් බලමු මෙම වර්ගීකරන වල අඩංගු කරුණු පිළිබදව.මෙම වර්ගීකරණයට අනුව වර්ග කරන්නේ දර්ශනය වන ආකාරයට වේ.මෙම වර්ගීකරනය උප වර්ගීකරණ හතරකට නැවත වර්ග කෙරේ.
1 Nocturnal light රාත්‍රී දර්ශනය විම
2 Daylight Disk UFO's දහවල් කාලයේ දර්ශනය
3 Radar Visuals රේඩාර් තරංගවලට හසුවීම
4 Close Encounters ආසන්න හමුවීම්
*රාත්‍රී දර්ශනය විම
රාත්‍රී අහසේ යමි කිසි ආලෝකයක් හෝ ආලෝකය නිකුත් කරන ප්‍රභවයක් මින් අදහස් වේ.ඵකල වාර්ථා වු වස්තූන්ගෙන් සියයට 80 ක් පමණ වාර්ථා වි ඇත්තේ රාත්‍රී කාලයේදි විම මෙම වර්ගීකරණය නිර්මාණය කර ඇත.
*දහවල් කාලයේදි දර්ශනය වීම
පැහැදිලි දහවල් කාලයේ අහසේ දර්ශනය විය හැකි හදුනා නොගත් පියාසර වස්තූන් මෙම ගණයට අයත් වේ .මෙසේ දහවල් කාලයේදි දර්ශනය වන වස්තූන් නැවතත් උප අංශ වලට වර්ග කරයි
1 කව පෙත්තක හැඩය
2 ඕවලාකාර හැඩය
3 කේතු ආකාරය
4 සිලින්ඩරාකාර හැඩය
5 ඉලිප්සාකාර හැඩය
6 දියමන්තියක හැඩය
7 භූමරංගයක හැඩය
8 ත්‍රිකොණාකාර හැඩය
9 ඝණකාභයක හැඩය
10 ගෝලාකාර හැඩය
11 සිගරට්ටුවක හැඩය
12 ඩමිබලකාර හැඩය
*රේඩාර් තරංගවලට හසුවීම
මෙම වර්ගයට රේඩාර් තිරය මත සටහන් වන වස්තුන් යොදා ගැනේ
*ආසන්න හමුවීම්
මෙම ආසන්න හමුවීම් හෙවත් සමීප සාක්ෂි මේ වන විටත් ඉතා විශාල ප්‍රමාණයක් පවති.මෙම ආසන්න හමුවීම්ද නැවත කොටස් 5කට බෙදිමක් සිදු කරයි.
CE I මෙම ආකාරයෙන් අදහස් වන්නේ හදුනා නොගත් පියාසර වස්තූන් ඉතා සමීප සිමාවෙන් හෙවත් අඩි 500ක් හෝ ඉට වඩා අසන්නයෙන් දර්ශණය වු අවස්තාවන්ය
CE II මෙම ආකාරයෙන් අදහස් වන්නේ යමි කිසි හදුනා නොගත් පියාසර වස්තුවක් මගින් යමි භූමියක් මත සාක්ෂි ඉතිරි කර ගොස් ඇති අවස්තාවන්.තන පිටියක් හෝ ශාක මත හෝ බිමක් මත හෝ පිලිස්සුණු සටහන් ඉතිරි කර ගොස් ඇති අවස්ථාවන්.(අස්වනු වෘත්ත) සතුන්ට හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට හෝ හානි සිදු කරමක් සහ වහන ඵන්ජින් වල ක්රියාකාර්ත්වය අඩාල කළ අවස්තාවන්ය.
CE III ඉහත CE I හා CE II යන අවස්ථාවල දෘශ්‍ය සාක්ෂි ඇති අවස්ථා මෙම කාන්ඩයට අයත් වේ.
CE IV මෙම කාන්ඩයට අයත් වන්නේ හදුනා නොගත් පියාසර වස්තූන් මගින් හෝ පිටසක්වල ජීවින් විසින් සිදුකරනු ලබන විවිධ මනුෂ්‍ය හා සත්ව පැහැර ගැනීම්වේ.දැනට වර්ථා වි ඇත තොරතුරු අනුව ඇමරිකා ඵක්සත් ජනපදයේ පමනක් ජනතාවගෙන් මිලියන 4.5ක පමන පිරිසක් මෙවනි අත්දැකිමි වලට මුහුන දි ඇත.
CE V මෙම කාන්ඩයට අයත් වන්නේ පිටසක්වල ජිවින් හා මනුෂ්‍යයින් සන්නිවේදනයන් සිදු කළ අවස්ථාය.මෙහිදි පැහැර ගැනිම වලට ලක් වු (CE IV) බොහෝ දෙනෙකු විසින් පවසා ඇති අන්දමට ඔවුන්ට පිටසක්වල ජිවින්ගේ හඩ ඇසි තිබුනද ඵ් කාන්ඩ වලින් නොවේ.ඵ් අනුව පර්යේෂණ සිදු කළ බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ ඵම පිටසක්වල ජීවින් ඔනෑම ජිවියෙකු සමග සන්නිවේදනය කළ හැකි මනෝමය ක්‍රමයක් ඔවුන්ගේ සන්නිවේදයන් සදහා භාවිත කරන බවයි.ඵය අදිමානසික විද්‍යාවන් තුල ඇති ටෙලිපති වැනි ක්‍රමයක් විය හැකි බව ඇලන් හයිනෙක් ගේ මතය විය
0 comments: