2006 වසරේ මොණරාගල ප්‍රදේශයේ දුටු බව කියන අද්භූත ජීවීන්

7:17:00 PM max 0 Comments

මේ අතර මොණරාගල ප්‍රදේශයේදී අද්භූත ජීවීන් දුටු බව කියන පුවතක්ද වාර්තා වෙනවා. නමුත් එය අසාර්ථක වාර්තාවක් වන්නේ මෙලෙස දුටු බව කියන දිනයක් එහි අඩංගුව නොතිබීම නිසාය

එම සිදුවීමට මුහුණ පෑ මොනරාගල ප්‍රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය.

හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි.

"අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා. කුඩා කටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා."

මොනරාගල ප්‍රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත් බවත් පවසයි.

"මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා.

උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා.
"

මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්‍රයක් නොතිබූ බවය.

0 comments:

ශ්‍රී ලංකාව තුල භූගත පිටසක්වල කදවුරක් තිබිය හැකිද

4:01:00 PM max 0 Comments

පසුගිය කාලය තුල අප දිගින් දිගටම හෙළි කලේ විදෙස් රටවල් තුල සිදුවු පිටසක්වල සිදුවිම් වේ.ඉන් වැඩි ප්‍රමාණයක් ගෙන බැලුවොත් ඵම සිදුවීම් තුලින් මතු වු හදුනා නොගත් පියාසර වස්තූන් මතු වුයේ භූගත කදවුරු තුලින් හා සාගර තුල පිහිටා ඇතැයි සිතන කදවුරු තුලින් බවට අප හෙළි කලා.මේ දේවල් සිදුවන්නේ ඵම රටවල් තුල පමනක්ද? ලංකාව තුලත් ඵ් වගේම ස්ථාන තිබිය හැකිය.අද ලිපිය තුලින් මම ලංකාව තුල සිදුවූ සිදුවීම් කිහිපයක් ගැන කරුණු කියන්න සූදානම්.සැබවින්ම අපේ රටේ දකුණු දිග මුහුදු තීරය තුල යම්කිසි භූගත කදවුරක් තිබෙනවා කියල මගේ සැකයක් තියනවා.ඵකට හේතු සාධක වුනේ අපේ රට තුලත් ඵකී සිදුවීම් සිදුවී ඇති හෙයිනි.මේ තොරතුරු වාර්තා මට සොයාගන්න හැකි වුනේ http://www.lankalibrary.com/ මෙම අඩවියෙනි.
අප රට පිළිබදව තොරතුරු මෙම අඩවිය තුල ඇතුලත් කරඇති අතර අප රට තුල සිදුවූ හදුනා නොගත් පියාසර වස්තූන්ගේ වාර්තා හතරක් මෙම අඩවිය විසින් ඉදිරිපත් කරලා තියනවා.මෙම වාර්තා තුල අවසන් වාර්තාවේ සදහන් වන ඵක්තාර සිදුවීමක් පිළිබදව මගේ දැඩි අවධානයට ලක්වුනා.
ඵනම් අදින් වසර 26 කට පෙර සිදුවූ සිදුවීමක් පිළිබදවයි.මෙම සිදුවීම සිදුවන්නේ 1990 වසර තුල වේ.1990 වසරේ මෙම සිදුවූ සිදුවීම පසුව පුවත් පත් මගින් හෙළිකර තිබේ.නමුත් මට අප රටේ මාධ්‍ය තුලින් ඉදිරිපත් කල වාර්තා සොයා ගැනීමට හැකි වුනේ නැහැ.නමුත් මේ පිළිබදව 1990 වසරේ අප්‍රේල් මස 10 වැනි දින විදෙස් සගරාවක් වන Weekly World News සගරාව මගින් වාර්තා කර තිබේ.පහත දැක්වෙන්නේ ඵම සගරාවේ ඵදා මෙම සිදුවීම වාර්තා කරතිබු ආකාරය.
මේ වාර්තාව ඔයාලටත් මේ ලින්ක් ඵක මගින් කියවන්න පුලුවන්.ඵදා මේ සිදුවීමට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිම් සෙන් නැව.මේ නැවේ කපිතාන් වෙලා හිටියේ කපිතාන් රසික මාවන්.ඵදා මේ නැව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ සිට සැතපුම් 210ක් ඈතින් තමා තිබුනේ.මාතර මුහුදු තීරයේ.මෙම නැව අඩි 175 පමන දිගු නැවක් වුනා.ඵදා මේ සිදුවීම මගින් කිසිවෙකු තුවාල වීමකට ලක්වුනේ නැහැ.නමුත් ඵක් වරම මුහුද තුලින් ඉහලට පැමිනි වස්තුවක් හේතුවෙන් ඇති වූ රළ පහරින් නැවට හානී වෙලා තියනවා.ඵයා ඉතා විශාල වස්තුවක් බවට සහ ඵය ඔවුන්ගේ නැව මෙන් පස් ගුණයක් විශාල බවට 47 හැවිරිදි කපිතාන් රසික මාවන් වාර්තා කරල තියනවා.ඔහු ඵම අවස්තාවේ නැවේ තට්ටුවට පැමිනෙන විට විශාල රීදී පැහැති වස්තුවක් මුහුදෙන් පියාසර කර පැමින ඇති අතර ඵය නැවේ දකුණු පැත්තේ ගැවසිලා තියනවා.ඵ් අවස්තාවේ ඇති වුන සැඩ රළ පහර හේතුවෙන් ඔවුන්ගේ නැව මුහුදුබත් කිරිමට තරමි ප්‍රභල වෙලා තියනවා දකුණු පසින් පැමිනි සැඩ රළ හේතුවෙන්.මුල්ම වතාවට මා භීතියට පත්වු සහ කලාන්තට පත්වූ අවස්තාව ලෙස කපිතාන් රසික මාවන් වාර්තා කරලා තියනවා.ඵ් ආකාරයෙන්ම ඔහුගේ කාර්යමණ්ඩලයද භීතියට පත්වෙලා තියනවා මෙම සිදුවීම හේතුවෙන්.මෙම ආකාරයේ සිදුවීම් තුල දැකියහැකි පොදු ලක්ෂණයක් පවතී ඵනම් මෙසේ පැමිනෙන පියාසර වස්තු හේතුවෙන් ඵ් අසල ඇති විද්‍යුත් උපකරණ ක්‍රියා විරහිත වීමයි.මෙම පොදු ලක්ෂණයද මෙම සිදුවීම තුල සිදුවී ඇත.කපිතාන් රසික මාවන් පවසන ආකාරයට සියලු නැව් උපකරණ නිසි පාලනයක් නැති වු අතර මාලිමා කටුව රවුමට කරකැවී ඇත.මෙමද තවත් ඵක් පොදු ලක්ෂණයකි ඵනම් මෙවන් අවස්ථා තුල චුමිබක කේෂත්‍රය වෙනස් වීමයි.ඵමෙන් මෙම අවස්තාවේ උදවු ලබා ගැනීමට රේඩියෝ පනිවිඩ යැවිමටද නොහැකි වෙලා තියනවා.මෙම පැමිනි යානාව දිලිසුන අතර ඵහි රිදී ආලෝකය ගැස්සෙමින් පැවතී ඇත.ඵමෙන්ම වෙනත් අලෝක ධාරවක් නැව පතුල තුලින් පැමින තිබේ.ඵය යානව මගින් නැව ස්කෑන් කරනවා මෙන් දිස්වූ බවට කපිතාන් වරයා පවසයි.විනාඩි පහළොවක් පමණ පසු මෙම හදුනා නොගත් යානාව අතුරුදහන් වෙලා තියනවා.අතුරුදහන් වුනාට පස්සේ නැවේ උපකරන සියල්ල නැවතත් හොදින් ක්‍රියාත්මක වෙලා තියනවා.පසුව ඔහු ගුවන් විදුලි පනිවුඩ මගින් බලධාරීන් වෙත මෙම සිදුවිම වාරතා කරල තියනවා ඔවුන් විසින් තවත් නැවු සහ ගුවන් යානා ඵවලා තියනවා ඵම ප්‍රදේශය සෝදිසි කරන්න නමුත් කිසිවක් සොයාගැනීමට හැකි වෙලා නැහැ ඔවුන්ට.ඵදා මේ සිදුවීම වාර්තා කල සගරාව පහතින් නැරබිය හැකිය.
 
හොදයි මේ තාම ඵදා වුන සිදුවීම.මොකද හිතෙන්නේ මට නම් හරියට Battleship චිත්‍රපටය වගේ මේ සිදුවීම.මේ තාමා අපේ රටෙන් වාර්තා වෙන ප්‍රභල සිදුවීමක්.කතාව පටන් ගන්න කොටම මම කීව දකුණු දිග මුහුදු තීරය තුල යම්කිසි භූගත කදවුරක් තිබෙන්න පුලුවන් කියලා.හොදයි අපි දැන් ඵ් පැත්තට යමු.මගේ සැකය තමා මහා රාවණා ප්‍රදීපාගරය පිහිටා ඇතී තැන.
 
1964දී ආතර් සී. ක්ලාක් මහතා ලියූ The Treasure of the Great Reef නම් වූ පොත සහ 1957 දී ලියූ The Reefs of Taprobane නම් පොත් තුල ආතර් සී. ක්ලාක් මහතා සදහන් කරනවා මාහා රාවණා කොටුව ආසන්නයේ ගිලී ගිය නැවූ පිළිබදව.ඔවුන් මේ ගවේෂණය ආරම්බ කරන්නේ බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.ඔවුන් සොයාගත්ත මේ ප්‍රදේශ තුල ගිලී ගිය නැවක්.මෙම නැව තුල තිබුණු රීදී කාසි තුලින් සොයා ගත්ත මේ නැව 1658-1707 වකාවානු වලට අයත් වන බවට.ඵය රිදී කාසි නැව(Silver Coin Wreck) නම් වුනා.පසුව ඔවුන් විසින් මහාරාවණා බෝතල් නැව (Bottle Wreck) සොයා ගත්ත ඵ් 1961-63 වසර තුල.මේ ආකාරයෙන් විවිධ නැවූ මේ ප්‍රදේශයන් තුලින් සොයාගත්ත.මට මේ ගැන හොයාගන්න පුලුවන් වුන වාර්තා ටිකක් මේ ලින්ක් ඵකන් ඔයාලට බලන්න පුලුවන්.https://www.archaeology.lk/si/article.php?articleID=4141 සැබවින්ම මේ නැවූ ගිලුනේ මුහුදු පරයන්ගේ හැපිලද නැත්නම් 1990 දී සිදුවුන සිදුවීමට මේ නැවූ ලක් වෙලා විනාශ වුනාද යන්න ගැටලුවක්.ඵ් වගේම 2004 වසරේ මාර්තු මස රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියෙකු නිවාඩුවක් ගත කිරිම සදහා ලංකාවට පැමිනි අතර ඔහු අසාමාන්‍ය වායුගෝල පිහිටීමක් ජායාරූප ගතකර ඇත.පහත දැක්වෙන්නේ ඵ් ජායාරූපයන් වේ.
 
මේ පිළිබදව වැඩි දුර තොරතුරු මේ සගරාව මගින් ගැනගන්න පුලුවන්.
 

ඔබ මේ ගූගල් ඛණ්ඩාංක ගූගල් අර්ත් මගින් නිරික්ෂණය කරහොත් ඔබට දැකගන්න පුලුවන් මහා රාවණා ප්‍රදීපාගාරය ඇති මුහුදු ප්‍රදේශය දැඩි අදුරු පැහැයකින්.6°10’55.73″N  81°28’52.69″E 

මෙම ප්‍රදේශයේ අවට යම් ස්ථානයක පිටසක්වල ජීවින් විසින් පැමිනෙන භූගත කලාපයක් පැවතිය හැකිය.2015 වසරේ නොවැම්බර් 13 දකුණු මුහුදට වැටීමට නියමිතව තිබු වස්තූව පිළිබදව ඵදා මා සොයා බලත්දී බොහෝ අඩවි මගින් ඵය පිටසක්වල ජීවින්ගේ පැමිනිමක් විය හැකි බවට වාරතා කරල තිබුනා.නමුත් WT1190F වස්තුව ඵදා අපි කාටවත් දැක ගන්න නොහැකි වුනා.පැමිනි විදෙස් පර්යේෂණ කන්ඩායම පැවසුවේ ඵය ඉහල වායුගෝලයේ විනාශ වී ගිය බවයි.ඵය ඵසේම සිදුවුනාද? මෙය මා හට ගැටලුවකි.යම් දිනක කපිතාන් රසික මාවන් මා හට මුනගැහුන හොත් ඵදා සිදුවීමේ ඔහු මුහුන දුන් ආකාරය ඔහුගෙන් දැන ගැනිමට ඇති ආශාව සින්සිදෙනු ඇත.

0 comments:

රුසියන් නාවික හමුදා අද්මිරාල් Vladimir Chernavin හදුනා නොගත් යානා පිළිබදව හෙළිකරයි

6:28:00 PM max 0 Comments

Russia Today නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකල හිටපු  රුසියානු නාවික හමුදාවේ අද්මිරාල් Vladimir Chernavin විසින් මෙම විඩියෝව තුල ඇමරිකාව හා රුසියාව අතර ඇති සබඳතාවය පිළිබදව අදහස් දක්වන අතර මෙහි වැදගත් හෙළි කිරිම නමි සොවියට් රුසියන් නාවික හමුදාව හදුනා නොගත් පියාසර වස්තූන් දැකීම පිළිබදව වාර්තා වු ප්‍රමාණය සියයකට ආසන්න වු බවට සහ ඔහු විසින් දුටු හදුනා නොගත් යානාවක් පිළිබදව කරුණු හෙළි කරයි.

0 comments:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල් අදිරයර 2018දී පෘථිවි කක්ෂයට

4:54:00 PM max 1 Comments

අභ්‍යවකාශ තරණයේදී අමෙරිකාව හා රුසියාව සමග කරට කර සිටීමට දැවැන්ත ප්‍රයත්නයක නිරත වන චීනය මේ වනවිට දේශීය චීන තාක්ශණයෙන් නිමැවූ රොකට්ටු හා අභ්‍යවකාශ යානා ආධාරයෙන් අභ්‍යවකාශගාමීන් උඩුගුවනට යවා ආපසු නිරුපද්‍රිතව ගෙන්වාගෙන ඇති අතර සඳමතට රොබෝ ගවේෂණ යානාවක් ගොඩබස්වා තිබේ. එමෙන්ම දැනට අමෙරිකාව පෙරමුනේ සිටින නැවත නැවත භාවිතකල හැකි රොකට් තාක්ශණයද තමන් සතුකරගැනීම සඳහා නැවත ප්‍රයෝජනයට ගතහැකි රොකට්ටු නිර්මාණය කරමින් සිටී.
එපමණක් නොව නුදුරු අනාගතයේදී අමෙරිකානු හබල් දුරේක්ෂයට සමාන අභ්‍යවකාශ දුරේක්ශයක් ගුවනගත කිරීමටද චීන අභ්‍යවකාශ ඒජන්සිය බලාපොරොත්තු වනවා. චීන අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ඊලඟ ඉලක්කය වන්නේ තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනීමයි. චීන ජනාධිපති සී ජින්පිංග්, චීනය අභ්‍යවකාශ බලවතෙකු බවට පත්වීම ජාතික ප්‍රමුඛතාවයක් බවට ප්‍රකාශකොට ඇත.

චීනය තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරගැනීමට දැඩි අධිශ්ඨානයකින් ක්‍රියාකරන්නට පටන්ගත්තේ 2011දී අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) චීනයට තහනම් කිරීමත් සමගයි. යුධ චීන තාක්ශණය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම උකහාගැනීමට චීනය සිය ගගනගාමීන් යොදවනු ඇතැයි බිය පලකල ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩලය අමෙරිකානු අභ්‍යවකාශ තාක්ශණය භාවිතාවන සියලුම ස්ථාන චීනයට තහනම් කිරීමට තීරනය කලා. ඒ අනුව මැලේසියාව වැනි කුඩා රටවල ගගනගාමීන්ට පවා ISS මධ්‍යස්ථානයේ දොර ඇරෙද්දී චීනයට එය තරයේ වසා දැමුනා

 
Tianhe-1 ලෙස හඳුන්වනු ලබන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පලමු අදියර හෙවත් පාදක මොඩියුලය (core module) 2018දී ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. පාදක මොඩියුලය හා සම්බන්ධ කිරීමට පර්යේෂණාගාර සහිත මොඩියුල දෙකක් (experiment modules) අවස්ථා දෙකකදී ගුවන්ගත කෙරෙනු ඇති අතර මේ සියල්ල එකට බද්ධවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2022 වනවිට ඉදිකෙරී අවසන්වනු ඇත. සෝවියට් දේශයේ අවසාන කාලයේ ගුවන්ගත කල මීර් අභ්‍යවකාශ යානයට සමාන ඉඩ ප්‍රමානයකින් චීන ටියන්ගොංග් මධ්‍යස්ථානය නිර්මානය වන බව තතුදත් ආරංචි මාර්ග පවසනවා.
චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය වන Beijing Aerospace Command and Control Center මගින් මෙම මධ්‍යස්ථානයේ පාලන කටයුතු සිදුවනු ඇති.


උපුටා ගැනීම
විද්‍යා ගවේෂණ

1 comments:

කාලතරන පුද්ගලයෙක්ද

2:18:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 ජනවාරි 30
නිරීක්ෂිත ස්ථානය - ස්ථානය සටහන් නොවේ??
මේ වීඩියෝ පටයත් මේ දවස් වල ගොඩක් වෙබ් අඩවි මගින් වාර්තා කරලා තියන සිදුවීමක්.මෙම සිදුවීමේ සිටින මොහු කාල තරනය කරපු පුද්ගලයෙක්ද? මෙම සිදුවීම සිදු වන්නේ ඵක්තරා වෙළඳ අ‍ලෙවිසලක ඵහි ඇතුල් වීමේ දෙරටුව අසලය.අලෙවිසල වසා ඇති අවස්ථාවක ඵයට පැමිණෙන දෙදෙනෙකු අලෙවිසල වසා ඇති බව දැක නැවත හැරී යයි.ඉන්පසුව දෙවනුවට පැමිණෙන ඔහු හෝ ඇය වසා ඇති දොරටුව තුලින් අලෙවිසල වෙත යයි.අලෙවිසල ඇතුලට මෙම පුද්ගලයා ගිය පසු ඵහි ඇතුලත ඇති විදුලි පහන් ගැස්සෙමින් දැල්වෙන ආකාරයක් විඩියෝව තුලින් දැකගත හැකිය.මඳ වේලාවකට පසුව ඔහු නැවතත් වසා ඇති දොරටුව තුලින් ඵළියට පැමිණේ.මා මෙහි මොහු කාලතරන පුද්ගලයෙකු දැයි පැවසුවේ CCTV දර්ශණ තුල මෙම සිදුවීම වෙන දවස සටහන් වන අතර මෙම පුද්ගලයා CCTV කැමරාව ආසන්නයට පැමිණිමත් සමග 2016 වසර 2019 වෙනස් විම හේතුවෙනි.

ඵම වීඩියෝව

0 comments:

පිටසක්වල ජීව අංශු සොයාගත් බව නාසා විද්‍යාඥයන් කියයි

5:26:00 PM max 0 Comments

සෞරග‍්‍රහ මණ්ඩපයට පිටත සිට පැමිණෙන පිටසක්වල ජීව අංශු හදුනාගැනීමට නාසා විද්‍යාඥයන් සමත්ව සිටිනවා. ලන්ඩනයේ ඩේලි මේල් පුවත්පත පවසන්නේ මේ වන විට සෙනසුරු සම්බන්ධ තොරතුරු ලබාදෙන කැසිනි යානය විසින් සෙනසුරු ආසන්නයෙන් මෙම අංශු වැඩි වශයෙන් නිකුත් කෙරෙමින් පවතින බව හදුනාගෙන ඇති බවයි. මීට පෙර අගහරු ග‍්‍රහයා මතින්ද මෙම පිටසක්වල අංශු හදුනාගෙන තිබුණා. ඒවා බොහෝ විට සෞර ග‍්‍රහ මණ්ඩලයේ පිටත සිට යොමුකරන ලද ඒවා බවයි සැලකෙන්නේ. මෙම අංශු සෙූර්්‍යයාගේ බලපෑමට නතුව පැයට කිලෝමීටර් 45,000 ක වේගයකින් ගමන් කරමින් පවතින බවද විද්‍යාඥයන් අනාවරණ කළා.
විද්‍යාඥයින් මෙතෙක් සිදුකළ පරීක්ෂණ යටතේ එවන් අණු 36ක් හදුනාගෙන තිබෙනවා. ඒවායේ ජලය/ අයිස් හා වෙනත් සාධක රැුසක්ද වන බව සදහන්. ඒවා නිකුත් කෙරෙන ස්ථානය අතිශයින්ම වැදගත් වන බැවින් එය සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කැසිනි ව්‍යාපෘතියේ විද්‍යාඥ නිකලොස් ඇල්ටොබෙලි පවසන්නේ. එය බොහෝ විය සෙනසුරු ආසන්නයෙන් සිදුවන බවටද විද්‍යාඥයින් සැක පලකර තිබෙනවා.
lankaanews
 

0 comments:

සූර්ය ගෝලීය නිරීක්ෂණ යානාව හසුකරගත් හදුනා නොගත් පියාසර වස්තූන් යුගලය

2:20:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අප්‍රේල් 11
නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
සූර්ය ගෝලීය නිරීක්ෂණ යානාව මගින් පසුගිය 11 වැනි දින ඵවු ජායාරූප තුල ගුවන් යානා වැනි හදුනා නොගත් වස්තූන් දෙකක් සටහන් වී ඇත.පෙනුමින් දියුණු තාක්ෂණයක් උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති යානා දෙකක් බව පැවසිය හැකිය.


මේ පිළිබදව මෙම විඩියෝව නැරබීමෙන් දැකගත හැකිය.

0 comments:

ඈත තරුවක් වටා පිටසක්වලයින් ඉදිකල දැවැන්ත අභ්‍යවකාශ වස්තුවක්

9:23:00 AM max 0 Comments

ඈත පිටසක්වල තාරකා නිරීක්ශණය කරන විද්‍යාඥයින් කුතුහලයට පත්කරන අපූර්ව සංසිධියක් මෑතකදී වාර්තාවුනා. එය නම්කොට ඇත්තේ KIC 8462852. නමින්. මෙය  ඈත විශ්වයේ තාරකා නිරීක්ශණය කරමින් එම තාරකා වටා ග්‍රහලෝක මණ්ඩලයක් ඇතිදැයි සොයාබැලීම සඳහා 2009දී  අභ්‍යවකාශගත කල කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ශය මගින් හඳුනාගත් අපගේ සූර්යයා මෙන් 1.5 ගුණයක් විශාල තාරකාවක්.
විශ්වයේ තාරකා වටා භමණය වන සෞරග්‍රහමණ්ඩල හා එම සෞරග්‍රහමණ්ඩලවල ඇති ජිවයට හිතකර යැයි සිතිය හැකි ග්‍රහලෝක සොයාගැනීමේ අරමුණින් අභ්‍යවකාශයට යැවූ කෙප්ලර් දුරේක්ශයට ඒ නම ලබාදී ඇත්තේ ඔස්ට්‍රියාවේ විසූ යොහැන්නස් කෙප්ලර් (Johannes Kepler 1531-1630) නම් තාරකා විද්‍යාඥයා සැමරීමටයි. යොහැන්නස් කෙල්පර් සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණයවන ආකාරය පැහැදිලි කිරීමට ග්‍රහලෝක චලිත නියමයන් (laws of planetary motion) ව්‍යුත්පන්න කල විශිෂ්ඨ විද්වතෙක්. ඔහු තාරකා විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලලිගේ සමකාලීනයෙක්ද වනවා. 


කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ශය ඈත තාරකා වටා ග්‍රහයින් භ්‍රමණය වන බවට තහවුරු කරගන්නා ආකාරය සරලව විස්තර කරන්නේ නම්, කෙප්ලර් යානාව වසර කිහිපයක් එක් තාරකා රාශියක් නිරීක්ශණය කරන අතර එක් එක් තාරකාවෙන් දිනපතා නිකුත්වන ආලෝක ප්‍රමාණය නිවැරදිව මැනගෙන පෘථිවියට එවනවා. කෙප්ලර් මෙහෙයුමේ නිරත තාරකා විද්‍යාඥයින් මෙම එක් එක් තාරකාවෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය නොවෙනස්ව පවතීද නැතහොත් නිශ්චිතා කාළාන්තර වලදී අඩුවී යලිත් වැඩිවේදැයි සොයා බලනවා.
තාරකාවක් වටා ග්‍රහයන් ගමන්කරනවිට එම තාරකාව නිරීක්ශණය කරන දිසාව ඉදිරියෙන් ග්‍රහයා (හෝ ග්‍රහයන්) ගමන් කරන සෑම විටම තාරකාවෙන් නිකුත්වන ආලෝකය 1% සිට 2% පමණ අඩුවී යලිත් වැඩිවෙනවා. ඒ තාරකාවේ ආලෝකයෙන් කොටසක් ග්‍රහලෝකයෙන් වැසීයාම හේතුවෙන්. මෙලෙස ආලෝකය අඩුවීමේ ප්‍රමාණය අනුව ග්‍රහයාගේ විශාලත්වයත්, එය සිදුවන කාලාන්තරය අනුව ග්‍රහලෝකය තාරකාවට කොතරම් දුරකින් ගමන් කරන්නේද යන්නත් ගණනය කිරීමට විද්‍යාඥයින්ට හැකියි.

 
KIC 8462852 තාරකාවේ විෂමතාවය -  Anomaly of KIC 8462852
කෙප්ලර් දුරේක්ශය ආධාරයෙන් විද්‍යාඥයින් තාරකා 150,000ක් පමණ නිරීක්ශණය කොට ඇති අතර ග්‍රහලෝක සියගණනක් සොයාගෙන තිබෙනවා. මින් සමහර ග්‍රහලෝක පෘථිවියට සමාන, සිය තාරකාව වටා පෘථිවිය සූර්යයාගේ සිට ඇති දුරට ආසන්න දුරකින් පිහිටි, බොහෝවිට ද්‍රව ජලය ඇති ග්‍රහලෝක වියහැකි බවටද ඔවුන් විශ්වාස කරනවා.

එහෙත් KIC 8462852 මේ සියල්ලටම වඩා වෙනස්. මෙම තාරකාවේ ආලෝකය වරකට 20% තරම් අඩුවී වැඩිවෙනවා. 20%ක ආලෝක ප්‍රමාණයක් අවහිර කිරීමට මෙම තාරකාව වටා ඇති ග්‍රහලෝකය එම තාරකාව් මෙන් 50%ක තරම් විශාල විය යුතුයි. එමෙන්ම එම තාරකාවද අපේ හිරු මෙන් 1.5ක ප්‍රමාණයක් විශාල නිසා මෙම ග්‍රහලෝකය අතිශයින්ම සුවිසල් ග්‍රහලෝකයක් විය යුතුයි.

විදයාඥයින් පවසන අන්දමට මෙවැනි සුපිරි විශාලත්වයේ ග්‍රහලෝකයක් මෙවැනි ප්‍රමාණයේ සූර්යයෙක් වටා බිහිවිය නොහැකියි. එමෙන්ම මෙලෙස ආලෝකය අඩුවිය හැකි වෙනත් ස්වභාවික හේතූන් ගණනාවක්ම ඉතා සූක්ෂම නිරීක්ශණයන් මගින් බැහර කොට තිබෙනවා.

එසේනම් මෙම තාරකාවේ ආලෝකයෙන් 50%ක් උරාගන්නා, එයවටා කක්ශගත්වී ඇති අත්භූත වස්තුව කුමක්ද? 

Dyson Sphere Hypothesis - ඩයිසන් ගෝල කල්පිතය
ඩයිසන් ගෝලය යනු, 1960දී ෆ්‍රීමන් ඩයිසන් නම් තාරකා විද්‍යාඥයා විශ්වයේ දියුණු පිටසක්වලයින් සිය බළශක්ති අවශ්‍යතා සපුරාගන්නා ආකාරය පිලිබඳ ඉදිරිපත්කල කල්පිතයක්. ඩයිසන්ගේ කල්පිතයට අනුව යම් ශිෂ්ඨාචාරයක් දියුණුවන විට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා වේගයෙන් ඉහල යනවා. මිනිසා සිය තාක්ශණ දියුණුවත් සමග ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවන්නාසේම පිටසක්වල අතිශය දියුණු ශිෂ්ඨාචාරයක ජීවීන් ඔවුන්ගේ දියුණුවේ එක්තරා අදියරකදී ඔවුන්ගේ මව් ග්‍රහලෝකයේ ඇති සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා විශාල බලශක්තියක් අවශ්‍ය වන යුගයකට එළනවා. මිනිසා ක්‍රිස්තුවර්ශ 3000දී පමණ මෙවැනි යුගයකට එළබෙන්නට පුලුවන්.

මෙහිදී ඔවුන්, තමන්ට පහසුවෙන්ම බලශක්තිය ලබාගත හැකි තමන්ගේ සූර්යයා නිපදවන බලශක්තියෙන් විශාල ප්‍රතිශතයක් උකහාගත හැකි ක්‍රමවෙත යොමුවනවා. ඩයිසන් ගෝලය නැමති කල්පිත බලශක්ති උපක්‍රමය එවැන්න. මෙහිදී පිටසක්වල ජීවීන් සිය තාරකාවේ බලශක්තිය උරාගෙන තමන්ට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ ඉදිකිරීමක් එම තාරකාව වටා ඉදිකරනවා. ඉතාම දියුණු අදියරකදී ඔවුනට සිය තාරකාව සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස කෘත්‍රිම ගෝලයක් ඉදිකොට තාරකාව නිපදවන සියලුම බලශක්තිය උරාගෙන තමන්ට අවශ්‍ය ලෙස යොදාගැනීමට හැකි අවස්ථාවකට පත්වනවා. මෙවැනි ගෝලාකාර ඉදිරිකිරීමක් ඩයිසන් ඩෝලයක් ලෙස දැන් හඳුන්වනවා.

තාරකාව ආවරණය වන ලෙස ඉදිකරන ලද ඩයිසන් ගෝල නිරීක්ශණය අතිශය දියුණු පිටසක්වල ජීවීන් ඇති තාරකා හඳුනාගැනීමේ උපක්‍රමයක් ලෙසද යොදාගත හැකි බවට ඩයිසන් තවත් මතයක් ඉදිරිපත්කලා.

 
KIC 8462852තාරකාවේ එලිය මෙතරම් අඩුවන්නේ එය වටා ඉදිකල දැවැන්ත ඩයිසන් ගෝලයක කොටසක් නිසාද?
KIC 8462852 තාරකාවේ ආලෝකය මෙතරම් (20%) අඩුවීම පැහැදිලි කිරීමට වෙනත් ක්‍රම නොමැති නිසා සමහර විද්‍යාඥයින් එය, එම තාරකාවේ සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කරන අතිශය දියුණු (මිනිසාට වඩා අඩුතරමේ වසර 2000ක්වත් ඉදිරියෙන් - එනම් ක්‍රිස්තුවර්ශ 4000දී පමණ මිනිසා ලබාගනී යැයි සිතියහැකි තාක්ශණික දියුණුව දැන් ලඟාකරගෙන ඇති ) පිටසක්වල ශිෂ්ඨචාරයක ජීවීන් සිය තාරකාවේ බලය උරාගැනීම සඳහා ඉදිකල යම් ආකාරයක ඩයිසන් ඉදිකිරීමක් විය හැකි බවට කල්පිතයක් ඉදිරිපත් කරනවා.

ඩයිසන් ගෝල කල්පිතය පිලිබඳ සවිස්තර තොරතුරු මේ විකිපීඩියා පිටුවෙන් ලබගත හැකියි.  
උපුටා ගැනීම 
විද්‍යා ගවේෂණ

0 comments:

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය වෙත හදුනා නොගත් වස්තුවක් කඩා වැටේ

8:59:00 AM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අප්‍රේල් 18
නිරීක්ෂිත ස්ථානය - යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය - ඇමරිකා එක්සත් ජනපදය
යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය යනු එක්දහස් අටසිය හැත්තෑ එකේදී එවකට ඇමෙරිකානු ජනාධිපති වූ ග්‍රාන්ට් විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව "යෙලෝස්ටෝන්" ආශ්‍රිත ප්‍රදේශය ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේද ප්‍රථම ජාතික වනෝද්‍යානය විය.  අක්කර 2,219,789 ක් පුරා පැතිර පවත්නා මෙහි 96%ක් වයෝමින්ග් ප්‍රාන්තයටද, 3%ක් මොන්ටැනා සහ 1%ක් අයිඩහෝ ප්‍රාන්තයටද අයත් වේ. මින් පෙරද මා විසින් යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය තුල සිදුවූ පිටසක්වල ක්‍රියාකාරකමි යැයි සැක සිතන සිදුවීම් වාර්තා කරඇත.මෙම සිදුවීම පසුගිය 18 වැනි දින සිදුවිය.හදුනා නොගත් වස්තුවක් යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය වෙත කඩා වැටීමක් සිදුවී ඇත.ගිණි ගනිමින් මෙසේ පතිතවූ වස්තුව පිළිබදව මෙතෙක් පැහැදිලි වාර්තා නොමැත.ඵය ඇසින් දුටු පුත්ගලයෙකු විසින් හෙළි කල සාක්ෂි පමනයි සොයා ගැනීමට හැකි වුනේ.බෙහෝවිට විශාල උල්කාවක් හෝ අභ්‍යාවකාෂ සුන්බුන් කොටසක් විය හැකිය.

ඵම විඩියෝව

0 comments:

ඵක්සෝ මාර්ස් විශ්වයෙහි මුල්ම ජායාරූපය ඵවයි

10:34:00 PM max 0 Comments

තවමත් අඟහරු වෙත යමින් සිටින යුරෝපීය අභ්‍යාවකාෂ ඵජන්සියේ ඵක්සෝ මාර්ස් මෙහෙයුමේ ඕබටර් යානාව යහපත් තත්වයේ පවතින බවට පසුගිය දින තුල යුරෝපීය අභ්‍යාවකාෂ ඵජන්සිය විසින් ප්‍රකාශයට පත්කරා.මෙවර යානාව විසින් ඵහි මුල්ම අඟහරු වෙත ගමන් කරමින් පවතීන තරු පිරි අභ්‍යාවකාෂයේ මුල්ම ජායාරූපය පෘථිවිය වෙත ඵවා තියනවා.ඉහතින් දැකගන්න තියෙන්නේ ඵ් ජායාරූපය.මාර්තු මස 14 පෘථිවිය තුලින් අභ්‍යාවකාෂව වෙත නැගුණු මෙම ඕබටර් යානාව සහ අඟහරු මතට පතිත කරන ලෑන්ඩර් කොටස් පිළිබදව මෙහෙයුම් පාලනය කරන පාලක මණ්ඩලය විසින් දැඩි සොයාබැලිමක නිරත වී සිටින අතර යානාව ඔක්තෝම්බර් මස අඟහරු වෙත ලගා වීමට සූදානමිව සිටී. ඕබටර් යානාවේ ඇති මීටර් 2.2 විශ්කමිභයක් ඇති අධි බලති සන්නිවේදන ඩිෂ් ඇන්ටනාව මගින් මේ වන විට 2 Mbit/s සම්බන්ධතාවයක් පෘථිවිය හා යානාව අතර සිදුවෙමින් පවතී. ඔබටර් යානය මුල්ම අඟහරු කක්ෂ ගත වු අවස්ථාවේ මෙහෙයුමේ මුල්ම පියවර ලෙස අඟහරු ඉහල වායුගෝලයේ ඇති දුර්ලභ වායුන් පිළිබදව ඕබටර් යානාවේ ඇති නවීන සෙන්සර් මගින් සොයාබලයි.ඵහි විශේෂ සොයා බැලිම මීතෙන් වායුව පිළිබදවයි.ඵයින් ග්‍රහලොවෙහි භූවිද්‍යාව හා ජෛව විද්‍යාත්මක ක්‍රියාවලි අනාවරණය කරගැනිමට හැකි වේ. යානාව පෘථිවියෙන් පිටත්වී ගොස් මාසයක් වන අතර මේ වන විට යානාව ගමන් කර ඇති දුර කිලෝමීටර් මිලියන 83ක් වේ.

0 comments:

ඕස්ටි‍්‍රයාව තුල දිස්වූ ආලෝක ඵලි

7:22:00 PM max 0 Comments

 
නිරීක්ෂිත දිනය - 2016 පෙබරවාරි 10
නිරීක්ෂිත ස්ථානය - Graz, Austria
මූලාශ්‍රය - MUFON වාර්තා 75777
මෙම දැඩ් ආලෝකයක් විහිදවූ වස්තූන් දෙක පසුගිය පෙබරවාරි 10 වැනි දින ඕස්ටි‍්‍රයාව තුලින් වාර්තා විය.නමුත් මෙය MUFON අඩවිය වෙත පසුව තමා වර්තා කරල තියෙන්නේ.මෙම විඩියෝව මගින් මෙම පැමිනි වස්තූන් දෙක පැහැදිලි ලෙස දැකගත හැකිය.මා මින් පෙරද මේ ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තූන් වාර්තා කරඇත.අහසේ පා වෙමින් පවතින මෙම ආලෝක වස්තූන් දෙක පසුව ඵහි ඵලිය ක්‍රමයෙන් අඩු කරමින් නොපෙනී යයි.

 
ඵම විඩියෝව

0 comments:

1996 වසරේ රුසියාව තුලින් සොයාගත් කුඩා ජීවියා.

5:25:00 PM max 0 Comments

සොයාගත් දිනය - 1996
සොයාගත් ස්ථානය - Kyshtym, Russia
පිටසක්වල ජීවය ගැන සිතූ විට අපට සිතට නැගෙන්නේ අපිට වඩා සිරුරින් විශාල ලොකු ඇස් ඇති ජීවින් ලෙසයි.සිනමාව තුලද බෙහෝවිට ඇත්තේ ඵ් අයුරිනි.අදත් කියන්න යන්නේ පිටසක්වල සිදුවීමක් ගැන තමයි නමුත් අද කතාව ටිකක් වෙනස් විදියේ ඵකක්.විශ්වය තුල සිටින කුඩා ක්ෂුද්‍ර ජීවියාගේ සිට බැලුවෙත් මෙලොවින් බැහැර ජීවි සියල්ල පිටසක්වල ජීවය තමා.විවිධ ලෝක වල පාරිසරික තත්වයන්ට අනුකූලව තම සිරුරු හැඩ ගැසුනු ජීවින් මේ සක්වල තුල සිටිනවා.මෙකි ජීවින් අප සමගත් සිටියද? අද මම කියන්න යන්නේ 1996 වසරේ සොයාගත්ත කුඩා ජීවියෙකු පිළිබදව.

1996 වසරේ වඩාත් ජනප්‍රිය වු සිදුවීමක් ලෙස මෙය හැදින්විය හැකිය.1996 වසරේ රුසියන් පොලිස් නිලධාරීන්ට ඵරට Kyshtym නගරයේ Chelyabinsk නම් කලාපය තුලින් මෙම කුඩා සිරුර හමුවිය.ඵහි තිබු කුඩා ප්‍රමාණ සිරුර හා ඵහි භෞතික පෙනුම හේතු කොට ගෙන ඵකල මාධ්‍ය තුලින් මෙය Kyshtym පිටසක්වල ජීවිය ලෙස අනුවර්ත නාම දී ඇත.පසුව ඵරට වෛද්‍ය පර්යේෂණ මගින් මෙම සිරුර මිනිසෙකුගේ හෝ සත්වයෙකුගේ වත් නොවන බවට අනාවර්ණය කරන ලදි.ඵය හදුනා නොගත් ජීවි විශේෂයක් බවට පත්වුනා.

ආචාර්ය Stanislav Samoshkin තමා මෙම පර්යේෂණයන් භාරව සිටියේ.ඔහු විසින් පර්යේෂණ ගණනාවක් සිදුකිරිමෙන් අනතුරුව ඔහු මෙසේ නිගමනය කලා '' මෙම සත්වයා කිසිදු ලෙසකින් මිනිසෙකු නොවේ.මිනිස් හිස් කබලක් තුල ඇති අස්ථි ප්‍රමාණය හා මෙම හිස් කබලේ ඇති අස්ථි ප්‍රමාණය අඩුය.ඵමෙන්ම ඇටසැකිල්ල තුල වෙනත් වෙනස්කම් තිබුනා '' යනුවෙන් ප්‍රකාශ කර තිබේ.මෙම සිරුරේ දිග අඟල් 10 පමන විය.මෙම වියලී ගිය සිරුරේ හිස විරූපී ආකාරයක් ගෙන තිබුනි.ඵහි විශාල ඇස් කුහර මුහණ පුරා පැතීරි තිබෙන ආකාරයක් දිස් වී තිබේ.කලින් ජීවත්ව තිබු මෙම ජීවිය මිනිසාට වඩා හාත්පසින්ම වෙනස් විය.මෙම සිදුවීමෙන් පසුව මේ ආකාරයේම තවත් ජීවියෙකු ඇටකාමා කාන්තාරය තුලින් සොයාගත්තා.ඵ් 2003 වසරේ.ඵම ජීවියාද අඟල 6ක පමන දිගකින් යුක්ත විය.

 
 
 

මේ පිළිබදව සැකසූ විඩියෝව පහතින් නැරබිය හැකිය.

0 comments:

පිටසක්වල ජීවීන් සොයා යන්නට ආලෝකයේ වේගය පරදවන යානා

9:19:00 PM max 0 Comments

පිටසක්වල ජීවීන් සොයා සෞරග‍්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම පිහිටි සූර්්‍යයා වන ඇල්ෆා සෙන්චූරි වෙත යානා 100 ක් යොමුකිරීමේ දැවැන්ත ව්‍යාපීතයක් ආරම්භ කර තිබෙනවා. ඒ ලෝකයේ ප‍්‍රබලයින් 3න් දෙනකුගේ එකතුවෙනුයි.ඒ සදහා එක්ව සිටින්නේ මේ වන විට පෘථවියේ සිටින බුද්ධිමත්ම මිනිසා ලෙස නම් කර සිටින ස්ටීවන් හව්කින්ස් ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් හා යූරි මිල්නර්.
 
අපගේ සෟරග‍්‍රහ මණ්ඩලය හැරුණු විට ආසන්නයේම පවතින ඇල්ෆා සෙන්චූරි සූර්්‍යයා වටාද වෙනත් ග‍්‍රහලෝක රැුසක් භ‍්‍රමණය වෙමින් පවතිනවා. එම එක් ග‍්‍රහයකු තුල හෝ ජීවය ඇති බවටයි සැකකරනු ලබන්නේ.
කෙසේ වෙතත් මෙම තාරුකාව පිහිටා ඇත්තේ පෘථවියට සැතපුම් ටි‍්‍රලියන 25ක් දුරින්. එවන් දුරක් ගමන් කිරීමේ හැකියාව සහිත යානයක් මෙතෙක් පෘථවියේ නිමවා නැහැ. එමෙන්ම මේ වන විට පවතින වේගයෙන් ගමන් කළහොත් රොකට්ටුවකට ඒ කරා ලගාවීමට වසර 1000 ක් පමණ ගතවනු ඇති.
මෙම අභියෝගය ජයගැනීම සදහා මෙම පිරිස ආලෝක වර්ෂ වේගයෙන් ගමන් කළ හැකි යානා නිපදවීම ආරම්භ කර තිබෙනවා. එමගින් වසර 20කදී මෙම තාරුකාව අසලට ගමන් කළ හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ වෙනුවෙන් යානා 100ක් එකවර ගුවන් ගත කිරීමට අපේක්ෂිත බවද වාර්තාවනවා.
මේ සදහා මූලික අධියරේදී ඩොලර් මිලියන 100ක මුදලක් වැය කිරීමට නියමිතයි.

0 comments:

අවසන් සංග්‍රාමය

8:59:00 PM max 0 Comments

අවසන් සංග්‍රාමය නැමති මෙම කෙටි කතාව නිර්මාණය කර අප බ්ලොග් අඩවිය වෙත ඵවූ Kasun Bandara සොයුරා වෙත අපගේ ස්තූතිය..
මේ ක්‍රිස්තු පූර්ව යුගයයි...දැන් සියල්ල සිදුවී හමාරය.දෙපිරිසටම සියල්ල දැන් අවබෝධ වී ඇත.නමුත් වියයුතු සියල්ල සිදු වී තිබේ...ඉතිරි වී සිටි අත්ලන්ටිස් වරුන්ටද දැන් එතරම් ශක්තියක් නැත..තමන් විසින් සිර භාරයට ගන්නා ලද අගහරුවන් කිහිප දෙනා හැරුනු විට අගහරු ලොවම දැන් විනාශ වී ඇත.න්‍යස්ටික ප්‍රහාරයෙන් පසු නිල්වන් අගහරු ලොවම රක්ත වර්නයට හැරී තිබේ.දැන් කලයුතු කිසිවක් නැත.ගොඩනැගිලි සුන්බුන් හෝ ජීවී මල සිරුරු කොටසක් පවා සොයා ගැනීම අපහසුය..ප්‍රහාරය ඒ තරමට බරපතළය.නැවත අගහරු ලොවේ කිසිදා ජීවයක් හටගනු නොමැත..අගහරු ප්‍රහාරයෙන් අත්ලන්ටිස් දිවයිනටද බරපතල හානි සිදු වී ඇත..දිවයින තිබූ තැනක් හෝ සොයාගත නොහැක..අත්ලන්ටිස් නායක තීරනයක් ගෙන තිබේ..ඒ මේ ප්‍රහාරය ගැන කිසිදා කිසිවෙකුට  දැනගත නොහැකි පරිදි වසන් කිරීමටය..අභ්‍යාවකාශ යේ රදවා  ඇති සියලු යානා විනාශ කිරීමට දැනටමත් පියවර ගෙන ඇත...නවීන තාක්ෂණයයේ සියලු සිද්ධාන්ත මෙතෙකින් අවසන් වේ..ශ්‍රී විභූතිමත් ශිෂ්ටාචාර දෙකක් බල ලෝබීත්වයෙන් විනාශ විය.ඉතිරි වූ අත්ලන්ටිස් වරුන් සීසීකඩ පලාගොස් ඇත..නැවත අලුතෙන් සියල්ල ආරම්භ කිරීම විනා කිසිවක් වෙන සිදුකල නොහැක..........

0 comments:

ජිව අණුව ලෙස DNA

8:21:00 PM max 0 Comments

මෙම ලිපිය අප බ්ලොග් අඩවිය වෙත ඵවූ මිතුරිය වෙත අපගේ ස්තූතිය.
ජිවය සම්භවය වු අවදියේ එකි සම්භවයට පදනම වු මුලික අණුව ලෙස හදුන්වා දි ඇත්තේ DNA අණුවය.එකල සාගර සුපයේ හටගත් මෙම යෝධ අණුව බෙදිමේ හැකියාව සහිත වු බැවින් ගුණනය විය. නව DNA අණු ඇතිවිය. DNA අණුව පොලි නියුක්ලියෝටයිඩ රාශියක් අඛණ්ඩව සම්බන්ධ විමෙන් හටගත් ඉතා දිග අණුවක් වු බවද, මෙවැනි එක් පොලි නියුක්ලියෝටයිඩයකින් ප්‍රවේණි තොරතුරැ රැගත් ජානයක් නිරූපණය වෙන බවද සඳහන් විය. ගුණනය විමේ හැකියාව නිසා ප්‍රජනනය යන ජිව ක්‍රියාවට සමානව ක්‍රියා කළ මෙම DNA අණු එදා මෙන් අද දක්වාත් අපේ පරපුරෙන් පරපුරට ජානමය ලක්ෂණ සම්ප්‍රේෂණය කරයි.
DNA අණුව පහසුවෙන් වෙනස් නොවේ. ඇතැම් විට ජිවියා මියගොස් දිග කලක් ගත විමෙන් පසුද, ඒවා නොවෙනස්ව පවති. ආදි උරගයන් පිළිබඳ DNA අණු ඔවුන්ගේ අස්ථිවල මෙන්ම ඩයිනොසෝර පැටවකුගේ කලලයක මෘදු කොටස්වල තිබි නැවත සොයා ගෙන ඇත. එකල එම ජිවින්ගේ DNA අණු වල පැවති ජාන හා ජානමය ලක්ෂණ මෙතරම් දිග කාලයකට පසුව (අවුරැදු මිලියන 65 කටත් වඩා ) වුවද නොවෙනස්ව පවතින බව විද්‍යාඥයන්ගේ විශ්වාසය විය. එම ජානමය ලක්ෂණ ඇති නව ඩයිනෝසෝරයන් එයින් බිහි කර ගත හැකිය යන මතය බොහෝ දෙනෙක් පිළිගත් නමුදු DNA තිබුණ නමුදු, පරිසරය ඇතුළු නොයෙකුත් සාධක පිළිබඳව සලකා බැලීමේදී පෙනී යන්නේ එවන් ජිවියෙකු ඇතිවිම සැක සහිත බවයි.
ඇම්බර් කුට්ටියක් තුල සිරවී සිටි කෘමියකුගේ ශරිරයේ තිබුණ රැධිරයේ (ඩයිනෝසෝර රැධිරය) තිබි වෙන්කර ගන්නා ලද DNA අණු දැනට අවුරැදු මිලියන 120 කට පමණ පෙර විසු ඩයිනොසෝරයකුගේ බව සොයා ගන්නා ලදි. එවැනි DNA අණු මගින් ඩයිනෝසෝරයන් බිහි කිරිමට ජාන ඉංජිනේරු සමාගමක් සමත් වු බව මෑතකදී ඉතා ජනප්‍රිය වු ජුරාසික් පාක් ප්‍රබන්ධ චිත්‍රපටියෙන් දැක්වේ. එය දැනට ප්‍රායෝගිකව සත්‍ය වශයෙන්ම සාර්ථක නොවු නමුත්, බැටළුවන්ගේ ක්ලෝන නිපදවිමේ හැකියාව DNA සම්බන්ධව සිදු කල පර්යේෂණ අතරින් සාර්ථක එකක් විය.
නුතනයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් චර්ච් ඇතුලු පරික්ෂක කණ්ඩායමක් විසින් මිට අවුරුදු දස දහස් ගණනාවකට පෙර ජිවත් වු දැනට නෂ්ඨ වි ගිය ලෝම මැමතයින් පොසිල වලින් ලබා ගත් DNA අලියෙකුගෙ DNA හා එක් කිරිමෙන් නැවත ප්‍රතිරූපනය කිරිමට සැරසේ. මෙය තවත් සාර්ථක විමට ඉඩ ඇති පරික්ෂණයකි.

0 comments:

සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් හසුකරගත් විශාල හදුනා නොගත් යානාව

7:46:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අප්‍රේල් 12
නිරීක්ෂිත ස්ථානය - පෘථිවිය හා සූර්යා අතර
පසුගිය 12 වැනි දින SOHO සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් සූර්යාගේ ඵවූ ජායාරූප තුල මෙම විශාල සිලින්ඩරාකාර වස්තුව සටහන් විය.අතීත සිදුවීම් තුලද මේ ආකාරයේ හදුනා නොගත් වස්තූන් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇත.
මෙසේ සිලින්ඩරාකාර වස්තූන් දිස් විමේ අතීතය තුල පැරණිම සිදුවීම ලෙස 1870 වසරේ දී දිස්වු හදුනා නොගත් යානාව දැක්විය හැකිය.නිව් හැම්ප්ෂයර් හි මවුන්ට් වොෂින්ටන් නැමති කන්ද තුලින් මෙම වස්තුව ජායාරූප ගත කිරිමක් සිදුකර ඇත.ඵම ජායාරූපයද ලිපියේ ඉහල ඇතුලත් කර ඇත.

SOHO සූර්යගෝලීය නිරීක්ෂණ යානාව මගින් හසුකරගත් මෙම වස්තුව පිළිබදව පහත විඩියෝව නැරබීමෙන් දැකගත හැකිය.

0 comments:

චෙක් ජනරජය තුලින් හමුවූ හදුනා නොගත් පියාසර වස්තුව

4:21:00 PM max 0 Comments

නිරීක්ෂිත දිනය - 2016 අප්‍රේල් 5
නිරීක්ෂිත ස්ථානය - Prague, Czech Republic
මූලාශ්‍රය - MUFON වාර්තා 75830
මෙම සිදුවිම අප්‍රේල් මස 5 වැනි දින චෙක් ජනරජයේ Prague ප්‍රදේශයෙන් වාර්තා විය.මෙය තවත් ඵක් සිලින්ඩාරාකාර හැඩයක් ගත් හදුනා නොගත් පියාසර වස්තුවකි.පෙනුමින් මෙය හැඩය වෙනස් කරන ආකාරයක් දුටුවද ඵහි කෝණය වෙනස් වීමෙන් ඵසේ පෙනේ.මෙම වස්තූන් වර්තා කල පුත්ගලයා ගත් ජායාරූප පසුව නැරබීමෙදි මෙය දුටු බවට වාර්තා කරයි.ජායාරූප තුනක් තුල මෙය සටහන් ව තිබි ඇත.පෙනුමින් විශාල හදුනා නොගත් වස්තුවක් ලෙස සැලකිය හැකිය.
 

0 comments:

SpaceX යානය ෆ්ලොරිඩා සයුරු අංගනයේ

7:44:00 PM max 0 Comments

සිය Falcon 9 රොකට් යානයක් ෆ්ලොරිඩා සයුර මත මත ගමන් කරන ස්වයංක්‍රියව මෙහෙයවෙන අභ්‍යවකාශ තොටුපොල නෞකාව (autonomous space port drone ship) මතට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බව එක්සත් ජනපද 'ස්පේස් එක්ස්'(SpaceX) සමාගම පවසයි. Space X අභ්‍යවකාශ සමාගම රොකට් යානයක් සයුර මතට ගොඩ බැස්සවීමට ගනු ලැබූ උත්සාහයන් හතරක් මීට ඉහතදී ව්‍යර්ථ විය.

'ෆැල්කන් නයින්'(Falcon Nine) රොකට් යානය සයුර මත ඉදි කළ වේදිකාව මතට සිරස් අතට ගොඩ බැස්සවීමට සමත් වීමත් සමග මෙහෙයුම් පාලකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. රොකටය යළි පෘථිවිය කරා ළඟා වූයේ සැපයුම් භාණ්ඩ තොගයක් සහිත Dragon උප යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මුදා හැරීමෙන් අනතුරුවයි. ඉහත කී Dragon 9 යානය පෘථිවිය වෙත ඉරිදා ළඟා වීමට නියමිතයි.

සෑම ගුවන්ගත කිරීමකදීම විනාශවීයන රොකට් යානා නිශ්පාදනය සඳහා ඩොලර් මිලියන සියගණනක් වැයවේ. ඒ අනුව අභ්‍යවකාශයට යැවෙන සෑම කිලෝග්‍රෑමයක බරක් (payload) සඳහා ඩොලර් 100,000ක පමණ මුදලක් වැයවේ. මේ අධික පිරිවැය අඩුකරගැනීම සඳහා නැවත නැවත භාවිතාකල හැකි අභ්‍යවකාශ යානා නිර්මාණය සඳහා විවිධ උත්සහයන් 1960 ගණන්වල සිටම අමෙරිකා එකසත් ජනපදය හා සෝවියට් දේශය දරන ලදී.  නාසා ආයතනයේ ස්පෙස් ෂටල් යානා ව්‍යාපෘතිය ලොව වැඩිම සාර්ථකත්වයක් තිබූ නැවත ප්‍රයෝජනයට ගත හැකි අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියයි.
කෙසේවෙතත් ශට්ල් යානාවක් ගුවන් ගත කිරීමටද අධික පිරිවැයක් දරන්නට සිදුවූ අතර මිනිසා විසින් මෙතක් නිර්මාණය කරන ලද සංකීර්ණම යන්ත්‍ර ලෙස සැළකුණ ශටල් යානා වල ආරක්ශිත භාවය පිලිබඳවද විවිධ ගැටලු තිබුණි. 1986 ජනවාරියේ චැලෙන්ජර් ශටල් යානය ගුවන්ගතවීමේදී බූස්ටර් රොකටයක ඇතිවූ දෝෂයක් නිසා පුපුරා විනාශවිය. 2003 පෙබරවාරියේ කොලම්බියා ෂටල් යානය අභ්‍යවකාශ මෙහෙයුමක් නිමකොට ආපසු පෘථිවි වායුගෝලයට ඇතුලුවීමේදී විනාශවී ගියේය. ඒ අනුව අමෙරිකානු රජය ෂටල් ව්‍යාපෘතිය නවතාදමන්නට තීරණය කලේය.

සෝවියට් දේශයද බූරාන් නම් අභ්‍යවකාශ ෂටලයක් 1988දී සාර්ථකව ගුවන්ගත කලමුත් විවිධ තාක්ශණික ගැටලු හා සෝවියට් දේශයේ එකල ඇතිව තිබූ දැවැන්ත ආර්ථික පරිහාණිය හේතුකොට ගෙන අතහැර දැමින.

වසර 2000න් පසුව අමෙරිකාවේ පෞද්ගලික සමාගම් රැසක් අභ්‍යවකාශ යානා නිර්මාණය කිරීමට පටන්ගත් අතර ස්පේස් එක්ස්, යුනයිටඩ් ලෝන්ච් ඇලයන්ස් (United Launch Alliance) වැනි පෞද්ගලික සමාගම් නාසා ආයතනය සමග ගිවිසුම් ගතවී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය භාරගෙන ඇත. මීට අමතරව ප්‍රකෝටිපති රිචර්ඩ් බ්‍රැන්සන් අභ්‍යවකාෂයට සංචාරකයින් ගෙනයාම සඳහා යානයක් අත්හදාබලමින් සිටී. ඇමසන් සමාගමේ (Amazon.com) ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් නම් සමාගමක්ද නැවත නැවත භාවිතකල හැකි රොකට් යානා නිර්මාණයේ යෙදී සිටී.

මේ සියලුම ව්‍යායාම වල අරමුණ අභ්‍යවකාශයට භාණ්ඩ හෝ ගගනගාමීන් ගෙනයාමේදී දැනට වැයවන අධික පිරිවැය 80%කින් පමණ අඩුකර ගැනීමයි. 

(bbc)
(vidya gaweshana)
 
 
 
 
 

0 comments:

ශිෂ්ටාචාරයක අවසානය

4:57:00 PM max 0 Comments

ශිෂ්ටාචාරයක අවසානය නැමති මෙම කෙටි කතාව නිර්මාණය කර අප වෙත ඵවූ Kasun Bandara සොයුරා වෙත අපගේ ස්තූතිය..
ඇට්ලන්ටිස් පාලක මැදිරිය......වෙත පැය 2කට පෙර නිකුත් කරන ලදී...


මේ ප්‍රධාන යානයේ නියමු.....xxxxxxxxxx....ඔබට මේ පණිවිඩය ලැබෙන විට සියල්ල සිදුවී හමාර බව අපි දන්නවා....නිබ්රු ග්‍රහයා වෙත ගොඩ බෑමේ මෙහෙයුම දැනටමත් අසාර්ථක වී ඇති බව අපි කනගාවෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු..දැනට මව් යානය හැරුනු විට ඉතිරි යානා සියල්ල විනාශ වී හමාරයි..නිරීක්ශන යානා වලින් ලැබුනු තොරතුරු වලට වඩා වෙනස් ජීවීන් පිරිසක් මෙහි වාසය කරනවා...යම් කිසි මට්ටමකට දියුණු ජීවීන් පිරිසක් උවත් පරිනාමයේදී යම් වික්‍රති තත්වයක් හටගෙන ඇති බව පෙනෙනවා..අපි ඔවුන් සමග සුහදත්වය ඇති කරගැනීමට උත්සහ කලා.නමුත් ඔවුන් දිගින් දිගටම අපගේ යානා වලට ප්‍රහාර එල්ල කලා...අපේ සියලු උප යානා විනාශ උනා....අපගේ මව් යානයේ ඉන්ධන පද්ධතයට දැඩි හානි සිදුවී තිබෙනවා..අපහට නැවත පෘථිවියට ඒමට හැකියාවක් නෑ..අපගේ යානය තවත් විනාඩි 28 ක් තුල පුපුරා යාමට නියමිතයි..ඊට පෙර ප්‍රධාන නියමුවා වශයෙන් මේ තීරනණය ගැනීමට සිදු වුණා...මෙම නිබ්රු ජීවීන් අනාගතයේ යම් දිනක අප පෘථිවියට විශාල තර්ජනයක් විය හැකියි...ඊට පෙර සියල්ල අප විසදා ගත යුතුයි...තව සුලු වේලාවකින් අප යානය සතු න්‍යෂ්ටික මිසයිල සියල්ල නිබ්රු ග්‍රහයා වෙත මුදා හරිනවා....විනාඩි කිහිපයක් ඇතුලත නිබ්රු ග්‍රහයා කුඩා කොටස් සිය දහස් ගනණකට කැඩී බිදේවි...එමගින් අගහරු හා බ්‍රහස්පතී අතර ග්‍රාහක වලල්ලක් නිර්මාණ වේවි..මෙය මාගේ අවසන් තීරණයයි..සෞරග්‍රහ මණ්ඩලයේ 5 වන ග්‍රහයා නිබ්රු තව ටිකකින් විනාශ වෙනවා.......සෞරග්‍රහ මණ්ඩලයට පෘථිවිය වෙනුවෙන් නිබ්රු අහිමි කිරීමට සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා......පණිවිඩය අවසන්....මේ මව් යානයේ නියමු xxxxx......බීප්...බීප්.....බීප්....බීප්.....බීප්....

0 comments:

වසර 50 කට පෙර මෙල්බර්න් අහසේ දුටු පියාඹන පීරිසි

7:54:00 AM max 0 Comments

මුනිදාස වංශපුර විසිනි (Munidasa Wanshapura)
මේ පොලෝ තලය මත මිනිස් සේයාවක්වත් දක්නට නොවූ අවදියේදී පවා ඉර හඳ තාරකා හා ග්‍රහලෝක මෙන්ම විවිධාකාරයේ ආලෝක ධාරාවන්ද ඒ මේ අත ඇදීයන දීප්තිමත් වස්තූන්ද අද මෙන්ම ඈත අහසෙහි දර්ශනය වන්නට ඇත. තම ගල්ගුහා තුළට වී රාත්‍රී අහස දෙස විශ්මයෙන් බලා සිටි අපේ මුතුන් මිත්තෝ මෙම දර්ශන පිළිබඳව කලින් කල විවිධ විශ්වාස, ජනප්‍රවාද හා සංකල්ප ගොඩනගන්නටද ඇත. එදා ඔවුන්ගේ සිත්වල නැගුනු දේ අතර පිට සක්වල ඇත්තන් හා ඔවුන්ගේ යනාවන් පිළිබඳව යම් අදහසක්ද තිබු බවට අවුරුදු දහස් ගණනකට පෙර ඇඳි ඇතැම් සිතුවම් අපට යම් ඉඟියක් ලබා දෙයි. එහෙත් අහසෙහි වරින් වර දර්ශනය වන අද්භූත යානාවන් “පියාඹන පීරිසි” ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ මෑත කාලයේදීය. බොහෝ දෙනා විසින් මෙම පදය භාවිතයට ගත්තේ 1957 දී පමණ ඇමෙරිකානු ගුවන් නැවියෙකු වූ කෙනත් ආර්නෝර්ඩ් විසින් තමන් විසින් දුටු අදිසි යනාවන් සමූහයක් පිරිසි හැඩයෙන් යුක්ත එවා ලෙස විස්තර කිරීමත් සමගය. එහෙත් වඩාත් විදුහුරු වන්නේ අවසන් නිගමනයට එළඹෙන තෙක් මෙවැනි දෑ හඳුනා නොගත් පියාඹන වස්තූන් ලෙස හැඳින්වීමය.
අභ්‍යාවකාශ යුගයේ ආරම්භයත් සමග නිපදවුනු විවිධ ගගන යාත්‍රාවන්ද, විශ්වය පිළිබඳව පෙරීමකින් තොරව ජනතාව වෙතට ගලා ආ තොරතුරුද, පිටසක්වල ඇත්තන් හා පියාඹන පීරිසි පිළිබඳ පොදු ජනයාගේ කුතුහලය මෙන්ම උනන්දුව වඩාත් තිව්‍ර කිරීමට හේතුවිය. මේ නිසාම අදත් ලෝකයේ නන් දෙසින් පියාඹන පීරිසි පිළිබඳ තොර තුරු ගලා එන අතර මෙම හඳුනා නොගත් අකාශ වස්තූන් ගැන ගවේශණය කිරීම සඳහා පුළුල් වැඩසටහන්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර සැබෑ විද්‍යාත්මක ගවේශණ වලින් හෙලිවන කරුණු අතරට ඇදහිය නොහැකි ප්‍රබන්ධද එකතුවේ. ඒ, අද “පියාඹන පීරිසි” පිළිබඳ සංකල්පය ඇතැමුන්ගේ තවත් උන්මාදයක් බවට පත්ව ඇති නිසාය. තවත් විටෙක පියාඹන පීරිසි පිළිබඳ මිනිසුන් තුළ ඇති කුකුස සංචාරකයින් ඇදගැනීමේ උපාය මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවන්ද ඇත.
ඕස්ට්‍රේලියාව තුළද හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන සමීක්ෂණ කරන ප්‍රධාන ගවේශක කණ්ඩායම් ගණනාවක් ක්‍රියාකාරීව සිටිති. ඔවුන් වෙතද පියාඹන පීරිසි පිළිබඳව තොරතුරු නිරතුරුවම සැපයේ. පියාඹන පීරිසි දුටු අවස්ථා පමණක් නොව, පිටසක්වල ඇත්තන් හමු වූ අවස්ථාවන් ගැන මෙන්ම පියාඹන පීරිසියක් විසින් තම මෝටර් රථය ඉහළට ඔසවාගෙන ගිය අවස්ථාවක් ගැන තොරතුරුද ඒ අතර වෙයි. ඒවායේ සත්‍ය අසත්‍ය තාවයන් කුමක් වුවත් මීට අවුරුදු පණහකට පමණ පෙර මෙල්බර්න් නගරයට නුදුරු ක්ලේටන්හි වෙස්ටෝල් උසස් පාසල ආසන්නයේ දකින්නට ලැබුණු පියාඹන පීරිසිය සුවිශේෂී එකකි.
ඒ මක්නිසාදයත් එය දහවල් කාලයේදි සිය ගණනක් දෙනා විසින් වැඩි කාලයකදී හොඳින් දුටු සිදුවීමක් නිසා මෙන්ම මේ සිදුවීම දුටු බොහෝ දෙනා අදත් ජීවතුන් අතර සිටියදීත් අඩ සියවසක් ගෙවීගිය මේ මොහොතේ පවා එය තවමත් පැහැදිලි කළ නොහැකි අබිරහසක්ව පැවතීමයි.
ලෝකයේ නන් දෙසින් නිතර වාර්තාවන පියාඹන පීරිසි වලින් බොහොමයක් රාත්‍රී කාලයේ දක්නට ලැඛෙන ඒවා නිසා ඒවායේ නියම ස්වරූපය විස්තර වන්නේ මදවශයෙනි. එසේම ඒවා ගමන් කරන අධික වේගයත්, නිරීක්ෂකයා අතර ඇති අධික දුර ප්‍රමාණයත් නිසා කෙනෙකුට නිවැරදි විස්තරයක් කිරීමද අසීරු වෙයි. එමෙන්ම මෙවැනි අකාශ වස්තුවක් එකවිට නිරීක්ෂණය කරන්නට ලැඛෙන්නේද ඉතා ටික දෙනෙකුටය. ඒ අතින් “වෙස්ටෝල් පියාඹන පීරිසිය” වඩාත් ඉදිරියෙන් සිටී. එය වෙනත් ඒවා මෙන් නොව පැහැදිලි දවාලක, විනාඩි විස්සක පමණ කාලයක් තුළ ලොකු කුඩා සිය ගණනකට හොඳින් දර්ශනය වූවකි.
ඒ එක්දහස් නවසිය හැටහයේ අප්‍රේල් හයවනදා උදෑසන කාලයයි. එය හේමන්තයේ තවත් ප්‍රභාමත් දිනයක් වූ අතර වෙස්ටෝල් උසස් පාසලේ සිසුන්ද ඒ අසල් වැසියන්ද සුපුරුදු වැඩ කටයුතුවල නිරතව සිටියහ. එහෙත් උදෑසන එකොළහට පමණ එක්වරම පාසලට ඉහළින් ඇදී යන්නට වූ අද්භූත යානයක් නිසා පාසල තුළද අවට පරිසරයේද නිහඬතාවය සැනෙකින් බිඳී ගියේය.
මෝටර් රථ දෙකක් තරම් විශාල වූ පීරිසි හැඩගත් එම යානය පළමුවෙන්ම දුටු ක්‍රීඩාංගණයේ සිටි ළමුන් විශ්මයෙන් ඒ මේ අත දුවමින් කෑගසන්නට වූ අතර ඒ හඬ අසා පංති කාමරවල සිටි ගුරුවරුන් හා ශිෂ්‍යයෝද වහ වහා පිටතට පැමිණ සිදුවන්නේ කුමක්දැයි බලන්නට වූහ. නොඉවසිලිමත් වූ ඇතැමෙක් ඒ දෙසට දිව යන්නට වූහ. හදිසියේ තම කැමරාව ගැන මතක් වූ රසායන විද්‍යා ගුරුතුමිය කඩිනමින් මේ ආගන්තුක යානයේ ඡායාරූප ගන්නට උත්සුක වූවාය.
මේ අතර සෙමින් ගමන් කළ නිල් අලූ පැහැති ලෝහමය දිලියුමක් තිබූ මෙම යානය ගිනිකොන දෙසට ඇදීගොස් පයින් ගස් වලට ඔබ්ඛෙන් වූ හිස් බිමට පහත් විය. මෙය දුටු අසල්වැසි කාන්තාවක් පවසා තිබුණේ ගොඩ බෑම සඳහා තැනක් සොයමින් මෙන් පාසලට ඉහළින් කරකැවුනු මෙම යානය පසුව තණබිම දෙසට පහත් වූ බවය. කෙසේ හෝ යානාව පහත්වනු දුටු ළමෝ පාසල් මායිම තෙක් දිව ගියහ. ඇතැමෙක් වැටට උඩින් පැන ඒ දෙසට ළඟා වීමට තැත්කළහ. එහෙත් ස්වල්ප වේලාවකින් එම යාන මුඩුබිමින් ඉහළට ඇදී නිරිතදිග දිශාවටම ගමන් කරන්නට විය. ඒ සමගම කුඩා ගුවන් යානා පහක් පමණ එය ලූහුබඳ යනු දකින්නට ලැබුණු නමුත්, වේගයෙන් ගමන් කරන්නට පටන්ගත් එම ආගන්තුක යානාව ආසන්නයට වත් එවාට ළඟාවිය නොහැකි විය. අවසානයේ එය දර්ශන පථයෙන් ඉවතව ගියද ආරම්භයේ සිට විනාඩි විස්සක පමණ කාලයක් පමණ මෙම පරිශ්‍රයේ රැඳී සිට ඇත.
කඩිමුඩියේ දිවගොස් පයින් ගස්වලට ඔබ්ඛෙන්වූ තණබිමට ළඟාවූවන්ට යානය තිබූ තැන වලයාකාර ප්‍රදේශයක තණකොල වැතිරී තිඛෙනු දැකිය හැකිවිය. එහෙත් එහි තණකොළ පිච්චීමකට ලක්ව තිබුනේ නැත. මේ අතර එම ස්ථානයට ඔබ්ඛෙන් තවත් එවැනිම තණකොල පොඩිවීගිය වලයාකාර ප්‍රදේශයක් දකින්නට ලැබුණු බව ඇතැම්හු කීහ. ඒ අනුව මෙම යානයට අතිරේකව තවත් යානයක් එහි පැමිණ තිඛෙන්නට ඇත.
මේ අතර මෙම අබිරහස් යනාව පහත් කළ ස්ථානයට මුලින් ළඟා වූ එක් දැරියක් සිහිසුන් තත්ත්වයක වැටී සිටි අතර ඇය ගිලන් රථයකින් රෝහල් ගත කෙරිණ.
හදිසියේ ඇතිවූ මෙම නුහුරු අත්දැකීම නිසා කලබලයට මෙන්ම කුතුහලයට පත් මෙහි සිටි සියල්ලන්ගේම සිත් තුළ ප්‍රශ්නාර්ථ රැසක් ගොඩ නැගෙමින් පැවතුණි. පීරිසි හැඩයගත් මෙම ආගන්තුක යානය කුමක්ද ? එය පැමිණෙන්නට ඇත්තේ කොහි සිටද? එය අසල මුඩුබිමට පහත්වූයේත් එකවරම වේගයෙන් ඈදී ගියේත් ඇයි? එය ලූහුබැඳ ගිය යානාවන් මෙනවාද ? ඒවායේ ගුවන් නියමුවන් කවුරුන් විය හැකිද ? සියල්ල තවත් ව්‍යාකූල කරමින් මේ ප්‍රශ්න වැල අතරට තවත් ප්‍රශ්නාර්ථයන් රැසක් එකතු වූයේ පසුව ඇතිවූ සිදුවීම් පෙළත් සමගය.
යානය දකින්නට ලැබී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ප්‍රවෘත්ති වර්තාකරුවන් පාසලට පැමිණි අතර අතර ඔවුහු ගුරුවරුන්ගෙන්ද ශිෂ්‍යයින්ගෙන්ද තොරතුරු විමසන්නට වූහ. එහෙත් මෙම සිදුවීම සම්බන්ධව රොසී ජෝන්ස් සැකසූ වාර්තා වැඩසටහනකට අනුව ඒ සමගම එහි පැමිණි පොලිස් නිලධාරීහු මාධ්‍යට තොරතුරු සැපයීම වැලැක් වූ අතර මේ පිලිබඳ කිසිත් කතා නොකරන ලෙස සිසුන්ට හා ගුරුවරුන්ට අනතුරු හැ`ගවූහ.


මේ අතර විදුල්පතිවරයා විසින් රසායන විද්‍යා ගුරුතුමියගේ කැමරාව බාර දෙන ලෙසද බලපෑම් කර ඇත. පසුව නිල් පැහැති නිල ඇඳුමකින් පැමිණි අයෙකු ඡයාරූපගත් එම කැමරාව තබාගැනීම නීති විරෝධී බව පවසා තම බාරයට ගෙන ඇත්තේය. අවසානයේ හදිසි රැස්වීමක් පැවත් වූ විදුහල්පතිවරයා, ළමුන් දැක ඇත්තේ කාලගුණ බැලුනයක් බව පවසා තව දුරටත් කියාසිටියේ මින් පසු මේ ගැන කිසිවෙකු සමග කතා නොකරන ලෙසය. මේ අතර නිල අඳුම් ඇඳගත් පිරිසක් වාහන දෙකකින් පැමිණ යානය තිබූ ස්ථානය පරීක්ෂාකර ගොස් ඇත. මෙම අබිරහස් යානාව හා එය හඹාගිය යනා පිළිබඳ ගුවන් තොටුපල පාලක මධ්‍යස්ථාන හා ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් බලකායෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එවන් යාත්‍රාවන් ගැන ඔවුනට දැනගන්නට ලැබී නැති බවය.
කෙසේ හෝ එක් පුවත් පතක් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සවිස්තරව පලකොට තිබූ අතර කුමන හේතුවක් නිසා හෝ අනෙක් පුවත්පත් මේ ගැන සැළකිල්ලක් දක්වා තිබුණේ නැත. පසුව මේ පිළිබඳව මාධ්‍යට තොරතුරු හෙලිකළ ළමුන්ට පංති තහනමක් පැනවුනු අතර මේ ගැන තමා දුටු දේ පැවසූ විද්‍යා ගුරුවරයාට හමුදාව විසින් මරණීය තර්ජන එල්ලකර තිබූ බවටද ඇතැම් වර්තා වල දැක් වේ. තවද නවතා තැබූ යානය සමීපවම දුටුවේ යයි සිතන රෝහල් ගත කළ ටානියා නමැති දැරිය සුවය ලැබූ නමුදු යලිත් කිසිදිනෙක පාසලට පැමිණ නැත. මේ පිලිබඳව චැනල් 9 මගින්ද වැඩසටහනක් සකසා තිබුණද පසුකාලයක ඒ පිළිබඳව සොයා බලනවිට හමු වී ඇත්තේ එම වීඩියෝව තිබූ කවරය පමණි. කුමන පදනමක් මත ක්‍රියාත්මක වුවද මෙම පශ්චාත් සිදුවීම් සියල්ල ආගන්තුක යානය පිළිබඳ නිවැරදි තීරණයකට එළඹීම තවත් ව්‍යාකූල බවට පත් කළේය.
කෙසේ වෙතත් මෙය සිදුවූ මුල් දිනවලම Victorian Flying Saucer Research Society (VFSRS) yd Phenomena Research Australia (PRA) – මෙම ස්ථානයට පැමිණ පාසලින් හා සිද්ධිය දුටු අසල්වාසීන්ගෙන්ද තොරතුරු විමසා විධිමත් සමීක්ෂණයක් කර තිබේ. ඉන් පසුවද ගෙවී ගිය අඩ සියවසක කාලය තුළ වරින්වර තනිව හා කණ්ඩායම් ලෙසද මෙම “වෙස්ටෝල් පියාඹන පීරිසිය” පිළිබඳව විවිධ මට්ටමේ සමීක්ෂණ පවත්වා ඇත. මා ඉහත සඳහන් කළ විස්තරද මෙම සමීක්ෂණ මගින් පොදුවේ හෙලි වූ කරුණු මත පදනම් වූ ඒවාය. එහෙත් අදටත් ඒ සියල්ලන්ටම ප්‍රකාශ කළ හැකිව තිඛෙන්නේ මෙය අඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාගත වූ නිශ්චිත තීරණයක් දිය නොහැකි වූ එහෙත් සුවිශේෂී සිදුවීමක් බව පමණි.
කරුණු එසේ වුවද සියල්ල කාලයත් සමග වැලලී යාමට ඉඩනොදී වෙස්ටෝල් පියාඹන පීරිසිය පිළිබඳ මෙම අභිරහස ලොවට හෙලිදරව් කිරීමේ හැකියාව තවමත් ඉතිරිව පවතී. මක්නිසාද යත් මෙම සිදුවීම සියැසින් දුටුවන් බොහෝ දෙනෙකු අදත් ජීවතුන් අතර සිටින නිසාත්, කුමන හේතුවක් නිසා හෝ එහි තොරතුරු සැඟවීමට තැත් කළ අයගෙන්ද කිහිප දෙනෙකු හෝ තවමත් ජීවතුන් අතර සිටිය හැකි නිසාත්ය. සත්‍යයේ නාමයෙන් ඔවුන් දැන්වත් තම මුණිවත බිඳින්නේනම් එය කෙතරම් අසිරියක් වේද?

(kadapatha)

0 comments: