අවසන් සංග්‍රාමය
අවසන් සංග්‍රාමය නැමති මෙම කෙටි කතාව නිර්මාණය කර අප බ්ලොග් අඩවිය වෙත ඵවූ Kasun Bandara සොයුරා වෙත අපගේ ස්තූතිය..මේ ක්‍රිස්තු පූර්ව යුගයයි...දැන් සියල්ල සිදුවී හමාරය.දෙපිරිසටම සියල්ල දැන් අවබෝධ වී ඇත.නමුත් වියයුතු සියල්ල සිදු වී තිබේ...ඉතිරි වී සිටි අත්ලන්ටිස් වරුන්ටද දැන් එතරම් ශක්තියක් නැත..තමන් විසින් සිර භාරයට ගන්නා ලද අගහරුවන් කිහිප දෙනා හැරුනු විට අගහරු ලොවම දැන් විනාශ වී ඇත.න්‍යස්ටික ප්‍රහාරයෙන් පසු නිල්වන් අගහරු ලොවම රක්ත වර්නයට හැරී තිබේ.දැන් කලයුතු කිසිවක් නැත.ගොඩනැගිලි සුන්බුන් හෝ ජීවී මල සිරුරු කොටසක් පවා සොයා ගැනීම අපහසුය..ප්‍රහාරය ඒ තරමට බරපතළය.නැවත අගහරු ලොවේ කිසිදා ජීවයක් හටගනු නොමැත..අගහරු ප්‍රහාරයෙන් අත්ලන්ටිස් දිවයිනටද බරපතල හානි සිදු වී ඇත..දිවයින තිබූ තැනක් හෝ සොයාගත නොහැක..අත්ලන්ටිස් නායක තීරනයක් ගෙන තිබේ..ඒ මේ ප්‍රහාරය ගැන කිසිදා කිසිවෙකුට දැනගත නොහැකි පරිදි වසන් කිරීමටය..අභ්‍යාවකාශ යේ රදවා ඇති සියලු යානා විනාශ කිරීමට දැනටමත් පියවර ගෙන ඇත...නවීන තාක්ෂණයයේ සියලු සිද්ධාන්ත මෙතෙකින් අවසන් වේ..ශ්‍රී විභූතිමත් ශිෂ්ටාචාර දෙකක් බල ලෝබීත්වයෙන් විනාශ විය.ඉතිරි වූ අත්ලන්ටිස් වරුන් සීසීකඩ පලාගොස් ඇත..නැවත අලුතෙන් සියල්ල ආරම්භ කිරීම විනා කිසිවක් වෙන සිදුකල නොහැක..........
0 comments: