කෙප්ලර් යානාව ක්‍රියාවිරහිත වේ

10:46:00 AM max 0 Comments

නාසා ආයතනයේ ග්‍රහලෝක දඩයමේ යෙදි සිටි කෙප්ලර් යානාව හදිසි තත්වයකට මුහුණ දී ඇත.කෙප්ලර් මේ වන විට හදුනා ගත් ග්‍රහලෝක ප්‍රමාණය 5000 වු අතර 1000 පමණ ග්‍රහලෝක ප්‍රමාණයක් පිටසක්වල ජීවයක් ඇති ග්‍රහලෝක ලෙස සොයාගන්නා ලදි.මින් පෙරද කෙප්ලර් යානාවේ දෝෂයන් ඇති වු අතර ඵය සැකසීමට නාසා ආයතනයට හැකි වුනි.මෙම අවස්ථාවේ කෙප්ලර් යානාව පෘථිවියේ සිට සැතපුම් මිලියන 75 ක් දුරින් පිහිටා ඇත.පසුගිය අප්‍රේල් 7 වැනි දින තුල  කෙප්ලර් යානාවේ හදිසි තත්වයකට මුහුනදී ඇති බවට  නාසා ආයතනය ප්‍රකාශ කරඇත.පසුව ඵම සතිය තුලම කෙප්ලර් යානාව අවම මෙහෙයුමි මාදිලියක් තුල සිටි බවට වාර්තා වේ.කෙප්ලර් යානාව නාසා ආයතනයේ ගැබුරු විශ්වය තුලට සන්නිවේදනය සිදුකරන Deep Space Network සන්නිවේදන ජාලය තුලින් මෙම ගැටලුව හදුනා ගෙන ඇත.කෙප්ලර් පෘථිවියේ සිට සැතපුම් මිලියන 75 ක් දුරින් මෙම අවස්තාවේ සිටින නිසා ඵහි සිට පෘථිවිය වෙත පැමිනෙන සංඥ ග්‍රහනය කර ගැනිමට නාසා ආයතනයට විනාඩි 13 ක කාලයක් ගත වේ.අප්‍රේල් 4 වැනිදා දක්වා යානාව හොද තත්වයක සට බවට වාර්තා වේ.nature අඩවිය වාර්තා කරන ආකාරයට කෙප්ලර් යානාවේ ඉන්ධන වැඩි වශයෙන් භාවිතා කිරිම හේතුවෙන් ඵහි ඉන්ධන ක්ෂය විමක් සිදුවී ඇත.ඵසේ විම හේතුවෙන් යානවට පීඩනයක් යෙදීමට හා පෘථිවිය සමග සන්නිවේදන කිරිමට අපහසු වි ඇති බවට වාර්තා කරයි.යානව තවමත් ග්‍රහලෝක සොයා යෑම සදහා ක්‍රියත්මක කර නොමැත.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya