පිටසක්වල ජීවීන් සොයා යන්නට ආලෝකයේ වේගය පරදවන යානා
පිටසක්වල ජීවීන් සොයා සෞරග්රහ මණ්ඩලයට ආසන්නයෙන්ම පිහිටි සූර්්යයා වන ඇල්ෆා සෙන්චූරි වෙත යානා 100 ක් යොමුකිරීමේ දැවැන්ත ව්යාපීතයක් ආරම්භ කර තිබෙනවා. ඒ ලෝකයේ ප්රබලයින් 3න් දෙනකුගේ එකතුවෙනුයි.ඒ සදහා එක්ව සිටින්නේ මේ වන විට පෘථවියේ සිටින බුද්ධිමත්ම මිනිසා ලෙස නම් කර සිටින ස්ටීවන් හව්කින්ස් ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් හා යූරි මිල්නර්.අපගේ සෟරග්රහ මණ්ඩලය හැරුණු විට ආසන්නයේම පවතින ඇල්ෆා සෙන්චූරි සූර්්යයා වටාද වෙනත් ග්රහලෝක රැුසක් භ්රමණය වෙමින් පවතිනවා. එම එක් ග්රහයකු තුල හෝ ජීවය ඇති බවටයි සැකකරනු ලබන්නේ.
කෙසේ වෙතත් මෙම තාරුකාව පිහිටා ඇත්තේ පෘථවියට සැතපුම් ටි්රලියන 25ක් දුරින්. එවන් දුරක් ගමන් කිරීමේ හැකියාව සහිත යානයක් මෙතෙක් පෘථවියේ නිමවා නැහැ. එමෙන්ම මේ වන විට පවතින වේගයෙන් ගමන් කළහොත් රොකට්ටුවකට ඒ කරා ලගාවීමට වසර 1000 ක් පමණ ගතවනු ඇති.
මෙම අභියෝගය ජයගැනීම සදහා මෙම පිරිස ආලෝක වර්ෂ වේගයෙන් ගමන් කළ හැකි යානා නිපදවීම ආරම්භ කර තිබෙනවා. එමගින් වසර 20කදී මෙම තාරුකාව අසලට ගමන් කළ හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. ඒ වෙනුවෙන් යානා 100ක් එකවර ගුවන් ගත කිරීමට අපේක්ෂිත බවද වාර්තාවනවා.
මේ සදහා මූලික අධියරේදී ඩොලර් මිලියන 100ක මුදලක් වැය කිරීමට නියමිතයි.
0 comments: