පිටසක්වල පැහැර ගැනීමක තවත් ඵක් සාක්ෂියක්

4:46:00 PM max 0 Comments

සිදුවූ දිනය - 1980 නොවැමිබර් 28
සිදුවූ ස්ථානය - බටහිර යෝක්ෂයර් - එංගලන්තය
මෙම සිදුවිම ඵක්තරා පොලිස් නිලධාරියෙකු 1980 වසරේ දී පිටසක්වල ජීවින් විසින් පැහැරගැනිමකට ලක්විම පිළිබදවයි.පසුව ඔහුට ඵම අවස්තාව මතක් කිරිම සදහා මෝහනයට පත්කල අවස්ථාවක් පිළිබදව මෙමගින් පැහැදිලි කරයි.

1980 වසරේ ඇලන් ගොඩ්ෆ්රි ගේ සිදුවිම ප්‍රධන තැනක් ගත් අතර ඵය ගැබුරින් සොයාබලා ඇත.මෙහිදි ගොඩ්ෆ්රිගේ සක්ෂි ප්‍රධන තැනක් ගත්තා.ඵමෙන්ම කිහිප දෙනෙක්ද දැක තිබෙනවා ඵම ප්‍රදේශයේ අහසේ අමුතු දෙයක් තිබු බවට.ඇලන් ගොඩ්ෆ්රි හට මෙම සිදුවිමට මුහුනපෑමට සිදුවුයේ 1980 වසරේ නොවැමිබර් 28 වැනි දිනයි.ඵදින ඇලන් සිටියේ ඔහුගේ මොටර් රථයේ බටහිර යෝක්ෂයර් හි Todmorden නමි ප්‍රදේශය තුලයි.ඵදින ඔහු පැමින තිබුනේ පළාත් පාලන ආයනත භූමි තුල ඉබාගාතේ ඇවිද යන ගවයන් පිළිබදව වාර්තා කිරිමටයි.මෙහු මෙම අවස්තාව තුල පාරේ ඈතින් බස් රථයක ඵලියක් වැනි යමක් දැක තිබෙනවා.පසුව ඔහු ඵය වෙත ගොස් තිබෙනවා.පසුව ඔහුට දැකගන්න ලැබිලා තියනවා භ්‍රමනය වන යමිකිසි වස්තුවක් මාර්ගයේ රැදී පවතින.පසුව ඔහුගේ සටහන් පොත රැගෙන ඵය වස්තුවේ දළ සටහනක් සටහන් කරගෙන ඇත.ඵම ඵලිය දීප්තිමත් වූ අතර ඉන් පසුව ඔහු මාවතේ ඔහුගේ මොටර් රථයෙන් ගමන් කරන විට වෙනත් ආකාරයේ හදුනා නොගත් පියාසර වස්තුවක් දැකගැනීමට නොහැකි වී තිබේ.පසුව නැවතත් ඔහු පොලින් ස්ථානය වෙත පැමින තිබේ.ටික වේලාවකට පසුව ඔහුට ගෙවුනු කාලයෙන් විනාඩි විසිපහක් මගහැරි ඇති බවට මතක් විය.ඵමෙන්ම ඔහුගේ ඵක් බූට් සපත්තුවක යටිපතුල පැලි තුබුණු අතර ඔහුට  කැසීමේ ගතියක් ඇති වි තිබුනා.රතු පාට සලකුණු ඔහුගේ කකුලේ ඇති වි තිබුනා.පසුව ඔහු මෝහනය කිරිමකට පත් කරා.ඵයින් හෙළි වුනා ඔහුව යානාවක් තුලට ගත් බවත් ඔහු රෝබෝලා වැනි ජීවින් දුටු බවටත් ඔවුන් මිනිසුන් මෙන් කළු පැහැති හිස්කබල් තොප්පි දමා සිටිය බවටත් වාර්තා කරයි.මේ පිළිබදව කරුණු දක්වන ගැරී විසින් පවසන්නේ ඔහු විසින් මෙම සිදුවිමට අදාල විඩියෝ පටය දැඩි සේ අධ්‍යනය කර ඇති අතර ඇලන් ඵම අවස්තාව හොදින් පවසා ඇති බවට ප්‍රකාශ කරයි.ඇලන්ගේ ප්‍රකාශය බොරුවක් විය නොහැකි බවට ඔහු තවද ප්‍රකාශ කරයි.ඔහුට මෙයින් ලබා ගතහැකි ආර්ථික වාසියක් නොමැත.ඇත්ත වශයෙන්ම පසුව මේ පිළිබදව කරුණු දැක්වු තවත් අයෙකු ඇත.ඵනමි ආචාර්ය ජෝන් මැක්ය.මැක් විසින් පිටසක්වල පැහැර ගැනිම් සමිබන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලු අයෙකි.පැහැර ගැනිමට ලක් වු අය අතුරින් බොහෝ දෙන‍ෙකු ගොදුරු වි ඇත්තේ ඔවුන්ගේ ළමා කාලය තුලිදී බවට සොයා ගෙන ඇත.ඇලන්ටද ඵසේම විය.ඇලන් පවසන ආකාරයට ඔහු දැක තිබෙනවා ඔහුගේ කුඩා කාලයේ නිල් පාට ටෙනිස් බෝල වැනි යමක් ඔහුගේ කාමරය තුල තිබු බවට.ඵමෙන්ම වෙනත් පැහැර ගැනිම් වලට ලක් වු අයද පවසා ඇත්තේ ඔවුන් ඵසේ දැක ඇති බවයි.
ඇලන් මෝහනයට පත් කල අවස්ථාව මෙම විඩියෝ ඵක මගින් නැරබිය හැකිය.

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya