ශිෂ්ටාචාරයක අවසානය
ශිෂ්ටාචාරයක අවසානය නැමති මෙම කෙටි කතාව නිර්මාණය කර අප වෙත ඵවූ Kasun Bandara සොයුරා වෙත අපගේ ස්තූතිය..ඇට්ලන්ටිස් පාලක මැදිරිය......වෙත පැය 2කට පෙර නිකුත් කරන ලදී...
මේ ප්‍රධාන යානයේ නියමු.....xxxxxxxxxx....ඔබට මේ පණිවිඩය ලැබෙන විට සියල්ල සිදුවී හමාර බව අපි දන්නවා....නිබ්රු ග්‍රහයා වෙත ගොඩ බෑමේ මෙහෙයුම දැනටමත් අසාර්ථක වී ඇති බව අපි කනගාවෙන් යුතුව ප්‍රකාශ කරන්නෙමු..දැනට මව් යානය හැරුනු විට ඉතිරි යානා සියල්ල විනාශ වී හමාරයි..නිරීක්ශන යානා වලින් ලැබුනු තොරතුරු වලට වඩා වෙනස් ජීවීන් පිරිසක් මෙහි වාසය කරනවා...යම් කිසි මට්ටමකට දියුණු ජීවීන් පිරිසක් උවත් පරිනාමයේදී යම් වික්රති තත්වයක් හටගෙන ඇති බව පෙනෙනවා..අපි ඔවුන් සමග සුහදත්වය ඇති කරගැනීමට උත්සහ කලා.නමුත් ඔවුන් දිගින් දිගටම අපගේ යානා වලට ප්‍රහාර එල්ල කලා...අපේ සියලු උප යානා විනාශ උනා....අපගේ මව් යානයේ ඉන්ධන පද්ධතයට දැඩි හානි සිදුවී තිබෙනවා..අපහට නැවත පෘථිවියට ඒමට හැකියාවක් නෑ..අපගේ යානය තවත් විනාඩි 28 ක් තුල පුපුරා යාමට නියමිතයි..ඊට පෙර ප්‍රධාන නියමුවා වශයෙන් මේ තීරනණය ගැනීමට සිදු වුණා...මෙම නිබ්රු ජීවීන් අනාගතයේ යම් දිනක අප පෘථිවියට විශාල තර්ජනයක් විය හැකියි...ඊට පෙර සියල්ල අප විසදා ගත යුතුයි...තව සුලු වේලාවකින් අප යානය සතු න්‍යෂ්ටික මිසයිල සියල්ල නිබ්රු ග්‍රහයා වෙත මුදා හරිනවා....විනාඩි කිහිපයක් ඇතුලත නිබ්රු ග්‍රහයා කුඩා කොටස් සිය දහස් ගනණකට කැඩී බිදේවි...එමගින් අගහරු හා බ්රහස්පතී අතර ග්රාහක වලල්ලක් නිර්මාණ වේවි..මෙය මාගේ අවසන් තීරණයයි..සෞරග්‍රහ මණ්ඩලයේ 5 වන ග්‍රහයා නිබ්රු තව ටිකකින් විනාශ වෙනවා.......සෞරග්‍රහ මණ්ඩලයට පෘථිවිය වෙනුවෙන් නිබ්රු අහිමි කිරීමට සිදුවීම ගැන කනගාටුව ප්‍රකාශ කරනවා......පණිවිඩය අවසන්....මේ මව් යානයේ නියමු xxxxx......බීප්...බීප්.....බීප්....බීප්.....බීප්....
0 comments: