අඩි 30,000ක් ඉහළ අහසේ වලාකුළු මත ඇවිදින මිනිසෙක්
මවුබිම වාර්ථාවපසුගිය කාලය පුරා මිහිතලය මත ඇති වූ විවිධ අද්භූත සිද්ධීන් පිළිබඳව මිනිසාගේ සිත් සතන් මවිත කර වූයේ විද්‍යා ලෝකය තුළද පෙරළියක් ඇති කරවමිනි.
පසුගිය ජනවාරි මාසයේ අඩි 30,000ක් උඩ වලාකුළක් මත සිටි මිනිසකු පිළිබඳ දැන් දැන් කතාබහට ලක් වන්නේ අපගේ සිත් තවදුරටත් පුදුමයට පත් කරමිනි.
අයර්ලන්ත ජාතිකයකු වූ නික් ඕ ඩොනර් මහතා පරිගණක මෘදුකාංග සමාගමක කළමනාකරුවෙකි. තිස් හැවිරිදි වියේ පසුවන ඔහු තම සේවා අවශ්‍යතාවක් සඳහා ඕස්ට්‍රේලියාවේ සිට ලන්ඩනය දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටියේය.
එම ගුවන් යානය පොළොවේ සිට අඩි 30,000ක උඩින් ගමන් ගන්නා විට ඔහු දුටු අරුම පුදුම දර්ශනය මේ වන විට ලෝ තලයේ කා අතරත් කතාබහට ලක් වෙමින් තිබේ.
වලාකුළක් මත සිටගෙන ඇවිදමින් සිටි මිනිසකු ගුවන් යානයේ වීදුරු කවුළුවකින් දුටු නික් ඕ ඩොනර් මහතා තම අධි තාක්ෂණ කැමරාවට ඒ රුව සටහන් කරගෙන අන්තර්ජාලයට මුදා හැරියේය.
සැබවින්ම ඒ මිනිසකුද නැත්නම් රොබෝවකුද එසේ නොමැති නම් පිටසක්වළ ජීවියෙක්ද නැත්නම් වෙනත් බලවේගයක්ද යන්න අද කාගේ සිත් තුළත් ඉතිරි කරන ලද ප්රශ්නයකි.
මේ පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමත් සමඟ ලොව පුරා සිටින විවිධ විද්වතුන් එම අද්භූත සිද්ධිය පිළිබඳව සොයා බලමින් සිටිති.
කෙසේ වෙතත් මිහිතලයේ සිදුවන මෙවැනි සිද්ධාන්ත මෙන්ම මිනිසා පුදුමයට ලක්වන ක්‍රියාවන් මිනිසුන් වන අපට බැහැර කිරීමට නොහැකිය.
ඊට හේතුවී ඇත්තේ මෙම අරුම පුදුම සිද්ධීන් පිටුපස විද්‍යා ලෝකය කලඹවමින් මිහිතලයද වෙනස් කරමින් ඇති වූ සිද්ධීන් පසුගිය කාලය පුරා අසන්නට ලැබීමත් සමඟය.
පොළොන්නරුවට ඇද වැටුණු උල්කාපාතය තුළිනුත් රතු වැසි මඟින්ද මේ වන විට සනාථ වී ඇත්තේ පෘථිවියෙන් පිටද අනන්ත වූ ජීවය පවතින බවයි. සමහර විටෙක විද්‍යාත්මකව සනාථ කරන එවන් කරුණු කිසිවෙක් අභියෝගයට ලක් කරන්නේ අවිද්‍යාවේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.
ශ්‍රී ලංකාවේ මෙවන් සිද්ධීන් පර්යේෂණාත්මකව සොයා බැලීමටවත් අධි තාක්ෂණ කැමරා උපාංග මෙන්ම අඩුම තරමේ පරීක්ෂණ මධ්‍යස්ථානයක්වත් නොමැති වීම කනගාටුවට කරුණකි.
මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාත් තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික්‍රමරත්න මහතා ඇතුළු නාසා ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායමක් පොළොන්නරුවේ උල්කාපාතය පිළිබඳව අවස්ථා කීපයකදීම පරීක්ෂණ සිදුකර ඉන් වැදගත් කරුණු රැසක්ම ලොවට ඉදිරිපත් කළහ.
අඩි 30,000ක් ඉහළ අහසේදී වලාකුළක නැඟි මිනිස් රුව පිළිබඳව කා තුළත් කතා කිරීමට හැකි මාතෘකාවක් බවට පත්ව ඇති යුගයක එය බැහැර කරන විද්වතුන්ද අප අතරේ නැතුවාම නොවේ.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා සිදුවන මෙවන් අද්භූත සිද්ධීන් මෙන්ම විදුලොව කලඹන සිදුවීම් අපට දැන ගන්නට අවස්ථාව සලසන කීර්ති වික්‍රමරත්නයන් වැනි විද්වතුන් අප මෙහිදී අගය කරන්නේ ඔහු නොසිටින්නට වලාකුළේ මිනිස් රුව පිළිබඳ මෙම කතාවද වැළලී යන නිසාවෙනි.
කීර්ති වික්‍රමරත්න මහතා පවසන පරිදි විද්‍යා ලෝකය කැලඹීමට ලක් කරන තවත් සිද්ධීන් ගණනාවක්ද මීට පෙර අවස්ථාවලදී සනාථ වී ඇති බවද කියැවේ.
රුසියානු ජාතික ව්‍යාපාරික කාන්තාවක් වූ ඔලෙස්යා පොඩ්කොරිටෝම් (ර්ණීතඥඵරච නධඤඬධධඨබථ) මහත්මිය 2015 වසරේ දෙසැම්බර් දිනයකදී රුසියානු මගී ගුවන් යානයකට ගොඩ වූවාය.
ගුවන් ගමන් අතරතුර ඇය කිසිදා තම ජංගම දුරකතන හරහා සෙල්ෆි ඡායා රූපගෙන නොමැති වුවද එදින ඇයට සෙල්ෆි ඡායා රූපයක් ගැනීමට සිත් පහළ විය. ඇය එම ඡායාරූපය සමාජජාල වෙබ් අඩවි හරහා මුදා හැරියාය. එය දුටු මිතුරන් ඇයගෙන් මෙලෙස ප්‍රශ්න කළේය.
"කවුද ඔබට පිටු පසින් සිටින අද්භූත පුද්ගලයා. පිටසක්වළ ජීවියෙක්ද" හොල්මනක්ද? පිට සක්වළයකුගේ අවතාරයක්ද?" ඔලෙස්යා මහත්මිය එම ඡායාරූපය දෙස හොඳින් බලන්නේ ඉන් පසුවය.
තම පිටුපසින් අද්භූත ජීවියකුගේ රුවක් එම ඡායාරූපයේ තිබෙනු දැක පුදුමයට පත්වන අතර ලොව පුරා ජනප්‍රිය වූ (ඔ ටඪතඥඵ) කතා මාලාවේ ඔබ අප දැක ඇති පිටසක්වළ ජීවියකුගේ අවතාරයක් මෙන් එය දිස්විය.
අඩි 33,000ක පමණ උසකදී මගී ගුවන් යානයක් ඇතුළත පියවි ඇසට නොපෙනෙන කැමරාවේ සටහන් වූ එකී අද්භූත රුව කුමක්ද? රුසියානු යානා මධ්‍යස්ථානයේ වික්ටර් ලුනේව මහතාද මේ පිළිබඳව අදහස් දක්වමින් එවන් අද්භූත සිදුවීම් පිළිබඳ ගුවන් නියමුවරුන්ට වඩා හොඳ පැහැදිලි කිරීම් ඇතැයි තමා සිතන බව පවසා ඇත.
මෙම තත්ත්වය හමුවේ 2016 ජනවාරි මාසයේදී දිනකදී අයර්ලන්ත ජාතික නික් ඕ ඩොනර් මහතාද මුහුණ දුන් සිදුවීම අතිශය පුදුම සහගත නොවන්නේද? ඔහු මුහුණ දුන් එම අද්භූත සිද්ධිය ඒ මොහොතේ ඒ අසල සිටි කාන්තාවන් කිහිප දෙනෙකුද නරඹන්නේ පුදුමයට මෙන්ම තිගැස්මකටද ලක් වෙමිනි.
එම සිද්ධාන්ත පිළිබඳ පැහැදිලි කරන කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැහැදිලි කරන්නේ විද්‍යා ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුවද ඉන් ඔබ්බට ගිය අද්භූත සිද්ධීන් මෙම මිහිතලය මත තවදුරටත් ඇතිවිය හැකි බවයි. කීර්ති වික්‍රමරත්න මහතා පවසන පරිදි ජපන් ජාතිකයකු වන කේන්ජු ශරුඩ් මහතාද මෙවැනි අද්භූත සිද්ධියකට මුහුණ පා ඇත. බ්ඒඹ් 1628 නමැති ගුවන් යානයේ නියමුවා වන කේන්ජු 1986 නොවැම්බර් 17 වැනි දින පස්වරු 05.11ට පැරිස් සිට ටෝකියෝ බලා පිටත් වී තිබේ. එහිදී ඔහු ඇමෙරිකාවේ ඇලෙස්කා ප්‍රදේශයේදී ඕවලාකාර අද්භූත (පිටසක්වළ) යානා තුනකට මැදි වන්නේ එම යානාවල ආගමනය රේඩාර් තිරයේ දක්වමිනි.
දිනෙන් දින මිහිතලය මත සිදුවන මෙවැනි අද්භූත සිද්ධීන් පිළිබඳව පැහැදිලි කරන කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද කීය.
"මේ විශ්වයේ සැම විටම බොහෝ අද්භූත සිද්ධීන් සිදු වෙනවා. ඒවායින් සමහර දේවල් විද්‍යාවෙන් ඔප්පු කරගන්න පුළුවන්. බොහෝ කරුණු විද්‍යා තාක්ෂණයට අහු වෙන්නේ නැහැ. මොකද මේ ලෝකයේ ස්වාභාවිකව සිදුවන අද්භූත සිද්ධීන් කිසිවකුටත් විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැ. ලංකාවේත් පසුගිය කාලවල අද්භූත සිද්ධීන් ගොඩක් වෙලා තියනවා. සමහරුන් මේවා පිළිගත්තට ඇතැමුන් බැහැර කරනවා. ඒත් ලෝකයේ තාක්ෂණයෙන් දියුණු රටවල් මේ පිළිබඳව පරීක්ෂණ කරනවා. 1928 චාලි චැප්ලින් රඟන 'ද සර්කස්' නම් චිත්‍රපටයේ එක් ජවනිකාවක කාන්තාවක් සිනා සෙමින් කතා කරමින් යන්නේ ජංගම දුරකතනයක් වගේ දෙයක් අතේ තියාගෙන.
මේ පිළිබඳ මෙලෝ හසරක් නොදන්නා කාලයක චිත්‍රපටයට ජංගම දුරකතනයක් පැමිණියේ චිත්‍රපට නිෂ්පාදක "ජෝජ් ක්ලාක්"ගේ අදහසක් ඇතිවයි. ඔහු කියන විදියට එය අනාගතය දකින්නකු හරහා ලබාගත් අදහසක්. මෙය චිත්‍රපටයට ඔහු යොදා ගන්නේ ඊට අමුතු අත්දැකීමක් ගෙන ඒමට නමුත් පුදුමය නම් දශක ගණනාවකින් පසු මේ තාක්ෂණය ලෝකය පුරා නොසිතන අන්දමින් විකාශය වී ඇති ආකාරයි. ඉතින් මේ වගේ සිද්ධීන් මේ ලෝකයේ අනන්තවත් සිදුවෙලත් ඇති. ඒවා විද්‍යා තාක්ෂණයට අහුවෙලා නැතිවත් ඇති.
මේ සිදුවීම් දිහා බලන කොට ලෝකය ඇත්තටම විශ්වීය නිර්මාණයක්. අවාසනාවකට ලෝකයේ තාක්ෂණික රටවල් අතරින් අපි ඉන්නේ ගොඩක් පිටුපසින්. ඒත් අපේ රටේ තවම තාක්ෂණික පහසුකමක් නිර්මාණය වෙලා නෑ. මේ වගේ දේවල් සනාථ කර ගන්න. මේ වගේ සිදුවීම්වලට මාධ්‍යයෙන් හරි ඉඩකඩ වැඩියෙන් දීලා අපේ රටේ දරුවන්ට ලෝකයේ විශ්වීය තාක්ෂණ දැනුම ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒක අනාගතයට අපේ දරුවන්ට ලබාදෙන හොඳ ආයෝජනයක්"
0 comments: