සඳ මත ටයිටේනියම් කඳු වැටි

11:34:00 PM max 0 Comments



ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇති කදු චන්ද්‍ර‍යා මතුපිට දක්නට ලැබෙන බව පර්යේෂකයෝ කියති.
මේ හෙළිදරව් කිරීම කර ඇත්තේ චීනයේ ජේඩ් රැබිට් රෝවරය විසින් සඳ මතුපිටින් ගන්නා බැසොල්ට් නමැති ගල් වර්ගයක සාම්පල පරීක්ෂා කිරීමෙනි. 
විද්‍යාඥයන් පවසන්නේ සඳ මත පවතින ගිනිකඳු ස්වභාවය ගැන දැන් අවධානය යොමුකර ඇති බවයි.
මෙම කඳුවල  අනර්ඝතම ටයිටේනියම් ඩයෝක්සයිඩ්, යකඩ සහ මැග්නීසියම් යන ඛණිජවලින් සමන්විත ඔලිවින් නැමැති මූලද්‍රව්‍ය වල සම්මිශ්‍ර‍ණයක් ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි.
චන්ද්‍ර‍ ගවේෂණයට චීනය මේ රෝවරයට යවන ලද්දේ 2013 වර්ෂයේ දී ය. එම වසරේ දෙසැම්බරයේ සිට රෝවරය සඳ මතුපිට ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.
නාසා මගින් සිදුකළ ඇපලෝ ගමන්වල දී එවන ලද චන්ද්‍රයාගේ බැසෝල්ට් සාම්පල වලට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් චීන ජේඩ් රැබීඩ් මගින් මගින් සොයාගත් සාම්පල වල තිබෙන බව පර්යේෂකයෝ කියති.
ඇමරිකානු සහ චිනයේ ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් එක්ව මේ සොයා ගැනීම නේචර් කොමියුනිකේෂන් නමැති ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍රසිද්ධ කර ඇත.

0 comments:

මොන්ටානහි හදුනා නොගත් වස්තුව

10:52:00 PM max 0 Comments

ඇමරිකාවේ මොන්ටානහි වාසය කරන පුද්ගලයෙකු විසින් කැමරාවට හසුකරගත් ඡායාරූපයක් තමා මේ තියෙන්නේ. හඳුනාගැනීමට නොහැකි වස්තුවක් සහ අද්භූත ආකාරයේ ආලෝකයක් දැක්වෙන මේ ඡායාරූප ඔහු ලබාගෙන තිබුණේ පසුගිය නොවැම්බර් 04 වැනිදායි. ඡායාරූපය ලබාගත් ආචාර්ය රිචර්ඩ් ඕ’කොර්නර් කියන්නේ මේ ඡායාරූපවල දැක්වෙන්නෙ පිටසක්වල යානා කියලා. වසර ගණනාවක් තිස්සේ පිටසක්වල ජීවින් ඡායාරූපගත කිරීමේ කැමැත්තෙන් පසුවූ ඔහු, තම විනෝදාංශය බවට පත්කරගෙන තිබුණේත් අහස ඡායාරූපයට නැගීමයි. මෙම ඡායාරූපවල සත්‍ය අසත්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ. මේ ඡායාරූප සත්‍ය බවට තහවුරු වුවහොත්, ලොව මෙතෙක් ලබාගත් හඳුනා නොගත් ආකාශවස්තුවල හොඳම ඡායාරූප අතරින් එකක් මෙය වන බවට සැකයක් නොමැති බවයි “The New York Daily News” පුවත්පත වාර්ථා කරයි.

0 comments:

2016 Quadrantids උල්කාපාත වර්ශාව

4:24:00 PM max 0 Comments

2016 නව වසරේ පලමු උල්කාපාත වර්ශාව වන Quadrantids උල්කාපාත වර්ශාව වේ.මෙය සාමාන්‍ය මට්ටමේ උල්කාපාත වර්ශාවක් වන අතර පැයකට උල්කා 40ක් පමණ දැකගත හැක.මෙම උල්කාපාත වර්ශාවට හේතු වන්නේ 2003 EH1 නම් ග්‍රහකය මගින් අභ්‍යවකාශයේ ඉතිරි කර ගිය අවශේෂයි.ජනවාරි 4 වනදා අළුයම කාලයේදී වසර සිය ගණනක් තිස්සේ සූර්යයා වටා භ්‍රමණය වෙමින් පවතින මේ කුඩා අංශු පැයට මීටර 90 000 ක පමණ වේගයෙන් පෘතුවි පෘෂ්ඨයට සැතපුම් 50ක් පමණ ඉහළ වායුගෝලයේ ගැටී ගිනිගෙන දැවෙමින් පෘතුවියට කඩා වැටී සිය දීර්ඝ ගමන නිමා කරනු ඇති.Quadrantids උල්කාපාත වර්ශාවට මේ නම ලැබී ඇත්තේ 1705 දී පමණ ප්‍රංශ තාරකා විද්‍යාඥයෙකු වන Jerome Lalande විසින් හඳුන්වාදෙනු ලැබූ දැනට භාවිතයේ නැති Quadrans Muralis නම් තාරකා රාශිය ඇසුරිනි.එයින් පැරණි තාරකා විද්‍යාත්මක උපකරණයක් නිරූපණය වන අතර එය බූටස් සහ ඩ්‍රාකෝ තාරකා රාශි අතර පිහිටයි.මෙම තාරකා රාශිය ප්‍රථම වරට නිරීක්ෂනය කලේ 1825 වසරේ වන අතර මෙවර එය උතුරු අර්ධගෝලයට පමණක් මධ්‍යම රාත්‍රියෙන් පසුව ඊසානදිග අහසේ දැකගත හැක.

The Quadrantid Meteor Shower 2016

The Quadrantid meteor shower peaks in the early morning of January 4, 2016. During this brief but occasionally intense meteor shower Slooh will present a live broadcast in conjunction with multiple partner sites. During this live show, we present wide-angle views of the night sky as we watch for Quadrantid meteors.

0 comments:

ලව්ජෝයි වල්ගාතරුව

3:14:00 PM max 0 Comments

ජනවාරි මස 30 වනදා සූර්යාට ආසන්නයෙන් අභ්‍යාවකාශය හරහා ගමන් කළ 'ලව්ජෝයි' වල්ගාතරුවෙහි පාෂාණ කොටස්‌හි ඇල්කොහොල් සහ සීනි අනු ඇතැයි නවීනතම පර්යේෂණ මගින් විද්‍යාඥයන් සොයාගෙන ඇත.
මෙම ඇල්කොහොල් සහ සීනි අනු වල්ගාතරුවල ඇති බවට තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගත්තේ ප්‍රථම වරට බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කරයි.
කුමන ග්‍රහලෝකවල සිට පෘථිවියට කඩාවැටෙන වල්ගාතරුවල මෙම ඇල්කොහොල් සහ සීනි අනු තිබෙන්නේදැයි කියා අදාළ වල්ගාතරුවල පාෂාණ කොටස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ මේ වන විට පරීක්‍ෂණ පවත්වති.
වල්ගාතරුවක්‌ පෘථිවියට කඩාවැටෙන විට විනාශ වී කුඩා පාෂාණ ලෙස පතිත වන නිසා ඒවායේ ඇති අනෙකුත් රසායන ද්‍රව්‍ය ගැන හඳුනාගැනීමට අපහසු වී ඇත.

0 comments:

අඟහරු ග්‍රහයා තුල අල වගා කිරිම

3:12:00 PM max 0 Comments

අඟහරු ග්‍රහයා තුල පවතින පරිසර තත්වයන්ට සමාන පරිසරයක අල වැවීම සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයින් සූදානම් වන බව වාර්තා වේ.
පේරු රාජ්‍යයේ පිහිටා ඇති Pampas de La Joya කාන්තාරයෙන් හමුවන අඟහරු ග්‍රහයාගේ හමුවන පස් වලට බෙහෙවින් සමාන පස් යොදාගනිමින් සහ විද්‍යාගාරයක් තුල අඟහරු ග්‍රහයා තුල පවතින පරිසර තත්වයන් නිර්මාණය කරමින් ඔවුන් මෙම පර්යෙෂණ සිදු කිරීමට නියමිත වේ.
අනෙකුත් ග්‍රහලෝක මත මිනිස් වාසස්ථාන පිහිටුවහොත් ඒවා මත ඔවුන්ට වගා කළ හැකිද යන්න හඳුනාගැනීමටද ඔවුන් පර්යේෂණ සිදුකිරීමට නියමිත බව පැවසේ.
ඊට අමතරව පෘථිවිය මතද දරුණු කාළගුණික තත්වයන් මත වගා කිරීම සම්බන්ධයෙන්ද ඔවුන් පර්යේෂණ සිදුකිරීමට සූදානම් වෙයි.
ජාත්‍යන්තර අල මධ්‍යස්ථානය සමඟ එක්වූ නාසා ආයතනය මෙම පර්යේෂණ සිදුකරන්නේ අඟහරු ග්‍රහයා මත ඉදිකරන පරිසර තත්වයන් පාලනය කරන ලද කුටීරයක් තුල අල වගා කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි.

0 comments:

දෙසැම්බර් 25 වැනිදා ඇස්ටරොයිඩයක් පෘථිවිය අසලින් යයි

9:11:00 AM max 0 Comments

නන්තල් දින සන්ධ්‍යාවේ පෘථිවිය අසලින් යන අති විශාල ඇස්ටරොයිඩයක් හේතුවෙන් පෘථීවියේ භූකම්පන හෝ ගිනි කඳු සක‍්‍රිය වීමේ අවදානමක් පවතින බවට විද්‍යාඥයන් ප‍්‍රකාශ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ හා තාරකා ජීව විද්‍යා ගවේෂක කීර්ති වික‍්‍රමරත්න මහතා පවසයි.
2003 ඉච් 220 ලෙස නම් කර ඇති මේ ඇස්ටරොයිඩය මුල් වරට නිරීක්ෂණය කර ඇත්තේ 2003 වසරේ සැප්තැම්බර් 29 වැනි දින ඇරිසෝනාහි ලොබෙල් අභ්‍යවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් බව කීර්ති මහතා කියයි.
නත්තල් දින සන්ධ්‍යාවේදී සැතපුම් එකහමාරක් පළලින් යුත් මේ ඇස්ටරොයිඩය මිහිතලයට සැතපුම් මිලියන 6.7ක දුරකින් තත්පරයට සැතපුම් 17.5ක වේගයකින් ගමන් ගන්නා බවට විද්‍යාඥයන් සනාථ කර ඇති බව කීර්ති වික‍්‍රමරත්න මහතා කියයි.
නාසා ආයතනය පෘථීවිය ආසන්නයේ තිබෙන මෙවැනි ග‍්‍රහක කොටස් 12,992ක් නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අතරින් ඇස්ටරොයිඩ 1607ක් උපද්‍රවයන් ඇති කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම මෙවැනි ඇස්ටරොයිඩ හා වල්ගා තරු ආදිය පෘථිවියේ ගැටීමේ සම්භාවිතාව ඉදිරි වසර 100දී 0.01%ක් වැනි ප‍්‍රතිශතයක් වේ යැයිද නාසා ආයතනය අනුමාන කරන බවද කීර්ති මහතා පැවැසීය.

අදින් වසර මිලිනයන 65කට ප‍්‍රථම මිහිතලයේ සිටි දැවැන්තයා වන ඩයිනසෝරයන් වඳ වී ගියේ ඇස්ටරොයිඩයක් පෘථිවිය හා ගැටීම නිසා බවත් යම් හෙයකින් සැතපුම් එකහමාරක පමණ ඇස්ටරොයිඩයක් පෘථිවියේ ගැටුණහොත් එය මහද්වීපයක ප‍්‍රමාණයක විනාශයක් ඇති කරනු ඇතැයි විශාරදයන් පෙන්වා දෙන අතර ඉන් ඇතිවන ව්‍යසනය අති මහත් වන බවද කීර්ති වික‍්‍රමරත්න මහතා සඳහන් කෙළේය.
”‍නාසා ආයතනය හා අනෙකුත් තාරකා විද්‍යා විශේෂඥයන් එම අදහස මුළුමනින්ම බැහැර කරන බව ලෝක මාධ්‍ය කියනවා”‍. ඒත් පසුගිය ඔක්තෝබර් 31 වැනිදාට හැලොවින් රාත‍්‍රියේදී පෘථිවිය අසලින් ගිය අභ්‍යවකාශ වස්තුව මුලදී හඳුනා ගත්තේ ග‍්‍රහකයෙක් විදියට. පෘථිවියට කිලෝමීටර් 4,86,000ක් දුරින් ගමන් ගත් එය ඇස්ටරොයිඩයක් නොව මියගිය වල්ගා තරුවක් බව හඳුනා ගැනීමට නාසාහි හවායි හි පිහිටි අධෝරක්ත දුරේක්ෂය පර්යේෂණ වැඩසටහනට පුළුවන් වුණා.
ඉතින් කොච්චර තාක්ෂණය තිබුණත් එම එඊ 145 හැලොවින් අභ්‍යවකාශ වස්තුව අස්ටරොයිඩයක්ද, වල්ගා තරුවක්ද, මියගිය වල්ගා තරුවක්ද යන්න පවා අවසාන මොහොත තෙක් පැවැසීමට නාසා ආයතනයට අපහසු වුණා. අපට දෘශ්‍යමාන වන විශ්වීය සංසිද්ධි අපූර්ව මෙන්ම අද්භූත බවක්ද මවා පානවා. මේ 2003 ඉච් 220 ලෙස නම් කරලා තියෙන ඇස්ඩරොයිඩය සරලවම කිව්වොත් මෙම යෝධ ඇස්ටරොයිඩය පෘථිවිය හා සඳ අතර දුර මෙන් 28 ගුණයක් දුරින් ගමන් කරනවා. ඒ කියන්නේ කිලෝමීටර් මිලියන 11ක දුරින් තමයි මේක ගමන් කරන්නේ.”‍ කීර්ති වික‍්‍රමරත්න මහතා වැඩිදුරටත් එලෙස කීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කැලණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය ප‍්‍රභාත් හේවාගීගනගේ මහතා පැවැසුවේ මීට පෙරද පෘථිවිය ආසන්නයෙන් ඇස්ටරොයිඩ ගමන් කර ඇති අතර එලෙස ගමන් කිරීම නිශ්චිතව පෘථිවියට හානියක් වේ යැයි ප‍්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවය.
එමෙන්ම පෘථිවියේ ගිනි කඳු හා කම්පන ඇතිවීම හා මේ ඇස්ටරොයිඩය අතර සම්බන්ධතාවක් නොමැති බව පැවැසූ ඒ මහතා යම් හෙයකින් ඇස්ටරොයිඩය පෘථිවියට වඩාත් සමීප වුවහොත් එහි කොටස් පෘථිවියට වැටීමේ ඉඩකඩ ඇතත් එය සිදුවීමේ ඉඩකඩක් නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරන්නේ මෙවැනි ප‍්‍රමාණයේ ඇස්ටරොයිඩ පෘථිවියේ සිට මේ දුර ප‍්‍රමාණයෙන්ම මීට පෙරද ගමන් කර ඇති බවය.
එහෙයින් මේ ඇස්ටරොයිඩය හේතුවෙන් භූමිකම්පා හෝ ගිනි කඳු සක‍්‍රිය වීමක් කිසිවිටෙකත් සිදු නොවන අතර පෘථිවියට හානියක් සිදු නොවන බවත්ය.

0 comments:

2016 වසරේ සෑම දිනකම චන්ද්‍රයා දිස්වන ආකාරය

5:21:00 PM max 0 Comments

චන්ද්‍රයා පෘථිවියට අයත් ස්වාභාවික චන්ද්‍රිකාවක් කිව්වොත් නිවැරදියි. පුංචි කාලේ ඉඳලම හඳ දිහා බලන් ඉන්න ලොකු පුංචි ගොඩක් දෙනෙක් ආස කරනවා. ඒ වගේම හඳ එක්ක ගෙතිලා තියන නොයෙක් ජනකතා වගේ දේවලුත් පවතිනවා. විවිධ ආගමික සම්ප්‍රදායනුත් ඒ සමඟ බැඳී තිබෙනවා.
කොහොම හරි NASA ආයතනය සඳ ගැන අලුත් වීඩියෝවක් නිර්මාණය කළා. මේ වීඩියෝවේ අන්තර්ගත වන්නේ 2016 වසරේ සෑම දිනකම චන්ද්‍රයා දිස් වන ආකාරයයි. විශේෂයෙන්ම උතුරු අර්ධ ගෝලයේ ඉන්න පිරිසට දිස් වන ආකාරයයි. උතුරු අර්ධගෝලයට සහ දකුණු අර්ධගෝලයට සඳ දිස්වන ආකාරය සහ සඳ පායන ආකාරය එකම විදිය යැයි සිතුනත් එහි තරමක වෙනස් ස්වභාවයක් පවතිනවා. පුරපක්ෂයේ සහ අවපක්ෂයේ සඳ සෑම දිනකම දිස්වන ආකාරය මෙහි දැක්වෙනවා.
සාමාන්‍යයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ පෘථිවියේ සමකය වටායි. ඒ වගේම දක්ෂිණ අර්ධගෝලයට චන්ද්‍රයා උඩුයටිකුරුව තමයි දිස්වෙන්නේ.
සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ ජිවත් වන පිරිසට චන්ද්‍රයා පායා ඒම දිස් වන්නේ මේ ආකාරයෙන්. ඒ කියන්නේ දකුණේ සිට වමටයි.


 ඒ වගේම දක්ෂිණ අර්ධගෝලයට එය දිස්වන්නේ වමේ සිට දකුණට සඳ උදාවෙන ආකාරයටයි. 

0 comments:

පොලව යට සිටි පිටසක්වල ජීවින්

9:20:00 AM max 0 Comments

කළු මුහුදින් හා ටෝරස් කඳු වැටියෙන් මායිම් වූ තුර්කියේ කපධෝෂියා ප්‍රදේශය පිහිටා ඇත. මෙහි ඇති ගිනිකඳු පිපිරිම මගින් ඇතිවූ ගල් කඳුවල සුළඟින් හෑ ජලයෙන් කාධනය වී විවිධ හැඩතල නිර්මාණය වී ඇත. සමහර පර්වත පුරාතන මිනිසුගේ ගෙවල් බවට අප්ත්වී ඇති අතර තවත් සමහරක අදටත් මිනිසුන් වාසය කරයි.1963 දී තුර්කි පව්ලක් විසින් මිලදී ගත පැරණි නිවසක බිත්තියක් කඩාවැටීමෙන් පසු ඔවුනට ගලෙන් නිර්මාණය වූ කොරිඩෝවක් හමුවිය. එමකොරිදොව වැටි තිබුනේ වසර දහස් ගණනක් පැරණි භූගත නගරයකටය.
ආදී 260ක් පමණ පොලව අභාන්තරයේ විශිෂ්ඨ ඉංජිනේරු තාක්ෂණයකින්  නිර්මාණය කර ඇති මේ නගරය තට්ටු 13කින් සමන්විතවේ. මෙහි සෑම කාමරයටම කොරිඩෝරයට හා පහළම තට්ටුවට වාතය සපයන වායු අගල් 15000ක් පමණ තිබෙන බව සොයාගෙන ඇත.
මෙහි ඇති කාමර හා අගර තුල මිනිසුන් 20000 ක් පමණ පහසුවෙන් රඳවා තබා ගත හැකි අතර ආගමික මධස්ඨාන. ගබඩා කාමර. වයින් ආගාර මෙන්ම සතුන් රැඳවීමට යොදාගන්න ස්ථානද සොයාගෙන ඇත.

විද්‍යානයන්ට හ ඉංජිනේරුවන්ට අනුව මෙම නිර්මාණය කිරීම සඳහා දැනට ඇති තාක්ෂනය ප්‍රමාණවත් නොවන බව සඳහන් කර ඇත. එසේනම් මිට අවරුදු 1000 කට ප්‍රථම මෙය නිර්මාණය කලේ කෙසේද? මෘදු ලාවා මිශ්‍රිත ගිනිකදු පාෂාණයේ මෙවන් නිර්මාණයක් කිරීමේදී එය කඩා වැටීම වැලැක්වීමට ආධාරකය මනා ලෙස ගලෙන්ම තනවා තිබීමත්, කිසිදු කාමරයක් ආගාරයක් හෝ කොරිඩෝවක් කඩා වැටී නොතිබීමත් මගන්පෙන්නුම් කරන්නේ මෙය නිපදවූයේ කවුරැන් වුවද ඔවුන් තමා කරන දෙය, කල යුතු දෙය හා තම අමුද්‍රව්‍ය පිළිබදව ඉතාමත් හොද දැනීමක් සහිතව මෙය නිපදවූ බවය.

මෙය නිපදවූයේ විශේෂ දැනුමක් ඇති මිනිස් කොට්ඨාශයක් විසින්ද?? නැතහොත් මෙවැනි නිර්මාණයක් කිරීමට දැනුම ඔවුන්ට කව්රුන් හෝ ලබා දුන්නාද? අලංකාරවූ පෘතුවිය මතුපිට අතහැර දමා මොවුන් මේ පෘතුවිය අභාන්තරයේ ජිවත් වුයේ අයි??


කැපඩෝෂියා ප්‍රදේශය මුලින්ම අයිතිව තිබුනේ ZorroAstrian (සොරෝඔස්ට්‍රියානු) ජනතාවගේ අධිරාජ්‍යයටයි. සොරෝ ඔස්ට්‍රියානු ආගම මෙලොව ඇති පැරණිතම ආගමික සම්පුදායන් ගෙන් එකකි. හොද සහ නරක බලවේග අතර විරැද්ධත්වය මත ගොඩනැගුණු පුරාවෘත්තයක් මත මෙම ආගම නිර්මාණය වන්නට ඇත්තේ ක්‍රි.පූ. 6 වන සිටවසටත් පෙර බව සැලවේ. ඔවුන්ගේ ආගමික නායකයා වූයේ සියළු දෙයෙහි නිර්මාතෘවූ Ahura Mazda (අහූරා මාස්බා) නම් දෙවිවරයෙකි.

සියළුම ප්‍රථිමා වල, ලිපි වල, ලේඛනවල හා චිත්‍ර සටහන් වල අහුරා මස්ඩා නිරූපණය කර ඇත්තේ පියාපත් යුගලයක් සහිත සෘෂි වරයෙකුගේ පෙනුමක් සහිත පුද්ගලයෙකු ලෙසය. සොරෝ ඇස්ට්‍රියානු ආගමික ලේඛන ග්‍රන්ථය හෙවත් "වෙනිඩාඩ්" ග්‍රන්ථයේ දෙවන පරිච්ඡේදයේ දී අහුරා මස්ඩා ලෝක ව්‍යාප්ත ව්‍යාසනයකින් මනුෂ්‍ය වර්ගයා ගලවාගත් බව ප්‍රකාශ කර සිටියි.මෙම කථාන්දරය බොහෝ දුරට, ශුද්ධ වූ බයිබලයේ ඇති නෝවාගේ කථාවට සමාන වෙයි. අහස් දෙවියා ලෙස සැලකෙන අහුරා මස්ඩා විසින් සීමා (Yima) නම් ශාස්තෘවරයාට පොළොව යට නගරයක් තැනීමට උපදෙස් දුන් අතර ලෝක ව්‍යාප්ත ස්වභාවික ව්‍යාසනයකින් මනිසුන් හා සතුන් ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ විය. පුරාණ ග්‍රන්ථයට අනුව යීමා සිය දෙවියාගේ අණට අනුව යමින් මට්ටම් ගණනාවක භූගත නගරයක් බිහි කරන ලදි. කෙසේ වුවද මෙය ඉදිකරනු ලැබූයේ ජල ගැල්මකින් ආරක්ෂා වීමට නොව ලෝක ව්‍යාප්ත අයිස් යුගයකින් අරක්ෂා වීම සදහාය.බොහෝ දේශගුණ විද්‍යාඥයන්ට අනුව අවසාන අයිස් යුගය පැවතුනේ වසර 18000 කට පමණ පෙර වන අතර එය ක්‍රි.පු. 10000 දී පමණ අවසන් වූ බව සැලකේ.

එසේ නම් භූගත ඩැරීන් තූය නගරය බිහිකලේ එවන් ව්‍යාසනයකින් ආරක්ෂා වීමටද?

 ඩැරින් ක්යු යනු අහස් දෙවියා වූ අහුරාමාස්ඩාගේ උපදෙස් අනුව බිහිකළ අරක්ෂිත නිවහනක් වේ. අපට එක් ප්‍රශ්නයක් ඉතිරි වෙයි. අහුරා මස්ඩා යනු කවුද?සිදුවීමට නියමිත පාරිසරික වශයෙන් දැවැන්ත වෙනස් කමක් ගැන දැනුම තිබූ ඉන්ජිනේරැ තාක්ෂණය හා භූගර්භ විද්‍යාව පිළිබද මෙන්ම ගෘහනිර්මාණ ශිල්පය පිළිබද දැනුම තිබූ අහුරා මස්ඩා සැබැවින්ම වෙනත් ලොවකින් මෙහි පැමිණි ඉතාමත් දියුණු ජීවියෙක් ද?මෙහි සුලමුල සෙවීම පහසු නැතත් බොහෝ අතීත ලේඛණ වල අහසින් පොළොවට බට ජීවීන් මෙලොව ජනයාට විවිධ දේ තැනීමට, වටහා ගැනීමට හා ජය ගැනීමට ඉගැන්වූ බව ප්‍රකට කරුණකි. එම ජීවීන් සතුව අපට ඉතා පහසුවෙන් අභිබවා යෑමට හැකියාව තිබූ බැවින් ඔවුන් දෙවියන් සේ සලකන ලදි.

මෙයට තුඩු දෙන තවත් පැහැදිලි කිරීමක් ඩැරින්කුයූ හි අසාමාන්‍ය අරක්ෂණ පද්ධතිය තුල සැගව ඇත. ඩැරින්කුයු හි ආගාරවල දොරවල් ඉාමත් බර වෘත්තාකාර ගල් පතුරු වලින් නිපදවා ඇති අතර ඒවා එක් පුද්ගලයෙකුට වුවද පහසුවෙන් එහා මෙහා කල හැකිය. එසේ වුවද ඒවා වසා දැමීමට මෙන්ම විවෘත කිරීමට ද හැකියාව ඇත්තේ ඇතුලතින් පමණි. පිටති එය විවෘත කිරීම කළ නොහැකි කටයුත්තකි

මෙමගින් පැහැදිලි වන්නේ ඩැරින්ක්යු ජනතාව යම් බලවේගයකින් සැගව සිටීමට හෝ ආරක්ෂා වීමට මෙම නගරය නිපද වූ බවයි. සෝරෝ ඇස්ට්‍රියානු ලේඛන වලට අනුව ඔවුන්ගේ නිර්මාතෘ වූ අහුරා මස්ඩා දෙවියන් විනාශයේ හා මරණයේ දෙවියා වූ අන්ග්‍රෝමේන්යු සමග සටන් කල බව පැවසේ. එසේම අහුරා මාස්ඩා මෙම යුද්ධයේ දී ඉතාමත් සුවිශේෂ එථයක නැගී අහසින් ගිය බවද කියවේ.

නවීන තාක්ෂණික ඇසින් බලන විට මෙය විරැද්ධ මත දැරූ පිටසක්වල ජීවී දෙපිරිසක් අතර ගැටුමක් හෝ යුද්ධයක් බව පැවසිය හැකිය. මක්නිසාද යත් එකලදී කිසිදු මනුෂ්‍ය ශිෂ්ටාචාරයකට පියාඹීමේ හැකියාව නොතිබූ බැවිනි. මෙම කරැණු නිසා ඩැරින්කයු භූගත නගරයබිහිකරනු ලැබූවේ පිටසක්වල ආක්‍රමණිකයන් සහ එම ආක්‍රමණිකයින්ගෙන් ආරක්ෂා වී සිටීමට යැයි සැකකිරීමට හැකිය. මෙයට තුඩු දෙන තවත් කරැණක් නම්, යමකු පොළෙව යට සැගව සිටින්නේ බිමින් පහර දෙන සතෙකුට විරැද්ධව නම් එය අඥාන ක්‍රියාවක් බැවිනි. මක්නිසාද යත් පොළොව මතු පිටින් එන සතුරෙකුට පහසුවෙන්ම ගුහාව හෝ භූගත නගරයේ දොරටු අවහිර කර ක්ෂණිකව එය මිනී වලක් බවට පෙරළීමට හැකි නිසාය. නමුත් වේගයෙන් අහසේ ගමන් කරන සතුරෙකුට නම් වා කවුලු හෝ ගුහා දැකගැනීමට ද අතිශය අපහසු කාරියකි.

ස්වභාවික ව්‍යාසන හෝ පිටසක්වල ජීවී තර්ජන කෙසේ වුවද ඩැරික්කුයු ගුහා සංකීර්ණය නිපදවීමට තාක්ෂණික වශයෙන් ඉතාම අපහසු කාර්යයකි. එබැවින් එහි නිර්මාණය කිරීම මිනිසුන් අතින් සිදුවූවක් ලෙස සැලකුවද එහි මෙහෙයුම් කාර්ය සිදුකරන ලද්දේ අපගේ දැනුම පහසුවෙන් අභිබවා ගිය ජීවී කොටසක් විසින් ව නම් පැහැදිලිය. කෙසේ වුවත් මෙම නිර්මාණ සීමා වන්නේ තුර්කියට පමණද? නැත ලොව පුරා විවිධ ස්ථානවලින් මෙවන් භූගත විශ්මයන් වාර්තා වෙයි.


0 comments:

Earth Polychromatic Imaging Camera

8:19:00 AM max 0 Comments


NASA ආයතනය පසුගිය දින වලදි නව වෙබ් අඩවියක් හදුන්වා දීමක් සිදු කළා.මෙම වෙබ් අඩවිය මගින් පසුගිය පැය 36 තුළ පෘථිවියේ සූර්යාගෙන් ආලෝකමත්වු ප්‍රදේශ වල ජායාරූප 19ක් පමණ දැකගැනීමට පුලුවන්.මෙම නව වැඩසටහන EPIC (Earth Polychromatic Imaging Camera) ලෙස නම් කර ඇති අතර DSCOVR (Deep Space Climate Observatory) චන්ද්‍රිකාව පෘථිවියේ සිට 874.470 miles දුරින් පිහිටා ඇති අතර මෙම චන්ද්‍රිකාව විසින් පෘථිවියෙහි ජායාරූප ගැනීමක් සිදු කරයි.මෙහිදි මෙගාපික්සල් 4ක වරණ ජායාරූප වරකට 10ක පෘථිවියට ඵවන අතර මෙම ජායාරූප 3ක් ඵක් කර තනි රූපය හදා ගන්නවා.මෙම හදාගත්ත රූප මෙගාපික්සල් 12ක් වන අතර පසුව මෙම වෙබි අඩවිය වෙත නිකුත් කරයි. පහත ලින්ක් ඵක මගින් මෙම වෙබි අඩවිය වෙත පිවිසිය හැකිය. 
නැරබීම මෙතන ක්ලික් කරන්න

0 comments:

නොවැම්බර් 2 වැනිදා තායිලන්ත අහසේ දිස්වු උල්කාපාතය

8:07:00 AM max 0 Comments

0 comments:

රුසියානු ජනපති පුටින් අමරණී්‍ය පිටසක්වල ජීවියෙක්ද?

7:50:00 AM max 0 Comments

රුසියානු ජනපති විලැද්මියර් පුටින් අමරණීයත්වය ලද පිටසක්වල ජීවියකු බවට පිරිසක් මතයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඔහුගේ බවට සැක කෙරෙන ජායාරූප කිහිපයක්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනුයි. 1920 , 1942 හා 2015 වසරවලදී මෙම ජායාරූප ගෙන ඇති බවත් ඒවායේ පෙනී සිටින්නේ රුසියානු ජනපති පුටින් බවත් එම පිරිස තර්ක කරනවා.කෙසේ වෙතත් ඒවා මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ. මේ එම විශ්මයජනකා ජායාරූප 3යි.

0 comments:

රැසියාවේ ඉගිලෙන දැරිය

9:22:00 PM max 0 Comments

මීට වසරකට පමන උඩදී, මිනිසෙකු රැසියාවේ කැලෑබද පෙදෙසකට තම බල්ලාද (ටාසzන්) කැටුව ගියේය. ඔහු ගියේ තම විඩියෝ කැමරාවද රැගෙනයි. එය හිම පතිත වන ශීත කාලය වූ අතර, ඔහු බල්ලාද සමග මදකට නැවතුනි. එතැන මොහොතක් නිශ්චලව සිටි ටාසzන් හිටි අඩියේම, කඩා බිදගෙන දුවන්නට විය. ඌ ඉදිරියට දිවගොස්, ඉන්පසු යා යුතු දිශාව කුමක්දැයි තීරනය කරගැනීමට නොහැකිවාක් මෙන් මදක් නැවතී, ඉන්පසු දකුණු පසට බුරමින් දුවන්නට වූයේය. කැලෑ රොද හේතුවෙන්, බල්ලාගේ ස්වාමියාට ඌ දුවන්නේ කුමක් පසුපස දැයි මුලින් පෙනුනේ නැත. ඔහු බල්ලාගේ නම අඩගාමින් කැලෑ රොදින් මෙපිටට ආවිට, ඔහු දුටුවේ අසාමාන්‍ය දර්ශණයකි. කුඩා දැරියක සහ ඇගේ මව හෝ වෙනත් ඥාතියෙකු යැයි සිතිය හැකි ගැහැනියක් එතැන සිටියෝය. ගැහැනිය උඩ බලාගෙන සිටි අතර, අෑ බලමින් සිටියේ අහසෙහි පාවෙන දැරිය දෙසයි! මිනිසා මෙම දර්ශණය වීඩියෝ ගත කල අතර, මෙම විඩියෝව මෙතෙක් කලකට විසදිය නොහැකි අභිරහසක් බවට පත්ව තිබේ. එය ප්‍රසිද්ධියට පත් කර රැසියාවේ රෑපවාහිනී ප්‍රවෘත්ති චැනලයක පවා ප්‍රදර්ශණය කෙරිනි.

පහත දැක්වෙන්නේ එම චැනලය මගින් විකාශණය කල විඩියෝව සහ, විඩියෝවේ රෑප වඩාත් පැහැදිලි කොට, එය විශ්ලේෂණයට ලක් කරන විඩියෝවකි. විශ්ලේෂණයට ලක් කරන විනාඩි 15ක පමන එම විඩියෝවේ, ගුවනේ පාවෙන දැරිය පමනක් නොව, ඒ අවට ප්‍රදේශයේ දිස්වෙතැයි කියවෙන අස්වාභාවික ලක්ෂණද පෙන්වා දෙයි. කෙසේ වෙතත් එහි දක්වන බොහෝ තැන් ගැටළු සහගත බව පෙනෙතත් (උදාහරණයකට, ගස් වල පෙනෙතැයි කියන මුහුණු), එහි දක්වන ඇතැම් දෑ වල කිසියම් සත්‍යතාවයක් ඇති බව අපට සිතේ (ගුවනේ පාවෙන දැරිය හරහා ගමන් කරන අවතාරයක් බදු ආලෝක කදම්භය වැනි දෑ). 

කෙසේවෙතත්, ඇතැම් විට මෙය සිතා මතා පරිගණ මෘදුකාංග මගින් නිමවූ වීඩියෝවක් වන්නටද ඉඩ තිබේ. එහෙත්, එසේ නොවීමටද ඉඩ තිබේ -- නියම සත්‍ය අප නොදනිමු. මෙනිසා, පහත විඩියෝ නරඹා, එය සත්‍යක්ද නැතිද යන්න තමන්ම තීරණය කරගැනීමට අප ඔබ එකිනෙකාට භාර කරමු.


රැසියානු රෑපවාහිනී ප්‍රවෘත්ති චැනලයේ විකාශනය කල, සංස්කරනය නොකරන ලද මුල් විඩියෝව සහ සංස්කරනය කළ විඩියෝව.
 

0 comments:

KIC 8462852

4:37:00 PM max 0 Comments

KIC 8462852යනු, පෘථිවියෙහි සිට දළ වශයෙන් 454 පාර්සෙක් (1,480 ආලෝක වර්ෂ) දුරින් චීනි තාරකා මණ්ඩලයෙහි පිහිටි F-වර්ගයේ ප්‍රධාන අනුක්‍රම තාරකාවකි. 2015 සැප්තැම්බර් මාසයේදී, ප්ලැනට් හන්ටර්ස් ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසින්, තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපියක් ප්‍රකාශයට පත් කලේ,  බහිෂ්-සෞර ග්‍රහ ලෝක නිරාවරණය කර ගැනුමට ඈත කක්ෂගතව ඇති තාරකාවන්හී දීප්තියෙහි වෙනස් වීම් නිරීක්ෂණය කරන, කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය විසින්,නිරික්ෂණය කෙරුනු, තාරකාවේ අසාමාන්‍ය අලෝක විචලනයන් විශ්ලේෂණය කරමිනි.මෙම තාරකාව වෙත, 2015 ඔක්තොම්බර් මාසයෙහිදී තදබල මාධ්‍ය අවධානය යොමු වුනේ, එහි අසාමාන්‍ය ආලෝකවක්‍රය විසින් බුද්ධිමත් පාරභෞම ජීවය හා සබැඳි ක්‍රියාවලියන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බවට සමපේක්ෂණයක් මතය.
නිරික්ෂිත කෙප්ලර් දත්ත
කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය වෙතින් ලබා ගත් තාරකාවේ දීප්තිය පිළිබඳ දත්ත අනුව පෙනී යන්නේ, අසංගත තීව්‍රතාවය සහිත, දීප්තියෙහි කුඩා සහ කාලාවර්තක නොවන අවපාතයන් නිතර සිදු වන බවත්, දළ වශයෙන් දින ~750 කට වරක් දීප්තියෙහි මහත් අවපාතයන් දෙකක් වාර්තා වී ඇති බවත්ය. තාරකාවේ දීප්තිය පිළිබඳව නිරික්ෂණය කෙරුනු අවපාතයන්ගේ හුදු තීව්‍රතාවය සහ විචල්‍යය, විද්‍යාඥයින් හට ප්‍රහේලිකාවක් විය. තාරකාවේ දීප්තියෙහි වෙනස්වීම් විසින් පෙනීයන්නේ, "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි.
උපකල්පිත
තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විසින් අනුමාන කර සිටියේ, තාරකාව අඳුරේ හෙලන වස්තූන්, පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ඩයිසන් ගෝලයක් වැනි, එනම් ඔවුන්ගේ ශක්ති අවශ්‍යතා සඳහා, තාරකාවෙහි ආලෝකයෙහි සමහර කොටසක් අල්වා ගැනුම සඳහා දියුණු ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ලෙසට සැලකිය හැකි මනඃකල්පිත ව්‍යුහයක් වන මහා ව්‍යුහයක කොටස් විය හැකි බවයි.  සෙටි ආයතනය සැලසුම් කරනුයේ, තාරකාව වෙත රේඩියෝ තැටි එල්ල කොට, බුද්ධිමත් පාරභෞම ජීවින් විසින් සිදු කෙරෙන රේඩියෝ විමෝචන පරික්ෂා කිරීමටය. එහි පිහිටුම සහ වේගය විසින් අඟවන අගයයට වඩා තාරකාව වයසින් අඩු වීමට බොහෝ ඉඩ ඇති බවයි.

0 comments:

ප්ලූටෝගේ නවතම ඡායාරූප නාසා මගින්

7:45:00 AM Sachitha Viraj 0 Comments

හැමෝටම සුබම සුබ උදෑසනක් !!!

පසුගිය වසර නවය පුරා සෞරග්‍රහ මණ්ඩලය වටා ගමන් ගත් අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ ග්‍රහයා ආසන්නයෙන් ගමන් ගනිමින් දත්ත එක්රැස් කරමින් සිටියි.
යානය ප්ලූටෝ වෙත ළඟා වූයේ පෘථිවියේ සිට කිලෝමීටර් කෝටි පන්සීයකට ආසන්න අභ්‍යවකාශ චාරිකාවක යෙදීමෙන් අනතුරුවයි.
යානය ඔස්සේ ලැබුණු ප්ලූටෝ ග්‍රහයාගේ ඡායාරූප පිළිබඳ විස්තර කරමින් අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන පර්යේෂක ඇලන් ස්ටර්න් කියා සිටියේ ‘නොයෙකුත් ආකාරයේ දීප්තිමත් කලාප ඔබට දැකිය හැකියි.
'එහි සමකයට ආසන්නයෙන් ඉතා කළු පැහැති කලාප තිබෙනවා. තුනී හෝ අඩු පීඩනයකින් යුත් නයිට්‍රිජන් සහිත වායු ගෝලයක් එහි තිබිය යුතුයි’ ඇලන් ස්ටර්න් පවසයි.




ප්ලූටෝ වෙත සමීප වි නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානයෙන් ලබාගත් ඡායාරූප රැසක් නාසා ආයතනය මාධ්‍යයට නිකුත් කැර ඇත. මේ ඡායාරූප මගින් ප්ලූටෝ ග්‍ර‍හයාගේ මතුපිට ස්ථරයේ ස්වභාවය පැහැදිලිව දක්නට ලැබෙන බව ද නාසා ආයතනය පවසයි.



කදු ශිඛර, ආවාට හා අයිස් එහි දක්නට ලැබෙයි. මේ ඡායාරූප ප්ලූටෝ පිළිබද ඉතා වැදගත් දත්ත රැසක් අනාවරණය කරන බව ද නාසා ආයතනය පෙන්වා දෙයි.
(අන්තර්ජාලයෙනි.)

0 comments:

ජෙමිනිඩ්ස් තරු වැස්ස

6:48:00 PM max 0 Comments

උල්කාපාත වැසි අතර රජ්ජුරුවෝ වශයෙන් සැලකෙන "ජෙමිනිඩ්ස්" නම් උල්කාපාත වර්ෂාවේ වාර්ෂික ආගමනයට නියමිත කාලය තමයි අපි මේ ගත කරමින් යන්නේ. සෑම වර්ෂයකම දෙසැම්බර් මාසයේ 4 - 17 දින කාල පරාසය තුළ සක්‍රිය වෙන මෙම උල්කාපාත වර්ෂාව මේ අවුරුද්දේ දෙසැම්බර් 13 වැනිදා රාත්‍රියේ සහ 14 දින අලුයම වෙද්දී උපරිමයට ළඟා වෙන්න නියමිතයි. ලොව පුරා ඕනෑම ස්ථානයකට දර්ශනය වීමත්, අනෙක් උල්කාපාත වැසිවලදී වැටෙන උල්කාපාතවලට වඩා විශාල සංඛ්‍යාවක් පැහැදිලිව හා ඉතාමත් අලංකාරව දැකගත හැකි වීමත් නිසා තාරකා විද්‍යා ලෝලීන් අතර මේ ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙලා තියෙනවා.
මේ උල්කාපාත වර්ෂාව උපරිම අවස්ථාවට ළඟා වෙන දෙසැම්බර් 13 සහ 14 රාත්‍රියේදී විවිධ වර්ණවලින් යුක්ත උල්කා 120ක් පමණ එක් පැයකදී කඩා වැටෙනු දැක බලා ගන්නත් පුළුවන්. අපි දකින බොහෝ උල්කාපාත වර්ෂාවන්ට හේතුකාරකය වෙන්නේ වල්ගා තරුයි. නමුත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව නිර්මාණය වෙන්නේ 3,200 නම් වූ ග්‍රහකයත් සමඟ ඇදී එන සුන්බුන්වලින් කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ජෙමිනිඩ්ස් කියන නම සඳහන් වෙන ආකාරයටම මෙම උල්කාපාත වර්ෂාව දිස් වෙන්නේ මිථුන රාශියේ සිට අහස පුරා විහිදී යන ආකාරයටයි. අහසේ දකුණු දිශාවට බරව තරමක් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වන අතරම ශ්‍රී ලංකාව අයත් වන උතුරු අර්ධ ගෝලයට අඳුර වැටෙද්දීම මේවා අපිට දැක බලා ගන්නට පුළුවන් කියලත් සඳහන් වෙනවා.
මෙවර දෙසැම්බර් 13 සහ 14 දිනයන්වල චන්ද්‍රයා අටවක තත්ත්වයට ආසන්නයේ පසුවන නිසා මෙම උල්කාපාතවල දීප්තිය දැක ගැනීම තරමක් දුරකට අපහසු වුණත් ජෙමිනිඩ්ස් උල්කාපාත දීප්තිමත් භාවයේ තීව්‍රතාව නිසා ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැති බවත් විස්තරවල සඳහන් වෙනවා. අහස වලාකුළුවලින් පිරිලා තිබුණොත් ජෙමිනිඩ්ස් දකින්න ලැබෙන්නේ තවත් වසරකට පසුව බව අමතක කරන්නත් එපා. විදුලි එළිය පහන් කණු ගොඩනැඟිලි ආදිය අවම ස්ථානයක සිට ඕනෑම කෙනකුට පියවි ඇසින් මෙය දැක බලා ගන්න පුළුවන්. මේක බලන්න කිසිම තාක්‍ෂණික උපකරණයක් අවශ්‍ය නොවුණාට මනා ඉවසීමක් නම් අවශ්‍ය වෙනවා.
මෙම අවස්ථාව සජීවි ලෙස විකාශණය කිරිමට slooh අඩවිය මෙවරත් සුදානමිව ඇති අතර ඔවුන් ලංකා වේලාවෙන් 14 පාන්දර 6.30 ට විකාශණය කරණු ඇත.මෙම ලින්ක් ඵක මගින් ඔබට ඵම අවස්තාව දැකගත හැකිය..
නැරබීමට මෙතන ක්ලික් කරන්න

0 comments:

ෂූ මාකර් ලෙවි

7:29:00 PM max 0 Comments

1994 ජූලි මස බ්‍රහස්පතී ග්‍රහයා සමග ගැටුනු ෂූ මාකර් ලෙවි නමි ග්‍රහ වස්තුව ඵකල වර්ථා වු විඩියෝව.

0 comments:

අගහරු මතින් හදුනා නොගත් යානාවක්

7:58:00 AM max 0 Comments

අගහරු ගවේෂණයේ යෙදි සිටින Curiosity rover මෙම සතියේ ඵවු ජායාරූප වල හදුනා නොගත් පියාසර වස්තුවක් අගහරු මතින් සොයාගෙන ඇත.මෙය අදුරු තැටියක ස්වභාවයක් ඇති අතර.මෙම වස්තුව තිරස් අතට ගමන් කර ඇති බවට සොයගෙන ඇත.

 

0 comments:

Harsha Vimukthi සොයුරාගේ නිර්මාණය

6:51:00 PM max 0 Comments

Space and Aliens Consideration Research Organization ගෘපයෙහි ඇඩිමින් වරයෙකු වන අප හිත මිතුරු Harsha Vimukthi සොයුරා පසුගිය දින වලදි සාර්ථක ලෙස අත්හදා බැලූ සරල රොකට් ඵන්ජීම පහත විඩියෝව මගින් ඔබට දැකගත හැකිය.
Harsha Vimukthi (S.A.C.R.O)

0 comments:

ජලය ඇති ලෝකයක්

6:05:00 PM max 0 Comments



ජල වාෂ්ප සහිත නව ග්‍රහලෝකයක් සොයාගත හැකි වූ බව ඇමෙරිකාවේ මෙරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. පෘථිවිය මෙන් හතරගුණයක් පමණ විශාලත්වයකින් යුතු මේ ග්‍රහලෝකය එච්.ඒ.ටී.පී - 11 ලෙස නම්කැර ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මෙය කිලෝ මීටර ට්‍රිලියනයක් හෙවත් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටන බවයි.
හබල්, ස්පිට්සර් සහ කෙප්ලර් දුර දක්න වල ආධාරයෙන් මේ ග්‍රහලෝකයේ වායුගෝලීය තත්ත්වය පිළිබඳ තේරුම් ගැනීමට හැකිවූ බව ද විද්‍යාඥයෝ කියති. වාළාකුළු නොමැති මේ ග්‍රහලෝකයේ වායුමය පිටවැස්ම ගැන සොයා බැලූ පර්යේෂකයන් පවසන්නේ එහි සියයට අනූවක් හයිඩ්‍රජන් පවතින බවයි. එමෙන් ම සැළකිය යුතු ජල වාෂ්ප ප්‍රමාණයක් ද ඇති බව ඔවුන් නිරීක්ෂණය කැර තිබේ.
ජලය ජීවය සමග පැහැදිලි සම්බන්ධයක් පවතී එසේ වුවත් එච්.ඒ.ටී.පී - 11 බී තාරකාවට ඉතාමත් ලංව පිහිටා ඇති බැවින් ජීවයට නුසුදුසු තරම් උණුසුමක් සහිතය.

0 comments:

නාසින්ගේ දැනුමින් නිමැවුණු අභ්‍යවකාශ ෂටලය ගැන තොරතුරු බිදක් ...

5:18:00 PM Sachitha Viraj 0 Comments

  දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වුනේ 1939 අවුරුද්දේදි.ජර්මානුවන් යුද්ධයට ලෑස්ති වුනේ ඊට අවුරුදු කීපයකට ම ඉස්සෙල්ලයි.1930දී නාසිවරු ඇමෙරිකානු මහද්වීපයට ම බෝම්බ දාල විනාශ කරන්න පුළුවන් විදියේ යානයක් හදන්න සැලසුම් කලා.මේ ව්‍යාපෘතිය එයාලා හැදින්වූයේ ඇමෙරිකා -බෝම්බර් ( America Bomber ) කියන නමින් මේ ව්‍යාපෘතියට ඉන්ජිනේරුවරු රැසක් එයාලගේ අදහස් යොමු කලා . ඉයුජින් සැන්ගර් කියන ඉන්ජිනේරුවරයාත් ගණිතඥයකු වූ අයිරේන් බ්‍රේඩ් සමඟ එකතු වෙලා තටු තියෙන රොකට්ටුවක් සැලස්මක් මේ ව්‍යාපෘතියට ඉදිරිපත් කලා .මේ රොකට්ටුව එයාලා නම් කලේ සිල්බර්වෝගල් (Sikbervogal) කියන නමින් රිදී කුරුල්ලා කියන අර්ථය තමයි මෙයින් කියවුනේ..,

ඉතින් නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන මේ සිල්බර්වෝගල් යානයට අභ්‍යාවකාශයේ උපකක්ෂය දක්වා ඉහළට යෑමට හැකියාව ක් තිබුණා.ඊට පස්සෙ ඒක ස්ථර ගෝලය දිහාවට පහත් උනා.ඒ වෙලාවට වායු ඝණත්වය ඉහළ නංවලා යානය ඉහළට ඔසවන්නත් පුලුවන් උනා.කොහොම උනත් මේ යානය හදලා ඉවරකරන්න නාසින්ට හැකියාව ලැබුනේ නැහැ.ඒත් සිල්බර්වෝගල් කියන සංකල්පය දෙවැනි ලෝක යුද්ධය අවසන් උනාට පස්සේ ඇමෙරිකානුවන් අතට පත්වුණා .ඇමෙරිකානුවන් ජර්මනියේ හිටිය විද්‍යාඥයන් රැසක් තමන්ගේ රටට ගෙන්න ගත්තෙ එයාලගෙ දැනුමින් තමන්ගේ රටට ප්‍රයොජනයක් ලබාගන්න හිතාගෙනයි..,



නාසින්ගේ සංකල්පය වැඩි දියුණු කෙරුව ඇමෙරිකානුවන් ලාභදායී අභ්‍යාවකාශ යානයක් හදන්න උත්සාහ කලා.මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට X-15 යානය හදුන්වන්න පුලුවන්.1959 ඉදලා 1968 වෙනකන් අත් හදා බැලීම් 200කට වඩා කරමින් ,X-15 යානය වැඩි දියුණු කලා.රොකට් බලයෙන් දාවනය වුණ මිනිසුන් සහිත වේගවත්ම රොකටය විදිහට ලෝක වාර්තාවකට ද හිමිකම් කියන්න මේ රොකටයට පුලුවන් කම ලැබුණා.
මේ කාලයේදිම වගේ ඇමෙරිකානු ගුවන් හමුදාව X-20 අභ්‍යවකාශ යානය නිර්මාණය කල.ඩයිනා-සෝර්()නමින් තමයි ඒ යානය හැදින්වුනේ,මේ යානයේ සැලසුම අද අපි දන්න ෂටලයේ හැඩයට සමානයි.වර්නර් වෝන් බ්‍රෝන් කියන්නේ ඇමෙරිකාවට ආපු ජර්මන් විද්‍යාඥයන් අතර හිටිය රොකට් ඉංජිනේරුවරයෙක්.අභ්‍යවකාශයට
 මිනිස්සු යවන්න ,නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහේ යානයක් නිර්මාණය කරන්න,ලේසියෙන් පහසුවෙන් ලාභදායි ක්‍රමයකට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්න මේ යානාවේ ප්‍රයෝජනය ලබා ගන්න ,අභ්‍යවකාශ මධ්‍යස්ථානය මිනිස් වාසයටසුඩ්ගුසු තැනක් කරන්න ,සද දිහාට වගේම පහු කාලෙක අගහරු දිහාට යන මෙහෙයුම් වල මූලස්ථානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය බවට පත් කරන්න වගේ අදහස් බොහොමයක්ම වොන් බ්‍රෝන්ගෙ හිතේ තිබුනා..නාසා ආයතනය ඔහුගේ මේ අදහසබොහොම තදින් හිතට ගත්තා,ඒත් අභ්‍යවකාශ ෂටල සෑදීමේ කටයුත්ත ටික කලකට ප්‍රමාද කරන්න ඇමෙරිකාවට සිද්ධ වුණා.සෝවියට් දේශය එක පිට එක වාර දෙකකදීම අභ්‍යවකාශ තරණයෙන් ඇමෙරිකාව පරාජය කරපු නිසයි එහෙම වුණේ..ලොව පළමුවැනිම කෘතිම චන්ද්‍රිකාව වුණ ස්පුට්නික් අභ්‍යවකාශ කළේ සෝවියට් දේශයයි.ඒ වගේම පළමුවැනි සැරේට මිනිසෙක් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරන්නත් සෝවියට් දේශයට පුළුවන්කම ලැබුන බවත් ඔයාල හොදටම දන්නවනෙ..,
ඉතින් සෝවියට් දේශය මේ එල්ලකරපු අභියෝගය නිසාම ඔවුන් ෂටල සෑදීම තාවකාලිකව ප්‍රමාද කරල සද තරණය කිරීම ගැන අවධානය යොමු කලා.ඉතින් ඇපලෝ මෙහෙයුම ආරම්භ වුනේ මේ විදිහටයි.
1969 ජූලි මාසයෙදි ඇමෙරිකානු අභ්‍යවකාශගාමින් සද මත ගොඩබස්සපු ඇමෙරිකාව සෝවියට් දේශයට තමන්ගේ සමත් කම පෙන්නුවා...මේ කටයුත්ත පස්සෙ තමයි ඇමෙරිකාව ආයිමත් ෂටලය සෑදීමේ කටයුත්තට යොමු වුණේ.හැටේ හැත්තෑවෙ දශකයේ තාක්ෂණය උපකාරයෙන් ඇමෙරිකාව පළමුවැනි ෂටලය නිර්මාණය කලේ ඔන්න ඔය විදිහටයි.ඒ ෂටලයේ නම එන්ට්‍රප්‍රයිස් ,1976 සැප්තැම්බර් 17 වැනිදා තමයි මේ ෂටලය හදලා ඉවර කලේ.එන්ට්‍රප්‍රයිස් ෂටලය අත්හදා බැලීම් රැසකට හාජනය වුණා.ඒත් ෂටලය අභ්‍යවකාගත කළේ නම් නැහැ.ඊට පස්සෙ නිර්මාණය කළ ෂටලවලට මූලික අඩිතාලම වැටුණේ මේ එන්ට්‍රප්‍රයිස් ෂටලයෙන් ,අභ්‍යවකාශගත කළ මුල්ම ෂටලය වෙන්නෙ කොලොම්බියා ෂටලයයි.ඒ 1981 අප්‍රේල් 12 වැනිදායි.1976 එන්ට්‍රප්‍රයිස් ෂටලය නිර්මාණ‍ය කලත් මේ ෂටල ව්‍යාපෘතිය අවුරුදු 30ක් තරම් කාලයක් ක්‍රියාත්මක වෙයි කියලා ඇමෙරිකාවවත් විශ්වාස කලේ නැහැ,කොහොම උනත් මේ වෙද්දී ෂටල ගමන අවසන් කරලයි තියෙන්නෙ අවසාන ෂටල මෙහෙයුම දියත් කෙරුණේ 2011 අවුරුද්දේ ජූලි මාසයේ දීයි.
මූලාශ්‍ර ;- අධ්‍යාපන සගරාවකිනි
අභ්‍යවකාශ ෂටල වලින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයට සිදුවුනු මෙහෙය සුළුපටු නම් නැහැ...

ඉතින් මේක තමයි කතාව..,මේ ගැන වැඩි විස්තර ඔයාල අධ්‍යනය කරනවනම් මේ වෙබ් අඩවිවලින් කරුණු රෑස් කරගන්නත් පුළුවන්."


https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_ෂටල-දියත්_කිරීම්
https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_ෂටල
https://en.wikipedia.org/wiki/Boeing_X-20_Dyna-Soa

0 comments:

මහා පිපිරුමට පෙර සිදු වූයේ කුමක්ද..?

5:14:00 PM Sachitha Viraj 0 Comments

අද අපි ඔයාලට ගෙනාවේ මෙතෙක් ලෝකයේ නවීන තාක්ෂණයෙන් පවා තවමත් සොයාගැනිමට නොහැකි වූ භෞතික විද්‍යාවේ පවතින අභිරහසක් ගැන...එහෙනම් විස්තරේ බලන්නකෝ..




"මානව ඉතිහාසය පුරා තමා ජීවත් වන පරිසරය තුළ සිදු වූ විවිධ සංසිද්ධින් මිනිසා පුදුමයට පත් කළා.නූතන විද්‍යවේ දියුණුවත් සමඟ මෙබදු විස්මය දනවන ගැටලු සහගත සංසිද්ධි බොහොමයකට පිළිතුරු ,පැහැදිලි කිරීම් සපයන්නට විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා.මෙහි පෙරමුණ ගන්නේ භෞතික විද්‍යාඥයන් ,නමුත් තවමත් අප වටා විශ්වයේ ඇති සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීගන්නට ඔවුන්ට හැකි වී නැහැ,විශ්වයේ ඇරඹුම සිදු වූයේ කෙලෙසද,පදාර්ථවල අද්භූත හැසිරීම් රටවල රහස කුමක්දැයි යන්න වැනි බොහෝ කාරණා තවමත් පවතින්නේ විද්‍යාවෙන් නිශ්චිත ව නොවිසඳුණු ගොනුව තුළයි ...'
***මහා පිපිරුමට පෙර සිදු වූයේ කුමක්ද..??***
විශ්වයේ ඇරඹුම ගැන දැනට අපට ඇති හොදම ප්‍රවාද ය වන මහා පිපුරුම් වාදයේ කියැවෙන්නේ අදින් වසරබිලියන 13.8 කට පෙර විශ්වය හදිස්සියේ පිපිරීමක් ලෙස පැනනැගුණු බවයි.එතැන් පටන් එය අඛන්ඩව ප්‍රසාරණය වනවා.අයිස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයෙන් මතු වුණු කාලය ,අවකාශය හා ගුරුත්වය පිළිබඳ මනා අවබෝධය හරහා විශ්වයේ ඇරඹුම දක්වා කරුණු පෙලගස්වන්නට තාරකා විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා..,නමුත් ඉන් එහාට සිදු වූයේ කුමක්ද යන්න ගැන පවසන්නට ඔවුන් සමත් නැහැ,ඊට හේතුව ආදී විශ්වයේ තිබුණු අත්‍යන්ත තත්ත්වයන් පැහැදිලි කළ හැක්කේ ක්වොන්ටම් විද්‍යාවෙන් පමණක් වීමයි.මේ දෙක සම්බන්ද කල හැකි ආකාරයක් පිළිබඳව තවමත් කිසිවෙකු සොයාගෙන ඇත්තේ නැහැ,
"අප දන්නා භෞතික විද්‍යාත්මක නියමයක් මේ විශ්වයේ බිහි වීමේ ආරම්භක ලක්ෂ්‍යයේ දී වලංගු වන්නේ නැහැ.එහි සිදුවන කිසිවක් අපට තර්කගෝචර නැහැ ,"
එසේ පවසන්නේ ලන්ඩනයේ ඉම්පීරියල් විශ්වවිද්‍යාලයේ කර්ලෝ කොන්ටල්ඩ්.
කාලය මහා පිපිරුම සමග ඇරඹුනා ද? එසේත් නැත්නම් මහා පිපිරුමට පෙර ආදී යුගයක් තිබිණි ද? අපගේ විශ්වයේ හි ඇරඹුම පිළිබඳ ඇති ප්‍රධාන ගැටලුව මෙයයි.
සමහර දෙනා විශ්වාස කරන්නෙ අප කාලය ,ආපස්සට ධාවනය කළහොත් එය මහා පිපිරුමේදී නවතිනු ඇති බවයි,කෙසේ නමුත් කැනඩාවේ වොටර්ලූහි සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ වන ආයතනයේ ලී ස්මෝලින් දරන්නේ ඊට වෙනස් මතයක්...,
" කාලය මහා පිපිරීමෙන් ඇරඹුනා යැයි කීම ලස්සන අදහසක් ,නමුත් එයට එතරම් සාක්ෂි නැහැ," ඔහු පවසනවා .ඔහු පෙන්වා දෙන්නේ අප එම අදහස සම්පූර්ණයෙන්ම අතහැර දැමියයුතු බවයි..අද පවතින විශ්වය පිළිබද තෘප්තිමත් පැහැදිලි කිරීමක් කරගැනීමට නම් හේතුඵල මූලධර්මයට අනුව මහාපිපිරුමට පෙර යමක් පැවතිය යුතු බව ඔහු අවධාරණය කරනවා.
මෙබදු සංසිද්ධිය කට එක් විකල්පයක් වන්නේ පොලාපැනුම් වාදයයි..,එහි දී මහා පිපිරුමක් වෙනුවට පොලාපැනුමක් (bounce ) සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.එයට අනුව අපේ විශ්වයේ ආරම්භ යේ තිබෙන්නට ඇතැයි සැලකෙන අධික උණුසුම් ඝන ද්‍රාවණය ,පැරැණි විශ්වයක අවසානය නිසා හටගත්තක් යැයි සැලකෙනවා.
විශ්වයේ ඇරඹුමට පෙර තවත් විශ්වයක් තිබුණේ යැයි පිළිගැනීම ,විශ්වය ජීවයට උචිත අන්දමේ දුර්ලභ පෙළගැසුමකට ලක් වූයේ කෙසේ දැයි යන්න පැහැදිලි කරනවා.එසේ නොවේ නම් සලකන්නට වන්නේ අප ජීවත් වන විශ්වය වෙනත් විශ්ව අනන්ත සංඛ්‍යාවකින් එකක් එකක් පමණක් බවයි.ජීවයට නුසුදුසු විය හැකි අතිශය වෙනස් මේ විශ්වයන් අතරින් අප අපගේ විශ්වය වැදගත් යැයි සලකන්නේ අප එහි ජීවත් වන නිසා පමණක් විය හැකියි...
සමහර විට මහා පිපිරුම තවත් මහා පිපිරුම් ගණනාවක් අතරින් එකක් විය හැකියි.සාගරයේ රැළි මත පෙන බුබුළු පැනනගින්නාක් මෙන් අපේ විශ්වයද විශ්ව සාගරයක් තුළ පැනනැගුණු එක් බුබුලක් පමණක් විය හැකි බවද සමහරු විශ්වාස කරනවා...,
අපට සැබැවින්ම මේ පැනයට පිළිතුරු සොයා ගත හැකි වේවිද?
ස්මෝලින් සිතන අන්දමට පැරණි විශ්වය මගින් පිට කළ විකිරණ අන්තරීක්ෂ පසුබිම් විකිරණ තුළදී අපට සොයාගන්නට හැකි වනු ඇති..
එහෙත් කොන්ටැල්ඩ් පෙන්වා දෙන්නේ කාලය පිළිබඳ නව අවබෝධයක් ඇති කරලීමට සමත් ක්වොන්ටම් ගුරුත්වය පිළිබඳ ක්‍රියාකාරී ප්‍රවාදයක් මේ සදහා අපට ඕනෑ කර ඇති බවයි....
"මම හිතන්නේ අපට තවමත් මේ ප්‍රශ්නය නිවැරැදි ව අසාගන්නවත් තරම් නිවැරැදි දැනුමක් නැහැ " ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා...,
මූලාශ්‍ර - අධ්‍යාපන සගරාවකිනි.

ඉතින් ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර මේ වෙබ් අඩවි මගින් ලබාගන්න පුළුවන් ..

0 comments:

1994 JR1 වස්තුව

6:30:00 PM max 0 Comments

1994 JR1 ලෙස නම් කර ඇති මෙම ආගන්තුක වස්තුව පළමුවරට 1994 – 05 – 12 ‍දින ස්පාඤ්ඤයේ අයිටෙක් නිව්ටන් දුරේක්ෂයට නිරීක්ෂණය වී ඇති. යුරෝපයේ අජඨාකාශ මධ්‍යස්ථානය සහ නාසා ආයතනය මගින් මේ පිළිබඳව වැඩිදුර කරන ලද පරීක්ෂණ වලින් එම අද්භූත වස්තුවේ විනිවිද ඡායාරූප කීපයක් ලබාගැනීමට හැකි වී ඇත. සූර්යාගේ සිට සැතපුම් බිලියන 3.3 කට එපිට පිහිටා ඇති මෙම අද්භූත වස්තුව කිලෝමී‍ටර් 150ක විශාලත්වයකින් පවතින බවට මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන ඇති අතර තාරකා ජීව විද්‍යාඥයින් පුදුමයට ලක් කළ මෙම විශ්වීය වස්තුව ග්‍රහක කොටසක්ද නැතහොත් විශ්වයේ ආගන්තුක කොටසක්ද යන්න ඉදිරි පරීක්ෂණ වලින් හඳුනා ගැනීමට හැකියාව ඇති බවත් මෙම අද්භූත වස්තුවේ ඡායාරූප පළමුවරට ලබාගෙන ඇත්තේ 2015.11.02 බවත් ප්ලෝටෝ නිරීක්ෂණයට යැවුණු “නිව් හොරයිසන්” යානය මගිනි

0 comments:

ඇපලෝ 16 යානාවේ රොකට්‌ බූස්‌ටරය

4:23:00 PM max 0 Comments

ඇපලෝ 16 යානාවේ රොකට්‌ බූස්‌ටරය සඳමත තිබී සොයා ගැනිමට පසුගිය දිනවලදී සිදු වුනා. 1972 දී ගුවන්ගත කළ ඇපලෝ 16 යානාවේ රොකට්‌ බූස්‌ටරය සඳමත තිබෙන බව හෙළි වී ඇත.මෙම රොකට්‌ බූස්‌ටරයට සිදු වූයේ කුමක්‌ද යන්න ගැන වසර 43 ක්‌ තිස්‌සේ අභිරහසක්‌ වී තිබුණී. ඇපලෝ යානාවේ තාක්‍ෂණික දෝෂයක්‌ නිසා එම බූස්‌ටරය ඇති ස්‌ථානය සොයා ගැනීමට නොහැකි වී ඇත. එහෙත් ලූනාර් යානාව සඳමත කල විමර්ශනයේදී බූස්‌ටරය හමු වී තිබේ.‍සඳෙහි Mare Insularum ලෙස නමි කර ඇති ප්‍රදේශයේ තිබි මෙය සොයා ගැනීමට හැකි වෙලා තියනවා.සඳෙහි විශාල ආවාටයක් වන Copernicus හි සිට සැතපුම් 160 ක් නිරිත දෙසින් මෙය පිහිටා ඇත.ඵමෙන්ම මෙම යානය IFO (identified flying object) වර්ගයට අයත් වේ.

0 comments:

සද මතුපිටින් අභිරහස් ආලෝකයක්

2:50:00 PM max 0 Comments

සද මතුපිට ජීවීන් වෙසෙන බව විශ්වාස කළ හැකි සාක්ෂියක් අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සද මතුපිට කොල පැහැති අලෝකයක් නිවී යළි දැල්වෙමින් පවතින ආකාරයේ වීඩියෝ පටයක් ලෝකය වෙත අනාවරණ කරමිනුයි.මෙම ආලෝකය ස්වාභාවික එකක් නොවන බවත් කිසියක් සංඥාවක් එමගින් නිකුත් කරන බවත් එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ නියත වශයෙන්ම පිටසක්වල ජීවීන් හෝ පෘථවි ජීවීන් විසින් සද මතුපිට සිට මෙම සංඥාව නිකුත් කළ බව විශ්වාස කළ හැකි බවයි.එය සද මතුපිට නිමවා ඇති ගොඩනැගිල්ලකට සමාන වස්තුවකින් නිකුත් වන බවද ඔවුන් හෙලි කර තිබෙනවා. මේ මතභේදයට තුඩු දී ඇති එම වීඩියෝවයි.


0 comments:

පිටසක්වල ජීවීන් දිඹුලාගල ගලේ කෙටූ සංඥා අක්ෂර

2:37:00 PM max 0 Comments

පිටසක්වල ජීවීන් පෘථිවියට පැමිණි අවස්ථාවලදී ඔවුන් සමග සම්බන්ධ විය හැකි සංඥා දොරටුවක් අතීතයේදී
ඓතිහාසික දිඹුලාගල පර්වතය මුදුනේ පිහිටුවා තිබූ බව පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන ඇත.
අඩි 1500ක් ඉහළ දිඹුලාගල පර්වතයේ ඉහළම ස්ථානයක මේ සංඥා දොරටුව සහිත වූ ගල්ලෙන පිහිටා තිබේ. කුඩා මිනිසකුට ඇතුළුවීමට හැකිවන පරිදි සකස් කොට ඇති මේ ගුහාව තුළ අඩි 20x10 ප්‍රමාණයේ ගල් පුවරුවක මිනිසුන්ට හඳුනාගැනීමට නොහැකි විවිධ සංඥා සටහන් කොටා ඇත.
වසර දහස් ගණනක් පැරැණි බව පෙන්නුම් කෙරෙන මේ සංඥා පුවරුවේ මිනිස් රුවක් ද දැකගන්නට ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් කිසිදු පර්යේෂකයකු මේ ගල්ගුහාව තුළ නිරීක්ෂණයක් සිදුකොට නොමැති බව පැවසෙන අතර, අතීතයේදී කිසියම් කාලයකදී මනුෂ්‍යයින් නොවූ “දේව” කොටසකගේ සම්බන්ධයක් තිබූ බවට මෙයින් පැහැදිලි වන බව පර්යේෂකයන්ගේ මතයයි.
මේ ගල්ගුහාව පිහිටි ස්ථානය සොයා යෑමේදී මුලින්ම දැකගන්නට ලැබෙනුයේ විශාල ගල් පර්වතයක මාර්ග සලකුණුය. එවැනි මාර්ග සලකුණු ගල් මත සටහන් කර තිබූ ස්ථාන 3ක් දැකගන්නට ලැබේ.
විශාල ගල් දෙබොක්කාවක් යටින් රිංගා, ගස් වැල්වල එල්ලී දුෂ්කර ලෙස මේ ගල් ගුහාව කරා ගමන් කළ යුතු විය. මේ ස්ථානයට පැමිණි විට පහත් බිම් ප්‍රදේශ දැකගන්නට ලැබේ.
අසල බිම පරීක්ෂා කිරීමේදී ‍මෙතෙක් හඳුනාගෙන නොමැති සංඥා අක්ෂර රැසක් දැකගන්නට ලැබේ. අඩි 2ක් පමණ වූ සිදුරකින් යුත් මේ ගල් ලෙන තුළ මිනිසකුට කෙලින් ගමන් කිරීමට අපහසුය. මහත් ආයාසයකින් බඩගාමින් ඒ තුළට රිංගාගත යුතුය.
විශාල ගලක් තුළ මෙවැනි ගුහාවක් නිර්මාණය කිරීමද මිනිසුන්ට සිදුකළ නොහැකිය. එසේම ඒ තුළ විශාල ප්‍රමාණයේ ගල් පුවරුවක් නිර්මාණය කොට ඒ මත සංඥා අකුරු හා සිතුවම් කරවීම පුදුම උපදවන සුළුය.
මේ ගල් කුල තුළ බොහෝ වේලාවක් ගත කිරීම පවා බියජනකය. කිසිදු ආලෝකයක් නොමැති මෙහි සංඥා පුවරුවේ ඡායාරූප ගැනීම පවා ඉතා දුෂ්කරවිය. මේ සංඥා පුවරුවේ සටහන් කොට ඇති සංඥා තේරුම් ගැනීමෙන් පසු පිටසක්වල ජීවීන් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට හැකිවූ බව මේ ස්ථානයට ගිය පර්යේෂකයින්ගේ මතයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කන්දේගම උපවංශාලංකාර හිමි - මම 2000 වසරේ සිට මේ දිඹුලාගල පර්වතය මුදුණේ පිහිටි විහාරස්ථානයේ වැඩ වාසය කරනවා.
පර්වතය මුදුනේම පිහිටි විශාල ගලක් තුළ මේ කියන ගල්ගුහාව පිහිටා තිබෙන්නේ. මේ තුළට කිසිවෙකුටවත් ඇතුළුවීමට නොහැකියි. යටින් රිංගා බඩගාගෙන යන්න ඕනෑ. ඇතුළට ගියවිට ගල්පුවරුවක් දැකගන්න පුළුවන්. එහි විවිධ සංඥා සහ දේවරූපයක් කොටා තිබෙන අයුරු දැකගන්නට පුළුවන්.
මේ පිළිබඳව මෙතෙක් කිසිදු අවධානයක් යොමුකර තිබුණේ නැහැ. මේ තොරතුරු අප දැනගෙන තිබුණත් ඒවා පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් මේ ගල් ගුහාව තුළ කිසියම් ගුප්ත බලවේගයක් පවතින බව පැහැදිලියි.
විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී විවිධ වර්ණයන්ගෙන් යුත්, ආලෝකධාරා මේ පර්වතය මතට පැමිණ අතුරුදහන් වනවා. පසළොස්වක පොහෝ දිනවලදී නිල්පාට ආලෝක ධාරා රාත්‍රී 9 පසුවීමත් සමඟ දැකගන්නට පුළුවන්.
මේ ස්ථානය පිළිබඳව පර්යේෂකයින්ගේ අවධානය යොමු කොට සංරක්ෂණය කිරීමට වගකිව යුතු අංශ පියවර ගන්නේ නම් අනාගතයේ දී විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි බව මගේ විශ්වාසයයි. අතිදුෂ්කර ගමනකින් පසු මේ තොරතුරු සොයා ගැනීමට මූලික කටයුතු කරනු ලැබූවේ දිඹුලාගල ආරණ්‍යසේනාසනයේ මහා කාශ්‍යප ධර්මායතනයේ අධිපති ආචාර්ය මාදුරුඔයේ විජිතාලංකාර හිමියන් විසිනි.



0 comments:

ලොව මුල්ම හදුනා නොගත් යානා දර්ශණය.

4:32:00 PM max 0 Comments

ලොව මුල්ම හදුනා නොගත් පියාසර වස්තුව පිළිබදව මේ දින වල අලුත් කතා බහක් ඇතිවි ඇති අතර මෙම
සිදුවිම 1801 දි හල් නගරයේ සිදු වු බවට වර්ථා වෙනවා.මේ පිළිබදව UFO spotters සහ hull daily mail අඩවි විසින් වාර්ථා කරල තියනවා.ඵකල මෙම සිදුවිම පුවත් පත් තුල වර්ථා විම මෙම සිදුවිම තව දුරටත් ගවේෂණය කිරිමට ඉවහල් වී ඇති අතර.මෙම සිදුවිම වර්ථා වු පැරණිතම සිදුවිම ලෙසද සැලකිය හැකිය.1788 දි හල් හි මුල්ම වරාය ඉදි කර ඇති අතර ඵහි 27,000 පමණ ජනතාවක් සිටි බවට වාර්ථා වේ.මෙම දුටු හදුනා නොගත් යානය නිල් ඵලියක් විහිදුවමින් අහසේ දර්ශණය වි ඇත.


0 comments:

Horizons යානයේ නවතම ජායාරූප පෙළ

8:24:00 PM max 0 Comments

0 comments:

රිටිගල කන්දට පිටසක්වල යානාවක්

8:54:00 AM max 0 Comments


ලෝකය තාක්ෂණික වශයෙන් දියුණු වෙමින් නව සොයා ගැනීම් සිදු කරමින් වේගවත් ගමනකින් ඉදිරියට යමින් සිටියද තවමත් හරිහැටි විසදා ගත නොහැකි, තේරුම් ගත නොහැකි ඇතැම් සිදු වීම් ඉදහිට අපට අසන්නට දකින්නට ලැබේ.

අද්භූත එළි,අද්භූත යානා,පිටසක්වල ජීවීන් ආදිය පිළිබද විවිධ තොරතුරු ඇසෙත්ම අප සිත් කිළිපොලා යන්නේ එවන් දේ අපට නුහුරු නුපුරුදු අත්දැකීම් නිසාවෙනි.මෙවැනි අද්භූත දෑ පිළිබද විවිධ පුවත් ලංකාව තුළද විවිධ පදේශ කේන්ද්‍ර කරගනිමින් යම් යම් කාල වලදි ඉස්මතු වන්නේ ඒ පිළිබද අප සිත් තුළ ඇති කුහුල තවත් වැඩි කරවයි.එවැනි අලුත්ම සිදු වීමක් අපට වාර්තා වන්නේ රජරට උතුරු මැද තැනිතලාවේ පිහිටි උස්ම ස්ථානය වන රිටිගල කදු ප්‍රදේශයිනි.
පෞරාණික වශයෙන් වැදගත් කමක් සහිත මෙම ප්‍රදේශයෙන් හදුනා නොගත් ආලෝක ධාරාවක් නිකුත් කරමින් කිසියම් අද්භූත වස්තුවක් අහසේ ගමන් කිරීම පිළිබද ආසන්නතම සිදුවිමක් ඉකුත් සැප්තැමිබර්  23 වෙනිදා අපට අසන්නට ලැබුණී.
ඉහත කි රිටිගල කදු වැටියට ඉහළ අහසේ මුරියාකඩවල,හොරුවිල,ගණේවල්පොල පදේශ වල පුද්ගලයින් කිහිප දෙනෙකු මෙම දුර්ලභ දර්ශනය දැකි ඇති බව අපට වාර්තා වේ.
මෙම සිදුවීම ඇසින් දුටු පුද්ගලයෙකු වන අනුරාධපුර ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයෙකු වන ඒ.එම්. පේමසිරි මහතා එදින 23 දඹුල්ලේ සිට අනුරාධපුරයට පැමිණෙමින් සිටියදි රාත්‍රී 10.30 ට පමණ තම ශරීර අවශ්‍යතාවයක් සදහා මරදන්කඩවලදි ලොරි රථය නවතා එළියට බැසගත් අවස්ථාවේදි අහස දෙස බලන විට ආලෝකය විහිදුවමින් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට එනම් රිටිගල කදු වැටිය දෙසට ශබ්දයක් නොමැතිව කිසියම් වසුතුවක් ගමන් කරන අයුරු දැක ඇත.
ඒ අතරම මෙම සිදු වීමම මුරියාකඩවල කේ.බී. කුමාරසිරි මහතාද දැක ඇත.එම මහතා ප්‍රකාශ කර සිටින පරිදි වෙළදාම් කටයුතු සදහා සිය වාහනයෙන් හබරණ සිට භාණ්ඩ රැගෙන නැවත පැමිණෙමින් සිටියදි 24 වන දින අලුයම 12.10 ට පමණ දුරකතන ඇමතුමක් ලබා ගැනීමට වාහනය නතර කල අවස්ථාවේ අහස දෙසින් නිල් පාට,කහ පාට එළියක් විහිදුවමින් රවුම් හැඩති රෝදයක් වැනි වස්තුවක් අහසේ ගමන් කරන අයුරු දැක තිබේ.ඔහු ක්ෂණිකව ඇමතුම විසන්ධි කර ජංගම දුරකතනයෙන් එම දර්ශනය ඡායාරූප ගත කළද එය කැමරාවට හසු වී නොමැත.පසුව ඔහු පාරේ ගමන් කල වාහන කිහිපයක්ද නතර කර ඔවුන්ටද එම දර්ශනය පෙන්වා ඇති අතර ඔවුන් ළග තිබු නවීන කැමරා මගින්ද එය ඡායාරූපයට හසු කර ගැනීමට උත්සහ කළද ඡායාරූප වල එම ආලෝකය සටහන් වී නොමැත

0 comments:

ප්ලුටෝ ග්‍රහයාගේ සමිප ජායාරූප

12:29:00 PM max 0 Comments

ප්ලුටෝ ග්‍රහයා වෙත ගිය New Horizons යානාව තවත් ප්ලුටෝ ග්‍රහයා සමීපයෙන් ජායාරූප ඵවිමක් පසුගිය දින වලදි සිදු කලා.මෙවර යානාව ප්ලුටෝ ග්‍රහයාගේ සිට 10,000 miles ඇතින් ජායාරූප ගත කිරිමක් සිදු කර ඇත.New Horizons යානාවෙි ඇති Long Range Reconnaissance Imager (LORRI) දුරදක්නයෙන් මෙම ජායාරූප ගෙන ඇත.




0 comments:

‘ඇපොපිස්’ ග‍්‍රහකය

10:41:00 AM max 0 Comments


2013 වසරේ පෘථිවිය අසළින් ගමන් කල මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග‍්‍රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.එම ග‍්‍රහකය නම් කර ඇත්තේ ‘ඇපොපිස්’ යන නමිනි. ඇපොපිස් යනු ඊජිප්තු මිථ්‍යා කතාවලට අනුව නපුරට අධිපති දෙවියාය. ග‍්‍රහකය 2013 ගමන් කළේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 14.5 ක් දුරිනි.2004 වසරේ දී සොයා ගනු ලැබූ මෙම ග‍්‍රහකය ගැන යුරෝපීය අභ්‍යවකාශ ආයතනයත් ඇමෙරිකාවේ නාසා ආයතනයත් විමසිල්ලෙන් පසු වූ අතර, ග‍්‍රහකය නිරීක්ෂණය කිරීමේදී විද්‍යාඥයන්ට උපකාරී වූයේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති හේෂල් දුරේක්ෂයයි.‘ඇපොපිස්’ ග‍්‍රහකය 2029 වසරේ දීත් 2036 වසරේදීත් යළි පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිතය. 2029 වසරේ දී ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ හැපෙනු ඇතැයි
විද්‍යාඥයෝ මුලින් පැවැසූහ. 2029 දී ග‍්‍රහකය ගමන් කරනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් 30,000 ක් ඈතිනි.පසුව ගණනය කිරීම්වලදී හෙළි වී ඇත්තේ එම ගැටුම 2036 වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවනු ඇති බවය.
2036 දී ග‍්‍රහකයා තවත් පෘථිවියට ලංවෙයි. ‘ඇපොපිස්’ ග‍්‍රහකය පෘථිවියේ ගැටුණහොත් ඉන් ඇතිවන විනාශය බරපතල වනු ඇත
.

0 comments:

AIDA මෙහෙයුම

9:31:00 PM max 0 Comments


ඇස්ටරොයිඩ වලින් පෘථිවිය ආරක්ෂා කිරීම කලක් තිස්සේ අභ්‍යවකාශ විද්‍යාඥයන් සැලසුම් කරන දෙයකි.
මෙය උත්සන්න වූයේ පෙබරවාරි 15 වනදා රුසියාවේ චෙල්යා බින්ස්ක් විල අවට ප‍්‍රදේශයේ සිදුවු ඇස්ටරොයිඩ පිපිරුමකින් පුද්ගලයන් 1200 ක් පමණ තුවාල ලබා දේපල හානිද සිදුවූ පසුය.
මෙවැනි විශාල ගැටුමක් 1908 සයිබීරියාවේ වර්ග සැතපුම් 800 ක පමණ ප‍්‍රදේශයක් විනාශ කර තිබෙනවා.
යුරෝපය හා ඇමරිකාව අතර ඒකාබද්ධ මෙහෙයුමක් මගින් පෘථිවියේ ගැටීමට එන අභ්‍යවකාශ වස්තු වැලැක්විය හැකි බව පෙන්වීමට 2022 දී අභ්‍යවකාශ යානයක් ඇස්ටරොයිඩයක හැප්පීමට සූදානම් වෙනවා.
ඇස්ටරොයිඞ් ගැටීම් හා උත්ක‍්‍රමණ ඇගයීම් මෙහෙයුම (AIDA) නම් මේ ව්‍යාපෘතිය මගින් පහර දීමට සැලසුම් කරන්නේ ඩිඩිමොස් නම් ඇස්ටරොයිඩ පෘථිවියට සැතපුම් මිලියන 6.5 ක් දුරින් පිහිටන අවස්ථාවෙහිදීය.
මාධ්‍ය හමුවකින් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය මේ බව නිවේදනය කළා. එහි අධ්‍යයන කලමනාකරු ඇන්ඩි‍්‍රයස් ගැල්වෙස් කියා සිටියේ AIDA යනු ඇස්ටරොයිඩ ව්‍යාපෘතියක්ම නොවන අතර විවිධ ව්‍යාපෘති සඳහා වේදිකාවක් බවයි. AIDA පර්යේෂකයන් ජෝන්ස් හොප්කින්ස් සර්සවියේ ප‍්‍රායෝගික භෞතික විද්‍යාගාරය සමඟ එක්ව මේ සඳහා කටයුතු කරනු ඇත.
මීටර් 800 හා මීටර් 150 කොටස් දෙකකින් යුත් ඩැඩිමොස් හි කුඩා කොටසට රෙකට්ටුවකින් ගැටීම ඇතිකර තවත් රොකට්ටුවකින් සහ පෘථිවිය මත දුරේක්ෂ වලින් එය නිරීක්ෂණය කරනු ඇත. පෘථිවියට තර්ජනයක් නැති ඩිඩිමොස් හි මෙම ගැටීම මගින් පොලවට බලපෑමක් ඇති නොවන බව විද්‍යාඥයෝ පවසනවා.


0 comments:

Rosetta spacecraft

6:30:00 PM max 0 Comments

Rosetta යනු European Space Agency ය මගින් අභ්‍යවකාෂ ගත කල යානාවකි.මෙම යානාව 2004 මාර්තු 2 වන දින අභ්‍යවකාෂ ගත කළ අතර ඵය අභ්‍යවකාෂ ගත කලේ Ariane 5G+ V-158 නැමති රොකට්ටුව මගිනි.පසුව මෙම යානය 2007 පෙබරවාරි මස 25 වැනිද අගහරු මතින් 2008 සැප්තැමිබර් 5 2867 Šteins නැමති ග්‍රහකය අසාන්නයෙන් ගමන් කළා මෙසේ ගමන් කල යානාවේ අරමුණ වුයේ 67P/Churyumov–Gerasimenko නැමති දූමකේතුව වෙත යාමටයි.ඵය 2014 අගෝස්තු 6 වැනිදා 67P/Churyumov–Gerasimenko හි කක්ෂය වෙත සාර්ථක ලෙස ඇතුලු වුනා.මෙම මෙහෙයුම සදහා 1 billion EUR වැය වි තිබෙනවා. දුමකේතුවට ඇතුලු වු යානය යානයෙහි ඇති Philae lander නැමති කුඩා යානාව මෙම දූමකේතුව මතුපිට ට පතිත කිරිමක් සිදු කලා 2014 නොවැමිබර් 11. 11 a.m. EST, වේලාවෙන්.මෙම කුඩා යානාවෙහි බර 100 kg පමන වෙනවා.මතුපිට ට ගොඩබෑම සිදු කල පසු Philae lander ඵකෙහි ඇති විදුමි උපකරණ මගින් මතුපිට සිදුරු ඇති කරමින් දූමකේතුවෙහි සාමිපල ලබා ගත්තා.මෙම මෙහෙයුමෙහි සමිපුර්ණ විස්තර මෙම ලින්ක් ඵක මගින් දැන ගත හැකිය..

විස්තර දැනගැනිමට මෙතන කිලික් කරන්න

0 comments:

අම්පාරේ ගොනාගොල්ලට ආ බව කියන පිටසක්වළ ජීවින්ගේ නවතම වර්ථාව

4:12:00 PM max 0 Comments

දෙසතියකට ඉහතදී පත්තර සිරස්තල අතරේ අපූරු කතාවක් තිබුණි. ඒ මාදුරු ඔය ජලාශයේ මසුන් මරමින් සිටි ධීවරයින් පිරිසක් පදියතලාව, දෙසින් විශාල ආලෝකයක් පහත් වෙනවා දුටු බවය. එම අත්භූත විශාල ආලෝක කදම්බය විනාඩි හතළිහක කාලයක් පමණ තිබූ බව ධීවරයෝ පවසා තිබුණි. ඒ ඉකුත් 13 දා රාත්‍රී 8.10 ට පමණය. වැහිබර අහසෙ වලාකුළු මතට පතිත වූ දීප්තිමත් එළිය ‍පොළවටම පහත්වෙන අන්දමක් දුටු ධීවරයෝ ඒ ගැන නිවෙස්වල සිටි අයටද කීහ. ‍පෝදා සඳ පෑව්වා සේ එළිය දුන් එම ආලෝක ධාරාව පිළිබඳ පුවතේ උණුසුම මැකී යන්නටත් පෙර අම්පාර ගොනාගොල්ල වෙල්යායේ අමුතු සලකුණක් තිබූ බවට කතාවක් දැනගන්නට හැකි විය. මේ කුමන සලකුණක්ද..? ඒ ගැන මුලින්ම කීවේ අපේ මිතුරෙකි පිටසක්වල ජීවීන් ගොඩබැහැලා ඔහු කීවේය. මේ සිද්ධිය පමණක් නොව පිටසක්වල ජීවීන් ගැන විවිධ කතා ඉකුත් කාලයේ අසන්නට ලැබුණි. මේ නිසා අපි දින දෙක තුනකට ඉහතදී අපි අම්පාරේ ගොනාගොල්ල වෙල්යාය සොයා ගියේ මේ කතාවේ ඇත්ත නැත්ත බලා ගැනීමටය.
ගොනාගොල්ල නගරයට යන විට සවස තුන පමණ කිට්ටු වෙලාය. තුන්රෝද රථ ගා‍ලේ සිටි සගයෙකු ගෙන් අපි වෙල්යාය පිළිබඳව විමසුවෙමු.
ආ... මහත්තයා කුරුමිට්ටෝ බැහැපු වෙල්යායද තව කිලෝමීටර් තුන හමාරක් විතර යන්න කෝස් එකක් හම්බවෙයි එතන වෙල්යායේ....
එම ස්ථානයට ළඟාවන විට ඊට යාබද කුඹුරක නියර කොටමින් සිටි ගොවි මහතෙක් දවසෙ වැඩ නිමා කිරීමට ඇළෙන් ඇඟපත සෝදා ගැනීමට පැමිණ සිටියේය.
එදා හරියටම පන්ස‍ලේ කඨිනේ දවස. රෑ තිස්සේම වැස්ස අපි කඨිනේ වඩම්මද්දි අකුණු ගහනවා වාගේ එකඑක සද්ද ඇහුණා. විදුලි කොටනවා වාගේ එළියක් තිබුණා. හැබැයි වැස්සයි ගෙරවිල්ලයි හින්දා ගණන් ගත්තෙ නෑ. පහුගිය 18 දාට එළි වෙනකොට සුනිල් අයියා කිව්වා කුඹුරේ අමුතු සලකුණක් තියෙනවා කියලා. හැමෝම ඒක බලන්න දිව්වා. ඒ සලකුණ නම් අමුතුයි ගොනාගොල්ල, හැටේ හන්දිය, ගලපිටවෙල පදිංචි ජී.ඩබ්. ශාන්ත වික්‍රමසිංහ (49) ගොවි මහතා අප සමග කීවේය. සිද්ධිය 17දා රාත්‍රියේ හෝ 18 දා අලුයම වූවා නම් මේ වනවිට දින පහක් ගතවී ඇත. කඩින් කඩ මහ වැසිද පතිත වෙයි. කුඹුරේ තිබුණාය කියන සලකුණ සොයා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි සිතුනද අර්ධ කවාකාර අඩි : 50 ක පමණ සලකුණක් අපට දක්නට හැකි විය. පුරන් ලියද්දක නියරක් විශ්කම්භයසේ ගෙන අදින ලද වෘත්තයට අඩක් වැනි මෙම සලකුණ කුඹුර මඩවන්නට මඩ රෝද සවිකළ ට්‍රැක්ටරයකින් කළ දෙයක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් එම අර්ථ වෘත්තයෙහි දෙපැත්තේ පළල අඩි පහක් පමණ වේ.
තාත්තා සාමාන්‍යයෙන් පාන්දර හතරට නැගිටිනවා. පහට කුඹුරට එනවා. එදා වපුරන දවස තාත්තා උදේ පාන්දර 6ට කුඹුරට ගියා. ටික වේලාවකින් ආපසු ආවා. ඇවිත් කිව්වා අල්ලපු කුඹුරේ  පුරන් ලියද්දට අමුතු වාහනයක් ඇවිල්ලා වගේ ලොකු සලකුණක් තියෙනවා කියලා. කුඹුරේ අයට තේ ගෙනියද්දි මමත් ගිහින් බැලුවා. ඊට පස්සෙ තාත්තා කට්ටියට කියලා ආපහු ගිහින් බැලුවා. ‍පොලීසියටත් මාධ්‍යයටත් මේ ගැන කිව්වා. මඩ වීල් එකක් ගියා වගේ දැති දැති කට්ටා හැදිලා තිබුණා. ඒ කටත් එක්ක වළවල් එක ගානට පේළියට තිබුණේ අඟල් අටක් විතර ගැඹුරට හැරිල. මේක ගොඩක් පළලයි. මඩවීල් එකකට මෙච්චර දෙයක් කරන්න බෑ. එක පාරක් තමයි කට්ට තිබුණෙ කිහිප සැරයක් එහා මෙහා ගිය වගක් නෑ. කුඹුරට ඇතුළු වෙච්ච තැනක් නෑ. පිටි වෙච්ච තැනක් නෑ. එසේ කියන්නේ මෙම පුරන් කුඹුරට උඩු පැත්තෙන් පිහිටා තිබෙන නිවසේ පදිංචිකාරියක වන ජී.වී. කාංචනා මධුමිහිරි (24) ය. මෙම අත්භූත සලකුණ මුලින්ම දැක ඇත්තේ ඇයගේ පියායි. පියාගේ නම ජී.වී. සුනිල් ශාන්ත (50) ය. ඔහු රැකියාව කරන්නෙ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේය.
 අපි එහි යනවිටත් ඔහු රැකියාවට ගොස් තිබුණි. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව තවදුරටත් විස්තර කළ ඔහුගේ දියණිය පවසන්නේ මිනිස් ක්‍රියාකාරකමකින් කාටත් හොරෙන් කුමන උපකරණයකින්වත් මෙවැනි සලකුණක් තැබිය නොහැකි බවයි. එවන් වුවමනාවක් තිබෙන ගොවීන් ඉන්නට පුළුවන්කමක් නැති බවද ඇය කියන්නීය.
කෙසේ වෙතත් මේ අරුම පුදුම සලකුණ මුලින්ම දුටු සුනිල් ශාන්තටද අපි කතා කළෙමු.
මම කුඹුරේ යද්දී තමයි මේක දැක්කෙ. අසාමාන්‍ය පාරක් තිබුණා. පහුගිය (17) දා තමයි දැක්කෙ. ඒ දවස් ටිකේම වැස්සා. ඒ නිසා ඊට දවස් දෙකතුනකට කලින් වෙන්න ඇති කියලා තමයි මට නම් හිතෙන්නෙ. මඩවීල් එකක් ගියාම කට්ට හිටින්නෙ. ඒ වගේ ලකුණු තිබුණා. පස්සේ මම ගෙදර ඇවිල්ලා ගෙදර කට්ටියට කිව්වා. හන්දියට ගිහින් හන්දියේ අයටත් කිව්වා. ඊට පස්සේ තමයි මාධ්‍යයෙන් එහෙම ආවේ. ගුවන් හමුදාවෙනුත් ආවා. එයාල නම් කියන්නෙ එහෙම මොකක් හරි යානයක් ආවා නම් එයාලගේ රේඩාර්වලට වැටෙන්න ඕනේ කියලා. ඒත් ඉතින් මේක ආව තැනක් ගිය තැනක් නෑනෙ. සමහර විට ඔය මහ ගස් එහෙම කියතකින් කැපුවා වගේ. අකුණු ගහලද කියලා හිතාගන්න බැරි දේවල් වෙන්නෙ එහෙම එකක්ද...?
සුනිල් ශාන්ත කියන්නේ එම සලකුණ දින දෙක තුනකට කලින් ඇතිවන්නට ඇති බවයි. ඔහුට අනුව නම් එය මාදුරුඔයේ ධීවරයින් දැක්ක එළියද විය හැකිය. එහෙත් මෙම සිදුවීම වන්නට ඇතැයි ගැමියන් වැඩිදෙනා අනුමාන කරන්නේ 17 රෑ හෝ 18 දා අලුයම් කාලයේ හෝය. මාදුරුඔය ජලාශයෙන් ධීවරයින් අත්භූත එළිය දකින්නේ 13 වන දා රාත්‍රියේය. ඇතැම් විට මෙම සිදුවීම දෙක අතර සබඳතාවක්ද තිබිය හැකිය.
මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීමට අපේ රටේ තවමත් නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිකම බරපතළ ගැටලුවකි. දැන් කාලයක සිට අපේ රටට විවිධ එළි පෙනෙන්නට ගනියි. විවිධාකාර කැබලි වැටෙන්නට ගනියි. විවිධාකාර වැසි වසින්නට පටන් ගෙන ඇත. එසේ වුවත් මේ වැටෙන්නේ මොනවාද..? එළි මොනවාද? තවමත් මුළු මහත් රට වැසියො කුතුහලයෙන් පිරි දෙගිඩියාවකින් බලා සිටිති. අපගේ මතකයට නැගෙන්නේ පිටසක්වල ජීවය පැවැතිය හැකි බවත් ඩයටම මගින් පිටසක්වල ජීවීන් විශ්වය පුරා ගමන් කරන බවටත් ආන්දෝලනාත්මක මතයක් පළ කරමින් අරලගංවිල කුඩාවැව කුඹුරට වැටුණු උල්කා කැබලි පිළිබඳ පුවතයි. එම කුඹුර අයත්වූයේ ටිකිරි බණ්ඩා ගොවි මහතාටය.
එහි පාෂාණ කැබලි පිළිබඳවත් සොයා බැලීමට ඉදිරිපත් වන්නේ කල් ගතවෙලාය. එම සිදුවීම සම්බන්ධයෙන් නම් ලොව ප්‍රකට පර්යේෂකයෝ හා විද්වත්හු පර්යේෂණ කළහ. එහෙත් ගොනාගොල්‍ලේ සිදුවීම පර්යේෂකයින් පවා බැහැර කරන බවක් පෙනෙන්නට තිබේ. ‍පොලීසිය, ගුවන් හමුදාව, මාධ්‍යවේදීන් හැරුණු කොට මෙම ස්ථානය පිළිබඳව විද්‍යාත්මක විමර්ශනයකට මතෛක් කිසිවෙක් පැමිණ නැත.
කෙසේ වෙතත් මේ පිළිබඳව අපි පිටසක්වල ජීවීන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ආයතනයක් වන ඉ.ඹ්.උ.ජ්..අ.ඒ සංගමයේ පැරණිම සාමාජිකයෙකුවන සාලිය ද සිල්වාට කතා කළෙමු.
මේ සිදුවීමේ පින්තූර කිහිපයක් මට ලැබුණා. ඒවා විශ්‍ලේෂණය කරාම අමුතු දෙයක් සිදු වී ඇති බවට ඉඟි තිබෙනවා. අපේ ලංකාවේ කොහේවත් වාහනයක් නෑ ඔහොම සලකුණක් තියන්න පුළුවන්. එහෙම සලකුණක් තියලා ආ ගිය අතක්වත් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. මෙය පිටස්තරින් පැමිණි කිසියම් යානයක හෝ වස්තුවක සලකුණක් විය හැකියි. සාමාන්‍යයෙන් අධි තාක්ෂණික යානයක් එනවා නම ඒ භූමියෙහි විකිරණ ද්‍රව්‍ය ඵජධපජඩ කිරීම නිසා රස්නේ නිසා පිළිසුම් තිබෙන්නට ඕනෑ. නමුත් මෙතැන එහෙම දකින්නත් නෑ. හැබැයි මේ තිබෙන සලකුණ හරියට වගා කවයක් එකක් වගේ. වගා කවයක් වගේ  දේවල් රුසියාව, ඇමෙරිකාව වගේ රටවල මහා පරිමාණ තිරිඟු වගා බිම්වල ඇතිවී තිබෙනවා. හිතා ගන්න බැරි විදිහේ රටාවන් උදේ එළිවෙනකොට හැදිලා තියෙනවා. ඒවා අසාමාන්‍ය ක්‍රියාකාරකම් විදිහටයි දැනට හඳුන්වන්නේ.
“මේ නියර අයිනේ තැන් හතරක ගුල් වගේ සිදුරු තුන තුන තිබුණා. ඒවත් ඇඟල් හයක් විතර ගැඹුරුයි. ජී.ඩබ්. සිරියාවතී (40) කියන්නීය එම අදහස් දැක්වීම කැමරාවක ආධාරක රඳවනයක් සිට වූ ආකාරය සිහි ගන්වයි. ඒවා මොනවාද? ගැමියනුත් නැවුම් දේ සොයා යෑමට අප තුළත් තිබෙන කුතුහලය දෙගුණ තෙගුණ කළේ එම කතාවයි. ගුවනින් ආ යානයක් නැවැත්වූ ආකාරයක් අපගේ සිතට නැගෙයි. එහෙත් මේ පිළිබඳව සත්‍ය සෙවීමට තවමත් හැකි වී නැත. එබැවින් පිටසක්වල ජීවය පවතින බවත් ඩයටම හරහා විශ්වය පුරා ගමන් කරන්නේය. යන්තන් ලොවට හෙළි කළ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතාව සම්බන්ධ කර ගැනීමට අපි අදහස් කළෙමු. එය අසාර්ථක විය. එනමුත් තාරකා විද්‍යාගවේෂක කීර්ති වික්‍රමරත්න මේ ගැන දක්වන්නේ මෙවන් අදහසකි.
“පිටසක්වල යානා ආවා කියලා ලෝකයේ මුලින්ම කතා වෙන්නේ 1966 අප්‍රේල් මාසේ 06 වැනිදා මෙල්බන් නුවර වෙස්ටෝල් නගරයට. වැඩිම පිරිසක් දුටු සිද්ධියත් එය. පිටසක්වල යානා දෙකක් ආ බවයි කියවෙන්නේ. පාසලක පිට්ටනියකට ගොඩ බෑ. මෙම යානය නිසා එහි සිටි සියලු දෙනා දැඩි භීතියකට පත්වෙලා තිබෙනවා. හිතාගන්නවත් බැරි වේගයකින් ඒ වගේම හඬක් පිට කරමින් මේ යානා ඇවිත් තියෙන්නෙ. අදටත් එය දුටු අය ජීවතුන් අතර ඉන්නවා. එක ළමයෙක් ගුරුවරුන්ටත් ළමයින්ටත් නොකියා මේ දෙසට ගියා. ඒ ළමයා සිහිමුර්ඡා වී වැටී තිබෙනවා. පසුව එතැන පරීක්ෂා කරන කොට තණකොළ එහි පිළිස්සීමකට ලක්ව තිබුණා. එහි උෂ්ණත්වය විකිරණ ශීලීතාවට මේ දේ වෙලා තිබුණා.
දැන් මේ ගොනාගොල්‍ලේ සිද්ධියත් එක හෙළා බැහැර කරන්න හොඳ නැහැ. අඩුම තරමේ මෙම ස්ථානය පරීක්ෂා කළ යුතුයි. ගයිගර් කවුන්ටර් ඒකවත් යොදාගෙන විකිරණශීලීතාවක් තිබේද කියලා බලන්න ඕන මතෛක් ලෝකයේ හමු නොවුණු මූලද්‍රව්‍යයක් තිබුණොත් අපට කියන්න පුළුවන් අමුතු දෙයක් වෙලා තියෙනවා කියලා.”
කුතුහලයත් භීතියත් තුරුළු කරගත් අරලගංවිල මිනිසුන් මෙන් දැන් අම්පාර ගොනාගොල්‍ලේ මිනිස්සුද කුතුහලයෙනුත් භීතියෙනුත් පසුවෙති. ඔවුන්ට සහනයක් ලැබෙන්නේ මේ කුමක්දැයි කිවහැකි පර්යේෂණ කණ්ඩායමක හෙළිදරව්වකිනි. ගොනාගොල්ල ගලපිටගල ශ්‍රී පූර්වාරාම විහාර වාසී පඤ්ඤානන්ද හිමියෝ ඊට ඉඟි සැපයූහ.
“බුදුන් වහන්සේගේ දේශනා අනුව නම් මේවා අපට නිකන් බැහැර කරන්න පුළුවන්කමක් නෑ. කවුරුවත් මේ ආවෙ මොකක්ද කියලා දැක්කෙවත්, හඬක් ඇහුනෙවත් නැති වුණාට මිනිහෙකුට කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ආව තැනක් නෑ. ගිය තැනක් නෑ හරියට ස්ටෑන්ඩ් එකක් ගහලා මිනිස්සුන්ට හොරෙන් කරපු දෙයක් වගේ. මගේ අදහස නම් මනුෂ්‍යයෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ කියන එකයි. අපි සමහර දේවල් අවඥාවට හාස්‍යයට ලක් කරනවා මිස ඒ ගැන ගැඹුරින් හොයන්නේ නෑ. කුරුමිට්ටෝ බැහැලා කියලා. කට කතා ගොඩක් පැතිරිලා තියෙනවා. වගකිවයුතු ආයතන මේ මොකක්ද කියලා කියන්න ඕන. බුද්ධ දේශනාවේ තියෙනවා. අපට නොපෙනෙන අපි නොසිතන බොහෝ දේ සිදුවන බව.”
සැබවින්ම කළ යුත්තේ මාදුරුඔයේ මසුන් මරන්නන් දුටු එළියත් මෙම සිදුවීමත් අතර සම්බන්ධයක් තිබේද යන්න සොයා බැලීමයි
ලක්බිම වර්ථාව

0 comments: