නාසින්ගේ දැනුමින් නිමැවුණු අභ්‍යවකාශ ෂටලය ගැන තොරතුරු බිදක් ...

5:18:00 PM Sachitha Viraj 0 Comments

  දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වුනේ 1939 අවුරුද්දේදි.ජර්මානුවන් යුද්ධයට ලෑස්ති වුනේ ඊට අවුරුදු කීපයකට ම ඉස්සෙල්ලයි.1930දී නාසිවරු ඇමෙරිකානු මහද්වීපයට ම බෝම්බ දාල විනාශ කරන්න පුළුවන් විදියේ යානයක් හදන්න සැලසුම් කලා.මේ ව්‍යාපෘතිය එයාලා හැදින්වූයේ ඇමෙරිකා -බෝම්බර් ( America Bomber ) කියන නමින් මේ ව්‍යාපෘතියට ඉන්ජිනේරුවරු රැසක් එයාලගේ අදහස් යොමු කලා . ඉයුජින් සැන්ගර් කියන ඉන්ජිනේරුවරයාත් ගණිතඥයකු වූ අයිරේන් බ්‍රේඩ් සමඟ එකතු වෙලා තටු තියෙන රොකට්ටුවක් සැලස්මක් මේ ව්‍යාපෘතියට ඉදිරිපත් කලා .මේ රොකට්ටුව එයාලා නම් කලේ සිල්බර්වෝගල් (Sikbervogal) කියන නමින් රිදී කුරුල්ලා කියන අර්ථය තමයි මෙයින් කියවුනේ..,

ඉතින් නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන මේ සිල්බර්වෝගල් යානයට අභ්‍යාවකාශයේ උපකක්ෂය දක්වා ඉහළට යෑමට හැකියාව ක් තිබුණා.ඊට පස්සෙ ඒක ස්ථර ගෝලය දිහාවට පහත් උනා.ඒ වෙලාවට වායු ඝණත්වය ඉහළ නංවලා යානය ඉහළට ඔසවන්නත් පුලුවන් උනා.කොහොම උනත් මේ යානය හදලා ඉවරකරන්න නාසින්ට හැකියාව ලැබුනේ නැහැ.ඒත් සිල්බර්වෝගල් කියන සංකල්පය දෙවැනි ලෝක යුද්ධය අවසන් උනාට පස්සේ ඇමෙරිකානුවන් අතට පත්වුණා .ඇමෙරිකානුවන් ජර්මනියේ හිටිය විද්‍යාඥයන් රැසක් තමන්ගේ රටට ගෙන්න ගත්තෙ එයාලගෙ දැනුමින් තමන්ගේ රටට ප්‍රයොජනයක් ලබාගන්න හිතාගෙනයි..,



නාසින්ගේ සංකල්පය වැඩි දියුණු කෙරුව ඇමෙරිකානුවන් ලාභදායී අභ්‍යාවකාශ යානයක් හදන්න උත්සාහ කලා.මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට X-15 යානය හදුන්වන්න පුලුවන්.1959 ඉදලා 1968 වෙනකන් අත් හදා බැලීම් 200කට වඩා කරමින් ,X-15 යානය වැඩි දියුණු කලා.රොකට් බලයෙන් දාවනය වුණ මිනිසුන් සහිත වේගවත්ම රොකටය විදිහට ලෝක වාර්තාවකට ද හිමිකම් කියන්න මේ රොකටයට පුලුවන් කම ලැබුණා.
මේ කාලයේදිම වගේ ඇමෙරිකානු ගුවන් හමුදාව X-20 අභ්‍යවකාශ යානය නිර්මාණය කල.ඩයිනා-සෝර්()නමින් තමයි ඒ යානය හැදින්වුනේ,මේ යානයේ සැලසුම අද අපි දන්න ෂටලයේ හැඩයට සමානයි.වර්නර් වෝන් බ්‍රෝන් කියන්නේ ඇමෙරිකාවට ආපු ජර්මන් විද්‍යාඥයන් අතර හිටිය රොකට් ඉංජිනේරුවරයෙක්.අභ්‍යවකාශයට
 මිනිස්සු යවන්න ,නැවත නැවතත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහේ යානයක් නිර්මාණය කරන්න,ලේසියෙන් පහසුවෙන් ලාභදායි ක්‍රමයකට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්න මේ යානාවේ ප්‍රයෝජනය ලබා ගන්න ,අභ්‍යවකාශ මධ්‍යස්ථානය මිනිස් වාසයටසුඩ්ගුසු තැනක් කරන්න ,සද දිහාට වගේම පහු කාලෙක අගහරු දිහාට යන මෙහෙයුම් වල මූලස්ථානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය බවට පත් කරන්න වගේ අදහස් බොහොමයක්ම වොන් බ්‍රෝන්ගෙ හිතේ තිබුනා..නාසා ආයතනය ඔහුගේ මේ අදහසබොහොම තදින් හිතට ගත්තා,ඒත් අභ්‍යවකාශ ෂටල සෑදීමේ කටයුත්ත ටික කලකට ප්‍රමාද කරන්න ඇමෙරිකාවට සිද්ධ වුණා.සෝවියට් දේශය එක පිට එක වාර දෙකකදීම අභ්‍යවකාශ තරණයෙන් ඇමෙරිකාව පරාජය කරපු නිසයි එහෙම වුණේ..ලොව පළමුවැනිම කෘතිම චන්ද්‍රිකාව වුණ ස්පුට්නික් අභ්‍යවකාශ කළේ සෝවියට් දේශයයි.ඒ වගේම පළමුවැනි සැරේට මිනිසෙක් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරන්නත් සෝවියට් දේශයට පුළුවන්කම ලැබුන බවත් ඔයාල හොදටම දන්නවනෙ..,
ඉතින් සෝවියට් දේශය මේ එල්ලකරපු අභියෝගය නිසාම ඔවුන් ෂටල සෑදීම තාවකාලිකව ප්‍රමාද කරල සද තරණය කිරීම ගැන අවධානය යොමු කලා.ඉතින් ඇපලෝ මෙහෙයුම ආරම්භ වුනේ මේ විදිහටයි.
1969 ජූලි මාසයෙදි ඇමෙරිකානු අභ්‍යවකාශගාමින් සද මත ගොඩබස්සපු ඇමෙරිකාව සෝවියට් දේශයට තමන්ගේ සමත් කම පෙන්නුවා...මේ කටයුත්ත පස්සෙ තමයි ඇමෙරිකාව ආයිමත් ෂටලය සෑදීමේ කටයුත්තට යොමු වුණේ.හැටේ හැත්තෑවෙ දශකයේ තාක්ෂණය උපකාරයෙන් ඇමෙරිකාව පළමුවැනි ෂටලය නිර්මාණය කලේ ඔන්න ඔය විදිහටයි.ඒ ෂටලයේ නම එන්ට්‍රප්‍රයිස් ,1976 සැප්තැම්බර් 17 වැනිදා තමයි මේ ෂටලය හදලා ඉවර කලේ.එන්ට්‍රප්‍රයිස් ෂටලය අත්හදා බැලීම් රැසකට හාජනය වුණා.ඒත් ෂටලය අභ්‍යවකාගත කළේ නම් නැහැ.ඊට පස්සෙ නිර්මාණය කළ ෂටලවලට මූලික අඩිතාලම වැටුණේ මේ එන්ට්‍රප්‍රයිස් ෂටලයෙන් ,අභ්‍යවකාශගත කළ මුල්ම ෂටලය වෙන්නෙ කොලොම්බියා ෂටලයයි.ඒ 1981 අප්‍රේල් 12 වැනිදායි.1976 එන්ට්‍රප්‍රයිස් ෂටලය නිර්මාණ‍ය කලත් මේ ෂටල ව්‍යාපෘතිය අවුරුදු 30ක් තරම් කාලයක් ක්‍රියාත්මක වෙයි කියලා ඇමෙරිකාවවත් විශ්වාස කලේ නැහැ,කොහොම උනත් මේ වෙද්දී ෂටල ගමන අවසන් කරලයි තියෙන්නෙ අවසාන ෂටල මෙහෙයුම දියත් කෙරුණේ 2011 අවුරුද්දේ ජූලි මාසයේ දීයි.
මූලාශ්‍ර ;- අධ්‍යාපන සගරාවකිනි
අභ්‍යවකාශ ෂටල වලින් අභ්‍යවකාශ ක්ෂේත්‍රයට සිදුවුනු මෙහෙය සුළුපටු නම් නැහැ...

ඉතින් මේක තමයි කතාව..,මේ ගැන වැඩි විස්තර ඔයාල අධ්‍යනය කරනවනම් මේ වෙබ් අඩවිවලින් කරුණු රෑස් කරගන්නත් පුළුවන්."


https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_ෂටල-දියත්_කිරීම්
https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_ෂටල
https://en.wikipedia.org/wiki/Boeing_X-20_Dyna-Soa

0 comments:

Facebook Blogger Plugin by vishvagaweshanaya