රැසියාවේ ඉගිලෙන දැරිය
මීට වසරකට පමන උඩදී, මිනිසෙකු රැසියාවේ කැලෑබද පෙදෙසකට තම බල්ලාද (ටාසzන්) කැටුව ගියේය. ඔහු ගියේ තම විඩියෝ කැමරාවද රැගෙනයි. එය හිම පතිත වන ශීත කාලය වූ අතර, ඔහු බල්ලාද සමග මදකට නැවතුනි. එතැන මොහොතක් නිශ්චලව සිටි ටාසzන් හිටි අඩියේම, කඩා බිදගෙන දුවන්නට විය. ඌ ඉදිරියට දිවගොස්, ඉන්පසු යා යුතු දිශාව කුමක්දැයි තීරනය කරගැනීමට නොහැකිවාක් මෙන් මදක් නැවතී, ඉන්පසු දකුණු පසට බුරමින් දුවන්නට වූයේය. කැලෑ රොද හේතුවෙන්, බල්ලාගේ ස්වාමියාට ඌ දුවන්නේ කුමක් පසුපස දැයි මුලින් පෙනුනේ නැත. ඔහු බල්ලාගේ නම අඩගාමින් කැලෑ රොදින් මෙපිටට ආවිට, ඔහු දුටුවේ අසාමාන්‍ය දර්ශණයකි. කුඩා දැරියක සහ ඇගේ මව හෝ වෙනත් ඥාතියෙකු යැයි සිතිය හැකි ගැහැනියක් එතැන සිටියෝය. ගැහැනිය උඩ බලාගෙන සිටි අතර, අෑ බලමින් සිටියේ අහසෙහි පාවෙන දැරිය දෙසයි! මිනිසා මෙම දර්ශණය වීඩියෝ ගත කල අතර, මෙම විඩියෝව මෙතෙක් කලකට විසදිය නොහැකි අභිරහසක් බවට පත්ව තිබේ. එය ප්‍රසිද්ධියට පත් කර රැසියාවේ රෑපවාහිනී ප්රවෘත්ති චැනලයක පවා ප්‍රදර්ශණය කෙරිනි.පහත දැක්වෙන්නේ එම චැනලය මගින් විකාශණය කල විඩියෝව සහ, විඩියෝවේ රෑප වඩාත් පැහැදිලි කොට, එය විශ්ලේෂණයට ලක් කරන විඩියෝවකි. විශ්ලේෂණයට ලක් කරන විනාඩි 15ක පමන එම විඩියෝවේ, ගුවනේ පාවෙන දැරිය පමනක් නොව, ඒ අවට ප්‍රදේශයේ දිස්වෙතැයි කියවෙන අස්වාභාවික ලක්ෂණද පෙන්වා දෙයි. කෙසේ වෙතත් එහි දක්වන බොහෝ තැන් ගැටළු සහගත බව පෙනෙතත් (උදාහරණයකට, ගස් වල පෙනෙතැයි කියන මුහුණු), එහි දක්වන ඇතැම් දෑ වල කිසියම් සත්‍යතාවයක් ඇති බව අපට සිතේ (ගුවනේ පාවෙන දැරිය හරහා ගමන් කරන අවතාරයක් බදු ආලෝක කදම්භය වැනි දෑ).
කෙසේවෙතත්, ඇතැම් විට මෙය සිතා මතා පරිගණ මෘදුකාංග මගින් නිමවූ වීඩියෝවක් වන්නටද ඉඩ තිබේ. එහෙත්, එසේ නොවීමටද ඉඩ තිබේ -- නියම සත්‍ය අප නොදනිමු. මෙනිසා, පහත විඩියෝ නරඹා, එය සත්‍යක්ද නැතිද යන්න තමන්ම තීරණය කරගැනීමට අප ඔබ එකිනෙකාට භාර කරමු.
රැසියානු රෑපවාහිනී ප්රවෘත්ති චැනලයේ විකාශනය කල, සංස්කරනය නොකරන ලද මුල් විඩියෝව සහ සංස්කරනය කළ විඩියෝව.
0 comments: