KIC 8462852
KIC 8462852යනු, පෘථිවියෙහි සිට දළ වශයෙන් 454 පාර්සෙක් (1,480 ආලෝක වර්ෂ) දුරින් චීනි තාරකා මණ්ඩලයෙහි පිහිටි F-වර්ගයේ ප්‍රධාන අනුක්‍රම තාරකාවකි. 2015 සැප්තැම්බර් මාසයේදී, ප්ලැනට් හන්ටර්ස් ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසින්, තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපියක් ප්‍රකාශයට පත් කලේ, බහිෂ්-සෞර ග්‍රහ ලෝක නිරාවරණය කර ගැනුමට ඈත කක්ෂගතව ඇති තාරකාවන්හී දීප්තියෙහි වෙනස් වීම් නිරීක්ෂණය කරන, කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය විසින්,නිරික්ෂණය කෙරුනු, තාරකාවේ අසාමාන්‍ය අලෝක විචලනයන් විශ්ලේෂණය කරමිනි.මෙම තාරකාව වෙත, 2015 ඔක්තොම්බර් මාසයෙහිදී තදබල මාධ්‍ය අවධානය යොමු වුනේ, එහි අසාමාන්‍ය ආලෝකවක්රය විසින් බුද්ධිමත් පාරභෞම ජීවය හා සබැඳි ක්‍රියාවලියන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බවට සමපේක්ෂණයක් මතය.නිරික්ෂිත කෙප්ලර් දත්ත
කෙප්ලර් අභ්‍යාවකාශ දුරදක්නය වෙතින් ලබා ගත් තාරකාවේ දීප්තිය පිළිබඳ දත්ත අනුව පෙනී යන්නේ, අසංගත තීව්‍රතාවය සහිත, දීප්තියෙහි කුඩා සහ කාලාවර්තක නොවන අවපාතයන් නිතර සිදු වන බවත්, දළ වශයෙන් දින ~750 කට වරක් දීප්තියෙහි මහත් අවපාතයන් දෙකක් වාර්තා වී ඇති බවත්ය. තාරකාවේ දීප්තිය පිළිබඳව නිරික්ෂණය කෙරුනු අවපාතයන්ගේ හුදු තීව්‍රතාවය සහ විචල්‍යය, විද්‍යාඥයින් හට ප්‍රහේලිකාවක් විය. තාරකාවේ දීප්තියෙහි වෙනස්වීම් විසින් පෙනීයන්නේ, "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි.
උපකල්පිත
තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විසින් අනුමාන කර සිටියේ, තාරකාව අඳුරේ හෙලන වස්තූන්, පිටසක්වල ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ඩයිසන් ගෝලයක් වැනි, එනම් ඔවුන්ගේ ශක්ති අවශ්‍යතා සඳහා, තාරකාවෙහි ආලෝකයෙහි සමහර කොටසක් අල්වා ගැනුම සඳහා දියුණු ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ලෙසට සැලකිය හැකි මනඃකල්පිත ව්‍යුහයක් වන මහා ව්‍යුහයක කොටස් විය හැකි බවයි. සෙටි ආයතනය සැලසුම් කරනුයේ, තාරකාව වෙත රේඩියෝ තැටි එල්ල කොට, බුද්ධිමත් පාරභෞම ජීවින් විසින් සිදු කෙරෙන රේඩියෝ විමෝචන පරික්ෂා කිරීමටය. එහි පිහිටුම සහ වේගය විසින් අඟවන අගයයට වඩා තාරකාව වයසින් අඩු වීමට බොහෝ ඉඩ ඇති බවයි.
0 comments: